Open comprssed files online, file type and free apps, mobile streaming, Twitter, etc
මේ දවස්වල වැඩ නිසා පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, අද ගෙදර හිටපු නිසා, දවල් පොඩි නින්දක් දාපු නිසා හිතුනා පොඩි පොස්ට් එකක් ලියන්න, එක එක දේවල් ගැන. මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට, ඊට පස්සෙ Mobile Streaming ගැන, මොකද අපේ Techකතා දැන් මොබයිල් එකේ streaming වෙන හදපු නිසා, (http://m.techkatha.com) ඒක වැඩ කරත් පොඩි පොඩි ටෙස්ටින් කරනවා, පොඩ්ඩක් සිංහල දාගන්න. මොකද මොබයිල් සයිට් එක ඉන්ගිරිසි නේ
Mobile Streaming ටිකක් පොඩ්කාස්ටින් වගේ ලේසි නෑ, Live නොවුනත් මේසදහා Streaming server එකක් ඕනේ, දැනට යොදාගන්නේ Apple Darwin සවර් එක. content type එක 3gp, දැන්ට ස්ට්‍රීම් කරනේ 5kbps වගේ වේගයකින්, මේක 40kbps ව්ලට වඩා අඩුයි, ඒ කියනේ GPRS වල උවද කිසි ගැටලුවක් නැතුව අහන්න පුලුවන්.
මොබයිල් සයිට් එකනම් XHTML Mobile 1.0 තමයි, Langwage එක PHP/MySQL. දැනට ටෙස්ටින් කරන්නේ සිංහල හා streaming media type ගැන තමයි, මොකද හැම මොබයිල් එකකම ගැටලුවක් නැතුව අහන්න. දැන්ට තේරිලා තියනවා 3gp මේසදහා ගොඩක් ගැලපෙන බව.
ඔය එක්කම තව පොඩි වෙනසක් කරා, ඒක තමයි Techකතා Google Group එකක් ඇරපු එක, ඇයි මෙහම කලේ, Techකතා පටන්ගත්ත හරි SBU Google Group එකට එන්න එන්න එන තාක්ෂණික ගැටලු වැඩිවෙන්න ගත්තා, ගොඩක් අය හිතන්න ඇති දෙකේම ඉන්න ඇඩ්මින්ලා එක නිසා SBU හා Techකතා කියන්නේ එකක් කියලා, ඉතින් මේ ගැටලුව විසදන්න තමයි Techකතා Google Group එකක් පටන්ගත්තේ. මොකද SBU එක තියෙන්නේ බ්ලොග් කරනය හා සිංහල යුනිකේත ගැන කතාකරන්න නිසා.
Twitter වලත් මම දැන් TweetDeck වලට මාරු උනා, මේක Twitter සදහා Desktop Application එකක්, ඉතින් දැන් මගේ Twitter එක බාවිතය ටිකක් පහසු උනා. ඒ වගේම කටිය දන්නවනේ දැන් Twitter විසින් ලංකවට SMS එවන්නේ නෑ කියලා. ඒක නිසා @reply SMS මගින් නොමිලේ ලබාගන්න පුලුවන් Twe2 මගින්. Techකතා අහපු අයටනම් මේගැන අපි කලින් කිව්වා. අපි කොපමණ Twitter බාචිතා කරත සමහර විට දන්නේ නෑ අල්ලපු ගෙදර කෙනත් twitter බාවිතා කරනවද කියලා, දැන් බලාගෙන ඉන්න දෙයක් නෑ යන්න Nearby Tweets වෙත, එතනින් බලන්න පුලුව තමන්ගේ වටපිටාවේ (පලාතේ) කව්ද twitter බාවිතාකරනේ කියලා.
7z, ZIP, GZIP, BZIP2, TAR, RAR, CAB, ISO, ARJ, LZHCHM, Z, CPIO, RPM, DEB and NSIS ෆයිල් Download කරන්න කලින් මොනාද් මේකේ තියෙන්න කියලා බලන්න ඕනේද ? නැත්නම් Online ම Unzip කරන්න ? හරිම ලේසියි, යන්න WobZIP වෙත. මොකද කරන්නේ දන්නේ නැති ෆයිල් එකක් ලැබුනොත්, Open කරන program එකක් දන්නේ නැතිනම්, නැතිනම් නොමිලේ ඒක open කරන්න program එකක් හොයාගන්න, අපි ගැමෝම කරනේ google කරන එකනේ, ඒත් මේවගේන් ගොඩක් ඒවා spyware නේ ? දැන් හිතන්න දෙයක් නෑ යන්න Openwith.org මේකෙන් ඔබට නොදන්න ෆයිල් එක මොකද කියලා විතරක් නොවෙයි, ඒක open කරන්න ඔනේ free program එක පවා හොයලා දෙනවා.
PDF ෆයිල් edit කරන්න, form එකක් PDF එකට දාන්න එහම ඕනේද ? එහනම් යන්න PDFVue වෙත, දැනට මේක සදහා Firefox යොදාගන කියලා තමයි ඔවුන් කියන්නේ. මේක තනිකර ඔන්ලයි ටූල් එකක්, කිසිම දෙයක් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ, Techකතා 8වන වැඩසටහනේත් අපිමේ PDF ගැන ගොඩක් කතාකරා.







March 20th, 2009 at 1:16 am
Very useful post!
March 20th, 2009 at 7:08 am
හික් හික්!!
කාලිංග අයියා ඉඳල ඉඳල News Bulletin එකක්ම දාලනේ..
එළ එළ
March 20th, 2009 at 8:17 am
@ගයන්ත
වැඩ නිසා වැඩිය හිතලා ලියන්න හිතුනේ නෑ, ඒක නිසා තමයි මේවගේ එකක් ලිව්වේ.
March 20th, 2009 at 8:59 am
http://www.openwith.org ගොඩක් වැදගත් ආයේ google කර කර ඉන්න ඕන නෑ. ස්තුතියි.
කාලෙකට පස්සෙ නේද පෝස්ට් එකක් දාන්නේ.
ඇති යන්තම්.
March 20th, 2009 at 1:37 pm
කාලෙකට පස්සේ!! දාන්න බැරි උන ඒවත් අල්ලලා එකකින්ම දාල වගේ…
Twitter update කරන්න මම පාවිච්චි කරන්නෙ TwitterFox add-on එක. මම TweetDeck දාලා බැලුවා.. ඒ උනාට ඒක එච්චර ඇල්ලුවෙ නෑ මට.
March 20th, 2009 at 3:05 pm
@චතුර වික්‍රමරත්න
ලේසියෙන් ලියන්න ඕනේ නිසා ලිව්වේ, හිතලා බලලා ලියන්න කාලයක් නැති නිසා.
April 5th, 2009 at 7:15 pm
බෙහම අගෙයි!!!
August 10th, 2009 at 4:30 pm
බොහොම වටිනවා
ස්තූතයි