කාලිංගටත් iPhone 3G එකක් ලැබුනානේ……
දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් “holy phone” එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක් Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User Interface) එක උවද, මෙහි දුවනේ Windows Mobile නොවෙයි, OEM (Original Equipment Manufacture) OS එකක්. මෙයට අමතරව මෙහි 800×480 resolution සහිත තිරයක් තමයි එන්නේ, මොකද මෙහි Digital TV ලබාගැනීමට සකස් කරලා තිබෙන්නේ, නමුත් Samsung Omnia i900 හි එන්නේ 240 x 400 resolution තිරයක් හා Digital TV පහසුකම ද නෑ, නමුත් Softbank Omnia එක Unlock කරන්න තවම බෑ. ගොඩක් විට ජපානෙයේ එන දුරකතන හරියාකාරව unlock කරන්න හැකියාව අඩුයි. මොකද Softbank විසින් මේක කරන්න නොහැකිවන ලස සකසා ඇති නිසා. මොකද Softbank විසින් දුරකතනය දෙන්නේ ඉතාමත් අඩු මුදලකට වන නිසා.
ඉතින් මේක ගැන දැනගත්ත මගේ මිතුරියක් (ඇය iPhone ලෝලියක්) කිව්වා “ඔයාට මම උපන්දින තෑග්ගක් හැටියට iPhone එකක් දෙනවා, මොකද ඔයා මේකට බනින නිසාම” ආ… මගේ උපන්දිනය තිබුනේ අප්‍රේල් 4 නේ, තවත් දෙයක්…. මගේ බ්ලොග් එකට ද වසරක් පිරුනා අප්‍රේල් 6වන දින
ඉතින් කොහොම හරි මම කිව්වා “අනේ මට එපා” කියලා, කොහොම හරි මම මේක මගේ යාලුවන්ට කියපුවහම ඉතින් මට කියනවා “නිකන් දෙන අස්සයන්ගේ දත් බලන්න එපා”, අපේ මලින්ත කියනවා “මට දීපන්” කියලා… කොහොමෙන් කොහොම හරි මම මේක ගත්තා. ගත්තා කිවාට මේක තෑග්ගක්.

iPhone 3G vs Softbank Samsung Omnia 930sc
අනික මේක looked එකක් නොවෙයි, Apple Retail විකුනන එකක් නිසා කිසිම Unlock කිරීමක් හෝ Jailbreak (iTunes නොමැතිව, iPhone වල application install කරන්න යොදාගනන් විදියක්) කිරීමක් කරන්න ඕනේ උනේ නෑ. Apple සමග මෙය මට register කරගන්න හැකි උනා, මේ නිසා Apple iStore එක සමග කිසිම කරදරයක් නැතුව බාවිතා කරන්න පුලුවන්.
iPhone හි මම දැකපු ගැටලු.
- මෙය 3G (HSDPA) උවද විඩියෝ කෝල් ගැනීමට හැකියාවක් නෑ, එය iPhone විසින් ලබාදී නෑ.
- Copy/Paste නෑ (OS V3.o සමග මෙය එනවා, තවම Beta 2 ලෙස තමයි ඇත්තේ)
- MMS (Multimedia Messaging ) (OS V3.o සමග මෙය එනවා, තවම Beta 2 ලෙස තමයි ඇත්තේ)
- 3G හි සිටීමේදී Signal නැතුවයාම , 2G/3G වලට හැම විටම මාරු වීමට යාමෙන් සමහර විට අමන්නට දුරකතය off ලෙස පෙනීම.
- Apple iTunes App store වෙතින් ලංකාවට හැම application එකක්ම ලබා නොදීම. උදා: Google Mobile Application for iPhone
- SMS Delivery Status notification නැත.
- එකවිට application කීපයක් දාවනය කල නොහැකිවීම. එකවර දාවනය කර හැක්කේ එක application එකක් පමණයි.
- බැටරිය එක දිනක් වත් හරියට බාවිතා කිරීමට ඇති අපහසුව.
- ගීත/විඩියෝ හෝ දැමීමට iTunes ම බාවිතා කරන්න වීම හා පරිගනක කීපයක් සමග බාවිතා කරන්න බැරිවීම.
- ලැබෙන ear phone එක sound quality එක ගොඩක් මදි.
- SyncML නැතිවීම.
- 3rd Party Application සහදා iPhone Calendar එක වෙත access ඇතිවීම.
GPS (Global Positioning System) එක නම් මට ටිකක් අල්ලලා ගියා, මොකද Instamapper.com හි එන Application එක iPhone එකේ install කර පසු, ඔබ ආගිය තැන් Instamapper.com වෙබ් අඩවිය මගින් බලාගන්න පුලුවන්. අනික දැන් google maps වල ලංකාවේ ගොඩක් මාර්ග ඇතිනිසා පාරවල් හොයාගන්න එහම ගොඩක් පහසුයි. මේක ඉතින් iPhone එකේම පහසු කමක් ම නොවෙයි, ගොඩක් GPS තියන දුරකතන එක්ක Instamapper.com බාවිතා කරන්න පුලවන්. නිත් දැකපු හොදම එක තමයි iTune Remote එක, පරිගනකයේ ඇති iTune යොදාගෙන iPhone එක හරහා පාලනය කිරිමේ හැකියාව, හොදම දේ තමයි පරිගනකයේ තිරය බලන්න ඕනේම නෑ, iPhone හි ගීතයක් අහන විදියටම පාලන කලවිට පරිගනකයෙන් සද්දේ එනවා හා සමානයි. iPhone එකේ තිරය, UI response වගේ ඒවා ගොඩක් හොදයි.

කොහොම උනත් මම තාම iPhone ලොලියෙක් නොවෙයි.
ඉතින් බ්ලොග් එකට වසරක් පිරුනා වගේම, මේපාරත් සිංහල බ්ලොග් මැරතන් ආප්‍රේල් 17 රෑ8 සිට 18 රෑ8 වනතුරු පැවැත්වෙවා, ඉතින් බ්ලොග් මැරතන් දුවනවානම් admin at sinhalabloggers dot com වත තමන්ගේ බ්ලොග් එක දැම්ම යවන්න. ඒවගේම මේ කාලය තුල Techකතා සජීවීව අසන්නත් පුලුව, පැන ඇසීමත් පුලුව.







April 9th, 2009 at 11:42 pm
හපොයි!!! Jailbreak කරන්නෙ නැතුව iTunes Store එකෙන්ද ඔය Apps ගන්නෙ?? නිකම් දුන්න iPhone එකට සෑහෙන ගානක් යන්න ඇති එහෙනම් මේ වෙනකොට!
April 10th, 2009 at 6:31 am
ලස්සනයි ලස්සනයි……. සුභ පැතුම්, ඒවගේම සුභ උපන්දිනයක්
April 10th, 2009 at 9:08 am
kalinga good luk machan
April 10th, 2009 at 9:43 am
@චතුර
නෑ නෑ නිකන් දෙන ඒවා විතරයි දාන්නේ
@Thilina @Chathura
බොහොම ස්තුතියි.
April 10th, 2009 at 10:04 am
මම කොහෙද දැක්කා iphone එකෙයි සාමාණයයෙන් අපිට මිදුලකින් හොයාගන්න පුලුවන් ගලකුයි සංසන්දනය කරපු පින්තූරයක්. ඒකේ iphone එකට ගලට වඩා තිබ්බ එකම feature එක call ගන්න පුලුවන් එක විතරයි
කොහොම වුනත් දැනට තියෙන n70න් මගෙ වැඩ ටික ඔක්කොම කරගන්න පුලුවන්
April 10th, 2009 at 10:09 am
@පිටස්තරයා
ඔව්… නොකියා 1100 එකක් තිබුනත් ඉතින් අන්තිමට කරනේ කෝල් එකක් ගන්න එකනේ
April 10th, 2009 at 11:39 am
මෙන්න අර පිටස්තරයා කිව්ව පින්තූරෙ. හික් හික්….
April 10th, 2009 at 12:08 pm
ආහ්! එළ නේ…
කවුද අප්පා iPhone එකක් තෑගිදෙන්නෙ
අපිට ෆෝන් එක එපා. යාළුවව අදුන්නල දෙන්න
මේ බ්ලෝග් සටහන දීපු කෙනා දැක්කොත් ෆෝන් එක ආපහු ඉල්ලගන්නවා අනිවා…
)
(95%ක්ම බැනල නෙ තියෙන්නෙ
April 10th, 2009 at 12:24 pm
@චතුර
මරේ මරු
@ගයන්ත
මම එයාගෙන් අහලා කියන්නම්
හික්… ෆොන් එක දුන්නෙත් මම බනින නිසාම තමයි, මට ඔප්පුකරලා පෙන්නන මම වැරදියි කියලා
April 10th, 2009 at 7:24 pm
mama hamadama oyage blog aka kiyawanawa oya niyamata liyanawa mama iphone gana blog akak haduwa aka poddak balanna http://worldbestphones.blogspot.com/ i for get to wish u happy birt day kalinga from chathura hettiarachchi
April 10th, 2009 at 10:57 pm
අනේ අම්මේ!!! මේ අල ටික දැක්කම මට හිතෙනවා ඇයි මෙව්වර මිනිස්සු මේක ගන්නෙ කියලා?
April 11th, 2009 at 10:28 am
onna ethin wadurata dali pihiya ahu una:P
BTW machan kawda kella
yaluwek ta wadi yamak mata nam peni yanawa:D
April 11th, 2009 at 11:19 am
@chathura
හොදයි
@බුද්ධික
ඒකනම් කියලා වැඩක් නෑ, ඊයේ ෆොන් එක ෆුල් crash උනා නිකන්ම, වෙන ෆොන් එකක් නම් බැටරිය ගලවන්න හරි, රීසෙට් එක ඔබන්න හරි තිබුනා, මේකේ ඔය මොකුත් නෑ, පුදුම සෙල්ලම් ටිකක් දාලා රීබූට් එකක් දාගත්තේ.
@geethq
නෑ නෑ හොද යාලුවෙක්, ඊට වඩා දෙයක් නෑ
April 11th, 2009 at 1:21 pm
@කාලිංග
මොකද කියන්නෙ අයියා…අපි ඕක ලෝ.ගී.ම. ට දීලා Omnia i900 එකට බහිමුද?
April 11th, 2009 at 1:33 pm
@බුද්ධික
හික්…. ඕකට පපුව පැලිලා මැරෙයි, එදා iPhone එක අතට දුන්නහම මලින්තගේ අත්දෙකම වෙව්ලන්න ගත්තා
April 11th, 2009 at 1:50 pm
Happy Belated Birthday
April 11th, 2009 at 1:53 pm
@malee
Thanks !
April 11th, 2009 at 9:25 pm
>ඉතින් මේක ගැන දැනගත්ත මගේ මිතුරියක්
මිතුරියක්? හික් හික්
April 15th, 2009 at 6:10 pm
April 18th, 2009 at 12:20 am
Appa! Positives walata wadaa negatives wediyi ne. Matath chance ekak thiyenawa Omnia i900 ekak ganna. Balamu hariyayida kiyala XD
April 18th, 2009 at 9:32 am
අපෝ මේකනම් case :-/
“එකවිට application කීපයක් දාවනය කල නොහැකිවීම. එකවර දාවනය කර හැක්කේ එක application එකක් පමණයි. ”
Browse කරන ගමන් chat කරන්නයි සින්දු අහන්නයි බැහැනේ
April 21st, 2009 at 5:39 pm
අපිට නෑනේ ඔයවගේ මිතුරියෝ!
April 21st, 2009 at 7:15 pm
@Lahiruwan
දැන් හැමෝම හොයන්න මිතුරිය ගැන මිසක් iPhone එක ගැන නොවෙයි නේ
ලමයි එයා කොල්ලෙක් ඉනවා
May 4th, 2009 at 3:08 pm
කොල්ලෙක් ඉන්නවනම් ඇයි ඔයාට දුන්නේ ෆොන් එක? මෙතන මොකක් හරි හොරයක් තියනවා
May 5th, 2009 at 11:30 am
@deeps
ඒක තමයි යාලුකම කියනේ
May 6th, 2009 at 1:25 am
මේ……….. අර උඩ තියෙන twitter ගජමැටික්ස් එක දාන්නේ කොහොමද? =D
May 6th, 2009 at 8:24 am
@පිටස්තරයා
මම යොදාගනේ Twitter for Wordpress කියන plugin එක, වැඩි විස්තර http://rick.jinlabs.com/code/twitter/
May 10th, 2009 at 10:31 pm
Please don’t say anything to iPhone.
It’s a Desktop class mobilephone.
It runs Mac OS 10.
I connect to my office servers through CISCO VPN using VNC app and Remote Desktop; Edge on road and WiFi at home.
Supports Microsoft Exchange push Email, push contacts, push calendar
Games are like real with 3 axis accelerometer
Scratch proof screen
Thousands and thousands of Applications (Apps)
Multi-touch Gestures
Everything you could imagine.
May 10th, 2009 at 10:44 pm
@ryanpeiris
most mobiles Eg: Windows Mobile, support VPN, VNC, RDP, Exchange Push, Blackberry Push
May 10th, 2009 at 10:51 pm
@ryanpeiris
Can I test and see if the screen really is scratch proof? XD
May 10th, 2009 at 10:56 pm
OK.. OK.. but when you keep using it feels like this iPhone is super smart in all-round .
but you know about blackberry push
Explanation: http://i.zdnet.com/blogs/iphone.png
Thanks anyway.
Big Fan.
Like the way you write blogs.
May 10th, 2009 at 11:03 pm
@Anusha
that is some thing i wanna test out too, maybe we can ask “ryanpeiri” to show us a demo
@ryanpeiri
Activesync is a solution by Microsoft, Apple use that to, so it came even back in 2002 with PocketPC
thanks for the comment, i do agree at some points iPhone is better, with touch and response, but i dont like the fact it cant run multiple apps, that sucks BIG time and it dont allow 3rd party apps to access the iPhone calendar etc !
May 10th, 2009 at 11:07 pm
Hi..Anusha
Hope this helps
Please, I am not trying to argive. just wanted to prove
May 10th, 2009 at 11:22 pm
The comments say otherwise. Oh…why the hell do I care. I just wanted to test it with “my stuff”
July 22nd, 2009 at 10:05 pm
Okkoma Sinhala Akuru, Pillam awul gihilla ne penne!
Hariyata Sinhala Rendering Engine eka nodaa unicode fonts witharak install karahama wage!
ඔක්කොම සිංහල අකුරු, පිල්ලම් අවුල් ගිහිල්ලනෙ පේන්නෙ!
හරියට සිංහල Rendering Engine එක නොදා unicode fonts විතරක් install කරාම වගේ!
November 2nd, 2009 at 11:11 am
I PHONE EKE UDA PELI DEKA TOUCH WENNE NAHA..HADANNA KEEYAK YAYDA
November 2nd, 2009 at 1:40 pm
@SIFVAN
$20~30 වගේ touch screen එප replace කරන්න පුලුවන්. eBay එකේ තියනවා, පොඩක් හොයලා බලන්න.
http://shop.ebay.com/i.html?_nkw=iphone+screen+replacement&_frs=1&_trksid=p3286.c0.m359