No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Dialog පාරිබෝගික සේවාවේ බීරී අලි

මම දැනට Dialog බාවිතා කරන්න අරගෙන අවරුදු 3-4 වෙනවා, ඊට අමතරව මට Dialog පෙර ගෙව්ම් සම්බදතා 5ක් තියනවා, ඔය එක සම්බන්ද තාවයක GPRS වැඩ කරන්නේ නෑ, ඉතින් ඕක මට එචර ඕනේ නැතිනිසා මම වැඩිය හොයලා බැලුවේ නෑ.

නමුත සති කීපයකට පෙරෙ ඒම සම්බන්ද තාවය I-mate Jamin එකකට දැම්මා. දාලා GPRS Settings දාලා බැලුවහම GPRS වැඩකරන්නේ නෑ, මගේ අනිත් SIM එකක් දාලා බැලුවා (ඒකත් Dialog තමයි) phone එකට, ඒ SIM එකට GPRS වැඩ, අනික අර SIM එක වෙන phone වලට දැම්මත් GPRS වැඩ කරන්නේ නෑ.

හරිනම් Network එකේ GPRS/EDGE activated කරලා තියනවානම් phone එකේ “G” හෝ “E” පෙන්නනවා, මේක බැලුවා, ඒක පෙන්නනෙත් නෑ.

පසුව 678 වෙත “act gprs” යවලා බැලුවා GPRS activate කරන්න, නමුත් “This service requested is already activated” කියල එනවා, ඉන්පසු 678 call කරල බැලුවා, ඒත් කියනවා activated කියලා.

ඔන්න ඉතින් අකමැත්තෙන් කතා කරා Dialog Customer Service Hoteling 0777-678678 වෙත, ඉතින් මම විස්තරය මේයාට කිව්වා, අමාරුවෙන් පිලි ගැන්නෙව්වා සෙට්න් වල වරදක් නෑ කියල, පසුව කිව්වා මම රී-සෙට් කරන්නම් විනාඩ් 10 කින් phone එක off කරල on කරන්න කියලා. මම කීප විටක් ඇහුවා GPRS ඇක්ටිවේටඩ් ද කියලා, එයා “ඔව්” කියා පිලිතුරු දුන්නා. මමත් කියපු විදියට විනාඩි 10 පසු මේ කියපු විදියට කරා, කිසිම වැඩක් නෑ, අර විදියමයි. ඔන්න ආයේ පාරක් කතා කරා, වෙන කෙනෙක්, එයාටද අයේ සැරයක් අර කියපු විස්තරය හා ඉසෙලා කතා කරපු කෙනේ කරපු/කියපු දේවල් ද මේ යාට කිව්වා. මේයා දැන් කියනවා මෙගේ මේ ලයින් එකේ GPRS ඇක්ටිවේට්ඩ් නෑ, එයාට ඒක කරන්න බෑ, Dialog Customer Service Center එකකට යන්නා කියලා, මම කිව්වා මේක මාර වැඩක් නේ ඔයගොල්ලන්නේ 678 වගේ ඒවා තියෙන්නේ මොකටද කියලා, ඒ පාර කියපි, මේ ලයින් එකට GPRS avtivate කරන්න එයාට Autharazed නෑ කියලා. ඊට පසෙ මම කිව්වා මේක මම ගන්නකොට ඔය ඔක්කොම ඇක්ටිවේට් කරන්න කිව්වා, අනික 678 ගියාම මේක activate කියනවා කියලා. මේයකා අපි කියන එක අහනේ නෑ, පුන පුනා කියනවා Dialog Customer Service Center එකකට යන්නලු, ගිහිල්ලා GPRS වලට Apply කරනලු.

ඔන්න ඉතින් මමයි ගියා සදුදා (ඊයේ) රංග එක්ක Dialog Customer Service Center at World Trade Center, ගිහින් කිව්වා මගේ GPRS activate කරගන්න ඕනේ කියලා, මයා Phone එක අරගෙන කොටන්න ගත්තා සෙටින් දාන්න කියලා, මම පැහදිලි කලා මේකේ සෙටින් වරදක් නෑ, වෙන Dialog SIM වලට වැඩ කරනවා කියලා. අනික ඕකේ GPRS activated නම් “G” හෝ “E” phone එකේ පෙන්නනවා කියලා. ඇහුනේ නෑ වගේ උන්ගේ වැඩ කරනවා, ඔන්නා කතා කර කර හිටපු එකා නැගිටල ගියා, අර පොන් එක පලමුව පෙන්නපු එකා තාමත ඒකේ setting දානවා, මේකා මට කියනව GPRS Activated ලු, මම කිව්වා මම ඔයගොල්ලන්ගේ Customer Service කතා කරා ඒඅය තමයි අපිට එන්න කිව්වේ ඒක ඇක්ටිව් නෑ කියලා. අනේ මෝඩ යකා මම කියන කිසි දෙයක් අහන්නේ නෑ, Windows Mobile පාවිචි කරපු ඕනේ කෙනෙක් දන්නවා ඕකේ පැය ගානක් දාන්න setting එකක් නෑ APN (Access Point Name – Dialog postpaid APN එක www.dialogsl.com) එක පමණයි දෙන්න ඕනේ කියලා. අනික වෙන Dialog SIM එකකට වැඩ කරනවානම් තව මොන settings ද දාන්න ඕනේ ? ඔන්න විනාඩි 15 විතර දගලලා මේයකා phone එක දෙනවා ඔන්න මම settings දැම්මා කියලා, මට හොම්බට එකක් දෙන්න හිතුනා, තිබ්බ සෙටින් අපහු දාල දෙන එකද දැන් මේකට උත්තරය ? ඒත් GPRS වැඩ නෑ. ඔන්න අර කතා කරපු අනිකා ආව ඇවිත් කියපි, තව පැය 4 කින් හරි යයි කියලා. මම ඇහුවා මොකද කලේ කියලා, ආ අපේ back end එකේ issue එකක් අපි නැවත ඇක්ටිවේට් කලා කියලා. මම ඇහුවා ඇයි ඕක Dialog Customer Service එකේ අයට කරන්න බැරිද, අයි මෙහෙම මිනිස්සු රස්තියාදු කරන්නේ කියලා, මේක කියපි, ඇයි ඔයා complaing එකක් ලොග් කරේ නැද්ද කියලා, මම කිව්වා issue එකක් කියන එක අපේ වැඩක් ඒකට complain එකක් ලොග් කරන්න ඕනේ Customer service අය.

මට තේරෙන්නේ නෑ මොකද මේ අයගේ මේ තියන Attitude issue එක කියලා, හරියට අපි බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ. හරි ලොකු කමින් තමයි ඉන්නේ හරියට ලෝකෙට ලොක්කො වගේ, මොඩ යක්කු. මේ ගොන් නාම්බන්ව training කරන ගොන්නු මොක්කුද දන්නේ නෑ. පාරිබෝගිකයාගේ issue එක හරියට අහගන්න බැරි මොකද මුන්ට, හරියට මුන් හැසිරෙන්න පාරිබෝගිකයො කියන්නේ මොඩ රැලක් හැටියට කියලා.

Share

16 Responses to “Dialog පාරිබෝගික සේවාවේ බීරී අලි”

  1. රංගනාත් Says:

    මට හිතෙන හැටියට මේ අයට ලෙඩ දෙකක් තියනවා.

    ලොකුම ලෙඩේ තමයි ‘මම පොර, පාරිහෝගිකයා මෝඩයා’ කියන මානසිකත්වය. ඒ මානසිකත්වයේ ඉඳන්, පාරිහෝගික ප්‍රශ්න වලට ඇහුම්කන් දෙනවා වෙනුවට තමන් දන්න උත්‍තරය කියන, කරන එක තමයි ඒ අය දන්න එකම විසඳුම.

    දෙවැනි එක තමයි තමන්ගේ job description මොකක්ද කියලා දන්නෙ නැති එක. ප්‍රශ්නයක් අරගෙන එන පාරිහෝගිකයන් නිසා තමන්ගේ බඩවියත රැකෙන බව අමතක කරලා, ඒ මිනිස්සුන්ට අලි උණ පෙන්නන මේ අය ‘බීරි අලි’ම තමයි.

    කාලිංගට ලකුණු 10ක් 🙂

  2. janaka Says:

    මෙක සිංහල නිසා ඩයලොග් කට්ටිය කියවන එකක් නැ.

    I had a similar problem some time ago. I was unable to use GPRS with dialog (even if the settings were OK). But it was working perfectly with MOBITEL with mobitel settings.

    I called them several times and they use to sms the settings again and again and telling me that they will reset the system and try to use it in 10 minutes time. It never worked. Then I went to Dialog arcades several time. The solution was standard reenter the stings, reset the connection and phone was given back to me asking to check back in 10 minutes. It never worked. Then they asked me to go to one of their offices in kohuwala (Dhammika building or something). There the guys again failed and I finally gave up. It never worked.

    Several months later, the the GPRS was working fine and I believe ultimately the problem was at their end. Useless fellows!

  3. nagaya Says:

    767 ta sms karanna gataluwa…eka helpline ne..mata nam honda reply hambenawa godak welawata

  4. කාලිංග Says:

    ආ,හරිනේ…. බීරී මිසක් අන්ද නෑ වගේ 😀

  5. ගොඩයා Says:

    @ කාලිංග,

    මටත් ඔය GPRS ප්‍රශ්නය ඔය ආකාරයෙන්ම තියෙනවා. මගේ නමට SIM තුනක් තියෙනවා. එකක GPRS, MMS කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. මම මේ SIM එක settings හරියට තියෙන ඕනැම දුරකථනයකට දැම්මහම කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ කරනවා. දෙවැනි SIM එකේ වැඩ කරන්නේ GPRS විතරයි; MMS වැඩ කරන්නේම නැහැ. මේක දාලා තියෙන දුරකථනයකට වෙන දුරකථනයකින් MMS පණිවුඩයක් යැව්වාම SMS එකක් ලැබෙනවා මෙහෙම: “You have received a multi-media message. We are sorry it cannot be displayed on your hand set. Please contact customer service”.
    මගේ තුන්වැනි SIM එකේ GPRS වත් MMS වත් වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ගියා ඩයලොග් පාරිභෝගික සේවයට. එතැනට ගිහිල්ලා මට වෙච්ච දේ විස්තර කරන්න උවමනා නෑ, මොකද මට වුණේ ඔයාට සිද්ද වෙච්ච දේමයි, අකුරක් නෑර.

    අනේ ඉතින් මමත් ගොනා සේ ගෙදර ආවා පැය 4 කින් සේරම හරි යයි කියලා හිතාගෙන. අනේ, පැය හතර අවුරුදු දෙකක් බවට පත් වුණා මිසක් වෙන කිසිම දෙයක් සිද්ද වුණේ නැහැ!

    තව කාරණයක් තියෙනවා කියන්න: ඔය ඩයලොග් EDGE සේවාව හැම තැනම නැහැ. ඒක තියෙන්නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස සහ විජේරාම ප්‍රදේශවල විතරයි. අනෙක් සෑම පළාතකම GPRS විතරයි තියෙන්නේ. ඒ වුණාට Tigo ජාලයේ නම් ලංකාවේ සෑම තැනකම EDGE තියෙනවා.

    තව කියන්න ඕනෑ, ඩයලොග් 3G තියෙන්නේ එළිමහනේ විතරයි! ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගෙයක් ඇතුළට ගිය හැටියෙම 3G නැහැ. සමහර විට උස ගොඩනැගිල්ලක ඇතුළේ ඇති. කොහොම නමුත් මේ වාගේ ඇස්බැන්දුම් වැඩ අන්තිම කැතයි.

    Dialog can’t deliver what it promises.

  6. රට්කෝ ම්ලාඩිච් Says:

    ගොඩයා කියන කතන්දරේ නම් සම්පූර්ණ ඇත්ත. ඩයලොග් EDGE තියෙන්නෙ කොළඹ නගරයේ සහ ඒ අවට සමහර towers වල පමණයි. ඒ දවස්වල (ඒ කියන්නේ 2002/2003 විතර කාලයේ) මේ ගොල්ලො මහ ලොකුවට කෑගැහුවා EDGE වැනි අළුත්ම තාක්ෂණය තියෙන්නේ මේ ගොල්ලො ගාව විකරයි කියලා. පත්තර පිටු ගණන් පිරෙව්වා full-page දැන්වීම් වලින් ‘ඔන්න දැන් EDGE ආවා’ කියලා. ඒ වුණාට කයිවාරුව විතරයි.

    මම මගේ Dialog සහ Tigo දුරකථන දෙකම අරගෙන ලංකාවේ නොයෙක් තැන්වලට (අනුරාධපුර සිට හම්බන්තොට) ගිහින් තියෙනවා. ගොඩයාගේ කථාව ඇත්ත. ඒ කියන්නේ Tigo ජාලය 100% EDGE. ඩයලොග් කොළඹට EDGE, ගමට කැකිරි.

  7. රට්කෝ ම්ලාඩිච් Says:

    ආ…. ඔන්න මට මතක් වුණා පොඩි දෙයක්.
    අද (සැප්. 8) පත්තරේ දාලා තියෙනවා Dialog හැරෙනවා කියලා 3.75G වලට. මේවා දැකලා පණ පලයන් පෙරේදා කිව්වලු. දැන් හැමෝම තරගයට වගේ 0.5 නැත්නම් 0.25 බැගින් “G-scale” එකේ උඩට නගින බවක් තමයි පාරිභෝගිකයාට පෙන්වන්නේ. මේවා සේරම රැවටිලි. මුන් මේ බොරු කියන එක කවදා නතර කරයිද මන්දා!

  8. Kingsley Says:

    Bravo රට්කෝ ම්ලාඩිච්! I too saw that news item in the paper. Next week Mobitel will announce that they would upgrade to 3.999999G !!!!

    Who is fooling whom?

  9. Rishoban Says:

    I bought an Dialog unlimited mobile broadband on 18th fo this month (Sep. ’08), I live in badulla, and I get a speed of only 100Kbps even the my signal strength is 99% in HSDPA coverage. I complained dialog on this, but after 2 days they disconnected my connection. when i called them, they said my bill amount is 14 950/=. How a bill of that much can arrive within 2 days. more than this is an unlimited connection. After that I contacted 077 7 678678 more than 50 times, No use.
    Finally, I contacted 0777 886 886, they only helped me to get my connection back. But my bill amount is still at 14 000/=. So, i contacted 0777 678 678, they dont know even what is mobile broadband!. They are giving me the WI MAX hotline to contact. Dialog’s customer care is the worst.

  10. කාලිංග Says:

    HI Rishoban,

    i had the same issue, you can check that here,

    http://sinhala.kalingasblog.com/2008/09/16/dialog-unlimited-mobile-broadband-hsdpa-vs-mobitel-m3-borodband/

  11. Rishoban Says:

    Still do you have that problem? or did you find any solutions?

  12. Rishoban Says:

    I think the dialog might be correct.
    Because they promised to offer 7.2Mb/s speed. It means 7.2megabits per second.
    You may know 1 megabit = 0.125 megabyte
    So, 7.2 mb/s = 0.9 MB/s.
    ie 7.2 mb/s = 921.6 KB/s

    Approximately all are getting a speed of 100KBps to 1024KBps.

  13. කාලිංග Says:

    i think you got your KBs and kbps mixed up 🙂

    7.2 Mbps, 7.2 X 1024 = 7372.8Kbps
    7.2 Mbps, (7.2 X 1024) / 8 = 921.6KBs

    “Approximately all are getting a speed of 100KBps to 1024KBps.”

    so on my tests it show kb/s not KB/s

    kbps or kb/s if written in small letters meaning its kilo bits per second and if KB/s in Big letters mean its Kilo bites per second.

  14. ලකී Says:

    අැත්තම කියන්න, මම මීට අවුරුද්දකට කලින් වැඩකලා Call Centre එකක. හැබැයි OverSeas Calls. එ්කෙදි ඔය එ්කෙදි ඔය Server ප්‍රශ්න ආපුවම, හදාගන්න බැරිනම් අපි කියන්නෙත් Turn off, keep 10 mins and Turn on. Even if it takes only 10 sec for the setting to shanged and get pushed through the server.

    That way you avoid two things,
    1. if the customer is online, and it’s still not working he gets **ssed off and the call gets recorded, which is bad for your profile.

    2. Customer goes offline, there is 75% probability that he may not be able to call again due to large call queues 🙂

    so it’s a good TEMPORARY solution. 😉

    You cant blame the Customer services guys for that because simply they are advised not to say they don’t know something or they give you black marks if u do (but if you really don’t know Go to the service Centre” is the reply, anywhere in the world). And these stupid servers show one setting on the terminal but the actual setting is something totally way different.

    So these poor people who goes there for a poor salary, is given a minimal training and are asked to do a service an Engineer does, Where in hell they cant do 🙁

    So ultimately the customer ends up blank, unless he finds some agent who can think “out-of-the-box”.

    ——————————————–

    Anyways, Sorry for switching my language in the middle, ‘coz I hardly can type any සිංහල,

    And wanna tell you your Blog is Awesome.
    Keep up the good work!!!!!!

  15. කාලිංග Says:

    @ලකී

    whats your saying is so true…. i have noticed this for quite some time now….

  16. gevidu Says:

    සහතික ඈත්ත අය්යෙ.මෙ යක්කුන්ට මොනවට පඩි දෙනවඩ මන්ද? උන් හදන්නෙ අපිව මොඩයා කරන්න

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed