වින්ඩෝස් Vista මත වෙන OS එකක් ඉන්ස්ටොල් කිරීම – Virtualbox and Kubuntu
[Read in English]
මම අද කතා කරන්නේ වින්ඩෝස් මත Virtualbox කියන software එක යොදාගෙන කොහොමද තව OS එකක් හෝ කීපයක් ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මේක ගොඩක් වෙලාවට වැදගත් testing වගේම presentation වගේ දේවල් කරන විට. අනික හොඳම එක තමයි මේ software එක නොමිලේ තමයි personal usage එකට ලබාදෙන්නේ. ජර්මානු software සමාගමක් වන Innotek සමාගම තමයි මෙය මුලින්ම ආරම්භ කළේ, දැන් Sun Microsystems ආයතනය තමයි මෙය Open Source ලෙස දියුණුකර ලබාදෙන්නේ.
දැනට Windows, Linux, MAC OS and (Open)Solaris මත මෙය install කළ හැකි අතර, මෙය ආධාරයෙන් දැනට බොහෝ OS install කළ හැක. මෙන්න ලැයිස්තුව
හරි, පළමුව Virtualbox download කරගන්න. ඉන්පසු installer එක run කරන්න.
Click “Next”
Accept the terms, Click “Next”
Install කරන ස්ථානය තෝරාගන්න, දැන් “Next” කරන්න.
“Install” කිලික් කරන්න.
Installing
Install වන අතර, මෙවැනි Driver install කරන්න අවසර ඉල්ලන්න පුලුවන්, ඒවා “Install” කරන්න.
සියල්ල හරියට වුණා නම් installation එක අවසන් වෙයි, “Finish” click කරන්න.
පළමු වරට Virtualbox එක ආරම්භ කළ විට ඔබට ලියාපදිංචි වෙන ලෙස ඉල්ලයි, අවශ්‍ය තොරතුරු ලබා දී “Confirm” කරන්න.
හරියට Virtualbox එක ආරම්භ වූ විට මෙලෙස දිස්වෙයි.
හරි, දැන් අපි බලමු කොහොමද Guest OS එකක් මේ මත Install කරන්නේ කියලා. මම මේ සඳහා යොදාගන්නේ Kubuntu 8.04 CD එකක්.
“New” කියන button එකෙන් නව virtual Virtual Machine එකක අඹන්න, මෙවිට New Virtual Machine Wizard එක ආරම්භ වෙයි. “Next” click කරන්න.
දැන් ඔබට කැමති නමක් ලබාදෙන්න ඔබගේ Virtual Machine එකට, “OS Type” එකෙන් ඔබ Install කරන්න යන OS එක තෝරාගෙන “Next” කරන්න.
ඔබ Install කරන OS එකට ලබාදෙන RAM ප්‍රමාණයක් තෝරා “Next” කරන්න.
හරි, දැන් ඔබට ඔබ Install කරන්න යන OS එක සදහා වෙනම Virtual HDD එකක් සකසන්න වෙනවා, “New” click කරන්න.
ඔම “New” click කළ පසු, Create New Virtual Dish Wizard එක ආරම්භ වෙයි, “Next” කරන්න.
Dynamically expanding image තෝරා “Next” කරන්න.
ඔබ Install කරන OS එකට කොපමණ ඉඩක් ලබාදෙනවාද කියා තෝරා නමක් දී “Next” කරන්න, මෙම File එක සෑදෙන ස්ථානය දකුණුපස ඇති folder icon එක click කිරීම මගින් කළ හැක.
“Next” කරන්න.
හරි, Virtual Machine එක setup වී අවසානයි, “Finish” ක්ලික් කරන්න.
ඔබ සෑදූ Virtual Machine එකේ විස්තරයක් ඉහළ ආකාරයෙන් දිස්වෙයි. නමුත් මෙහි CDROM, Sound වගේ දේවල් සැකසිය යුතුයි.
“CD/DVD Rom” මත click කිරීමෙන්, ඔබට settings windows එක ලැබෙයි. Mount CD/DVD Drive tick කර, ඔබගේ CD Drive එක තෝරාගන්න, (ඔබට පරිගණකයේ ඇති CD/DVD ISO Image එකක් වුවද තෝරා දිය හැක) මෙලෙස ඔබට sound වගේ අනිත් දේවල් ද වම් පසින් ඇති list එක මගින් තෝරා වෙනස් කළ හැක. හරි දැන් “OK” කරන්න.
දැන් install කරන්න යන OS එකේ CD/DVD එක ROM එකට දමා මෙනු එකේ ඇති “Start” කියන button එක ඔබන්න.
දැන් ආරම්භ වන Vertualbox එක මත click කළ විට ඉහත සඳහන් messages එයි, මෙයින් කියන්නේ Virtualbox එකට ඇතුල් වෙන්න හා පිට වෙන්න keyboard එකේ දකුණු පස “Ctrl” key එක පාවිච්චි කළ යුතු බවයි. මේ Key එක හඳුන්වන්නේ “Host” key එක ලෙසයි.
මෙන්න boot වුණ Virtualbox එක දිස්වන ආකාරය.
ඔබට menu එකේ Machine කියන එක වෙත ගොස් Full Screen යා හැක. නැතිනම් host key + F (host key කියන්නේ අර කලින් කියපු, keyboard එකේ දකුණු පැත්තේ “Ctrl” key එකයි), පිට වීමද එසේමයි.
දැන් ඔබ නිකන් OS එක install කරන ආකාරයට install කරගන්න.

































July 20th, 2008 at 11:09 am
ආහ්.. මටත් උබුන්ටු cd එක තැපැලෙන් ආවෙ ගිය සතියෙ. ඹුලින්ම virtualbox දාල උබුන්ටු ස්‌තාපනය කරල බලන්න ඕන. මේ කරුනු පැහැදිලිව ඉගන්නුවට බොහොම ස්‌තුතියි
July 20th, 2008 at 12:56 pm
Good stuff! You solved me a problem.
Thank you!
July 24th, 2008 at 3:14 pm
එල එල, නියමයි. ඔයාගෙ වැඩ අපි හැම දාම අගය කරනවා.
August 5th, 2008 at 4:50 pm
උත්සාහ කරල බලනව ලිනක්ස් මින්ට්
August 5th, 2008 at 7:03 pm
එදිරි, මින්ට් 5 කේ.ඩී.ඊ බීටා එක දාල බලන්න අදහසක්තියනවා මොකද ඒකත් ඩේබියන් බේස් එකක් නිසා.
September 11th, 2008 at 11:28 pm
Kohomada Ubuntu 8.04 eke Dialog Huawei e220 eken internet yanne?
September 12th, 2008 at 12:21 pm
අහ්… ඔයට wvdial ඒකට ඕනේ… shell එකට ගිහින් sudo apt-get install wvdial කරන්න පෂුව. USB එකට මොඩම් එක ගහලා sudo wvdialconf කියලා shell එකේ ගහන්න, /etc/wvdial.conf ෆියිල් එක editor එකකින් ඔපන් කරලා
[Dialer Dialog3G]
Phone = *99#
Username =
Password =
Stupid Mode = 1
Dial Command = ATDT
Modem = /dev/ttyUSB0
Baud = 460800
Init2 = ATZ
Init3 = ATE0V1&D2&C1S0=0+IFC=2,2
ISDN = 0
Modem Type = Analog Modem
Init5 = AT+CGDCONT=1,”IP”,”www.dialogsl.com”;
පසුව
sudu wvdial Dialog3G
October 29th, 2008 at 7:58 pm
machan ubanthu install karala internet yanna puluwanda?
anika mage thiyenne SLT 1n isarama dipu modem 1k.aka support karawida?
October 29th, 2008 at 8:16 pm
puluwan….
November 6th, 2008 at 3:28 pm
Virtual Machine ekak use karala Internet yanna easy. Host interface hari NAt widihata hari yanna.
January 31st, 2009 at 2:54 pm
what about VMWare ???
January 31st, 2009 at 5:34 pm
@Thilina
its good but not Free, vBox is free
February 14th, 2009 at 9:24 pm
i download Virtualbox, but get some windows error after install. (do you want keygen for VMware? i’m using VMware 6.0 for MCSA exam)
(sorry about my english)
February 14th, 2009 at 9:27 pm
@Thilina
whats the error you get ?
serials, well google is your friend
February 15th, 2009 at 8:48 pm
My computer stack after start VB, so i have to use task manager for close explorer.exe, then starting a new task for run explorer.exe again. then i can start VB again it’s working wel. i don’t no what is the problem is. why stack my computer? Now i’m going format computer.
(pentium dual core E2140 @ 3.20GHz OC, 3.00GB DDR2 800, GMA3100/G33 chip, 250GB & 160GB HDD, Win XP SP3 32bit & Windows 7 beta 32bit)
(Amaruwen type kale, kadda nam binduwai. waradi man sorry ok!.) but this problem is NOT a joke
February 15th, 2009 at 8:51 pm
@Thilina
පේන විදියටනම් වයිරස් වගේ, ෆොර්මැට් කරන එක හොදයි, SP3 ද ?
සුද්දගේ බාසාව බෑ කියල ලැජ්ජ වෙන්න ඕනේනෑ… සිංහල පුලුවන්නේ…
July 20th, 2009 at 4:41 pm
Ayya,
How to configure the Ubuntu 8.04 for Dialog 3G?
is editor is the “terminal”?
July 20th, 2009 at 4:44 pm
@Imran
read the commend “September 12th, 2008 at 12:21 pm ”
you need to do it from the terminal (command line/shell)
July 20th, 2009 at 4:53 pm
Thanks Ayya
October 20th, 2009 at 1:50 pm
Guest OS එකේ සිට Host OS එකට file එකක් Copy/Paste කරන්නේ කොහොමද?
Guest OS : Damn Small Linux (DSL)
Host OS :Windows XP
October 20th, 2009 at 2:04 pm
@තනුජ බන්ඩාර
කරන්න විදී කීපයක් තියනවා
1. File sharing කරලා. (SMB)
2. FTP වගේ එකක් යොදාගෙන
3. Host OS එකේ folder එකක් Guest OS එකේ drive එකක් හැටියට mount කරලා.
March 12th, 2010 at 10:25 am
හිතවත් කාලිංග,
guest OS එකේ window size එක screen එක කුඩා වෙලා තියෙන්නේ. ඒක විශාල කරගන්නේ කොහොමද? full screen දැමුවත් එය එසේමයි. එය විශාල කරගන්නේ කොහොම? help me please.
March 12th, 2010 at 11:22 am
@අමිල නුවන් රණසිංහ
Guest Addition කියන ඒවා install කරන්න, ඒක Vbox මෙනු එකේ තියනවා, පසුව screen resolution හදන්න, ඉන්පසු full screen කරගන්න.