Kalinga goes from High-Definition to No-Definition
ඔන්න ඔය ලැප්ටොප් අපලය වගේ මට තියනවා තව ඔය පොඩි පොඩි අපල…
ඔන්න ඔයින් එකක මේ ලගදි පල දුන්නා, දන්නවානේ මම ඉතින් TV ඇබ්බැහි උන කෙනේක්, අපෝ ඔය ගොන් දේපැයයනම් නොවෙයි,
අඩු ගානේ මගේ TV එකට local TV බලන්න ඇන්ටනාවක වත් සවි කරලා නෑ, මම ඉතින් මේ දේෂීය රූපවාහිනී කාලිකා බැලීම නවතල දැනට වසර 3-4ක් වෙනවා, මේකට හේතුව ඉතින් අපේ මේ නාලිකාවල යන්නේ ඉතින් 80% විතර අනුන්ගෙන් කොපි කරපුවානේ, කොපි කියන්නේ පොටෝ කොපි, ඉතින් මේවා බලනවාට වඩා හොදයිනේ ඔරිජිනල් එකම බලන එක, මට එපාම උනේ මේ සිරස සුපර්ස්ටා වලින් තමයි, අනේ දෙයියනේ හොද දෙයක් බලා කොපි කරලා හැදුවට කමක් නෑ, අර සුපර්ස්ටා නිවේදක කමල් අර Amatrican Idol (සිරස සුපර්ස්ටා මේක තමයි කොපි කරල තියෙනේ) එකේ නිවේදක කරන Ryan Seacrest වගේම කතා කරන්න, හැසිරෙන්න දගලන දැගලිල්ල දැක්කහම මට වමනේ යන්න එනවා, අනේ ඇත්තමයි මුන්න තමන්ගේ කියලා හැකියාවක් නැද්ද අනුන්ගේ දේ කොපි කරනේ, ලංකවේ කලා කාරයෝ ගැන මට දුකයි, අර පන්ඩිත් අමරදේව, අපෙන් වෙන්ව ගිය කේමදාස වගේ මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕනේ.
මේ වල්පල් කියෙව්වාට මොකද උනේ කිව්වේ නෑනේ!, මේ දවස්වල අකුනු එහෙම හවසට ගහනවා, ඒක නිසා පොඩක් අවදානයෙන් තමයි ඉනේ, අනික ඇන්ටනාවක් උසට දාල නෑ, මගේ ඔක්කොම විදුලි උපකරන UPS හරහා තමයි සවිකරලා තියෙනේ අනික විදුලියක් කොටනකොටම මේ UPS එක විදුලි පේනුවෙන් ගලවනවා. මේ මොනවා කරත් වැඩක් නෑ කියල තේරුනේ මේ සිකුරාදා රෑ තමයි, ලොකු විදුලි කෙටීම් කීපයක් සිදු උනා, Trip එකත් off උනා, අපේ අම්මා ටිකක් බය නිසා Trip එක නම් දාන්න දුනේ නෑ, ඒක නිසා විදුලි කෙටීම නතර වෙනනකම් ඉන්න උනේ backup light වලින් තමයි. කොහොමහරි විදිලි කෙටීම නැවතුන පසුව පුරුදු පරිදි UPS එක ඔන් කරා, ඒත් බීස් සදේ එක්ක ආවාට UPS එක power ගනේ නෑ, මොකද කියලා බැලුවට මොකුත් පේන්නේ නෑ, TV එක ඔන් කරන්න හැදුවා Standby මිසක් ඔන් වෙන්නේ නෑ, පසුව සැටලයිට් රිසීවර් එක බැලුවහම දැක්කේ ඒකේ power LED එකවත් ඔන් වෙලා නෑ, හොයල බලනකොට TV, UPS, Starlight Receiver ඔක්කොම පිච්චිලා.
දැන් මේක මට මාර ගැටලුවක්, කොහොමද මේක උනේ කියලා, පොඩක් හොයනකොට දැනුනේ, Satellite TV Dish එකට අකුනු වැදිලා වගේ මේක කිසිම උස තැනක නොවෙයි තිබුනේ. කොහොම හරි, මේක සැටලයිට් රිසීවරය වෙත ඇවිත් Audio/Video කේබලය හරහා ටීවී එකට ගොස්, මගේ UPS එක microprocessor එකක් තියන එකක්, මේව හරිම සෙන්සිරිව් නිසා එකත් දැවී ගිහින්.
ටීවී එක තිබුනේ Acer 32″ LCD එකක් මේක HD 720p, එකක්.
ඉහල රූපෙයේ පේන්නේ Acer TV එක, සිල්ව පාට Sat Recivers දෙකෙක් උඩ තියේන එක තමයි පිව්වුනේ.
මට ඉතින් ඉවසීම නැතිනිසා අපේ තිලිනත් ඇදගෙන ගියා සෙනසුරාදා ටීවී හා DishTV එකක් ගන්න. කොහොම හරි ඉතින් ඔන්න මම ගෙනවා LG 32″ LCD TV එකක්.
ඔය තියෙන්නේ අලුත් එක, බිත්තියට සවි කරන්න පෙර.
පිටුපස ඇති සම්බන්දතා, මීට අමතරව පැත්තෙන් තව AV input එකක්ද තියනවා.
රූප ගැන කිව්වොත්, ඇත්තටම පරන Acer එකට වඩා ගොඩක් හොදයි, මේකේ Contrast ratio 15000:1 ඇති නිසා රූප හරි පැහැදිලි බවක් හා මේකේ “කලු” වර්නය හොදින් ලැබෙනවා, ගොඩක් LCD වල තියන ගැටලුව තමයි හරියට කලු වර්ණය පෙනීමට නොහැකිවීම.
මේක ගන්න කලින් LCD රූපවාහිනී කීපයක බැලුවා, Philips, Sony, Atom, Samsung, නමු මේකේ වර්ණ හා රූප වල පැහැදිලි කම අනිත් හැම එකක්ම අබිබවා තිබුනා.
බිත්තියේ සවිකිරීමෙන් පහුසුව,
මගේ වාසනාවට වගේ මගේ Acer එකේ Wall Mount ටික මේකට 100% ම ගැලපුනා, මේක නිසා පහසුවෙන්ම මෙය කරගන්න පුලුවන් උනා.
ඔන්න ඔහොම තමයි මේගේ මේ සති අන්තය ගෙවිලා ගියේ.












November 23rd, 2008 at 4:03 pm
අලුත් ටීවි එකට සුභපැතුම්!
November 23rd, 2008 at 4:13 pm
අපලේ ගැන වැඩි විස්තර සඳහා උපන් දිනය හා සථානය සමග මගෙන් විමසන්න
November 23rd, 2008 at 4:14 pm
පව් අයියා
දැන්වත් අකුණු ගහද්දී RA6 එකත් ගලවලා තියන්න…මාත් දෙන් ගලවනවා….
November 23rd, 2008 at 4:18 pm
දැන්නම් ඔක්කොම ගලවාලා තමයි තියෙන්නේ, හෙට LNBF එකක් ගෙන්න ඔනේ
දසුන්ට විස්තරය දුන්නා
November 23rd, 2008 at 4:30 pm
දසුන්,
බලන්න කාලිංගට xaurora වක්‍ර වෙලාද කියලා ?
මට හිතෙන්නේ ලැප්ටොප් එකෙන් TV වලට බෝවෙලා වගේ.
ඕක පොඩි බැටරි කැල්ලකට වගේ බෝකරගන්න.
November 23rd, 2008 at 4:34 pm
එල එල.. මේකවත් පරිස්සමින් පාවිච්චි කරනවනම් තමයි හොඳ..
මාත් TV එකක් ඇනවුම් කරලා සති දෙකකටත් වැඩිය තාම නැහැ..
-TW
November 23rd, 2008 at 6:16 pm
Aluth TV eken issellama baluwe Prison Break da?
November 23rd, 2008 at 6:19 pm
@Sachintha
පරන එක කැඩෙන්න කලින් අන්තිමට බැලුවෙත් හිරෙන් පැනීම තමයි.
November 23rd, 2008 at 6:53 pm
ඇයි අර පරණ සිලුමිණ පත්තරේ ගැන කියන්නෙ නැත්ද ?
November 23rd, 2008 at 8:14 pm
ආහ්, අළුත් ටීවි එකට සුභ පැතුම්, මේක වත් බොහෝ කාලයක් භාවිතා කල හැකි වේවා !!!!
November 24th, 2008 at 10:30 am
අළුතින්ම ගත්ත ශීතකරණය උඩින් ගිය නයා, පුටු සෙටිය හරහා අළුත්ම මේසයට ගියා.
(විහිළුවට කිවේ, හිත නරක් කර ගන්න එපා)
November 24th, 2008 at 10:37 am
@නිලන්ත
ඇයි අනේ… DVD Player ඒක උඩින් ගිහින්, xBox එක වටෙට ගිහිනේ ගියේ….
November 24th, 2008 at 11:34 am
අඬන්න ඕන වැඩක් වෙලත් කට්ටිය ජොලියෙ ඉන්නෙ ඇයි? නැව ගිලුනත් බෑන් චූන්ද?
November 24th, 2008 at 11:53 am
අපි එහෙම තමයි, මොකද සියල්ල අනිත්‍යයි කියලා අපි දන්නවානේ
November 24th, 2008 at 1:18 pm
Prison Break
November 24th, 2008 at 7:18 pm
niya mi…
November 24th, 2008 at 10:50 pm
දසුන් පොඩ්ඩක් ඉක්මණට ඕක බලලා කියනවාද මෙයාව ආශ්‍රය කරන අයට ඔය අපලේ යන්නේ නැහැ නේද කියලා…
November 25th, 2008 at 2:19 pm
Kalinga,
From where do you purchase your Satellite equipments / Dish TV connections? Pls post some vendor details…….
Thanks
November 25th, 2008 at 7:22 pm
parade neda macho parana tv eka
anyway aluth tv ekata suba pathum
November 25th, 2008 at 9:36 pm
@susantha
කියල වැඩක් නෑ, අද ගිහින් දුන්නා පරන එක හදන්න, ඒ අය කියනවා ගොඩ දාන්න බැරිවෙයි කියලා.
ස්තුතුයි, සුබ පැතුම් වලට.
@Sunny
don’t have a exact place, but i look around and try to find the things i need. mostly from “Pitakotua” and from few people i know for stuff like DishTV but cant post the names here, you can email me and i can direct you to the right person if you wish.
November 27th, 2008 at 9:00 pm
umabala nai ariinna igena gathtje kohenda?.ban anakonda tath wada lokui ne
November 27th, 2008 at 10:31 pm
@aruna
ඇයි බන් මතක නැද්ද උබයි මායි ගියේ එකම පන්තියටනේ,
ඇනකොන්ඩා පාඩම වෙලාවේ උබ නිදිනේ… ඒකයි උබට මිස් වෙලා තියෙනේ
November 28th, 2008 at 7:38 am
mama nidi athare umba anakonada egg ekak gillane.hora gediya
November 28th, 2008 at 8:44 am
@aruna
හික්..! හික්…! දුක තමයි, සක්විතිගේ පන්තියට වත් අයේ පලයන්, ඌ තමයි එළ කොල්ලා
මොකද මෑන් “මම ඉගැන්වීමට උපන්නේක්” කියලා නේ කියනේ
November 28th, 2008 at 11:05 pm
Kalinga
wow! wow! post after 1 month……! why dont you write more blog notes as past days….?
November 29th, 2008 at 9:58 am
@Thushar
for the last few weeks i was busy with few projects i had, so didn’t had much time to write any thing. hopefully after this mouth i will get some free time. I’m hopping to write a blog post today
December 1st, 2008 at 2:30 pm
I also use a LG 32″ LCD. May I know what is the model of your TV?
December 1st, 2008 at 2:50 pm
@Rishoban
http://www.buyabans.com/prod_details.php?range_id=1&pro_id=604