තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?
මේක තමයි ලොකුම ගැටලුව තාක්ෂණය කොපමණ දියුනු උනත් වැඩක් කරන්න ගියහම ඒක කරන්න බෑනේ, ගැටලු පැන නැග්ගහම අහන්න කෙනෙක් නෑ නේ, නැතිනම් group වල IRC, Forum වල ගියහම ඔය සමහර අය කියයි RTFM (Read the Fucking Manual) කියල,
නැත්නම් කියයි අපි spoon feeding (හැන්දෙන් කවන්නේ) කරනෙ නෑ කියා. ඉතින් මේකට මොකද කරන්න පුලුවන්, අනික් මේ සුද්දගේ බාසාව හරියට බැරි උනොත් ඔය එකක් වත් කරන්න බැනේ. ඉතින් මේකට විසදුමක් දෙන්න කියලා අපිට හිතුනා, අපි කිව්වේ මම හා තව මගේ මිතුරන් කීප දෙනකුට, මොකද අපි දන්නවා දෙයක් කරන්න ගියහම ඒක ගැන හරියට අහගන්න, උපදෙසක් ගන්න ගියහම තියන ගැටලුව.
ඉතින් අපි පටන්ගත්තා මේ Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්, (www.techkatha.com) මොකද් ද මේ ?
Techකතා කියනේ සිංහල බ්ලොග් හා රේඩියෝවේ එක මුතුවක්, මේකට podcasting කියන්න පුලුවන්, අපි මේක තවත් ඉදිරියට අරගෙන interactive podcast එකක් හැටියට තමයි කරන්න යන්නේ, ඔබට Skype තියනවානම් කෙලින්ම “techkatha” වෙත Skype වලින් කතා කරන්න, ඔබේ ගැටලුව පැහැදිලිව සටහන් කරන්න, එය පටිගත වෙනු ඇත, නැතිනම් මේ Form (http://www.techkatha.com/contact/) එක යොදාගන්න. අපි ඔබේ පැනයට ඊලග වැඩ සටහනේ දී පිලිතුරු දෙනවා, ඒ ඔබට ඒ ගැටලු Blog එකේ comment ලෙසද අපෙන් අසන්න පුලුවන්, නැත්නම් කෙලින්ම info [at] techkatha [dot] com වෙත ඊමේල් කරන්න. හැකි හැම විටම අපි ඔබව සජීවීව සම්බන්ද කරගෙන අපි පිලිතුරු දෙන්නම්.
හරි, ඔබ හොදට තාක්ෂණය ගැන දන්න කෙනෙක් ද ? එහනම් ලියන්න අපිට, ඔබේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්න, ඔබේ හඩට අපෙන් අවස්තාවක්, info [at] techkatha [dot] com වෙත ඊමේල් කරන්න.
අදහස්, යෝජනා, චෝදනා, එවන්න info [at] techkatha [dot] com වෙත, අපෙන් ඔබ බලාපොරොත්තු වෙනදේද අපිට කියන්න, මේක ඔබේ රේඩියෝව.







January 28th, 2009 at 10:46 pm
Techකතා wiki එකක් පටන් ගන්න.
January 28th, 2009 at 10:47 pm
අද දවසේ අපට අහන්න ලැබුනු හොදම දේ මේක වෙන්න ඇති. අපරටේ තොරතුරු තාක්ෂණය ඉදිරියට ගෙනියන්න ඔබලා විසින් තැබූ අනගිභවනීය පියවරකි මේ.
January 29th, 2009 at 6:52 pm
අපිත් එනවෝ. ප්‍රශ්න නම් ගොඩයි. ඒත් ලයිව් චැට් තමා බැරි. (ඩයල් අප්, නෙව
) වෙන ක්‍රම තියනවද? forum එකක් දැම්මොත් කොහොමද? ගොඩක් අයට එන්න පුලුවන් නෙ?
සම්පත් දායක වැඩක් උනත් පුලුවන්, ලිනක්ස් පැත්තෙන්.
කොහොමද දායක වෙන්නෙ ?
1919 තරමටම ප්‍රසිද්ධ වේවා.
January 29th, 2009 at 6:54 pm
wiki එකක් දැම්මොත් හොඳයි, ඒත් එතකොට වැඩියෙන්ම ඇහෙන ප්‍රශ්නෙ, “කොහොමද මේක පාවිච්චි කරන්නෙ” hiks
January 29th, 2009 at 10:15 pm
@ගයාන් කල්හාර
ඔන්ලයි ෆොරම් එක පුරවන්න, නැතිනම් ඊමෙල් කරන්න ගැටලුව. පස්සෙ උත්තරය අහන්න පුලුවන්නේ.