My Name is Kalinga, I’m an Internetholic!
ඔබ කරන වැඩ වලින් ගොඩක් ඉන්ටර්නෙට් සම්බන්ද ද ? වැදගත් වෙන වැඩ තියනකොට ඊටවඩා අන්තර්ජාලයේ සැරිසරන්න කැමතිද ? අවේලාවේ, මගදිගට ඊමේල්, අන්තර්ජාලෙයේ සැරිසරනවාද ? දිනකට වඩා අන්තර්ජාලයට සම්බන්ද නොවී ඉන්න හැකියාවක් නැද්ද ? එහෙනම් ඔබත් මම වගේම Internethoic කෙනෙක් ! (ඒ කියන්නේ ඔය Alcoholic වගේ, අපේ බාසාවෙන් කිව්වොත් බේබද්දෙක්
) අන්තර්ජාලයට ඇබ්බැහි ඌවෙක්…. ! මේකත් ලගගදිම අලුත් ලෙඩ ලැස්තුවට ඇතුලත් වෙනවා නිසැකයි!
මම මේ ලගදි මම ගැන හිතපුවහම මටම පෙනීගියේ මම කොපමණ මේ තාක්ෂනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද කියලා, මේක මිනිස්සුන් අලස වෙන්න තවත් දෙයක්. මීට වසර 15-20 කලින් මේවා නෑනේ.. ඉතින් යාලුවො එක්ක ඇවිදින්න යනවා, අඩුම ගානේ තමන්ගේ පව්ලේ අය සමග හරි කතා කරනවා, මේවා දැන් එන්න එන්නම් අඩුවෙලා, මිනිස්සුන්ගේ බැදීම් අන්තර්ජාලයේ chat සදහා පමණක් කොටුවෙලා, සැබෑ ජීවිතයේ යාලුවෝ අඩු වෙලා, facebook යාලුවො තමයි දැන් ගොඩ දෙනෙකුට ඉන්නේ, ආදරයත් කරන එක පවා දැන් අන්තර්ජාලයේ. එහෙම නැත්නම් phone එකේ texting ! (SMS)
මේනිසා මිනිසුන් ඇත්තට හදුනා ගැනීම මහත් සේ අඩුවෙලා, පාරේ මිහිහෙක්, තියා අඩුගානේ අල්ලපු ගෙදර එකවත වැඩිය කතා කරනේ නැති ගානට ඇවිත්. අන්තර්ජාලයේ තමන්න කැමති කෙනෙක් වෙන්නෙ පුලුවන්, ඇත්තට ඔබ මේ chat කරන අය, ආදරේකරන අය, සැබැජීවිතේ ගොඩක් වෙනස් කෙනෙක් වෙන්න පුලුවන්. ඇයි මේ මිනිස්සු hiuman touch වලින් ඈත් වෙන්නේ. මේ තාක්ෂනය නිසා, පරිනාමය වෙලා තව වසර 1000 පමණ යනකොට මස් ගුලියක් පමණක්වෙයි මේ humans ලා.
මම දන්න ගොඩක් අයට අන්තර්ජාලයේ යලුවො වැඩියි, සමහර අයට සැබෑජීවිතයේ යලුවෝ නැති තරම්, මේ අය අඩුගානේ උත්සාහ වත් කරනේ නෑ සැබෑජීතිතයේ යලුවන් බවට මේ අන්තර්ජාල යලුවන් පරිවර්තනය කරගන්න. ගොඩක් අය ලැජ්ජයි, ඇත්තට මනුසයෙක් දැක්කහම කතාකරනේ නෑ. මේ ඔකොටම හේතුව අන්තර්ජාල ඇබ්බැහි කම. ගොඩක් ලමයිගේ හීන මාන කම් පවා දැතිවෙනවා.
සමහර අය, ඇත්තට තමන්ගේ නමවත් අන්තර්ජාලයේ යොදාගනේ නෑ, තමන් පෙනීසිටින්නේ වෙන කෙනෙකු හැටියට, අඩුගානේ බ්ලොග් එකක පොස්ට්, comment එකක දානකොට උනත්, මෙකට එක හේතුවක් තමයි, තමන්ගේ සැබෑ හැගීම් පිටට පෙන්නන තියන මැලිකම හා තමන්ව අන් අය හරියට මොනවගේ කෙනෙක්දැයි කියා හැදිනගනී කියලා තියන බිය. මොකද තමන් සැබෑ ජිවිතයේ වෙනත් පුද්ගලයකු ලෙසෙ මිනිසුන්ත්ට පෙනී සිටීම, අන්තර්ජාලයේදී තවත් කෙනෙකුලෙස පෙනීසිටීම. මේහේතු නිසා ගොඩක් අය අන්තර්ජාලයට ඇබ්බැහිවෙලා, නොදැනීම. මොකද මෙහි සැබෑජිවිතයේ තියන වැටකඩුලු නෑ නේ. ගොඩක් අයට සැබෑජීවිතයේ තමන්ගේ හැගීම් පෙන්න බැරිඋවද, අන්තර්ජලයේ මේක කරන්න පුලුවනේ. ගොඩක් අයට, facebook profile කිපයක්, වෙන නම්වලි email ගිනුම් පවා තියනවා.
මම ගැන කිව්වොත මගේ ජීවිතකාලයෙන් අඩකට වඩා වැඩි කාලයක් මම ගතකරන්නේ අන්තර්ජාලයේ, අඩුගානේ ගෙදර යනකොට, මග ඉන්නකොට, ඊමේල් කීපවටක් බැලීම, චැට් එකට log වෙන එක වගේ දේද මම කරනවා, අනික අඩුගානේ කොහෙ හරි දුරක යනවානම් පැය 2-3 යන, මම මගේ පරිගහනකය හා mobile internet connection එක රැගෙන තමයි යන්නේ, කොහෙ හරි දිනකට වඩා යනවනම්, හොටලයක් නවතිනවානම්; පලමුව අහනේ Power තියනවද, Mobile phone සිග්නල් හෝ අන්තර්ජාලය තියනවාද කියල තමයි.
මගේ මේ ජන්ගම අන්තර්ජාල ඇබ්බැහිවීම උනේ, Dialog GPRS ආරම්බයත් එක්ක තමයි, මම Ericsson T68 එකක් හා HP Pocket PC එකක් එක්ක තමයි මුලින්ම මේක පටන්ගතේ, GPRS, Bluetooth යොඅදාගන මීට වසර 7-8යකට කලින්. මම දැන් පුදුම විදියට මේ අන්තර්ජාලයට ඇබ්බැහි වූ වෙක්. අඩුම ගානේ මම ගෙදර ආපු ගමන් කරන ඒවගේ මුල්ම එකක් තමයි මගේ පරිගනකය on කර chat ඔක්කොම ලොග් කිරීම, ඇද උඩ, හෝ TV බලද්දි උවද මම මගේ පර්ගනකය මගේ ලග තියාගන්නවා. පැය කීපයකට හරි අන්තර්ජාලය නැතිව ගියොත් පුදුම අඩුපෑඩුවක් ලෙස තමයි හැගෙන්නේ. මේක හරියට දැන් අර ජීවත් වෙන්න වතුර, කෑම ඕනේ වගේ දෙයක් වලා.
දැන් එපමණක් නොවෙයි, කොහෙ හරි යනකොට සිම් (Mobile SIM) providers ලා කීපදෙනෙකුගේ රැගෙන යනවා. මේතරමට මම connectivity කියන එක වැදගත් වෙලා, එක අතකින් ලෝකය ගොඩක් කුඩා වෙලා. තවත පැත්තකින් මිනිස්සු සැබෑලෝකේදී ඈත් වෙලා. සමහර වෙලාවට අපි අපේ දුර සිටින යාලුවෝ, family members එක්ක සම්බන්ද කම් තියාගන්න මේක ලොකු උදව්වක්, skype, video chat වගේ දේවල් නිසා. තාක්ෂනය දියුනුවත් එක්කම මිනිස්සු තනිවෙලා කියලා තමයි මටනම් හිතෙන්නේ. කොටින්ම කිව්වොත් මිනිස්සු ලිංගික ආසාවන් පිනවා ගන්න යොදාගනේ මේ අන්තර්ජාලය තමයි, Cyber Sex කියලා නමක් පවා මේකට තියනවා, අඩුගනේ තමන් චැට් කරන්නේ කෙලෙක් එකද කොලෙක් එකද කියා වත මේ අය දනේ නෑ.
මගේ මේ ඉගෙනීමන් 75% වඩා මම ස්තුති කරන්න ඕනේ මේ අන්තර්ජාලයට, අර කතාවක් තියනවානේ, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නෑ කියලා…………..
I am an Internetholic, are you ?







January 8th, 2009 at 7:21 pm
Well to a certain extent, yep
January 8th, 2009 at 7:37 pm
ඔය ගැටළුව යම් තරමකට මටත් තියෙනවා. මට නම් mobility නෑ. එත් ලඟදමි ඒකත් විසඳ ගන්නවා. එත් මම කොහේවත් යන්නේ නැති ගෙදරටම වෙලා ඉන්න ගෙයිහාමියෙක් නිසා එච්චර වෙනසක් නෑ. ඇයි උදේ දවලි රෑ කෑමත් කරන්නේ මේකෙ ඉඳන්. ඔන්න දවසක් මම compute එක දාලා දවල් කෑම ගන්නවා. ඔන්න දැන් යාළුවෙක් ආවා චැට් එකට. දකුණු අතින් කෑම ගන්නවා. වමින් ටයිප් කරනවා. අහ් ඒ මදිවට මේකේ සිංදුවකුත් යනවා.
January 8th, 2009 at 7:41 pm
චැහ් අපි බොහොම සමානයි නොවැ
January 8th, 2009 at 7:41 pm
@Malinthe
No comments
@Dasun
හික්, ඒක ඇත්ත… මම කන්නෙත් මේක ලග… අනික මම හරියට අර ගංජා වගාවක් බලාගන්න ගංජා කරයා වගේ.
January 8th, 2009 at 7:47 pm
භුදු අම්මෝ!! :-O කතාව නම් ඇත්ත තමා. :-O මටත් ලෙඩේ බෝවෙයි වගේ. නෑ නෑ බෝවෙන්න දෙයක් නෑ වගේ… :-O
January 8th, 2009 at 7:49 pm
@සුපුන්
අර කතාවක් තියනවනේ, ගහට ගහක් මොරටුවේදී මුන ගැහෙනවා කියලා.
January 8th, 2009 at 7:50 pm
මොරටුවේ නෙවේ! අන්තර්ජාලේදී!
January 8th, 2009 at 7:56 pm
මට ඕක වෙන්න කලින් මාරු වෙන්න ඕන,,,,
January 8th, 2009 at 8:04 pm
@sudaraka
හික්…
@නාගයා
ආ… එහනම් අර කියපු “Dream Girl” ගැන… day deraming කර කර ඉන්න….
January 8th, 2009 at 8:10 pm
@කාලිංග
ඔන්න කිව්වා කතාවක්…..
අවවාදයයී…..අන්තර්ජාලය ඇබ්බැහි වන සුලුය,,,,,
ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න….
January 8th, 2009 at 8:39 pm
අපි ඔක්කොම මේකට ඇබ්බැහි වෙලා. මාත් උදේට ඇදෙන් නැගිටින්නෙ මේක ඔන් කරගෙන. කරන්න විශේෂ වැඩක් නැති උනත් ඔහේ ඒක දිහා බලාගෙන ඉන්නවාග හික්…හික්…මේ කාලිංගට අමතක වුනු තවත් රෝග ලක්ෂණයක්.
January 8th, 2009 at 9:13 pm
මට පෙනෙන විදියට මටත් රෝගය දැනටමත් වැළඳිලා තියෙන්නේ.
නමුත් අධ්‍යාපන කටයුතු සමග එන කාර්යබහුලත්වය සහ SLT Entree පැකේජයේ 1 GB සීමාකාරී බව නිසා, රෝග ලක්‍ෂණ ප්‍රකට වීම සීමා වෙලා තියනවා.
නමුත්, පසු ගිය වසරවල් වලදී පාසලේ ක්‍රීඩා පිටියට යාමට තිබූ කාලයන් වල පවා, ICT Unit ගොස් GMail, Facebook යන වෙබ් අඩවි දෙකට පිවිස ඒ දෙස බලා සිටිම. GTalk වලට ලොග් වීම. ආදී ලක්‍ෂණ තිබුනා. නමුත් දැනට මාස කිහිපයකට (මට මතක හැටියටක අඩ වසකට) පෙර සිට ඔය GMail, Facebook කියන මම අනිවාර්යයෙන්ම පිවිසෙන අඩවි වලට සිංහල බ්ලොග් සින්ඩිකේටරයත් ඇතුලත් වුනා.
යන යන තැන – නිරතුරුවම අන්‍තර්ජාලයේ සැරිසැරීම නම් තවම මට පුරුදු වුනේ නැහැ. එය තව වසර දෙකක් පමණ යයි.
January 8th, 2009 at 9:16 pm
මට තියෙන ලෙඩෙ තව සෑහෙන කට්ටියකටත් තියෙනව වගෙ. දවසකට අනිවාර්යෙන් පැය ගණනක් මෙතන ගත නොකර ඉන්නම බෑ.
බ්ලොග් කියවන ලියන එකත් මෙ ලෙඩෙම තව පැත්තක්ද මන්දා. අන්තිමෙදි ඉතින් අපටත් රටටත් ලොවටත් වැඩක් වෙනවනම් මෙ අපෙ පුරැද්දෙ දොසක් නෑ නෙද මං අහන්නෙ
January 8th, 2009 at 9:53 pm
මම සිතුවෙ මේ අවුල මට විතරයි තියෙන්නෙ කියල. මමත් දවසකට අඩුම තරමින් පැය 14ක් අන්තර්ජාලය භාවිතා කරනව. දැන් නම් අන්තර්ජාලය නැතුව ඉන්නව කියන්නෙ පිස්සු වගේ. මෙහෙම යද්දි අපිට අමුතුම ලෙඩක් හැදෙනව සිකුරුයි !
January 8th, 2009 at 9:57 pm
Internetholics FTW!!!
January 8th, 2009 at 10:01 pm
@බුධාජීව
අපෝ බයවෙන්න එපා, ලහදිම වැඩිවෙයි
@කෙහෙළිය බණ්ඩාර ගල්ලබ
වරදක් නම් නෑ…. තමග්ගේ ගානට බොනවානම්
@හර්ෂණ
මම උදේ 6.30 මේල් හා FB බලනවා, අයේ 8 සිට පන්දර 1-2 වෙනතුරු ජාලයේ තමයි.
January 8th, 2009 at 10:03 pm
මෙන්න අපේ ලෝකල් ගීක් මල්ලිට (LGM) තදවෙලා, ගීක් බාසාවෙන් අපිට බනිනවා….
January 9th, 2009 at 12:35 am
Yeah, me too.. I dunno y i cant get rid of.. pathetic!
Facebook එකෙන් නං අයින් වෙන්නයි හිතාගෙන ඉන්නෙ. ඒක කිසිම කමකට නෑ. LinkedIn කියල එකක් ළඟදි හමු වුණා. ඒක හොඳයි වගෙ. මොකද ඒකෙ අර ගොංපාට් ඒ කියන්නෙ වැම්පයර්.. ටෙක්සාස් පෝකර් වගේ ගොංපාට් නැති නිසා. සකර් බර්ග්ස් ෆේස්බුක් රියලි සක්ස් කියල කියන්න තමා තියෙන්නෙ.
මම නං මගේ ඇත්ත නමින්මයි අන්තර්ජාලයට එන්නේ… අපි බය නෑ…
ඒ වුණාට ඇත්ත නමින් ආවමත් ටිකක් කරදරයි.. මොකද නම ශාකුන්තලනේ…
“අඩුගනේ තමන් චැට් කරන්නේ කෙලෙක් එකද කොලෙක් එකද කියා වත මේ අය දනේ නෑ.”
මට මතකයි මම එක දවසක් නිකමට Suntel wOw Chat එකට ලොග් වුණා. පළවෙනි දවස. මගේ ඇත්ත නමින්ම chat ID එක හදා ගත්තා, shaakunthala
Hello.. Hi… Hey.. සමග පැණි බේරෙන smmilies 
විනාඩි බාගයක් ගියේ නෑ… private chat popups හතරවටේ ඕපන් වෙන්න පටන්ගත්ත.. මට public chat එක පේන්නත් නෑ. ඒවත් වැහිල ගිහිං
ඉතිං මම උන්ට කිව්වම… මචං මම කෙල්ලෙක් නෙවෙයි කියල.. උන් සොරි කියල ෂේප් වෙනව… හැබැයි නිකමටවත් ආයෙ ‘මචං’ කියල උන්ට කතා කළොත් හැට පැයක් ගියත් උත්තරයක් නං නෑ..
January 9th, 2009 at 7:46 am
ජංගම ඇරෙන්න අනික් රෝග ලක්ෂණ ටිකක් තියෙන්වා. වහාම අත්මිදෙන්න ඕනේ.
January 9th, 2009 at 8:16 am
මටත් ලෙඩේ හැදිල, හොදට තේරෙන්න්නෙ මහරගමින් පිට ඉන්න සති අන්ත වලට තමයි. එදාට ඉතින් ටවුන් වල ඇවිදිනව ඉන්ටෙනෙට් තියෙන තැන් හොය හොය
January 9th, 2009 at 10:16 am
අපි ඉතින් කරන රස්සාවල් වල හැටියට ඉන්ටර්නෙට් නැතුව බැහැ නේ.
ඔපිස් එකේ ඉදන් ගෙදර ගිහින් කරන මුල්ම දේත් ඉතින් කොම්පියුටරේඩ දාන එක තමා..
හැබැයි ඉතින් රියල් ලයිෆ් එක අමතක කරලා ඔන්ලයින් ලයිෆ් එකට බැස්සොත් සොරිම තමා..
January 9th, 2009 at 10:25 am
වෙලාවට මට නම් ඔය තරම් ඇබ්බැහි වීමක් තවම නෑ. හැබැයි මම මේ බ්ලොග් එකට නම් දැන් ඇබ්බැහි වෙලා.
මට මේ බ්ලොග් එක හම්බ වුනේ අහම්බෙන් ඔය ලංකාවෙ broadband ගැන google search එකකදි. මට බ්ලොග් එපා වෙලා හිටියෙ මොකද ගොඩක් ඒවයේ අන්තර්ගතය පුස්. ඒවයේ authors la ගෙ එකම අරමුණ ඔය ads ටිකක් දමා ගැනීම පමණයි. නමුත් මේකේ හැම post එකකම අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියනවා. ආ ඔය කාලිංග කියපු හැංගි හොරා ලෙඩේ නම් මටත් තිබ්බා. මොකද මම ඉස්සර වෙන නමකින් තමයි ඔය comments වගේ ඒවා දාන්නෙ. හැබැයි දැන්නම් ඒ ලෙඩේ හොද කරගෙන
මම දැන් අවුරැදු 6ක පමණ සිට අන්තර්ජාලය භාවිත කලාට මටම කියල සම්බන්දයක් අරන් තාම අවුරැද්දක් නෑ. ඒක නිසා ඔය කියපු ඇබ්බැහි වීම ගැන කල්පනාවෙන් ඉන්න වෙයි වගේ
කිවුවත් වගේ limited connection එකක් තිබීම ගැන එක අතකින් සතුටුයි.
January 10th, 2009 at 3:58 pm
matath net natuwa nam inmnama ba
adsl me mase nawaththnawa mona karanna da
January 10th, 2009 at 11:57 pm
මටත් වෙලා තියෙන්නෙ ඔබ කියලා තියෙන දේවල් ටිකමයි, මම අන්තර්ජාලයට පිවිසෙන්නේ නැති දිනයක් නැති තරම්.
January 13th, 2009 at 10:35 pm
airtel gana mokada kiyanne aiye
January 14th, 2009 at 3:22 pm
මටත් ඔය ලෙඩේ තියනවා, හැබැයි හැදෙන්නේ නිවාඩු දවස් වලට විතරයි. මොකද අනිත් දවස් වලට අධ්‍යාපන කටයුතු තියන නිසා අසනීපෙ පොඩ්ඩක් යටපත් වෙනවා.
January 14th, 2009 at 11:03 pm
බලන් ගියාම අපි හැමොටම තියෙන්නෙ එකම ලෙඩේ නේ, හැබැයි මේවට නම් බෙහෙත් මම බීල එන්නේ.
January 18th, 2009 at 12:26 pm
ඕකත් එක්කම Computer Vision Syndrome එක එනවා.
January 19th, 2009 at 10:08 pm
මටත් හැදිලා ෙගාඩක් කල්…
නමුත් සිංහල ටයිපින් ෙව්ගය අඩු බව ව ෙග් අඩුපාඩු තියනව!
February 22nd, 2009 at 8:51 pm
මං හිතුවේ මට විතරයි මේ ලෙඩේ කියලා..මට හරිම සතුටුයි , තවත් ලෙඩ්ඩු ගොඩාක් අදුන ගන්න ලැබීම ගැන.. හික්..හික්..
March 12th, 2009 at 8:59 pm
im same too..
but my GF dont like me going internet.
I fought hard to make up her mind,but didnt worked.
Dan mama me horata internet enne..
mama echcharatama abbahi wela..
May 4th, 2009 at 9:40 am
මට තියෙන්නෙත් එ ලෙඩෙම තමයි. පරිගනකය නැත්නම් ජංගම දුරකතනය,ජංගම දුරකතනය නැත්නම් පරිගණකය
June 11th, 2009 at 10:56 pm
මටත් ඕකම තමයි වෙලා තියෙන්නෙ. කෙල්ලො කීදෙනෙක්නම් මාව දාල ගියාද ඔය නිසා. ඒත් ඉන්ටෙර්නෙට් එකෙන් අයින් වෙන්න හිතෙන්නෙ නෑනෙ…
June 11th, 2009 at 11:25 pm
@සසද
අන්තර්ජාලය ඉතින් කෙල්ලන්ට වඩා හොදයි තමයි
July 9th, 2009 at 11:33 am
මමත් දැන් ටික ටික ඇබ්බැහි වෙමින් පවතින්නෙ. ලොකුම වදේ අපෙ අම්මගෙන්, පැය ගානක් ඕක ඉස්සරහ වාඩි වෙලා ඉඳලා උඹ එන්න එන්න මහත් වෙනවා, ඇස් දෙකත් සවුත්තු කරගන්නවා කියලා.
ඇස් දෙකේ අවුල විසඳගන්න නම් LCD එකක් ගත්තා.. ඒත් ඉතිං මහත් වෙන එක විසඳගන්න මොනා කොරන්නද? ;)
කැම්පස් එකේ වැඩ නිසයි SLT වල 1GB limit එකයි හින්දා තවම අන්තෙටම නම් ඇබ්බැහි වෙලා නෑ.. තාම මෙහෙට 3G ත් වැඩ නැති නිසා SLT unlimited එක නොගන්න තාක්කල් ටිකක් විතර ශේප් වෙලා ඉන්න පුළුවන් වෙයි..
November 14th, 2009 at 8:37 pm
මම අද ගෙදරට මොබිටෙල් M3 Connection එකක් ගත්තා. ඔෆිස් එකේදි මට බ්ලොග්ස් කියවන්න වගේ දේවල්වලට වෙලවක් නැති එකයි මේක ගන්න ප්‍රධාන හේතුව. ඉස්සෙල්ලාම කියවන්න ගත්තෙ සින්හල IT වලට සම්බන්ධ බ්ලොග්ස්. ගෙදරට ඉන්ටනෙට් අරගත්ත දවසෙම මෙම ලිපිය කියවන්න ලැබීම දයිවෝපගත සිදුවීමක් වගේ
.
මමත් දැනට අවුරුදු 8ක 9 ක ඉදන් වගේ ඉන්ටනෙට් එකේ ඉන්නෙ මේ නමින්. මගේ ඇත්ත විස්තර දන්නේ 10 කටත් වඩා අඩු පිරිසක්.
November 14th, 2009 at 10:16 pm
@Kolama
ආ… හික්… මම දන්න කීප දෙනෙක් ඉනවා ඔයා වගේ..