Chrome සමග වරුවක්…
මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ?
හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ.
chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න.
හරි, ඉස්සෙල්ලා බලමු කොහොමද කියලා Stable Chrome 1.X වල ඉදන් developer channel එකට update එක මාරු කරන්නේ කියලා. මේ සදහා Google අය විසින් Channel Changer කියලා tool එකක හදලල තියනවා. (වැඩි විස්තර මෙතනින්)
Dev චැනලය තෝරාගෙන Update click කරන්න, දැන් Chrome close අරලා, නැවත Open කර, Settings -> About Google Chrome වෙත යන්න, එවිට අප්ඩේට් එකක පෙන්වයි, update කරන්න. your done
ටැබ් එකක් හිර උනොත් මොකද කරනෙ ? මුලු chrome ම වහනවා ද ? නැත්නම් අර Firefox වගේ ඔකොම crash වෙනවාද ? අපෝ නෑ, windows task manage වගේ chrome වල්ත් එනවා task manger එකක්
මරු නේද, අල උනේ මොකද කියල බැලුවා එක end process කරා, මේක තමයි Firefox හා Chrome වල තියන ලොකුම වෙනස, Chrome හැම එකක් සදහාම වෙන process එකක දුවනවා, මොකක් හරි උනොත් ඒ process එක විතරයි kill කරන්න ඕනේ, Firefox වල්දී මේක් බෑ, ඔකොම අල තමයි
මොකද Firefox වල මේ design fault එක තියනවා, single process නිසා.
Shift + Esc අගහන්න Chrome වල Task manager එක ගන්න.
දන්නවා Google Chrome හි Tab, Dynamic tabs කියලා, ඒ කියනේ, ටැබ් ඇදාල එලියට ගන්න, තියන පිලිවෙල වෙනස් කරන්න, වෙන වින්ඩෝ එකක තියන ඒවා තව වින්ඩෝ එකක්ට දාන්න වගේ දේවල් ද පුලුවන්.
මන්න තව මරු වැඩක්, Application Shortcut, මේ කියන්නේ පුලුවන් අපිට gmail වගේ එකක් windows application එකක් වගේ run කරන්න හරිම ලේසියි, gmail වෙත ගොස් ලොග් වෙන්න, දැන්
New කියන Menu එකට ගොස් Create application shortcuts.. කියන එක click කරන්න
shortcut එක හැදෙන්න ඕනේ තැන තෝරලා, OK කරන්න. දැන් තියෙන්නේ මීට පසේ gmail වෙත් යන්න ඔනේ වෙලාවට desktop එකේ Shortcut එක click කරන්න විතරයි. එවිය එක නිකන් windows application එකක් වගේ start වෙනවා.
මෙන්න කොල්ලනේ නියම එක, කාටවත් පේන්නේ නැටිවෙන්න, history save නොවෙන්න web site එකකට යන්න ඕනේද ? හරිම ලේසියි.
සෙටින්ග් වලට ගිය, New incognito window (Ctrl+Shit+N) දැන් අලුත් වින්ඩෝ එකක් එයි.
මේකේ cookies, history, taking කිසිම දෙයක් save වෙනේ නෑ, ඉතින් බය නැතුව යන්න පුලුවන්, මොකද පසුවෙ වෙන කෙනකුට ඔයාගේ chrome history, හරි computer tmp වල හරි, මේක හොයාගන්න බෑ.
අනිත් මරු එක තමයි about:memory කියන එක, මේක address bar එකේ අතුලත් කරහම, chrome memory usage එක පෙන්නනවා, chrome විතරක් නෙවෙයි, ඒ වෙලාවේ ඇරලා තියන අනිත් browsers වල ඒවද පෙන්නනවා.
තව ඕනේද ? හික්… තව තියනවා… අලුතෙන් chrome දාපුවහම්, මොකද වෙන්නේ Firefox එකේ History, Bookmark, saved password අපෝ හරිම ලේසියෙන් import කරන්න පුලුවන්, Firefox විතරක් නොවෙයි, IE වල ඒවත්.
Settings -> Import bookmarks & settings…
ඕනේ එක select කරා import කිව්වා, හරිම ලේසියි.
තව මරු එකක් තමයි one click bookmarking,
URL එකට කලින් තියන Star එක ක්ලික් කරන්න
තව ගොඩක් ඒව තියනවා… ඒවා පසුවට…

















January 22nd, 2009 at 11:27 pm
හිතුවට වඩා අමුතු වැඩ ගොඩක් තියෙනවනේ, හැබැයි මම තාමත් Mozilla Firefox මත තමා යැපෙන්නේ.
January 23rd, 2009 at 5:16 am
එළ තමා මචං,මම ඔව්වා දන්නවා වුනාට ඇයි මන්දා මට නම් තාම පනින්න හිතෙන්නේ නැහැනේ ගිනි හිවලාගෙන් දික් කසාද වෙන්න! :S
January 23rd, 2009 at 8:25 am
බොහොම හොඳා. මටත් ක්‍රෝම් ගොඩක් හිතට ඇල්ලුවා. ඒත් ඇඩ් බ්ලොක් කරන්න හම්බවුණු ක්‍රමේ එතරම් සාර්ථක නෑ. ඒකෙ පිටුවකට ගියාම හැමතිස්සෙම ක්ලික් කරන්න ඕන. addon ප්‍රශ්න ටික ඉදිරියෙදි විසඳේවි කියලා බලාපොරොත්තු වෙනවා.
January 23rd, 2009 at 8:33 am
ම්ම් ට්‍රයි කරල බලන්ට වටිනව වගේ, ලිනක්ස් එඩිශන් එකක් නෑ නේ, ඒක තමා අවුල, වයින් බෝතලයක් වත් පාවිච්ච් කරල ප්‍රශ්න විසඳගන්න බලන්න ඕනේ, කරපු අය ඉන්නවදෝ ?
January 23rd, 2009 at 8:44 am
මම නම් ආපු දවසෙ ඉදන් chrome ඒකට මාරු උනා මොකද මට ඒ වෙද්දි firefox crash ඇති වෙලා තිබ්බෙ. හික්. හැබැයි මම තවම firefox පවිච්චි කරනව development වැඩ වලට.
chrome වල මට තියෙන එකම අප්සට් එක සමහර වෙලාවට සිංහල අකුරු හරියට රෙන්ඩර් වෙන්නෙ නැති එක. කොටු කොටු එනව අකුරු වෙනුවට :ඩ්
ඉදිරියේදි මේ සියලු බග්ස් බංග වේවා !
January 23rd, 2009 at 8:46 am
ලිනක්ස් වලට ඉතින් මේකෙ ඔරිජිනල් ප්‍රොජෙක්‌ට් එක ක්‍රෝමියම් දාල බලන්න පුලුවන් නෙ ?
January 23rd, 2009 at 8:48 am
@බින්කු
හික්… ඒක නම් අමාරුයි තමයි, හොර ගෑනී වගේ පොඩක් තියාගනෙ බලන්න.
@මලින්ත
මටනම් එහමෙ ගැටලුවක් ආවේ නෑ, මොන ඇඩ් ද වහන්න යන්න්නේ, පොප් අප් ද ?
@ගයාන් කල්හාර
ලගදිම ලිනක්ස් එකක් එයි, වයින් වලින් පුලුවන්, ස්ටේබල් නෑ ලු, හරියට කියන්න තරම් මම බාවිතා කරලා නෑ.
@තිලිණ
stable එක නැතුව, dev එක use කරන්න, ඒක මරූ. ගොඩක් ගැටලු හදලා තියෙන්නේ.
January 23rd, 2009 at 8:52 am
original project
http://www.codeweavers.com/services/ports/chromium/
January 23rd, 2009 at 9:01 am
@කාලිංග: නෑ ඔය සාමාන්‍ය ඇඩ් (Google Ads etc.) නරියට එන Adblock Plus වගේ එකක් තියෙනවනම් එළ.
January 23rd, 2009 at 9:09 am
අර මොකො .. ගූගල් ඇඩ් ඇවිත් ඇගේ එල්ලෙනවද ?
January 23rd, 2009 at 9:10 am
crossover chromium එක වයින් වලට සම්බන්දයක් තියෙනව නේද? කෝකටත් දාන්න කලින් faq එක කියවලා ඉන්න.
January 23rd, 2009 at 9:10 am
@මලින්ත
ආවා කියලා මොකද වෙන්නේ බන් ?
_http://www.mvps.org/winhelp2002/hosts.htm මෙන්න මේක දාන්න, ගොඩක් හොදයි….
January 23rd, 2009 at 9:11 am
@කාලිංග: මං කැමති නෑ බං
මං කොහොමත් ෆයර්ෆොක්ස් පාවිච්චි කරන කාලේ ඉඳන් ඇඩ් නැතුව හිටියෙ.
January 23rd, 2009 at 9:15 am
ෂා hosts වැඩේ එළ වගෙයි
January 23rd, 2009 at 9:16 am
@මලින්ත
අපි කවදද කිව්වේ එළ නැති වැඩ ?
January 23rd, 2009 at 9:20 am
@කාලිංග: නැතුව නැතුව
January 23rd, 2009 at 9:25 am
ඒ උනාට පොඩි අවුලක් !!
මොනව හරි බා ගනිද්දි Download accelarator වගේ Download manager 1ක් chrome එකේ use කරන්න බැරි එක.
දන්නවා නම් ඒකටත් පිළියමක් කියන්න.
Thankyou !…
January 23rd, 2009 at 9:55 am
@Kesara
අලුත් Orbit Downloader හෝ IDM සහයෝගයෙන් chrome එක්ක වැඩ.
January 23rd, 2009 at 10:55 am
ඔන්න මම වයින් වලින් දැම්ම, අවුලක් නෑ වගේ, පොදු ප්‍රශ්න ටික තමා පෙනුනෙ,ඒත් ටිකක් ක්‍රෑශ්වෙනව, සිංහලත් අවුල් නෙ
January 23rd, 2009 at 11:04 am
මමත් chrome දාගෙන හිටියා ඒත් සිංහල අවුල නිසා පාවිච්චි කලේ නෑ. බොහොම ස්තුතියි තොරතුරු වලට
January 23rd, 2009 at 11:48 am
@ගයාන් කල්හාර & චමිල
සිංහල ගැටලුව නෑ Dev version (2.0.157.2) එකේ, මම මේ පොස්ට් එක ලිව්වෙත් ඒකේ ඉදින්, මේ comment ලියනේත් ඒකේ ඉදන්
January 23rd, 2009 at 3:19 pm
නියමයි… මටත් chrome වල අවුල තිබ්බෙ සිංහල ටයිප් කරන එකයි Download Manager Integration නැති එකයි තමයි. බොහොම පිං කාලිංග!
January 23rd, 2009 at 6:13 pm
හරි සිංහල දෝශෙ නම් නිවාරණයි, ඒත් යූටුබ්, මෙටාකැෆේ පේන්නේ නෑ නෙව, මොකද්ද අවුල.
January 23rd, 2009 at 7:09 pm
@ගයාන් කල්හාර
මොකද OS එක ? ලිනක්ස් ද ? වින්ඩොස් ද ?
ලිනක්ස් නම් මම බැලුවේ නෑ, මොකද වයින් වල මේක දුවන්නේ නෑ හරියට.
නමුත් වින්ඩොස් වලනම් කිසිම ගැටලුවන් නෑ, වින්ඩොස් නම්, පොඩක් Flash Player එක Download කරලා දාන්න.
January 23rd, 2009 at 7:37 pm
http://www.lakbima.lk/ වගේ සයිට් බලන්නෙ කොහොමද ?
January 23rd, 2009 at 7:43 pm
@Dimu
මේ සයිට් එක Sinhala Unicode නෙවෙයි, මේක බාවිතාකරන්නේ Truetype font embed කරන විදියක්, ඒක වැඩ කරනේ IE වල පමණයි, මේ අය තාම යල් පැන ගිය විදි, මේක Sinhala Unicode කරානම් ඉවරයි.
January 23rd, 2009 at 7:47 pm
ඔව් ලිනක්ස් (xඋබුන්ටු hardy ) ඔව් මම පොඩ්ඩක් ඇණ ගත්ත වයින් උඩ දමන්න ගිහින්, සාර්ථක නැත්තෙමත් නෑ. ඒත් මම ආසයි වින්ඩෝස් වල ට්‍රයි කොරන්ට, ඒත් නැහැ නොවැ, හොර අඩවියක් එහෙම නැද්ද බාගන්ට (xp)
January 23rd, 2009 at 7:55 pm
@ගයාන් කල්හාර
හික්, හොර වැඩනම් මම කැමති නෑ, දැනට වින්ඩොස්ට් 7 beta 1 එක නොමිලේ දෙනවා, ඕනේ නම් කොපියක් දෙන්නම්.
Minimum recommended specs call for:
1 GHz 32-bit or 64-bit processor
1 GB of system memory
16 GB of available disk space
Support for DirectX 9 graphics with 128 MB memory (to enable the Aero theme)
http://www.microsoft.com/windows/windows-7/beta-download.aspx
January 24th, 2009 at 6:25 am
True! I installed Chrome a couple of weeks back.. and it rocks! awesome .. lightweight .. and very stable .. so what else can you expect from a web browser ? The only issue is, they are yet to release the *nix version.
I’m using Konqueror for the last 1-2 years and that’s awesome too. Which is my default browser in *.nix
Fire Fox sucks big time…. it’s thick.. ugly .. eats up lot of resources.. new FF 3.0 is a big lie.. they haven’t done any justice to this major release.
-Tyronne
January 24th, 2009 at 8:27 am
@කාලිංග
IE,FF,Chrome,Safari,Opeara යනාදී සියළු browsers මම දාලා තිෙයනවා. development වැඩ වලට ඒ හැම ඒෙක්ම test කරන්න නිසා. safari ගැන ඔෙබ් අදහස ෙමකක්ද? අෙප් usa usersla ගොඩක් භාවිත කරන්ෙන safari browser ඒක තමා.
January 24th, 2009 at 9:37 am
@Tyronne W
so true about the Firefox 3, there is not deferance at all, it crashed, memory leaks, etc etc all the issues that was there on Firefox 2, is there on Firefox 3
@binduka
Safari කියන්නේ WebKit (http://webkit.org/) කියන Apple සමාගමෙන් සහය දක්වන Opensource project එකකින් හදපු එකක්, මේකම තමයි Google Chrome බාවිතා කරනේ.
Safari කියන්නේ ඇත්තටම වේගවත් web browser එකක්, දැන් මේ Chrome ඒක තවත් දියුනු කරලා සාදලා තියෙන්නේ, Chrome තවත් ටිකක්, වේගවත් Safari වලට වඩා.
January 25th, 2009 at 8:45 pm
ලිනක්ස් වල නම් ගිනි නරියා මරල දාන්න(PROCESS එක KILL කරන්න) මට කවදාවත් වෙලා නෑ. ඒ කියන්නෙ කවදාවත් STABLE මදි ලෙඩක් ලිනක්ස් වල දීල නෑ. WINDOWS වල නම් ඇති මයෙ හිතේ.WINDOWS ඉතින් කොහොමත් අල නේ.හික්
හැබැයි අර HISTORY නොවෙන්න SITE යන්න පුළුවන් එක නම් මාර වටිනවා. ගිනි නරියටත් එනවනම් හොඳයි ඒක
January 25th, 2009 at 8:49 pm
@රවින්ද
මගේනම් ඕනේ තරම් ලිනක්ස් වලදී crash වෙලා තියනවා, වෙලාවක screen print අරගෙන දාන්නම්
January 26th, 2009 at 4:56 pm
අද මම උදේ chrome 2.0.158.0 release එක download කරල දැම්මා. එක පාරක් tab එකක් open කරනකොට පොඩ්ඩක් අමුතු වැඩක් උනා. එවලෙ මට screenshot එකක් ගන්න මතක් උනේ නෑ. මෙන්න අද දවසට දෙවෙනි පාර. මේ පාර නම් screenshot එකක් ගත්තා… බලන්න… හික්
January 26th, 2009 at 7:17 pm
@චතුර: ඔව් මටත් මේ ලෙඩේ ආවා. කුරුමිණියෙක් වගේ
January 26th, 2009 at 7:22 pm
@චතුර වික්‍රමරත්න
ඔව්, දැන්ට Developer 2.0.158 එකේ, බග් එකක් තියනවා
January 27th, 2009 at 12:34 pm
2.0.159 ඇවිල්ලා! ඒකෙ නම් ඔය ලෙඩේ නෑ වගේ (මං හිතන්නෙ)
January 27th, 2009 at 2:43 pm
@මලින්ත
නෑ, 100% හරි නෑ වගේ… අල අල, but i still love it
Zero Crashes from the day I have started using chrome !!! it rox !
January 27th, 2009 at 6:07 pm
අනේ මන්දා… මට නම් chrome දිරවන්නෙම නෑ කොහොම හරි… මොකද මන්දා… Fast තමයි… ඒ උනාට speed එකට විතරක් කොච්චර දේවල් පාවිච්චි නොකර ඉන්න ඕනද? AdBlock Plus, FlashGot, .flv downloads with IDM, selecting multiple Rapidshare links and adding them to IDM queue, Delicious bookmarks and some more add-ons I’ve really gotten used to.
දැනට ඉතිං FireFox වලට ChromiFox දාලා පාවිච්චි කරනවා. Total Rechrome එකත් හොඳයි. ඒ උනාට ඒකත් මට දිරෙව්වෙ නෑ
… දාලා බලන්න. Chrome වලටත් Add-ons තිබ්බනම්……….
January 27th, 2009 at 10:33 pm
මේක මට හරියන්නෙම නෑ… දැන් පැයකදි විතර උන 4 වෙනි පාර මේ. . .
http://img441.imageshack.us/img441/6215/chromecrashwa2.jpg
January 27th, 2009 at 10:37 pm
@චතුර වික්‍රමරත්න
මටනම් කිසිම ගැටලුවක් නෑ, ඔයා දුවනේ developer version එකන්ම්, ඉතින් ඒකේ ගොඩක් බග් තියනව, මොකද් ටෙස්ටින් නේ, මමත් දුවනේ developer, මම yahoo mail නම් බාවිතා කරනේ නෑ, ඒක නිසා ඒ ගැනනම් කියන්න විදියක් නෑ.
මටනම් ඔය වගේ ගැටලු ඇවිත් නෑ, මගේ දන්න හැමෝම වගේ බාවිතා කරනවා, ඔය වගේ දේවල් නම් වෙලා නෑ.
January 27th, 2009 at 11:22 pm
Yahoo mail විතරක් නෙමේ… Facebook එකෙත් උනා දැන්… මගෙ අවුලක් ද දන්නෑ… Chrome දන්නව ඇති මම එයාට වැඩිය කැමති නෑ කියලා
January 27th, 2009 at 11:27 pm
@චතුර වික්‍රමරත්න
වෙන්න පුලුවන්
හික්… මම FB හා gmail කොයි වෙලෙත් ටැබ් එකක ඇරලා තියෙනේ, FB photo upload ඔකොම කරනවා, Chrome දාපු දා ඉන්ද මේ වෙනකන් Firefox අතතව් තිබේ නෑ. මේ වෙනකම් කවදාවත් Chrome crash වෙලා නෑ, මම Windows Vista හා XP SP3 කියන දෙකේම බාවිතා කරනවා, කිසිම crash එකක් නෑ.
January 28th, 2009 at 9:16 am
good news for firefox lovers
http://en-us.www.mozilla.com/en-US/firefox/3.1b2/whatsnew/
January 28th, 2009 at 9:18 am
private browsing feature ඒක තියනව කියන්ෙන ෙගාඩම ෙගාඩ
January 28th, 2009 at 10:30 am
Stealther කියල addon එකක් තියෙනවා ෆයර්ෆොක්ස් වලට. ඕන නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්.
January 29th, 2009 at 8:36 am
@මලින්ත
අාහ් ඒකත් කදිමයි… ඔය නිසා තමයි firefox වලට සමුෙදන්න හිෙතන්ෙන නැත්ෙත.
February 18th, 2009 at 10:37 am
ක්‍රෝම් විවෘත කේත මෘදුකාංගයක් නිසා අපට එය සිංහලට පරිවර්තනය කරන්න බැරිද?
March 12th, 2009 at 8:56 pm
hmm..Chrome is Fast.. Et eke Bookmark Back-up nati eka loku aduwak.. Mokada api normaly masa 2-3kata sarayakwat XP re-install karanawane..
me mage palamu post eka..Samawanna mata tamat sinhala akuru type karanna ba..
Name type karanna winadi 10k witara giya
August 28th, 2009 at 9:27 am
I need to know that how can we read lakbima news paper in google crome
August 28th, 2009 at 9:41 am
@chinthi
you cant do this since lakbima use a IE only system, that embed the font, EOT
this is ONLY supported by IE, lakbima is using a NON standard system, they need to switch to Sinhala Unicode, witch is the standard for Sinahal now.