No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

LG KU990 යනු iPhone clone එකක් ?

=====================================

මෙය YuthMAX වෙබ් අඩවිය සදහා ලියපු ලිපියකි.

=====================================

ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. “Viewty” යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors – 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ.

ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා මොකද, Windows Mobile වලින් ගැලවෙන්න අමාරු නිසා. මොකද ඔය කොහොම මොබයිල් ආවත් මටනම් ටිකක් Windows Mobile වල ඇති පහසු කම් නම් හොයන්න අමාරුයි. මේකේ OS එකනම් LG සමාගම විසින් නිපදවන ලද එකක්, කලින් හිතුනේ Symbion කියලා. නමුත් පසුව පෙනුනා මේක OEM OS එකක් කියලා. ලොකුම සතුට තමයි මේක ගොඩක් hack කරන්න පුලුවන්. 😉

හරි බලමු මේකේ තියන පහසුකම් හා අඩුපාඩු මොනවා ද කියලා.

මේකේ තියන දේවල් ගැන කිව්වොත්, 5MP camera එකක් හා Strobe Flash එකක්ද ඇත. මෙය Video Cam එකක් හැටියටද යොදාගෙන්න පුලුවන්, Video recoding වල Time limitaion එකක් නෑ, 120fps වේගයක් Video තියනවා. මීට අමතරව 3G HSDPA 3.6Mbps හා Video Call සදහා අමතර VGA camera එකක්ද ඇත. මෙයට අමතරව FM Radio, MP3/WMV/MPEG4/DivX/ACC Player එකක්ද වගේම GPRS/EDGE/UMTS/Buetooth/A2DP/SMS/MMS/Email(POP3/IMAP) තියනවා.

මෙහි Video Editor එකද තියනනිසා Video කරපුවා phone එකේ සිටම කරන්න පුලුවන්. මෙයිට අමතරව handwriting recognition වගේ දේවල්ද තියනවා. Storage සදහා 100MB මොබයිල් එකේ ඇති අතර MicroSD 2GB දක්වා external memory ඇතුල් කල හැක. මේවගේම Gmail, Youtube විඩියෝ (බලන්න වගේම upload කරන්න පුලුවන්), Google Maps හා blogger support ද මොබයිල් එකේම තියනවා. HSDPA නිසා Dilalog Mobile TV හොදින් නරබන්න පුලුවන්. එකදුකක් තමයි සිංහල යුනිකෝඩ් වැක නොකිරීම.

හරි, හොදටම දැකපු එක තමයි මේකේ UI (User Interface) එක. වැඩ කරන්නේ Flash, ඒත් LG සමාගම අපිට theme install කරන්න දීලානම් නෑ, මේක පොඩි හැක් එකක් මගින් කරන්න පුලුවන්.

මම මේකට iPhone theme හා iPod 3D cube theme එකක් දැම්මා, නියමෙට වැඩ.

මේකේ දැකපු ලොකුම වරදනම් SMS/Email වලදී පමණයි full screen keyboard එකක් එන්නේ, නිකන් වෙලාවට normal phone keypad එකක් තමයි ලැබෙන්නේ.

මේකේ තියන Web Browser එක Tab browsing වලට සහාය දක්වනවා. මෙයට අමතරව Multi Tasking, ඒ කියන්නේ එක Application එකක් දුවනකොට තව කීපයක් අතර මාරුවෙමින් වැඩ කරන්න පුලුවන්, මොඩමයක් ලෙස භාවිතා කරලා අන්තර්ජාලයටත් සම්බන්ධ වෙන්න පුලුවන් වගේම, phone book එක පරිගනකයක් හරහා Outlook වලට Syncronize කරන්න පුලුවන්, මේක ගොඩක් වටිනවා. Java Support හා Game ඇති අතර ඒවා ගොඩක් හොඳ graphics බලාගන්න පුලුවන්.

මේකත් එක්ක එන software යොදාගෙන මොබයිල් එක PC එකට සම්බන්ධ කර SMS යැවීම Phone book edit කිරීම, වාගේම Video DivX වලට හරවා ගැනීම වගේ දේවල් කරන්න පුලුවන්.

Skype/Gtalk/MSN/Yahoo වගේ Chat කරන්න, Nimbuzz වගේ ඒවාද. Internet Radio අහන්න, Lavella වගේ Applicationද යොදාගන්න පුලුවන්.

දැනට එපමනයි. 🙂

කාලිංග ඇතුලත්මුදලි.

Share

9 Responses to “LG KU990 යනු iPhone clone එකක් ?”

  1. Zanhar Says:

    ya its good news..

  2. ප්‍රභාෂ්වර Says:

    කොහොම වුනත් iphone එකට කෙලින්ම ගහන්න හදන නිර්මාණවලට වඩා එහි වැරදි සම්ර්‍ර්‍පූර්ණ කරන නිර්මාණයක් කරනවා නම් මීට වඩා ජනප්‍රියත්වයක් ලැබේවි.

  3. එදිරි Says:

    මේකෙ ගාන කීයද

  4. කාලිංග Says:

    එදිරි, මේක මම ගත්තේ 57990/= කට. අබාන්ස් එකෙන්.

  5. iphones Says:

    I searched for \’Fm Radio For Iphone\’ at google and found this your post (\’\’) in search results. Not very relevant result, but still interesting to read.

  6. SUNNETmedia Says:

    මොකද ඔය කොහොම මොබයිල් ආවත් මටනම් ටිකක් Windows Mobile වල ඇති පහසු කම් නම් හොයන්න අමාරුයි

    ——————————————–
    100% Correct ,

    xphone1-windows mobile 2003

  7. HS Says:

    Hi
    Is it possibe to install Sinhala Unicode for the LG KU990?

  8. HS Says:

    LG KU990 එකේ, සිංහල යුනිචෝඩ් install කරන්න පුලුවන්ද?

  9. කාලිංග Says:

    @HS

    cant, you can use OperaMini on it to view sinhala sites.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed