Bye Bye Firefox !
මම දැන් දවස් කීපයක ඉදන් මේ Firefox ට සමු දෙන්න උනා, මේකට හේතු නම් කීපයක් තියනවා. ඉස්සර මගේ primary web browser එක උනේ Firefox3 දෙවනනි එක Internet Explore 8, Chrome වල Symantec Endpoint Security එකක්ක ගැටලුවක් තියනවා (මෙතනින් ඒ පොස්ට් එක බලන්න), ඒක නිසා පොඩක් Chrome බාවිතා නොකර හිටියේ. මොකද මම office එකේ වැඩ කරන්නේ Windows XP SP3 හා Symantec Endpoint Security එක්ක.
නමුත් මේ ටික දවසක ඉදන් මට Firefox වල ගැටලු කීපයක් පේන්න ගත්තා, ඒක නිසා හිතුනා Google Chrome බාවිතා කරලා බලන්න, දැනට මම මගේ Day to Day වැඩ කරන්නේ Windows Vista මත මොකද මගේ Laptop එක දාවන වන්නේ විස්ටා, Antivirus එක Kaspersky, නොමිලේ Antivirus එකක් ඕනේ නම් avast! බලන්න, මේක ගොඩක් ඔය AVG වඩා හොදයි.
Chrome ගැන කිව්වොත් ඒක සෑදිලා තියෙන්නේ WebKit කියන HTML එන්ජින් එක යොදගෙන, මේක ඇත්තටම Application Frame work එකක්. මෙක Acid2 test එකද සාර්තක පෙන්වනවා.
Google Chrome කියනේ Chromium කියන OpenSource කියන එක යොදගෙන හදපු එකක්.
දැනට මම, මගේ දෙවන Browser එක ලෙස යොදාගනේ Internet Explore 8 (Beta 2) මෙටද Acid2 test එක සාර්තකව නිම කරනවා.
ප්‍රදාන ගැටලු කීපයක් උනේ, Firefox ට සමු දෙන්න,
එකක් තමයි, එක Tab එකක් ලොඩ් වෙනේ නැති වෙබ් පිටුවක් තියනවනම් අනෙත් නව ටැබ්ද පලමු දැබ් එක responsive වෙන තුරු බලා සිටීම්.
දෙවන හේතුව, Java හා Flash දවනය වන tab තියන විට අනෙත් වැබ් ද වේගය අඩුවීම හෝ රෙස්පොන් (response) නැතිව යාම, එක ටැබ් එකක් crash උන්ත් මුලු Browser එකම crash වීම.
තෙවන හේතුව, RAM බාවිතය, Tab වැඩි ගනක් ඇර වඩ කල පසු, එම ටැබ් වැසුවද එම RAM ප්‍රමානයම බාවිතා වීම, මේක තව වැඩි වෙනවා, Java, Flash දාවනය වෙනවානම්.
හතරවන හේතුව, AJAX, වැනි වෙබ් අඩවි රෙන්ඩරින් (rendering) හා ලොඩ් වීමට ගතවන කාලය IE හා Chrome වඩා වැඩි වීම. මෙය දැක ගන්න පුලුවන් facebook ටැබ් වැඩි ගනක දානවනය කරනකොට.
තව පොඩි පොඩි දේවල් තියනවා, ගොඩක් අය කියයි, chrome වලට plugin නෑ කියලා, ඒක හරි, මම කිසිම ප්ලගින් එකක් Firefox එක යොදා ගන්නේ නෑ, එකම එක noscripts කියන එක පමණයි.
ඉහත මම කියපු ගැටලු කිසිදෙයක් මම chrome වල දැක්කේ නෑ, දනට සතියක ඉදන් chrome මගේ main browser එක හැටියට බාවිතා කරනචා, කිසිම ගැටලුවක් නෑ. Firefox වගේ crash වීම් නම් chrome වල තාම 0
Google chrome වල Java Script සදහා Java VM වනුවට V8 කියන scrip engine එක යොදාගන්නවා, මේක ගොඩක් වේගවත් කියලා තමයි කියන්නේ. (Java Scrip speed test ගැන මෙතනින් බලන්න)
Chrome වලට Firefox වල හා IE වල bookmark, Browsing history සාර්තකව ගන්න හැකි උනා.








January 3rd, 2009 at 9:15 pm
මමත් වැඩිපුරම භාවිතා කරන්නෙ Google Chrome තමා. FF නම් මෙමරි කනව. අනික Javascript Run වීම නම් අවුල්. හැබැයි සිංහල Input වල නම් තවම ගැටළු තියෙනව.
January 3rd, 2009 at 9:18 pm
ආ… ඔව්, සිංහල නම් Grap keyboard එක වැඩ නෑ, නමුත් Windows Default එන විජේසේකර යතුරු පුවරුවනම් හොදට වැඩ.
January 3rd, 2009 at 11:15 pm
නෑ නෑ කාලිංග මහත්තයා ඒක හොඳටම වැඩ කරන්නේ නෑ. Sinhala Kit එක මගින්(Windows Default kit එක සමග එන යතුරු වැඩටහන) අක්ෂර නැවතසකස් කිරීමේදී ගැටළුවක් තියනවා. gmail එකේ letter එකක් compose කරන තැනකට ගැහින් කොම්බු එහෙම තියෙන වචනයක් ටයිප් කරල බලන්න කෝ. අල! ඒත් මේක chrome වල වරදකට වඩා Sinhala Kit එක ලෙයර්ඩ් වින්ඩෝ වල ධාවනය විමේ දුර්වල තාවය නිසා සිදු වන්නක් විය යුතුයි.
January 3rd, 2009 at 11:21 pm
@dasun sameera
ආ… මේක ගහන්නෙත් කොරෝම් වල ඉදලා
(Im on Vista)
හැබැයි අර කියපු කොම්බු කේස් එකනම් තියනවා වගේ…. හැබැයි මට හැගෙන්නේ මේක සිංහල කිට් එකේ හැටලුවක් කියලා…
ලිනක්ස් වල දාල බලලා කියන්නම්
සිංහල වලට වඩා Firefox වල තියන අන්ත් අල ටික ලොකුයි නේ… මොකද ටැබ් 30 විතර ඇරගෙන වැඩ කරනකොට එක ටැබ් එකක් crash උනහම මේ ඔකොම වැහිලා, firefox cresh වෙනවා, මේ ගැටලුව කොරෝම් හා IE8 වල නෑ, IE8beta2 නියමෙට crash tab එක පමනක් recovery වෙනවා.
January 4th, 2009 at 1:15 am
ඇත්ත. Google Chrome ගිනිහිවල වගේ දෙගුණයක් විතරම වේගවත්. browsermips මගින් පරීක්ෂා කර බලන්න. නමුත් මම තවමත් කැමති Firefox. හේතුව ඉතින් add ons තමා. එයින් ScribeFire, Firebug, FirePHP, TabRenamizer
, AdBlockPlus, DownloadHelper හා ShowIP මගේ ප්‍රියතම ඒවා. (Firefox එක්ක TabRenamizer පාවිච්චි කරනවනං ඔය මුලින් දාල තියෙන screenshot එකේ වගේ ටැබ් උඩින් සුදු ඉරි අඳින්න ඕන නැහැ
) අනෙක about:config දැක්කම Firefox අතාරින්න හිතෙන්නෙම නෑ.
antivirus ගැන කියනවනං Kaspersky is for maximum protection and minimum performance; avast is for maximum performance and minimum protection. මම නං avast එකත් අක්‍රිය කරල තියන වෙලාවන් තියෙනව. හැබැයි වයිරස වලින් නම් තවම හානියක් වුණේ නැහැ.
අන්තිමට දෙයක් අහන්නම්. Chrome වල සිංහල rendering හරියට වෙනවද? Rendering විතරක් නෙවෙයි Chrome වල සිංහල ටයිප් කිරීමේත් ගැටළු තියෙනවා.
January 4th, 2009 at 1:24 am
@සමීර ශාකුන්තල
සිංහල නම් හොදට පේනවා… ඒත් typing ගැටලු තියනවා….
මම ගොඩක් plugin බාවිතය නැටි නිසා ගැටලුවක් නෑ
January 4th, 2009 at 1:30 am
@කාලිංග,
සමහර වෙලාවට සිංහල අකුරු වෙනුවට කොටු පේනවා. හැම තැනම නෙවෙයි. Text එකෙන් කොටසක්. දැන් beta නෙවෙයි නිසා මේක දුර්වලතාවයක් ලෙස දකින්න පුළුවන්.
කොහොම නමුත් Google Chrome හොඳ තේරීමක්.
January 4th, 2009 at 1:37 am
@සමීර ශාකුන්තල
මටනම් එහම ගැටලුවක් නෑ, මට එහෙම පේන වෙබ් පිටුවක් චැට් එකේ දෙවනවද ?
මම බාවිතා කරනේ Windows Vista SP1, Chrome 1.0.154.36
January 4th, 2009 at 8:00 am
OK good bye.
January 4th, 2009 at 9:28 am
@සමීර ශාකුන්තල : about:config උඹට ඉතින් මස් කරන්න තියෙනවනම් වෙන මොකුත් ඕනෙ නෑනෙ.
my one & only browser is FF3 මොකද add-ons දාල යන්න බෑ.
January 4th, 2009 at 12:00 pm
Linux වලට තවම Chrome නැහැනෙ.
මම wine බොන්නත් කැමති නැහැ
January 4th, 2009 at 12:13 pm
@chanaka
වයින් ටිකක් බොන එක හොදයි….
බැරිමනම් වෙල් ෆැන්ටා තමයි
දැනට දන්න තරමින්, Linux/Mac OS සදහා chrome development කරගෙන යනවා…. ටිකක් කල් බලාගෙන ඉන්න වෙයි…
ඒ අය කියනේ Linux/MAC users ලා ගොඩක් අඩුයි කියලා… ඒකයි තාම පරක්කු.
January 4th, 2009 at 3:29 pm
සමීර ශාකුන්තල මහත්තයා. උදාහරනයක් පෙන්නන්න පුළුවන්ද සිංහල වෙනුවට කොටු වැටෙන තැනක්. බොහොමයක් වෙලාවට ඇහැට නොපෙනෙන zero width joiners නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඒහෙම නම් ඒක ක්‍රරොම් වල වරදක් කියලා කියන්න බෑ. ඒත් උදාහරනයක් පෙනුන්වොත් තක්කෙටම හොයා ගත හැකිනේ.
මටනම් තවම රෙන්ඩරින් ගැටළුවන් අවේ නැත.
January 4th, 2009 at 5:19 pm
@dasun
check the bottom part
http://shaakunthala.blogspot.com/2008/12/blog-post_30.html
January 4th, 2009 at 7:35 pm
for linux
http://code.google.com/p/chromium/wiki/LinuxBuildInstructions
January 4th, 2009 at 10:50 pm
http://lakbima.lk/
මේ වගේ sites Chrome වල බලන්න බැහැ.
January 4th, 2009 at 10:54 pm
@දිමුතු
ඒ සයිට් එක IE ඇරෙන්න වෙන එකක වැඩ කරන්නේ නෑ, ඒ සයිට් එක යොදාගන්නේ true type font එම්බෙඩ් කරන විදියක්, මේක දැනට IE සහදා පමණ අවේ නික එකක්.
January 4th, 2009 at 11:46 pm
මගේ අනුමානය නිවැරදියි. දුන් සැබැඳියේ අනවශ්‍ය zero width joiner එකක් තියෙනවා. “දූවිලි බැඳෙන්නෙ” කියන තැන බැඳෙන්නේ යන වචනයට කලින් zwj එකක් ඇත(“දූවිලි බැඳෙන්නෙ”). එය නොමැතිව ලියුවහොත් පෙනිය යුතුයි.
January 5th, 2009 at 10:47 am
අනේ මට Firefox නැතුව බැරියෝ!
ඊයෙ මම cracks and serials බාගන්න සයිට් එකකට porn sites වලින් දාපු වෙළඳ දැන්වීම් දෙකක් AdBlockPlus පාවිච්චි කරල block කළා. නැත්තං ආත්මෙත් එක්ක ඉවරයි
තවත් කියනවනං TabRenamizer. ඒකත් නැතුවම බෑ වගෙ
කාලිංග මහත්තයෝ,
ටිකක් උඩට scroll කරල වම් අත පැත්ත බලන්න.
“මම භාවිතා කරන්නේ සිංහල ෆයර්ෆොක්ස්. ඔබ?”
බිපෙසි
January 5th, 2009 at 10:52 am
ක්‍රෝම් ආපු කාලෙ ලෙඩ ගොඩක් තිබ්බ. යූ ටියුබ් (youtube.com) එහෙම හරියට වැඩ කරේ නෑ. නමුත් දැන්නම් එළ කිරි වගේ වැඩ.
මට FOXMARKS කියන බුක්මාර්ක් සින්ක්‍රොනයිසර් (Bookmark Synchronizer) එක ක්‍රෝම් එකට දාල දෙනවනම්, ක්‍රෝම් ඇරෙන්න වෙන කිසිම Brower එකක් පාවිච්චි කරන්නෙ නෑ.
January 5th, 2009 at 12:40 pm
@සමීර ශාකුන්තල
හික්… ඒක මතක නැති උනා !!!
ඒක දාල තියෙන්නේ අපේ ඩනිෂ්කට පොඩි සපෝට් එකට
සිංහල Firefox promote කරන්න… ඒක ඉතින් යාලු ෆිට් එකනේ…
January 5th, 2009 at 7:25 pm
I wouldn’t let go of FF unless someone come up with Rikaichan for Chrome! LOL…
January 5th, 2009 at 9:22 pm
@Sachintha
haha… thats what happen when you don’t study your Kanji !!!!
January 14th, 2009 at 1:54 pm
@All
සිංහල ඇතුලත් කිරීමේ ගැටලුව 2.0.156.1 Development release එකේදී විසදලා ඇත. අද සිට ඒක බාවිතා කරන්නේ.
January 14th, 2009 at 6:41 pm
Switch to Chrome(Empower Google Chrome with Firefox addon)
http://blogote.com/2008/featured-article/google-chrome-with-firefox-addon.html
Kalinga please don’t count this as spam. This will help to your Google Chrome Promotion Campaign.
June 3rd, 2009 at 11:55 pm
මේ පෝසට් එක දැනුයි දැක්කේ. මමත් Chrome/Firefox ගැන article එකක් දැම්ම. ඒකෙ කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මගෙ Vista 64bit SP1 වල Chrome අවුල්. අවුල් කියන්නෙ Chrome හොදට වැඩ. ඒත් Chrome start කරපු ගමන් මුලු explorer එකම stuck වෙනවා. කොහෙවත් click වෙන්නෑ Chrome ඇර. Chrome වහපු ගමන් ඔක්කොම ආපහු හොදට වැඩ. google search වලිනුත් වැඩක් වුනේ නෑ.
June 4th, 2009 at 9:09 am
@Ravin
දැනට දන්න පරිදි මේක 64bit වලට තියන ගැටලුවක්, ඒ අය කියනේ apple webkit එකේ තියන ගැටලුවක් නිසා, ඒක හදනතුරු යම් යම් ගැටලු 64bit වල ඇතිවෙන්න පුලුවන් කියලා, හරියටම කියන්න දන්නේ නෑ. මොකද මාගාව Vista 64bit එකක් නෑ test කරලා බලන්න.