No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

කාලිංගටත් iPhone 3G එකක් ලැබුනානේ……

දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් “holy phone” එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක්  Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User Interface) එක උවද, මෙහි දුවනේ Windows Mobile නොවෙයි, OEM (Original Equipment Manufacture) OS එකක්. මෙයට අමතරව මෙහි 800×480 resolution සහිත තිරයක් තමයි එන්නේ, මොකද මෙහි Digital TV ලබාගැනීමට සකස් කරලා තිබෙන්නේ, නමුත් Samsung Omnia i900 හි එන්නේ 240 x 400 resolution තිරයක් හා Digital TV පහසුකම ද නෑ, නමුත් Softbank Omnia එක Unlock කරන්න තවම බෑ. ගොඩක් විට ජපානෙයේ එන දුරකතන හරියාකාරව unlock කරන්න හැකියාව අඩුයි. මොකද Softbank විසින් මේක කරන්න නොහැකිවන ලස සකසා ඇති නිසා. මොකද Softbank විසින් දුරකතනය දෙන්නේ ඉතාමත් අඩු මුදලකට වන නිසා.

ඉතින් මේක ගැන දැනගත්ත මගේ මිතුරියක් (ඇය iPhone ලෝලියක්) කිව්වා “ඔයාට මම උපන්දින තෑග්ගක් හැටියට iPhone එකක් දෙනවා, මොකද ඔයා මේකට බනින නිසාම” ආ… මගේ උපන්දිනය තිබුනේ අප්‍රේල් 4 නේ, තවත් දෙයක්…. මගේ බ්ලොග් එකට ද වසරක් පිරුනා අප්‍රේල් 6වන දින 🙂 ඉතින් කොහොම හරි මම කිව්වා “අනේ මට එපා” කියලා, කොහොම හරි මම මේක මගේ යාලුවන්ට කියපුවහම ඉතින් මට කියනවා “නිකන් දෙන අස්සයන්ගේ දත් බලන්න එපා”, අපේ මලින්ත කියනවා “මට දීපන්” කියලා… කොහොමෙන් කොහොම හරි මම මේක ගත්තා. ගත්තා කිවාට මේක තෑග්ගක්.

iphone3g-vs-samsung-omnia

iPhone 3G vs Softbank Samsung Omnia 930sc

අනික මේක looked එකක් නොවෙයි, Apple Retail විකුනන එකක් නිසා කිසිම Unlock කිරීමක් හෝ Jailbreak (iTunes නොමැතිව, iPhone වල application install කරන්න යොදාගනන් විදියක්) කිරීමක් කරන්න ඕනේ උනේ නෑ. Apple සමග මෙය මට register කරගන්න හැකි උනා, මේ නිසා Apple iStore එක සමග කිසිම කරදරයක් නැතුව බාවිතා කරන්න පුලුවන්.

iPhone හි මම දැකපු ගැටලු.

  1. මෙය 3G (HSDPA) උවද විඩියෝ කෝල් ගැනීමට හැකියාවක් නෑ, එය iPhone විසින් ලබාදී නෑ.
  2. Copy/Paste නෑ (OS V3.o සමග මෙය එනවා, තවම Beta 2 ලෙස තමයි ඇත්තේ)
  3. MMS (Multimedia Messaging ) (OS V3.o සමග මෙය එනවා, තවම Beta 2 ලෙස තමයි ඇත්තේ)
  4. 3G හි සිටීමේදී Signal නැතුවයාම , 2G/3G වලට හැම විටම මාරු වීමට යාමෙන් සමහර විට අමන්නට දුරකතය off ලෙස පෙනීම.
  5. Apple iTunes App store වෙතින් ලංකාවට හැම application එකක්ම ලබා නොදීම. උදා: Google Mobile Application for iPhone
  6. SMS Delivery Status notification නැත.
  7. එකවිට application කීපයක් දාවනය කල නොහැකිවීම. එකවර දාවනය කර හැක්කේ එක application එකක් පමණයි.
  8. බැටරිය එක දිනක් වත් හරියට බාවිතා කිරීමට ඇති අපහසුව.
  9. ගීත/විඩියෝ හෝ දැමීමට iTunes ම බාවිතා කරන්න වීම හා පරිගනක කීපයක් සමග බාවිතා කරන්න බැරිවීම.
  10. ලැබෙන ear phone එක sound quality එක ගොඩක් මදි.
  11. SyncML නැතිවීම.
  12. 3rd Party Application සහදා iPhone Calendar එක වෙත access ඇතිවීම.

GPS (Global Positioning System) එක නම් මට ටිකක් අල්ලලා ගියා, මොකද Instamapper.com හි එන Application එක iPhone එකේ install කර පසු, ඔබ ආගිය තැන් Instamapper.com වෙබ් අඩවිය මගින් බලාගන්න පුලුවන්. අනික දැන් google maps වල ලංකාවේ ගොඩක් මාර්ග ඇතිනිසා පාරවල් හොයාගන්න එහම ගොඩක් පහසුයි. මේක ඉතින් iPhone එකේම පහසු කමක් ම නොවෙයි, ගොඩක් GPS තියන දුරකතන එක්ක Instamapper.com බාවිතා කරන්න පුලවන්. නිත් දැකපු හොදම එක තමයි iTune Remote එක, පරිගනකයේ ඇති iTune යොදාගෙන iPhone එක හරහා පාලනය කිරිමේ හැකියාව, හොදම දේ තමයි පරිගනකයේ තිරය බලන්න ඕනේම නෑ, iPhone හි ගීතයක් අහන විදියටම පාලන කලවිට පරිගනකයෙන් සද්දේ එනවා හා සමානයි. iPhone එකේ තිරය, UI response වගේ ඒවා ගොඩක් හොදයි.

iphone-unboxed

කොහොම උනත් මම තාම iPhone ලොලියෙක් නොවෙයි. 😀

ඉතින් බ්ලොග් එකට වසරක් පිරුනා වගේම, මේපාරත් සිංහල බ්ලොග් මැරතන් ආප්‍රේල් 17 රෑ8 සිට 18 රෑ8 වනතුරු පැවැත්වෙවා, ඉතින් බ්ලොග් මැරතන් දුවනවානම් admin at sinhalabloggers dot com වත තමන්ගේ බ්ලොග් එක දැම්ම යවන්න. ඒවගේම මේ කාලය තුල Techකතා සජීවීව අසන්නත් පුලුව, පැන ඇසීමත් පුලුව. 😀

Share

41 Responses to “කාලිංගටත් iPhone 3G එකක් ලැබුනානේ……”

  1. චතුර වික්‍රමරත්න Says:

    හපොයි!!! Jailbreak කරන්නෙ නැතුව iTunes Store එකෙන්ද ඔය Apps ගන්නෙ?? නිකම් දුන්න iPhone එකට සෑහෙන ගානක් යන්න ඇති එහෙනම් මේ වෙනකො‍ට! 😛

  2. Thilina Says:

    ලස්සනයි ලස්සනයි……. සුභ පැතුම්, ඒවගෙ‍්ම සුභ උපන්දිනයක්

  3. chathura Says:

    kalinga good luk machan

  4. කාලිංග Says:

    @චතුර

    නෑ නෑ නිකන් දෙන ඒවා විතරයි දාන්නේ 😀

    @Thilina @Chathura

    බොහොම ස්තුතියි.

  5. පිටස්තරයා Says:

    මම කොහෙද දැක්කා iphone එකෙයි සාමාණයයෙන් අපිට මිදුලකින් හොයාගන්න පුලුවන් ගලකුයි සංසන්දනය කරපු පින්තූරයක්. ඒකේ iphone එකට ගලට වඩා තිබ්බ එකම feature එක call ගන්න පුලුවන් එක විතරයි

    කොහොම වුනත් දැනට තියෙන n70න් මගෙ වැඩ ටික ඔක්කොම කරගන්න පුලුවන්

  6. කාලිංග Says:

    @පිටස්තරයා

    😀 හික්… හම්බ උනොත් පොඩක් අපිටත් දෙන්න….

    ඔව්… නොකියා 1100 එකක් තිබුනත් ඉතින් අන්තිමට කරනේ කෝල් එකක් ගන්න එකනේ 😀

  7. චතුර වික්‍රමරත්න Says:

    මෙන්න අර පිටස්තරයා කිව්ව පින්තූරෙ. හික් හික්….

    iPhone vs a Rock

  8. ගයන්ත Says:

    ආහ්! එළ නේ…

    කවුද අප්පා iPhone එකක් තෑගිදෙන්නෙ 😀
    අපිට ෆෝන් එක එපා. යාළුවව අදුන්නල දෙන්න 😛

    මේ බ්ලෝග් සටහන දීපු කෙනා දැක්කොත් ෆෝන් එක ආපහු ඉල්ලගන්නවා අනිවා…
    (95%ක්ම බැනල නෙ තියෙන්නෙ 😀 )

  9. කාලිංග Says:

    @චතුර

    මරේ මරු 😀

    @ගයන්ත

    මම එයාගෙන් අහලා කියන්නම් 😀
    හික්… ෆොන් එක දුන්නෙත් මම බනින නිසාම තමයි, මට ඔප්පුකරලා පෙන්නන මම වැරදියි කියලා 😀

  10. chathura Says:

    mama hamadama oyage blog aka kiyawanawa oya niyamata liyanawa mama iphone gana blog akak haduwa aka poddak balanna http://worldbestphones.blogspot.com/ i for get to wish u happy birt day kalinga from chathura hettiarachchi

  11. බුද්ධික Says:

    අනේ අම්මේ!!! මේ අල ටික දැක්කම මට හිතෙනවා ඇයි මෙව්වර මිනිස්සු මේක ගන්නෙ කියලා?

  12. geethq Says:

    onna ethin wadurata dali pihiya ahu una:P
    BTW machan kawda kella
    yaluwek ta wadi yamak mata nam peni yanawa:D

  13. කාලිංග Says:

    @chathura

    හොදයි 🙂

    @බුද්ධික

    ඒකනම් කියලා වැඩක් නෑ, ඊයේ ෆොන් එක ෆුල් crash උනා නිකන්ම, වෙන ෆොන් එකක් නම් බැටරිය ගලවන්න හරි, රීසෙට් එක ඔබන්න හරි තිබුනා, මේකේ ඔය මොකුත් නෑ, පුදුම සෙල්ලම් ටිකක් දාලා රීබූට් එකක් දාගත්තේ.

    @geethq

    නෑ නෑ හොද යාලුවෙක්, ඊට වඩා දෙයක් නෑ 🙂

  14. බුද්ධික Says:

    @කාලිංග

    මොකද කියන්නෙ අයියා…අපි ඕක ලෝ.ගී.ම. ට දීලා Omnia i900 එකට බහිමුද?

  15. කාලිංග Says:

    @බුද්ධික

    හික්…. ඕකට පපුව පැලිලා මැරෙයි, එදා iPhone එක අතට දුන්නහම මලින්තගේ අත්දෙකම වෙව්ලන්න ගත්තා 😀

  16. malee Says:

    Happy Belated Birthday

  17. කාලිංග Says:

    @malee

    Thanks !

  18. goja Says:

    >ඉතින් මේක ගැන දැනගත්ත මගේ මිතුරියක්
    මිතුරියක්? හික් හික් 🙂

  19. gkyasitha Says:

  20. Anusha Says:

    Appa! Positives walata wadaa negatives wediyi ne. Matath chance ekak thiyenawa Omnia i900 ekak ganna. Balamu hariyayida kiyala XD

  21. Gayan Says:

    අපෝ මේකනම් case :-/
    “එකවිට application කීපයක් දාවනය කල නොහැකිවීම. එකවර දාවනය කර හැක්කේ එක application එකක් පමණයි. ”

    Browse කරන ගමන් chat කරන්නයි සින්දු අහන්නයි බැහැනේ 🙁

  22. Lahiruwan Says:

    අපිට නෑනේ ඔයවගේ මිතුරියෝ!

  23. කාලිංග Says:

    @Lahiruwan

    දැන් හැමෝම හොයන්න මිතුරිය ගැන මිසක් iPhone එක ගැන නොවෙයි නේ 😀 ලමයි එයා කොල්ලෙක් ඉනවා 😀

  24. deeps Says:

    කොල්ලෙක් ඉන්නවනම් ඇයි ඔයාට දුන්නේ ෆොන් එක? මෙතන මොකක් හරි හොරයක් තියනවා

  25. කාලිංග Says:

    @deeps

    ඒක තමයි යාලුකම කියනේ 🙂

  26. පිටස්තරයා Says:

    මේ……….. අර උඩ තියෙන twitter ගජමැටික්ස් එක දාන්නේ කොහොමද? =D

  27. කාලිංග Says:

    @පිටස්තරයා

    මම යොදාගනේ Twitter for WordPress කියන plugin එක, වැඩි විස්තර http://rick.jinlabs.com/code/twitter/

  28. ryanpeiris Says:

    Please don’t say anything to iPhone.

    It’s a Desktop class mobilephone.
    It runs Mac OS 10.
    I connect to my office servers through CISCO VPN using VNC app and Remote Desktop; Edge on road and WiFi at home.
    Supports Microsoft Exchange push Email, push contacts, push calendar
    Games are like real with 3 axis accelerometer
    Scratch proof screen
    Thousands and thousands of Applications (Apps)
    Multi-touch Gestures

    Everything you could imagine.

  29. කාලිංග Says:

    @ryanpeiris

    most mobiles Eg: Windows Mobile, support VPN, VNC, RDP, Exchange Push, Blackberry Push 😀

  30. Anusha Says:

    @ryanpeiris

    Can I test and see if the screen really is scratch proof? XD

  31. ryanpeiris Says:

    OK.. OK.. but when you keep using it feels like this iPhone is super smart in all-round .

    but you know about blackberry push

    Explanation: http://i.zdnet.com/blogs/iphone.png

    Thanks anyway.

    Big Fan.
    Like the way you write blogs.

  32. කාලිංග Says:

    @Anusha

    that is some thing i wanna test out too, maybe we can ask “ryanpeiri” to show us a demo 😛

    @ryanpeiri

    Activesync is a solution by Microsoft, Apple use that to, so it came even back in 2002 with PocketPC 😀

    thanks for the comment, i do agree at some points iPhone is better, with touch and response, but i dont like the fact it cant run multiple apps, that sucks BIG time and it dont allow 3rd party apps to access the iPhone calendar etc !

  33. ryanpeiris Says:

    Hi..Anusha

    Hope this helps

    Please, I am not trying to argive. just wanted to prove

  34. Anusha Says:

    The comments say otherwise. Oh…why the hell do I care. I just wanted to test it with “my stuff” 😛

  35. AkilaDJ Says:

    Okkoma Sinhala Akuru, Pillam awul gihilla ne penne!
    Hariyata Sinhala Rendering Engine eka nodaa unicode fonts witharak install karahama wage!

    ඔක්කොම සිංහල අකුරු, පිල්ලම් අවුල් ගිහිල්ලනෙ පේන්නෙ!
    හරියට සිංහල Rendering Engine එක නොදා unicode fonts විතරක් install කරාම වගේ!

  36. SIFVAN Says:

    I PHONE EKE UDA PELI DEKA TOUCH WENNE NAHA..HADANNA KEEYAK YAYDA

  37. කාලිංග Says:

    @SIFVAN

    $20~30 වගේ touch screen එප replace කරන්න පුලුවන්. eBay එකේ තියනවා, පොඩක් හොයලා බලන්න.

    http://shop.ebay.com/i.html?_nkw=iphone+screen+replacement&_frs=1&_trksid=p3286.c0.m359

  38. Yohan Says:

    මමත් කොහොමත් I-phone එකට කැමති නෑ. ගොඩක් අය දන්නෙ නෑ පිටින් ඔපේ යටින් හපේ කියල. පෙනුම තිබුනට ඔය කෙහෙල්මලේ Bluetooth වලින් file එකක් වත් යවන්න බෑ. මම කැමතිම Samsung Galaxy S2 එකට. Youtube එකේ තියන වීඩියෝ වලින් බලන්නකො කොහෙමද මේකෙ පවර් එක කියල. පිස්සු හැදෙනව… ලෝකයේ හොඳම සිහින්ම Android Phone එක තමා මේ…

  39. Aisz Says:

    I phone 3gs wala me kiuwa adupadu fix karala thiyenawa…but kalinga.. facotory unlocked wunath cyedia wage applicationekak haraha agin phone eka unlocke kaloth wasi godai..

  40. RV Says:

    i have got a samsung omnia i900 smart phone, and i want to sell it. so can u buy it????????????

  41. sanjaya jayarathna Says:

    කාලින්ග මල්ලි,

    මම ඔයාගෙ වෙබ් අඩවියටාඅවෙ අද. ඔයාගෙ අයි පෝන් එක ගැන ලිපිය බලල සතුටු වුනා. ඒක දැකල මටවුනු ඩ්දෙයක් ගැන කියන්න හිතුන.

    මගෙ නංගි සහ එයාගෙ මහත්තය ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. එයාලගෙ පෝන් පැකේජ් එක අනුව කාලෙන් කාලෙට පෝන් නිකන් ලැබෙනව. එතකොට එයාලගෙ පරණ එව්ව අපිට ලැබෙනව (කැමති නම් ).

    2012 දි අඉයි පෝන් වන් එකක් සනහ අයි පෑඩ් වන් එකක් ලැබුන.ඒකෙ කැමරා නැහැ. මටනම් ඒකත් ඕනැවට වැඩියි. කොහොමත් ඉතින් කැමර එකක් වෙනම පාවිච්චි කරනවනෙ.

    2014 දි සම්සුන් ගැලැක්සි එස් 2 පෝන් එකක් ලැබුන. එතකොට මෙහෙ එස් -5ත් තිබුන. ඒත් ඉතින් නිකන් ලැබෙන අස්සයගෙ දත් බලන්නෙ මක්කටැයි. ඔන්න ඔගෙ ඒක ගත්ත.

    එකම දේ තමයි ඒක සිංගල් සිම්. මමත් ඉතින් එකම ජාලයෙන් කෝල් ගන්න පුරුදු වුනා. මොනව කොරන්නද -ඉත්න් ඔන්න ඔහෙ රෙද්දෙ හැටියට ඇන්ග හදා ගන්නව මිසක්කා.

    ඔයාගෙ සිංහල සයිට් එක නම් බොහොම හොඳයි. ඒක දිගටම අප්ඩේට් කරගෙන යන්න.

    බොහොම ස්ත්තියි.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed