මෙන්න මගෙන් තෑග්ගක්….
මට හිතුනා පොඩි වැඩක් කරන්න ඕනේ කියලා, මොකද ගොඩක් අය මේ බ්ලොග් එක කියවනවා
ඒ වගේම ගොඩක් අය සිංහල බ්ලොග් ලියනවා, මෙන්න මේකයි වැඩේ, මම මේ වෙනකන් ලියලා තියන බ්ලොග් පොස්ට් වලින් එකකට පිලිතුරු ලිපියක් ඔබගේ බ්ලොග් අඩවියේ ලියන්න, ඒක මම ලියපු ලිපියට ලින්ක් කරන්න, නැත්නම් මට ඒක ඊමේල් කරන්න (kalinga.a [at] gmail.com) ඔව්, මේක තරගයක්, තෑගි දෙනවා
මේකෙන් ලැබෙන්නේ ? 8GB USB Flash Driver දෙකක් මම හොදම ලිපි දෙකට දෙනවා, මරු නේද ? තෝරාගන්නන හොදම ලිපි දෙක මම මගේ බ්ලොග් අඩවියේද පලකරනවා.
කොන්දේසි….
- මේක 2009, පෙබරවාරි 25 වන දිනට පෙර මට ලැබෙන්න සලස්වන්න, බ්ලොග් අඩවියක් නැති අය මට ඊමේල් (kalinga.a [at] gmail.com) කරන්න. තමන්ගේ බ්ලොග් අඩවියේ ලියන එය, ඒ ලින්ක් එක මේකේ comment එකක් හැටියට දමන්න.
- වයස 14 වැඩි විය යුතුයි.
- අනිවාර්යයෙන් සිංහල යුනිකේත භාව්ත කල යුතුයි.
- වචන 250 වඩා වැඩි විය යුතුයි.
- මම ලියා තිබෙන පොස්ට් එකට පිලිතුරුක් විය යුතුයි.
- මේක තමන්ගේම නිර්මානයක් විය යුතුයි. (translation, උපුටා ගැනීම් නොවිය යුතුයි.)
- අවසාන තීරනය මගේ හා මේක තෝරන්න පත්කරන අයගේ තීරනයයි.
තව දැනගන්න දෙයක් තියනවානම් අසන්න….







January 25th, 2009 at 4:19 pm
එලනේ
ලියමු බලන්ඩ
January 25th, 2009 at 6:50 pm
අනේ වයස් සිමාවක් මොකටද?
දැන් හැමෝම ලියනවනේ.
ඉපදෙන්න ඉන්න අයත් ලියන සයිස් දැන්..
January 25th, 2009 at 8:51 pm
@ඩනිෂ්ක: බිපෙසි
January 25th, 2009 at 8:54 pm
@ඩනිෂ්ක
මේකයි, පොඩි උන් USB කටේ දාගෙන හිර උනොත් කියලා, අපි වෙනම එකක් තියමු, බබා බ්ලොග් කියලා, දිනන එක්කෙනාට සුප්පුවක්.
January 26th, 2009 at 2:04 am
හික්. . . මරු වැඩේ. . . මමත් මේ 8GB Pen එකක් ගන්න කියල තමයි හිටියේ. . .
January 26th, 2009 at 8:13 am
පිළිතුරක් කිව්වාම පොඩි අවුලක් තියනව..
විවේචනයක් ද?, අනුමත කිරීමක්ද?, බැනිල්ලක්ද, තව වැඩි තොරතුරු දීමක් ද හොඳ? (මම කිව්වේ තෑග්ග ලැබෙන එක.
)
January 26th, 2009 at 8:25 am
එහෙනම් මම බබා බ්ලොග් එනකම් ඉන්නව,
බබාලට සූප්පු දුන්නෙ ඉස්සර, දැන් දෙන්න ප්ලේස්ටේශන්, xබොක්ස්, අයිපොඩ් වගේ ඒව නෙව..
================================
ඔන්න මම බබා බ්ලොග් එකක් පටන් ගන්නවා
කාලිංග සීයාගේ, බ්ලොග් කට්ට ඉතා එලය, මම මොන්ටිසෝරි යන වෑන් එකේදී මගේ ලැප් එකෙන් නෙට් ආවාම වැඩි පුරම බලන්නේ කාලිංග සීයාගේ බ්ලොග් එකයි,
අපේ මොන්ටිසෝරියේ ජාවා, C++ උගන්වන ගුරුතුමිය පට්ට චාය
අපේ මොන්ටිසෝරියේ නෙට්වර්ක් ෆයර් වෝල් එක මල කලඩලයකි, ඒකෙන් පොඩිහිටියන්ට පමනයි වීඩියෝ,පින්තූර බලන්නට බැරිය,
අනේ සීයෙ මට පෙන් එකක් එපා, මට ෆයර්වෝල් හැක් කරන කරමයක් දෙන්න කෝ
අනේ මෙහෙම බබා බ්ලොග් ලියවෙන හෙටක් අපිටත් උදාවේවා
January 26th, 2009 at 9:00 am
@ගයාන් කල්හාර
අපොයි ඔව්, ගල් මුල් උනත් කමක් නෑ, හැබැයි වදින්න ගහන්න ඕනේ
@චතුර වික්‍රමරත්න
ගන්න දෙයක් නෑ දැන්, හොදට ලිව්වොත් නිකන් දෙනවා
January 26th, 2009 at 10:40 am
Elane