Windows 7 ගැන, Windows 7 Beta ගෙන් Windows 7 RC upgrade කිරීම.
දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO), කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්. Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා.
මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
Windows 7 ගැන අපි ගොඩක් සැරයක් Techකතා වලින් කතාකරා, අහපු අය ගොඩක් මේ ගැන දන් දන්නවා ඇති. හැබැයි තියන එක ගැටලුවක් තමයි Microsoft සමාගම විසින්ම කියනවා Windows 7 Beta සිට Windows 7 RC දක්වා upgrade කිරීම සහය නොදක්වන බව, Windows 7 Build 7077 සිට හා Windows Vista SP1 upgrade කිරීම පමණයි සහය දක්කවානේ කියලා. මේ අය මේක කියන්න සාදාරන හේතු තියනවා, ඔවුන් කියනේ beta හි තිබුනු ගොඩක් ගැටලු විසදූ බව හා සමහර දේවල් බොහෝ වෙනසකට ලක්වුනු නිසා Windows 7 beta සිට Windows 7 RC දක්වා කරන upgrade වලින් පසු කාලීන ගැටලු හා system stability වලට ගැටලු එන්න පුලුවන් කියලා. ඒ කතාව හරි, මම උනත් කියනේ clean install එකක් කරන්න කියලා.
කොහොම හරි මේක කරන්නම ඕනෑම නම්, කරන්න විදියක් තියනවා.
- Windows 7 RC එකේ files සියල්ල HDD එකට හරි, USB Flash එකකට හරි copy කරන්න.
- Windows 7 RC file copy කරපු තැන තියන sources ඩිරෙක්ටරි එකට යන්න.
- sources කියන directory එකේ තියනවා cversion.ini කියල file එකක්, ඒක notepad/wordpad මගින් open කරන්න.
- මෙවැනි දෙයක් ඔබට දිස්වෙයි
- [HostBuild]
- MinClient=7077.0
- MinServer=7000.0
- දැන් එය මෙලෙස වෙනස් කර, save කරගන්න
- [HostBuild]
- MinClient=7000.0
- MinServer=7000.0
- Windows 2007 Beta සිට දැන් Windows 7 RC copy කරපු තැන ඇති setup.exe දාවනය කරන්න.
ඉහත විදියෙන් සාර්තකව Windows 7 beta එක Windows 7 RC වලට upgrade කරගන්න පුලුවන්, මතක තියාගන්න DVD එකට විතරක් 2.45GB ඉඩක් උවමනා වෙනවා, ඒවගේම upgrade එකටත් 5GB වත් Free Space ඕනේ.
තවද Windows 7 වල ඇති අලුත් දෙයක් තමයි මේ Windows XP Mode කියන, එක මේක ඇත්තටම උපකාරීවෙන්නේ Windows XP වල පමණක් දාවනයවන වැඩසටහන් Windows 7 මත දාවනය කිරීමට, නමුත් මෙය VM එකක් හා සමාණමුත් හැම application එකක්ම normal start menu එක හරහා බාවිතාකරන්න පුලුවන්, හැබැයි මේසදහා අඩුම ගානේ 2GB මතකයක්, 15GB ඉඩක් ඕනේ, මීට අමතරව ඔබේ CPU (Processor) එක hardware visualization සදහා සහය දැක්විය යුතුයි, AMD CPU එකක් නම් AMD-V ද, Intel CPU එකක් නම් Intel-VT ද තිබිය යුතුයි. සමහර අලුත් Celeron, Pentium වගේම Intel Core 2 Duo CPU ද තියනවා මේකට සහය නොදක්වන.
තව මොනවද Windows 7 RC ගැන දැනගන්න ඕනේ ? අහන්න… මම කියන්නම්…







May 6th, 2009 at 12:58 pm
ආරංචියක් ආවා 2010 මාර්තු වල ඉඳන් RC එක පැය දෙකකට සැරයක් රීබූට් වෙනවා කියලා. (Final එකක් දානකල්)
May 6th, 2009 at 1:00 pm
@මලින්ත
ඒක හරි, දෙන්නේ නිකන්, අවුරුද්දක් පාවිචිකරන කියලානේ, සදා නෙවෙයි
ඔවු, ඔයා හරි, ඒක reboot වෙනවා, ඊටපස්සේ genuine advantage notification එක එන්න ගනනවා
May 6th, 2009 at 2:24 pm
එළ අයියා කියපු ගමන් මමත් download වෙන්න දැම්මා
මේ මේක download manager එකට සහය දක්වන්නේ නැනේ ඒ ඇයි. ?
May 6th, 2009 at 2:29 pm
@Manushan
Download Manager එකක් අමුතුවෙන් දාන්න දෙයක් නෑ, Microsoft සමාගමේ ActiveX එකක් Install වෙනවා IE හරහා, ඒනෙක් ඔවුන්ගේම Download manager එකක් install වෙලා කොටස් 4කට එකවර download කරනවා, මේක pause කර උවත් නැවත අරබන්න පුලුවන්.
FYI: Windows වලින් Download කරොත් පමණයි.
May 6th, 2009 at 2:32 pm
මම ගියේ වින්ඩොස් වලින්නම් තමයි හැබැයි firfox වලින් තමා download කරන්න දැම්මේ අපරදේ.
May 6th, 2009 at 2:49 pm
අපිට නම් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුවම ඕක හම්බ උනාලු…
එක්‌කෙනෙක් ගොඩාක් කාලෙකට පස්‌සේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල වගේ ලියන්න…
May 6th, 2009 at 2:56 pm
@Manushan
ආහ්, ඒක තමයි, IE වලින් කරන්න තිබුන්නේ, මම නම් පැය 3කින් වගේ download කරා.
@Anu
ඔයාට ඉතින් Microsoft එකේ පැත්තක් අයිතිය්නේ
May 6th, 2009 at 3:00 pm
ඔව් ඔව් අයිති එක්‌කෙනෙක් ඉන්නවානේ, ඉතින් මට නොමිලේ හම්බ උනාලූ…
May 6th, 2009 at 3:35 pm
ඔන්න මාත් දැම්මා download වෙන්න.වැඩෙ නැගල යනව. මට නම් පැය 3න් කරන්න අමාරු වෙයි වෙගෙ. අපි තාම ඉතින් 512kbps නෙ.Download manager ඵක ලස්සනෙ වැඩෙ දෙනව..
May 6th, 2009 at 7:12 pm
දැන් dialog prepaid broadband වලට 400 ක් පූජා කරන්න වෙනවනෙ. 64bit වල තත්ත්වය එහෙම කොහොමද?
May 6th, 2009 at 7:46 pm
@Thilina
මම දැනට බාවිතාකරනේ 32bit එක, 64bit එක 32bit එකට වඩා ගොඩක් secure කියලා තමයි කියනේ.
May 6th, 2009 at 9:23 pm
@Angel Anu
කවුද අයිති එක්කෙනා. අර ළඟදි කොණ්ඩෙ කපපු අක්කද
May 7th, 2009 at 8:39 am
Windows 7 වල svchost එකේ අව්ලක් එන්නෙ නැද්ද?මම beta පාවිච්චි කරද්දි නිතරම kaspersky වලින් message එකක් ආවා svchost change වෙනවා කියල.
May 7th, 2009 at 8:47 am
@Isuru Udana
මටනම් එහම ගැටලුවක් ඇවිත් නෑ, මමත් windows 7 beta එක බාවිතාකලේ Kaspersky තම්‍යි.
සමහර විට ඔයාගේ පරිගනකයේ වයිරස් එකක් වෙන්න පුලුවන්.
May 7th, 2009 at 8:54 am
මාත් windows 7 beta දාලා තිබුනු කාලේ kaspersky තමයි පාවිච්චි කලේ ඔහොම ගැටලුවක්නම් ආවේ නෑ
May 7th, 2009 at 9:03 am
මම හිතුවෙ අපේ information යවනකොට වෙන දෙයක් කියල.පහන් use කරන්නෙත් 7 එයාටත් svchost එක්ක ප්‍රශ්නයක් තියෙනවා කිව්ව (cpu usage).
May 7th, 2009 at 9:20 am
අයියෙ මොනවද requirements? Processor speed එක, RAM එක වගේ කොච්චර ඕනෙද?
May 7th, 2009 at 9:40 am
@Isuru Udana
මටපේනේ වයිරස් හරි නැත්නම් driver issue එකක් කියලා.
@Dhanika
Microsoft කියනේ
1 GHz or faster 32-bit (x86) or 64-bit (x64) processor
1 GB RAM (32-bit) / 2 GB RAM (64-bit)
16 GB available disk space (32-bit) / 20 GB (64-bit)
DirectX 9 graphics processor with WDDM 1.0 or higher driver
නමුත් මම කියනේ
2 GHz or faster 32-bit (x86) or 64-bit (x64) processor
2 GB RAM (32-bit) / 4 GB RAM (64-bit)
16 GB available disk space (32-bit) / 20 GB (64-bit)
DirectX 9 graphics processor with WDDM 1.0 or higher driver
නමුත්, Atom CPU එකක් උවද මේක හොදට දාවනය වෙනවා කියලා තමයි කට්ටිය කියනේ. මම නම් බලලා නෑ.
May 9th, 2009 at 9:58 pm
meke Driver awlak enne nethiweida?
May 9th, 2009 at 10:18 pm
@Malinda
මට නම් ගැටලුවක් අවේ නෑ, මම දැනට පරිගනක 4 වගේ දැම්ම, අනික 99% වෙලාවට Windows Vista drivers වැඩ කරනවා. මගේ නම් Laptop & Desktop (IBM) වල ඔකොම hardware detect කරා.
May 14th, 2009 at 12:37 am
ඔන්න මමත් Windows 7 RC දැම්මා,මේකත් Windows 7 Beta එකත් අතර වැඩි වෙනසක් නෑවගේ.මොනව හරි save කරද්දි නම් struck වෙනවා.But Windows 7 Beta 1 නම් එහෙම උනේනෑ.Beta1 RC ට වඩා Speed.
May 14th, 2009 at 10:17 am
@sahan
Windows 7 Beta සිට RC වලට upgrade ද කලේ ?
මටනම් කිසිම ගැටලුවක් නෑ, බාවිතාකරන අනිත් අය උනත් කිසිම මේවගේ ද්‍යක් කියලා නෑ. ඔයාගේ පර්ගනකයේ spec මොනවද ?
May 14th, 2009 at 6:35 pm
මම Windows 7 clean installation එකක් දැම්මේ(Not Upgrade).
පරිගණකය
* Intel Core-2 duo 2.4Ghz CPU
* 3GB DDR2 (667) RAM
* 512MB nvidia Geforce 8500 GT VGA
* 160 * 160 HDD (30GB fore C:\)
But Motherboard එකනම් Foxconn එකක්
Installation එකේ අවුලක් කියල හිතලා නැවත වතාවක් Windows 7 Install කරලා බැලුවා වෙනසක් නෑ.
May 14th, 2009 at 11:07 pm
@sahan
මේ තියන config එක හොදටම ඇති, මම දාල තියෙනේ (Laptop) එක 1.8Ghzx2 නමුත් power save mode නිසා 800mhz x 2, 2GB DDR2, ATI VGA, කිසිම ගැටලුවක් නෑ.
ඔයාට තියන ගැටලුව driver ගැටලුවක් වෙන්න පුලුවන්, මොකද save කරනකොට stuck වෙන නිසා, HDD/SATA Controler ගැටලුවක් වෙන්න පුලුවන්.
පොඩක් BIOS Update එකක් එහම තියනවද බලන්න. දැනට මම දන්න ගොඩක් අය ඒ අයගේ production system වලට Windows 7 RC බාවිතා කරනවා කිසිම ගැටලුවක් නැතිව.
ඒක දෙයක් මට හිතේනවා, Antivirus එක පොඩක් uninstall කරල වැඩ කරලා බලන්න.
May 20th, 2009 at 9:08 pm
SLT ZTE ZXDSL 852 modem ඉන්ස්ටෝල් කරද්දි අව්ලක් නැද්ද?
May 20th, 2009 at 9:17 pm
@තුෂාර
දන්න තරමින් ZTE ZXDSL 852 modem Windows Vista වලවත් හරියට වැඩක් කරනේ නෑ, මොකද Drivers නැති නිසා, ඒ නිසා මේක Windows 7 වල වැඩ කරයිද කියලා සැකයක් තියනවා.
May 20th, 2009 at 9:36 pm
@කාලිංග,
ස්තූතියි.
May 24th, 2009 at 11:35 pm
වැඩේ හරි,Format කරල ආපහු සෙවන් ඉන්ස්ටෝල් කලා මම හිතන්නෙ Virus guard එකේ තමයි ගැටලුව තිබිල තියෙන්නෙ,පස්සෙ AVG 8.5 internet security දැම්මා දැන්නම් හැම වෙලේම වෙන්නෑ.
June 1st, 2009 at 9:23 pm
අයියෝ මේ මගුල් 7 ආයෙත් පිස්සු කෙලිනවා. දැන් අලුත් ලෙඩක් Right click කරපු ගමන් CPU usage එක සීයට සීයයි,
එක්ස්ප්ලෝරර් එන්ඩ් කරල ගත්තාම Right click කරනකල් වැඩ.
June 5th, 2009 at 7:51 pm
ස්තුත්යි අයියා..
September 20th, 2009 at 8:12 pm
hi does any body know sinhala interface of windows vista is supporting to the 64 bit O/S?