මෙහමයි වේගයෙන් කොපි කරනේ!
මම මේ කියන්න යන්නේ ඔය ඉස්කෝලේ යනකාලේ උත්තර පත්තර කොපිරීම ගැනනම් නොවෙයි.
අපිනම් හැබැයි ඕවා කලේ නෑ
! මට මේක ගැන ලියන්න හිතුනේ මම මේ ෆයිල් වගයක් ඊයේ කොපි කරා 130GB විතර, නිකන් කලානම් කොපමණ කාලයක් යයිද කියලා සිතුනා.
මේකට මට හොද software එකක හම්බ උනා, එකේ නම Fastcopy, මේක යොදාගන HDD to HDD, USB, DVD වගේ දේවල් වින්ඩොස් වල normal speed එකකට වඩා වෙගයෙන් කොපි කරන්න පුලුවන්, මේක අනික Open Source එකක්
මේකේ copy පමණක් නොවෙයි, Move, Delete, Sync වගේ දෑද කරන්න පුලුවන්. මේක හැබැයි ජපන් කෙනෙකු විසින් (Mr. SHIROUZU Hiroaki) හදපු එකක්, ඉතින් document නම් ගොඩක් ජපන්
හැබැයි, English වලිනුත් ගොඩක් දේවල් තියනව ඔහුගේ වෙබ් අඩවියේ.
මේතියෙන්නේ එහි මුහුණත.
මේ තියෙන්නේ file එකක් මත right click කල පසුව normal copy අමතරව FastCopy කියාද පෙන්වයි.
මෙන්න FastCopy network share එකක් හරහා කොපි කරන ආකාරය, මෙහිදී මම buffer එක 32MB සිට, 250MB දක්වා වැඩි කරා, වේගය වැඩි කිරීම හදහා, හැබැයි මතක තියාගන්න මේලබාදෙන Memory ප්‍රමාණය ඔබගේ පරිගනකයේ මතකයෙන් වෙන්වන බව.








December 8th, 2008 at 12:43 pm
I can think of only one thing you have copied… 130GB? Hmmm there is only one thing…
Thanks btw…
December 8th, 2008 at 12:48 pm
@Sachintha
software was give my our loving TUS
hehe when he was in SL
December 8th, 2008 at 1:09 pm
TUS?
December 8th, 2008 at 1:45 pm
@Sachintha
Tsurukubo-san
December 8th, 2008 at 1:53 pm
あ、分かったよう!
December 8th, 2008 at 2:20 pm
@Kalinga
Is there is way to compare whether the copied stuff is copied accurately or not?
December 8th, 2008 at 2:23 pm
@Sarath Gunatunga
ah can do, click the “Verify” tick on the main FastCopy window.
December 8th, 2008 at 6:13 pm
130 GB cpoy කරන්න කොච්චර වෙලා ගියාද ?
December 8th, 2008 at 6:17 pm
@chanaka
මතක විදියට පැය 1 1/2 වගේ ගියා, USB හරහා.
USB -> PC -> Network (100mbps) -> NAS Server
December 8th, 2008 at 9:22 pm
කාලිංග,
මෙතනට අදාල නොවුනත් මට මේක අහන්නේ…. බැරිද අපට internet surfing speed වැඩි කර ගන්න පොඩි ගැජට් එකක් නිර්මානය කරන්න Download Manager හි භාවිතා වන ආකාරයේ තාක්ෂණයක් යොදා ගෙන?
බුද්ධිමය දේපල මගේ, පේටන්ට් ඔයා ගන්න.. හි..හි..
December 8th, 2008 at 9:27 pm
@Thushar
මේක කරන්නනම්, විදි හැටියට Firefox හි, server එකකට යන ලින්ක් වැඩි කරන්න පුලුවන්, අනික ඔය ඩයලොග් එහම දෙනවා ISP to Cline Compression system, ඒ වගේ ඒවා යොඅද ගන්න පුලුවන්, සාරතක බවනම් ඉතින් ගොඩක් කියන්න අමාරුයි.
මොකද ඔය download accelerator වල කරන්නේ එක ෆයිල් එක කොටස් කීපයටක එක වර download කරන එක තමයි.
December 8th, 2008 at 11:02 pm
BurstCopy හා TeraCopy ගැන අදහස මොකක්ද?
December 9th, 2008 at 12:26 am
@සමීර ශාකුන්තල
BurstCopy නම් මුදල් දෙන්න ඕනේ නේ… ඒක නිසා ඉතින් මේක හොදයි වගේ
TeraCopy නම් දන්නේ නෑ, ටිකක් හොයලා බලන්න ඕනේ, නිකන් දෙන ඒවා වල ගොඩක් adware වගේ දෑ තියන නිසා මම ටිකක් ඕවා දාන්න බයයි
December 9th, 2008 at 12:32 am
මම දැනට පාවිච්චි කරන්නේ Teracopy. මේකෙ adware නම් නෑ. නමුත් bugs කීපයක් නම් තියෙනවා.
December 9th, 2008 at 12:37 am
@සමීර ශාකුන්තල
මමත් ඕක ගැන කියවන ගමන් හිටියේ, ඔව් adware/spyware නම් නෑ වගේ තමයි, වැඩිය මොකුත් කියන්නම් බෑ, ඔයගේ අදහස් කිවොත් හොදයි, මොකද ඔයා මේක බාවිතාකරලා තියන නිසා.
දැනට මම FastCopy නම් WinXP SP3 හා Vista SP1 වල බාවිතා කරනවා, මේ වෙනකන්නම් කිසිම වරදක් නෑ, ඉදිරියේදී ආවොත් කියන්නම්.
Teracopy ගැන ඔයාගේ experience කියන්න පුලුවන්නම් අනිත් අයට උපකාරයක් වෙන්න පුලුවන්.
December 9th, 2008 at 9:49 am
TeraCopy ගැන අදහස මොකද?
December 9th, 2008 at 2:07 pm
සෑහෙන්න Speed නේ. . . මට ගිය සතියෙ 120GB විතර copy කරන්න පැය 3ක් විතර ගියා. (මේක ගැන දැනගෙන හිටිය නම් එදා
. . )මම නම් copy කළේ ubuntu වලින්. Vista වල නම් file copy වෙන එක ගැන කථා කරල වැඩක් නෑ. මේක මමත් දාල බලන්න ඕන
December 9th, 2008 at 2:24 pm
@චතුර වික්‍රමරත්න
වේගය වැඩි වෙනවා FastCopy වල buffer size එක තරම්ක් ලොකු කරහම.
December 9th, 2008 at 2:44 pm
@නාගායා
TeraCopy ගැන නම් මම හරියට දන්නේ නෑ, මොකද මම බාවිතා කරල නැති නිසා, අපේ සමීර ශාකුන්තල නම් බාවිතා කරනවාලු, ඒයාගෙන් තමයි පොඩ්ඩක් අහන්න වෙන්නේ.
December 9th, 2008 at 3:02 pm
Teracopy වල buffer size එක 64 kB සිට 20 MB දක්වා වෙනවා. පිටපත් වෙන අතරේ Buffer Size එක වෙනස් කරන්න පුළුවන් වුණත්, RAM එක සීමාසහිත නම් වැඩි buffer sizes වලදී පිටපත් වීමේ වේගය සීමාසහිත වෙනවා. ඒ වෙලාවට අඩු buffer size එකක් පාවිච්චියෙන් හොඳ වේගයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Teracopy මගින්ම පිටපත් වීම ආරම්භයේදී උචිත buffer size එක තෝරාගනු ලබනවා.
Teracopy වල Windows Explorer Shell Integration පහසුකමද සලසා තිබෙනවා. එය කැමති පරිදි සක්‍රිය හෝ අක්‍රිය කර තැබිය හැකියි.
December 9th, 2008 at 6:20 pm
I use “burst copy” to speed up file transfers. And used “tera copy” some time ago. i never tried fastcopy
December 9th, 2008 at 9:24 pm
@ කාලිංග
FastCopy නම් දැම්මා. . . memory buffer එක ෙකාච්චරක් විතර දුන්ෙනාත් ද ෙහාඳ? මම 250MB දුන්නා. එච්චර speed එෙක් වැඩිවීමක් නම් දැක්ෙක නෑ. මගෙ RAM නම් 3GB තිෙයනවා. ෙම් ගාන ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?
December 9th, 2008 at 9:28 pm
@චතුර වික්‍රමරත්න
කොහෙ සිට කොහෙටද කරන්නේ ?
එකම HDD එකනම් ඒකට වෙනම Option එකක් තියනවා, USB, Network වගේ නම් USB/Network speed මත ඩිපෙන්ඩ් වෙනවා. අනික මේක 10-20% වගේ වේගය වැඩි වීමක් තමයි වෙන්නේ.
128MB වගේ buffer එකක් හොදටම ඇති.
පොඩක් මේ අනිත් අය කියනවා වගේ “tera copy” බාවිතා කරලත් බලන්න, මතනම් තාම හරි වෙලාවක් ලැබුනේ නෑ.
December 11th, 2008 at 11:13 am
ඔන්න මමත් සිංභල වලට මාරැ වුනෟ
December 11th, 2008 at 4:51 pm
Fast Copy වලින් හානි වූ සීඩී වල හානි නොවූ ගොනු ටික විතරක් කොපි කරගන්න පුළුවන්. මගෙ ළඟ තිබුණු කොපි කරන්න බැරිව තිබුණු පිංතූර සීඩී එකක් මම මේ හරහා කොපි කරගත්තා. ගොණු 2000කින් විතර 96ක් ඇර අනිත් සේරම කොපි කරගත්තා.
December 11th, 2008 at 7:57 pm
මේක open source software එකක් නිසා ගොඩාක් අගය කරනවා.
December 11th, 2008 at 9:40 pm
@PDF Express
ඔව්, ඒවගේ හොද දේවල් ගොඩක් තියනවා.
@Chanux
ඔව්, මාත් කැමති ඒක තමයි, මොක්ද closed source Free දෙන මේවගේ දේවල් ඇතුලත මොනවා තියනවාද කියල පොඩක් බයයි.
December 15th, 2008 at 10:15 am
@රැන්ෂාන්
ගොඩක් හොදයි, ඔයාගේ ඊමේල් එක හරි, ඔයා දාන URL හරි, black list වෙලා තියෙන්නේ, ඔයාගේ හැම comment එකක්ම ස්පෑම් වෙනවා මම දැකලා තියේනවා, මේක දැක්කෙත් අහම්බෙන්.
December 26th, 2008 at 10:37 am
කොහෙන්ද මේක ගන්නේ
December 26th, 2008 at 4:59 pm
@chamila101
http://www.ipmsg.org/tools/fastcopy.html.en
January 2nd, 2009 at 10:35 pm
මචො එල සොෆ්ට් එකක් තියෙනවා ටෙරා කොපි කියලා..එක හොදයි
February 13th, 2009 at 12:28 am
Fastcopy is useless when compare to TeraCopy Pro find out more http://www.codesector.com/teracopy.php
May 22nd, 2010 at 5:38 pm
ටෙරා කොපි දෑනට පිටපත් 2 ක් තියනවා. දෑනට තියන අලුත්ම එක 2.00. මම පාවිච්චිකරන්නෙ 2.10. ටෙරාකොපි වල 1.00 ට වඩා 2.00 හොදයි. බග්ස් ගොඩක් හදලා. වේගයත් තරමක් හොදයි.