5 වසර ගණිතය අසමත් Mobitel Billing System
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා… ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting…. කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා.
පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting…. විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක.
ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, “ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ”, මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. “සර්ගේ credit limit පැනලා, සර්ගේ ලිමිට් එක රු.2500, ඒත් බිල රු.3266.77″ මම ඇහුවා, ආ ඉතින් හරිනේ, package එක, රු.2490 ++ TAX උනහම හරිනේ, ඉතින් ඒක මගෙ වරදක්ද?, මම over usage එකක වත්, due කීයක් වත් නෑ නේ, ඕක normal HSDPA Zoom2490 එකේ මාසෙක ගානනේ, අනික ඒක සදහා ගන්න ඩිපොසිට් එක රු.2500යි. due දවස කවදද ? “22 සර්.” එහනම් අද 10 නේ ඇයි disconnect කරේ, මේක මගෙ වරදක්ද, මගේ කිසිම due එකක් නෑ, ගිය මාසේ බිල වෙලාවට ගෙවලා තියනවා, මේක ඔයාට තේරෙන්නේ නැද්ද හැම මාසෙම 5වෙනිදා බිල හැදෙනකොට 6 වෙනිදා තියන ගාණ තමයි රු.3266.77 (රු.2490 + MSL + EFF + ECL + MBT = රු.3266.77) කියන්නේ, ඔයා ඔය කියන්නේ හැම මාසෙම 6 වෙනිදා මගේ ලයින් එක කපනවා කියලද. “සර්, usage පැනලා ඇති, මට මෙහෙන් සර්ගේ usage බලන්න බෑ” අනේ අම්මපා මුට ගන්න බැරිද මම අහන්නේ, අනික ඌට usage බලන්න බැරිනම් මටද පුලුවන්.
ගැටලුව තේරුනාද ?
Mobitel M3 Zoom 2490 පැකේජයේ මාසෙක ගෙවිය යුතු මුදල රු.3266.77, සියලුම බදු සහිතව, නමුත් ඔවුන්ගේ Deposit (credit limit) එක රු.2500. දැන් මොවුන් කියන විට සෑම මසකම බිල හැදෙන්නේ 5වෙනිදා. එතකොට පසුගිය මස සියලුම බිල් ගෙවල තිබුණත්, 5වනදා වෙනකොට ඔබගේ credit limit එක පැන ඇත.
පස්සෙ මේ මෝඩයා, හලෝ හලෝ කියලා ලයින් එක cut කරා, මම පොඩ්ඩක් යාලුවො දෙන්නෙක්ට කතාකරල පොඩ්ඩක් කේන්තිය අඩුකරගෙන ආයේ කතා කළා, ආයේ ඉස්සර වගේම ලොකු යුද්දයක් දීලා තමයි Mobitel hotline එකට කතාකරන්න ඕනේ, ඔන්න විනාඩි 15-20 ඉඳලා තව කෙනෙකුට කතාකළා, මොහුටද මම පැහැදිලි කළා වුණ දේ. අම්මා, මේ යකා 5වසර සමත් කොල්ලෙක්,
වැරැද්ද ටක් ගාල තේරුම් අරගෙන විනාඩියක් ඉන්න කියලා මාව හෝල්ඩ් එකේ දැම්ම, විනාඩි 1-2 ආපහු කතාකරල කිව්වා “සර්, මේකේ වරදක් තියනවා, මම complain එකක් open කරා, දැන් අපි සර්ගේ ලයින් එක connect කරන්නම්” කියලා, ඇත්තටම සතුටුයි, මේ මැට්ටො ගොඩක් අතරේ අර වගේ customer කියන දේට ඇහුම් කන් දෙන අය ඉන්න එක ගැන.
ඉතින් මට මේ වගේ මොබිටෙල් එකේ තවත් හොඳට සලකපු තැනක් තමයි, WTC එකේ SLT Telshop එකේ තියන බොබිටෙල් එකේ ඉන්න කොල්ලා, හරිම හොඳට customer care දන්නවා. මොකද මම මේ ලයින් එක ගන්න ගියේ 26, දෙසැම්බර්, එදා කට්ටිය වැඩ නෑ head office. නමුත් මොහු ගොඩක් මහන්සි වෙලා මගේ පරන ලයින් එකම ඇක්ටිව් කරලා දුන්න, පස්සෙ පැකේජ් එක මාරු කරමු කියලා. මේ වගේ හොඳ අයද අතලොස්සක් ඉන්නවා. ඒ වගේම Mobitel HSDPA engineering teem එක, මගේ ලොකු ගැටලුවක් ආපූ වෙලාවේ, ඒක ගොඩක් මහන්සිවෙලා නිරාකරණය කළා.
මට හිතාගන්න බෑ මේ billing system හදන උන් 5 වසරවත් සමත්ද කියලා…. මේ මනුස්සය නොහිටින්න මම පහුවදාම මේක disconnect කරනවා, මොකද මේ අය ඉස්සර නම් හිතුවේ අපි විතරයි ඉන්නේ කියලා, දැන් එහෙම නෑ, Dialog නැත්නම් Mobitel, නැත්නම් Airetel, ඉතින් දැන්නම් මේකේ ලොක්කෝ ටිකක් customer service ගැන හිතන්න වෙයි, නැත්නම් ළඟදිම කඩේ වහන්න තමයි වෙන්නේ. මොකද බඩුගන්න තවත් කඩ තියෙන නිසා, තව ඒවා ළඟදිම එනවා, මිනිස්සුන්ට දැන් selection එකක් තියනවා. මේ customer care ඉන්න මෝඩයන්ගේ ගෑස් බලන්න ඕනේ නෑ…. අපේ මිලියන 4 ක් ඉන්නවා, මිලියන 2 ක් ඉන්නවා, හරි ඔය කියන්නේ කාඩ් එක දාල මාසයක් කෝල් එකක් ගන්නේ නැති උන් මිස, වෙලාවට බිල් ගෙවලා හොඳට පාවිච්චි කරන අය නොවෙයි. ඒ අය නිසා තමයි ඔය කොම්පැනි රඳා පවතින්නේ, මොඩ් එකට ෆෝන් එක අතේ තියාගෙන කෝල් එකක් ගන්නේ නැති උන් නිසා නොවෙයි. ඔය බක පණ්ඩිත customer service උන් පඩි ගන්නේ අපි නිසා.
මොබිටෙල් එකට මම එක්කෙනෙක් වෙන්න පුලුවන්. ඒත මම වගේ තව කීදෙනෙක් කට වහගෙන මාරු වෙනවද ? පිට රට මිනිස්සු “Customer is the KING” කියන්නේ කට කහනවට නොවෙයි.








February 11th, 2009 at 7:31 am
I face a different problem with Mobitel. Changed my Rs. 1,500 pm/1GB connection to Zoom 890 a month ago. Now the server expects me to be always online. If the link is ideal for 4-5 minutes (I have not figured out the time limit yet; but can’t be more than that) I get disconnected. I cannot even reconnect immediately because Mobile partner gives error messages. So I have to remove modem, wait till it gets activated and try again.
Glad to know if anyone faces the same issue.
February 11th, 2009 at 9:18 am
Mobitel Internet Connection එක ගැන කියන්න නම් මම දන්නේ නෑ. උපහාර එකේ උනත් Customer Care එකට කතා කරන්න හරි අමාරුයි හැම තිස්සෙම Number Busy. බිල දැනගන්න තියන 1456 ගැනත් එච්චරම තමයි. වෙබ් අඩවියෙත් බිල Update කරන්නේ අපිට බිල SMS කරන දවසටම ඒකත් සතියක් විතර පහුවෙලා. හැබැයි ඉතින් Promotional SMS නම් කරදරයක් වෙන තරමට එනවා.
Teleshop වලට නම් අපට සතුටුදායක පිළිතුරක් දෙන්න පුළුවන් අය ටිකක් දාල තියෙනවා.
February 11th, 2009 at 9:41 am
@Chanuka Wattegama
sound like a modem issue, did you upgrade the software on the E220 (I’m guessing you got a E220) this kind a things happen normally due to modem issues.
@චරිත
ඔව් ලේසි නෑ customer service කතාකරන්න.
February 11th, 2009 at 10:41 am
@Kalinga,
What i think is, it is not a ‘Billing Issue’. But it is an issue of ‘Credit Limit’. You were disconnected on 6th, as their billing system works properly. Means, you have passed the credit limit. This can be easily solved if you enhance your credit limit. Anyway, Rs.2500 deposit declared by Mobitel for this package should be a mistake. They should increase the deposit above the minimum bill amount (i.e. 2490 + Tax).
February 11th, 2009 at 12:29 pm
එයාලා හිතන්නේ “I am the KING” කියලනේ..
February 11th, 2009 at 12:41 pm
@Kalinga,
My modem is E270. Don’t think software issue because it happened immediately after I chenged packages. Also happens only during peak.
February 11th, 2009 at 1:33 pm
mobitel වල data usage එක බලාගන්න ව්දියක් නැ. මම mobitel එකට email කීපක්ම යැව්වත් ප්‍රතිචාරයක් නෑත.
February 11th, 2009 at 2:04 pm
@රවින්ද
බලන්න පුලුවන්, පලමුව ඔව්න්ගේ වෙබ් එකට ලොග් වෙන්න ඕනේ, (රෙජිස්ටර් වෙන්න ලේසියි) ඒක පෙන්වනවා, කිසි ගැටලුවක් නෑ.
February 11th, 2009 at 2:06 pm
අපොයි පාරිබෝගික සේවාවන් ගැන නම් කතා කරලා වැඩක් නම් ඒවායේ ඉන්නේ බීරි අලි………..!!
February 13th, 2009 at 10:59 am
Can you tell me what are those “MSL + EFF + ECL + MBT” and their exact percentages?
February 13th, 2009 at 1:29 pm
මටත් විසන්ධිවෙන ගැටලුව තියනව. හිටි ගමන් විසන්ධි වෙනව. ඒත් ආයෙ සම්බන්ධ කරන්න ටික වෙලාවක් ඉන්න ඕනි. මගේ 490 පැකේජය තියෙන්නෙ. හැබැයි පෙරගෙවුම් සබදතාවල මේවගේ ගැටලුවක් නෑ.
මටත් මොබිටෙල්ල මේ වැඩේ කලා. මේ ලගදි රෑ වෙලා ගත්ත පාරිභෝගික සේවයට. මෙකද දවල්ට ගන්න බෑනෙ. මෙ මෑන්ගෙන් ගැටලුව කියල ඇයි කියල අහුවහම විනාඩියක් ඉන්න කියල හෝල්ඩ් එකට දාල විනාඩි 5කින් විතර විසන්ධි කලා.
මම ආයෙ ගත්ත. ඒ පාර ගත්ත කෙනාට ගැටලුව කියපු ගමන් උත්‍තරේ දුන්න හැබියි
March 19th, 2009 at 7:33 pm
niyamai macho..
menna ewage thawath ekak
http://danuka.wordpress.com/2009/03/18/hidden-charges-of-mobile-service-providers/
March 25th, 2009 at 8:57 am
Me Ochara Ganak Gevan Nativa Dialog Student Pakage Eka Gattot Naraka Nadda.maseta 1750 RS
March 25th, 2009 at 9:04 am
@Gihan
ඊට වඩා හොදයි මම CDMA Dialup එකක් ගන්නවා…. ඔයා මගෙ බ්ලොග් එක හරියට කියල නෑ වගේ.
පොඩ්ඩක් Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband කියවන්නකෝ.
June 13th, 2009 at 11:28 am
HSDPA in Mobitel,
From your blog i can see u are an experienced user. I have a problem that im using Huawei E160 modem & when i use it around 25 minutes it get heated soo much. Will it burn after 1 year? and some times m3 services also drops. says mobitel is always undergoing networks for better experience. no service quality since april..
June 13th, 2009 at 11:35 am
@කලණ
well, if you kind a live far from the tower and if you don’t have proper signals, the modems tend to run bit hotter since it hard to transmit at higher power, heat is always bad, the issue maybe your downloading running torrent where the modem is required to transmit continually.
if you read my past blogs you can see HSDPA experience for each user is defert then other, even tho every one is on the came network. if your having issues complain, i know its hard make customer care persons understand you issue, i had the same kind a issues, so you have to try and try.
about the heat, one thing you can do it, get a longer USB cable and put the modem where you get better signals, maybe even out side of your home. (make sure it wont get wet) else you can put some aluminium or some thing similar on top of the modem to reduce the heat.
September 3rd, 2009 at 6:45 pm
මොබිටෙල් සහ ටෙලිකොම් දෙකම බිලින් කරන්නෙ පිට රට උන්ගෙ සොෆ්ටවෙයාර් වලින් ඕවා ඉතින් සුද්දොන්ගෙ අවුල්…