Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -2

Home / අනංමනං (General Information) / Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -2

මේ ලියන්නේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? හා Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1 පෙර සටහන් වල සබදි කොටසකි.

දින කීපයකට පෙර මම ඔෆිස් එකට අපුවහම මට පනිවිඩයක් ලැබුනා, Sriyan De Silva Wijeyratne නැමැතෙකු මට ඇමතුමක් ලබා දී තිබුන බව, ඉතින් මම ඔහුට ඇමතුමක් දුනනා. ඉතින් ඔහු මට ඔහු කව්ද කියා කිව්වා, ඒතමයි Country Manager, Microsoft Sri Lanka. ඉතින් ඔහු මාට කිව්වා කතා කෙරුවේ ඔවුන්ගෙන් වෙච්ච වරද සම්බන්දව බව හා ඔව්න්ගෙන් උන වරදට සමාව ඉල්ලුවා.

කතාබගේදී තේරුන දේවල් කීපයක් තියනවා, එකක් නම් ඔව්න්ට මගේ ඊමේල් ලිපිනය ලැබුනේ කෙසේද කියන එක කීමට නොහැකි බව, තවද ඊමේල් ලිපින එකතුකර විකුනන අය සිට්න බවද ඔහු නොකියා කිව්වා, ඒකියන්නේ මේක ඔහු ඒ වගේ පුද්ගලයන්ගෙන් ගත්තාද කියන සැකය මට ආවා :-D. අනික ඔහු පිලිගත්තා මේක සමුහික උත්සාහයක් බවට එකිනෙකාගේ බාන්ඩහා සේවාවන් පුචලිත කිරීමට. අනික ඊමේල් ලිපින එකතු කල බව හා එවපු ඊමේල් කිසිම standard එකක නැතිබව. ඒකියන්නේ unsubscribe information වැනිදෑ නැතිකමද ලොකු වරදක් බව පිලිගත්තා. ඔහුගේ සිටින වලද නිලදාරීන් privacy policy ගැන හරියට නොදන්න බවද පිලිගත්තා.

කොහොමහරි දින කට පසු මට Truste විසින් ඊමේල් එකක් ලැබුනා, මේය විසදුවා කියලා.

කොහොම හරි අපේ අයගේ තියන නොසැලකිල්ල හා අන් අයගේ privacy ගැන කිසිම තැකීමක් නොකරන්න මේ සමාගම් හා එහි ඉන්න වෙලද කටයුතු කරන්නන් පෙලබෙනවා, නමුත් මේ අය හිතාගෙන ඉන්නේ තමන්ට ඕනේ විදියට මේක කරන්න පුලුවන් කියල, එහෙම ඊමේල් ගහන්න බෑ, මේක ඇමරිකාවේ උනාන්ම් මෙලහක්ට M$ විසින් මිලියන ගානක මුදලක් ගෙවන්න වන හොද නඩුවක් 😉

කොහොම හරි වරද පිලිගැනීම ගැන මම සතුටුවෙනවා. දැන් හරි ඒ අය තේරුනානම් ලොකු දෙයක් තමන්ට කැමති විදියට මේ වෙලද ඊමේල් එවන්න බැරිබව.

One Comment

  • කිංස්ලි

    හරි නම් මේ යකා (විජේරත්න) තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ for bringing Microsoft into disrepute.
    මොකද, Microsoft කියන්නේ TRUSTe එකේ අනුග්‍රාහකයෙක්! ඉතින් අනුග්‍රාහකයා හෝ අනුග්‍රහකයාගේ බලය ලත් කෙනෙක් (Microsoft SL වැනි) හෝ තමුන්ගේම rules කඩන කොට අනිත් අය ගැන කවර කතාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *