සිංහල Firefox 3 මාධ්‍ය හමුව
සිංහල Firefox 3.0 නිකුත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් Cinnamon Grand හොටලයේ පැවැත්වුණා. මේක කළේ ICTA එක මගින්. මේකට අපි කටියත් ගියා. මම මේ කියන්න යන්නේ ඒකේ කියපුවා නෙවෙයි, අපේ යාලුවො එක්ක හිටිය එක ගැන හා මේකේ මම දැකපුවා හා ඇසුණ දේවල් ගැන.
අපි නම් ගොඩක් සතුටෙන් හිටියේ අපේ දනිෂ්කගේ මහන්සියේ පල දකින්න ලැබුණ එකට. මොකද මම දන්නවා නිදි වරාගෙන මිනිහා මේකට කොපමණ මහන්සි වුණාද කියල. මාධ්‍ය හමුවට නොවෙයි, Firefox සිංහල කරන්න.
දනිෂ්ක සුදානම් වෙමින්…..
මුලසුන ………..
දනිෂ්ක මාධ්‍යවේදීන් සිංහල Firefox ගැන ආලෝකමත් කළ ආකාරය.
මාධ්‍යවේදීන්…
EnSiTip ගැන අසංක වාසල මාධ්‍යවේදීන් දැනුවත් කරම්න්..
EnSiTip ගැන කතා කළොත් මෙය, Firefox Add-on එකක්, මෙය ඇත්තටම ගොඩක් වටිනවා, මොකද මෙය මගින් English වලින් ඇති වෙබ් පිටුවල ඇති නොදන්න වචනයක් වෙත mouse pointer එක ගෙන ගිය විට එහි සිංහල තේරුම tip එකක් හැටියට කිසිම ආයාසයක් නොමැතිව පෙන්වයි.
බුද්ධික (බ්ලොග් එකක් ලියපන් අපිට ලින්ක් එකක් වත් දාන්න) හා සූ
ප්‍රසාන් හා ඩනිෂ්ක
ප්‍රසාන්, දනිෂ්ක හා හර්ෂණ
Prof. ගිහාන්, ප්‍රසාන්, හර්ෂණ හා අෂෝක ඩයස් (ඊතලය)
ශ්‍රීමාල්, හර්ෂණ හා දනිෂ්ක
දනිෂ්ක හා චම්ලි (ලක්බිම)
දනිෂ්ක හා අසංක වාසල
කියන්න දේවල් නම් ගොඩක් තියනවා, ඉහල පුටුවල සිටි අය සමහර දේවල් ගැන හරියට අදහසක් නොමැති කම, සිංහල බ්ලොග් 300 පමණ තියනවා කියපු එක, මොකද අපි දන්නවා දැනට සිංහල බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් තියෙන්නේ සිංහල බ්ලොග් 90 පමණයි. නොදන්න බ්ලොග් 200 කොහොමත් තිබෙන්න පුලුවන්ද ? අනික තමයි, මේ දෙමළ Firefox සාදා අවසන් වෙන්න ඉතාම කිට්ටුයි කියා CD පෙන්වීම, මොක්ද අපි දැකලා නෑ මේක මොසිලා repo එකේ. අනික MAC මත සිංහල Firefox වැඩ කරනවාද කියා නැගු පැනයට හරි උත්තරයක් දුන්නේ නෑ, මොක්ද MAC මත යුනිකෝඩ් තාම නොමිලේ ලබාගන්න බෑ, (Nicholas Shanks විසින් MAC සදහා සිංහල යුනිකෝඩ් දැමිය හැක විදියක් සකසනවා)



















July 16th, 2008 at 1:11 pm
එකමුතුකම සහ දැඩි කැපවීම විය යුතුයි මේ සිනාරැල්ලට හේතුව!
July 16th, 2008 at 1:33 pm
ඩනිෂ්කගේ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් Firefox-සිංහල නිකුත්වීම ඇත්තෙන්ම අපිට ගෙන දුන්නේ පුදුම සතුටක්.
සමහර අය සිංහල ෆයර්ෆොක්ස් වාතයක් කිව්වට (ඔය ඉංග්‍රීසියෙන් වැඩකරන්න පුරුදුවෙලා සිංහලට මාරුවෙන්න අමාරුයි කියන අයට ඉස්සෙල්ලම සිංහලෙන් වැඩකරලා ඉංග්‍රීසි ඉගෙනගන්න එකත් වාතයක් උනේ නැද්ද දන්නෑ?) සුලු කැපවීමකින් සිංහල ෆයර්ෆොක්ස් වලට හුරු වෙන්න පුළුවන් බව මට නම් තේරුනා.
කොහොම උනත් අද (16) ස්වර්ණවාහිනියේ Live @ 12 වලට විකාශනය වුනු සිංහල ෆයර්ෆොක්ස් මාධ්‍ය හමුව සහ ඒ පිළිබඳ ප්‍රවෘත්තිය දැකලා ඇතිනුනේ කලකිරීමක්. කොටින්ම කියනවා නම් ඒකේ කියපු ආකාරයට දැං මේ සිංහල ෆයර්ෆොක්ස් සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ICTA එකෙන් නේ… (මේ ගැන කිසි දෙයක් දන්නැති මිනිස්සුන්ට නම් හිතෙයි ෆයර්ෆොක්ස් කියන්නේ සම්පූර්ණයෙන් ලංකාවේ නිෂ්පාදනයක් කියලා
)
අනේ ඇත්තට මේ ලංකාවේ සමහර මිනිස්සුන්ට වෙන අය මහන්සි වෙලා කරන වැඩ වලින් ලකුණු දාගැනීමේ සිරිත අතඅරින්න බැරි හැටි!
July 16th, 2008 at 1:36 pm
නිලක්ෂ, කතාව ඇත්ත, ලංකාවනේ
July 16th, 2008 at 4:13 pm
ෂා නියමයි! කාටද ආ…ඩම්බර හා?
July 16th, 2008 at 4:29 pm
එළකිරි
July 16th, 2008 at 7:36 pm
ඔයාල හැමදෙනාම එකතු වෙලා කළ මසුරං වටින වැඩක්
July 16th, 2008 at 8:58 pm
ධනිෂ්කගේ කැපවීමේ ප්‍රතිඵල තියෙනවා එහෙනම්. හැබැයි අපි නොදන්න බ්ලොග් 300 ක් කොහේද තියෙන්නේ. ICTA එකෙන් අහලා බලන්න ඕනා.
July 16th, 2008 at 10:23 pm
මෙහෙම එකක් ගැන අහන්නත් සතුටුයි. ඒත්මේකෙ උන ඒව ගැනත්පොඩ්ඩක් කීවනම් නරකද ? මට නිවුස් බලන්නත් බැරිඋනි
July 17th, 2008 at 11:59 am
මටනම් හරිම දුකයි මේ පුත් කියවනකොට, මොකද නිකන් ඉන්න අය අනුන්ගේ පහනෙන් එලිය බලනවා.
http://www.colombopage.com/archive_08/July15191506SL.html
ඔය Sinhala Firefox හැදුවේ ICTA හා University Of Moratuwa ලු, අනේ මේවා කාට කියන්නද ?
මේක ආරම්බයේ සිට අවසාන දක්වා කලේ දනිෂ්ක, වෙන අය නෑ. දැන් ලකුනු දාගන්නේ කව්ද ? ලැජ්ජ නැද්ද මේ අයට ?
July 17th, 2008 at 12:17 pm
ඔහොම තමයි හැම තැනම. ගනන් ගන්න එපා. නමුත් ලැබිය යුතු දේ වලක්වන්න බැහැ. මෙය නොදැනුවත් කම විමට හෝ නොවීමට ඉඩ ඇත.
නමුත් අපි එය නොදැනුවත් කම නිසා සිදු වුවක් යැයි සිතමු.
July 17th, 2008 at 2:04 pm
දනිෂ්ක ගෙන් අහන්න දෙයක් තියනවා. මේ සිංහල කී බෝර්ඩ් එකෙන් ‘PRASHNA’ කියන එක ලියන්නෙ කොහොමද කියන එකයි පුරස්නෙ. මගේ නමත් ලියන්න වෙලා තියෙන්නෙ උඩ ලියල තියන වීදිහට.
July 17th, 2008 at 2:08 pm
ඔයා පාවිචි කරන යතුරු පුවරුව (Kyboard) මොක්ද්ද ?
උදා: විජේසේකර, ගාප්
July 17th, 2008 at 2:28 pm
යුරේකා… යුරේකා… කාලිංගට ස්තුතියි.මම තවම ආධුනිකයි. ඒකයි මේ ප්‍රශ්නෙ. esc key එකට පහලින් තිබිල හමුවුනා. උදව් කරන්න ඉදිරිපත් වුනාට ස්තුතියි. මේ විජේසේකර පුවරැව RU යන්නටත් ගැටලුවක්
July 17th, 2008 at 2:31 pm
මෙය ඔබට උදව්වක් වෙන්න පුලුවන්.
http://www.sinhalabloggers.com/wp-content/uploads/2008/04/wijesekera.png
July 17th, 2008 at 3:13 pm
ස්තුතියි කාලිංග සොහොයුරාට! දැන් සියලු දෝෂ නිවාරණයි. ඔබේ බ්ලොග් පිටුවෙන් වෙන සේවය අපමණයි.
July 18th, 2008 at 9:28 am
Elama ela
July 18th, 2008 at 10:05 am
කියන්න වචන දෙකක් නෑ…. එලම කිරී….
July 19th, 2008 at 12:13 pm
great work!
July 21st, 2008 at 9:34 am
ආයුබෝවන්!
සිංහල ගිනි නරියා පිළිබඳ දැනුවත් කිරීමට, දනිෂ්ක හා අසංක මාධ්‍යවේදීන් හට සිංහල Firefox ගැන කළ කථා යූට්‍යූබ් (Youtube) නාලිකා හරහා සන්නිවේදනය කළ හැකි නම් කදිමයි.
සිංහල ගිනි නරියා මහජනයා අතර ප්‍රචලිත කිරීමට, අප සැම දෙනට යූට්‍යූබ් විඩීයෝ (Youtube video reviews on Sinhala Firefox 3) කළ හැක.
========== REMOVED BY ADMIN =================
මේ වෙබ් අඩවිය තව වෙබ් අඩවි ප්‍රචලිත කිරීමට යොදා නොගන්න.
========== REMOVED BY ADMIN =================
සිංහල ගිනි නරියා ගැන, අප එකිනෙකාට මෙවැනි සිංහල පිළිබඳ විඩියෝ (Video Review ) කළ හැක.
Firefox 3 Review (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=3a3SrpEc9p4]
Firefox 3 Review (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=JQG2-pjiGDM]
Firefox 3 – Review (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=AmHzLpmBsQo]
Why Firefox 3 is Awesome and howto make it better (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=1g30Xyh6Wqc]
Updated Google Translate Firefox Ext. 25 languages alt fixed (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=DIH03t2FEfs]
මෙයට රුවන්෴
July 21st, 2008 at 10:33 pm
FYI :
http://asipatha.blogspot.com/2008/07/icta.html
July 22nd, 2008 at 6:47 am
අප කාහටත් මෙය ප්‍රයෝජනවත්වේ…
========== REMOVED BY ADMIN =================
වෙන වෙබ් අඩවි සම්පුර්නයෙන් උපුටා මෙම වෙබ් අඩවියේ දැමීමෙන් වලකින්න
========== REMOVED BY ADMIN =================
අදාල වෙබ් පුරුක:-
http://www.sinhalapodcast.com/?p=50
========== REMOVED BY ADMIN =================
වෙන වෙබ් අඩවි සම්පුර්නයෙන් උපුටා මෙම වෙබ් අඩවියේ දැමීමෙන් වලකින්න
========== REMOVED BY ADMIN =================