මෙහමයි වේගයෙන් කොපි කරනේ!

Home / Software / මෙහමයි වේගයෙන් කොපි කරනේ!

මම මේ කියන්න යන්නේ ඔය ඉස්කෝලේ යනකාලේ උත්තර පත්තර කොපිරීම ගැනනම් නොවෙයි. 😀 අපිනම් හැබැයි ඕවා කලේ නෑ 😛 ! මට මේක ගැන ලියන්න හිතුනේ මම මේ ෆයිල් වගයක් ඊයේ කොපි කරා 130GB විතර, නිකන් කලානම් කොපමණ කාලයක් යයිද කියලා සිතුනා.

මේකට මට හොද software එකක හම්බ උනා, එකේ නම Fastcopy, මේක යොදාගන HDD to HDD, USB, DVD වගේ දේවල් වින්ඩොස් වල normal speed එකකට වඩා වෙගයෙන් කොපි කරන්න පුලුවන්, මේක අනික Open Source එකක් 😀

මේකේ copy පමණක් නොවෙයි, Move, Delete, Sync වගේ දෑද කරන්න පුලුවන්. මේක හැබැයි ජපන් කෙනෙකු විසින් (Mr. SHIROUZU Hiroaki) හදපු එකක්, ඉතින් document නම් ගොඩක් ජපන් 😀 හැබැයි, English වලිනුත් ගොඩක් දේවල් තියනව ඔහුගේ වෙබ් අඩවියේ.

මේතියෙන්නේ එහි මුහුණත.

මේ තියෙන්නේ file එකක් මත right click කල පසුව normal copy අමතරව FastCopy කියාද පෙන්වයි.

මෙන්න FastCopy network share එකක් හරහා කොපි කරන ආකාරය, මෙහිදී මම buffer එක 32MB සිට, 250MB දක්වා වැඩි කරා, වේගය වැඩි කිරීම හදහා, හැබැයි මතක තියාගන්න මේලබාදෙන Memory ප්‍රමාණය ඔබගේ පරිගනකයේ මතකයෙන් වෙන්වන බව.

34 Comments

  • කාලිංග,
    මෙතනට අදාල නොවුනත් මට මේක අහන්නේ…. බැරිද අපට internet surfing speed වැඩි කර ගන්න පොඩි ගැජට් එකක් නිර්මානය කරන්න Download Manager හි භාවිතා වන ආකාරයේ තාක්ෂණයක් යොදා ගෙන?

    බුද්ධිමය දේපල මගේ, පේටන්ට් ඔයා ගන්න.. හි..හි..

  • @Thushar

    මේක කරන්නනම්, විදි හැටියට Firefox හි, server එකකට යන ලින්ක් වැඩි කරන්න පුලුවන්, අනික ඔය ඩයලොග් එහම දෙනවා ISP to Cline Compression system, ඒ වගේ ඒවා යොඅද ගන්න පුලුවන්, සාරතක බවනම් ඉතින් ගොඩක් කියන්න අමාරුයි.
    මොකද ඔය download accelerator වල කරන්නේ එක ෆයිල් එක කොටස් කීපයටක එක වර download කරන එක තමයි.

  • @සමීර ශාකුන්තල

    BurstCopy නම් මුදල් දෙන්න ඕනේ නේ… ඒක නිසා ඉතින් මේක හොදයි වගේ 😀

    TeraCopy නම් දන්නේ නෑ, ටිකක් හොයලා බලන්න ඕනේ, නිකන් දෙන ඒවා වල ගොඩක් adware වගේ දෑ තියන නිසා මම ටිකක් ඕවා දාන්න බයයි 😀

  • @සමීර ශාකුන්තල

    මමත් ඕක ගැන කියවන ගමන් හිටියේ, ඔව් adware/spyware නම් නෑ වගේ තමයි, වැඩිය මොකුත් කියන්නම් බෑ, ඔයගේ අදහස් කිවොත් හොදයි, මොකද ඔයා මේක බාවිතාකරලා තියන නිසා.

    දැනට මම FastCopy නම් WinXP SP3 හා Vista SP1 වල බාවිතා කරනවා, මේ වෙනකන්නම් කිසිම වරදක් නෑ, ඉදිරියේදී ආවොත් කියන්නම්.

    Teracopy ගැන ඔයාගේ experience කියන්න පුලුවන්නම් අනිත් අයට උපකාරයක් වෙන්න පුලුවන්.

  • චතුර වික්‍රමරත්න

    සෑහෙන්න Speed නේ. . . මට ගිය සතියෙ 120GB විතර copy කරන්න පැය 3ක් විතර ගියා. (මේක ගැන දැනගෙන හිටිය නම් එදා 🙁 . . )මම නම් copy කළේ ubuntu වලින්. Vista වල නම් file copy වෙන එක ගැන කථා කරල වැඩක් නෑ. මේක මමත් දාල බලන්න ඕන 😀

  • @නාගායා

    TeraCopy ගැන නම් මම හරියට දන්නේ නෑ, මොකද මම බාවිතා කරල නැති නිසා, අපේ සමීර ශාකුන්තල නම් බාවිතා කරනවාලු, ඒයාගෙන් තමයි පොඩ්ඩක් අහන්න වෙන්නේ.

  • Teracopy වල buffer size එක 64 kB සිට 20 MB දක්වා වෙනවා. පිටපත් වෙන අතරේ Buffer Size එක වෙනස් කරන්න පුළුවන් වුණත්, RAM එක සීමාසහිත නම් වැඩි buffer sizes වලදී පිටපත් වීමේ වේගය සීමාසහිත වෙනවා. ඒ වෙලාවට අඩු buffer size එකක් පාවිච්චියෙන් හොඳ වේගයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Teracopy මගින්ම පිටපත් වීම ආරම්භයේදී උචිත buffer size එක තෝරාගනු ලබනවා.
    Teracopy වල Windows Explorer Shell Integration පහසුකමද සලසා තිබෙනවා. එය කැමති පරිදි සක්‍රිය හෝ අක්‍රිය කර තැබිය හැකියි.

  • චතුර වික්‍රමරත්න

    @ කාලිංග

    FastCopy නම් දැම්මා. . . memory buffer එක ෙකාච්චරක් විතර දුන්ෙනාත් ද ෙහාඳ? මම 250MB දුන්නා. එච්චර speed එෙක් වැඩිවීමක් නම් දැක්ෙක නෑ. මගෙ RAM නම් 3GB තිෙයනවා. ෙම් ගාන ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?

  • @චතුර වික්‍රමරත්න

    කොහෙ සිට කොහෙටද කරන්නේ ?
    එකම HDD එකනම් ඒකට වෙනම Option එකක් තියනවා, USB, Network වගේ නම් USB/Network speed මත ඩිපෙන්ඩ් වෙනවා. අනික මේක 10-20% වගේ වේගය වැඩි වීමක් තමයි වෙන්නේ.

    128MB වගේ buffer එකක් හොදටම ඇති.

    පොඩක් මේ අනිත් අය කියනවා වගේ “tera copy” බාවිතා කරලත් බලන්න, මතනම් තාම හරි වෙලාවක් ලැබුනේ නෑ.

  • PDF Express

    Fast Copy වලින් හානි වූ සීඩී වල හානි නොවූ ගොනු ටික විතරක් කොපි කරගන්න පුළුවන්. මගෙ ළඟ තිබුණු කොපි කරන්න බැරිව තිබුණු පිංතූර සීඩී එකක් මම මේ හරහා කොපි කරගත්තා. ගොණු 2000කින් විතර 96ක් ඇර අනිත් සේරම කොපි කරගත්තා.

  • @PDF Express

    ඔව්, ඒවගේ හොද දේවල් ගොඩක් තියනවා.

    @Chanux

    ඔව්, මාත් කැමති ඒක තමයි, මොක්ද closed source Free දෙන මේවගේ දේවල් ඇතුලත මොනවා තියනවාද කියල පොඩක් බයයි. 😀

  • @රැන්ෂාන්

    ගොඩක් හොදයි, ඔයාගේ ඊමේල් එක හරි, ඔයා දාන URL හරි, black list වෙලා තියෙන්නේ, ඔයාගේ හැම comment එකක්ම ස්පෑම් වෙනවා මම දැකලා තියේනවා, මේක දැක්කෙත් අහම්බෙන්.

  • Namila

    මචො එල සොෆ්ට් එකක් තියෙනවා ටෙරා කොපි කියලා..එක හොදයි

  • indika

    ටෙරා කොපි දෑනට පිටපත් 2 ක් තියනවා. දෑනට තියන අලුත්ම එක 2.00. මම පාවිච්චිකරන්නෙ 2.10. ටෙරාකොපි වල 1.00 ට වඩා 2.00 හොදයි. බග්ස් ගොඩක් හදලා. වේගයත් තරමක් හොදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *