මේල් server කුප්පි :)
ඔන්න ගිය සති අන්තයේ අපි පොඩි වැඩක් කලා… ඒ තමයි දැනුම බෙදා දීමේ පොඩි කාර්‍යක්. මේ සදහා මම, අපේ මේ දනිෂ්ක ලමයා වගේ මගේ යාලුවෝ 2-3 දෙනෙක් ආවා… නියම කතාව කියන්නේ අපේ මේ වරුණ ලමයා අපිව වලහා කලා
උට මල් කඩන එක ලොකු උනානෙ මේ ඔක්කොටම වඩා.
ඔන්න ඉතින් අපේ දනිෂ්ක නම් උදෙන්ම කියාපු වලාවට ඇවිත් තිබුනා… මම ඉතින් කොහොමත් fashionably late නේ
ඔන්න නියම වැඩේ මේක නේ, ඔය ටිකක් වෙලා අපි අනිත් අය එනක්ම් ඉන්නකොට fire alarm එක වදින්න ගත්තේ නැතැයි.
බලනකොට fire drill එකක් ලු, හැමෝම පඩි පෙලෙන් බහින්න ඕනේ ලු, ලිෆට් වැඩ කර්න්නෙත් නෑ…. තට්ටු 28 බහිනකොට මම ඉවරයි කියලා දන්න නිසා, අනික fire door එකෙන් පඩි පෙලට ගියොත් අයේ එන්න බෑ, ඒ දොරවල් ඔක්කොම one way. අපේ හසිත නම් මම බැහැල බලන්නම් කියලා බැස්සා…. මමයි දනිෂ්කයි උඩ හිටියා.
ඔන්න ටික වෙලාවකින හසිත කතා කරලා කියනවා, “වරෙන් පහලට, මෙන්න මුන් ගිනි තියලා නිවනවා, මරු” කියලා. ඔන්න ඉතින් මමයි දනිෂ්කයි බහින්න ලෑස්තිවෙලා, මම කිව්වා “අපි පොඩක් බලමු ලිෆ්ට් වැඩද කියලා” අනේ දෙයින්ගේ පිසිටෙන්ද කොහෙද ලිෆ්ට් වැඩ.
අපි චන්ඩි දෙන්න වගේ 3වන තට්ටුවෙන් බැහැලා යනකොට මෙන්න බොලේ එක සිකිරිටි එකේ ගෑනු කෙනෙක් දුවගෙන එනවා “ඔයාලා කොහෙද මේ යන්නේ, අපෝ පඩිපෙලෙන් බහින්න,” කියල, අපි ඉතින් 3 වන තට්ටුවෙ ඉදලා පඩි පෙලෙන් බැස්සා හරියට තට්ටු 28ම බැස්සා වාගේ
බලාගෙන ගියහම තමයි දන්නේ අපේ කොම්පැනියේ fire warden 3 දෙනාගේ එක්කෙනෙක් මම
ඒ කියන්නේ ගින්න වෙලාවට අට්ටිය හසුරවාගෙන, බලාගෙන යන්න ඕනේඑ මම. ඒ කතා ව දන්නේ හසිත පහල අත්සන් කරන්න ගියහම, ඒකේ මගේ නමත් තිබුනාලු.
කොහොමෙන් කොහොම හරි මට දැනුන එක්ක දෙයක් තමයි ගින්නක් ආවොත් බිමට පනින එක සැපයි, අපේ අය බේරගන්න එනකන් ඉන්නවාට වඩා.
කොහොම හරි පැය 2-3 පරක්කු වෙලා හරි, අපි අපේ වැඩේ පටන් ගත්තා.
මෙව කරන අතරතුර ගොඩ්ක් ලිනක්ස් ගැනද කතා උනා, ඒව මෙතන කියන එක හරි නෑනේ, නේ ද දනිෂ්ක ?
එන්න කැමති අය ඉනවනම් කියන්න ලබන සත ිඅන්ත යේද මෙහි දෙවන අදියර, කරනවා.









July 14th, 2008 at 12:28 pm
අනේ මට මඩ ගහල. දන්නෝ දනිති අපි තනිකඩ බව
July 14th, 2008 at 4:14 pm
චැහ් මගේ අවාසනාවට මං ඉන්නෙ නුවරනෙ. නුවර නම් කමක් නෑ, වනාන්තරයකනෙ
July 14th, 2008 at 4:17 pm
ගින්නක් කිව්ව නේද?
මචං චාමර එහෙම ඔය පැත්තේ ආවද?
July 14th, 2008 at 4:25 pm
නිලක්ෂ, අපිනම් දැක්කේ නෑ…. ආවද දන්නේ නෑ
July 14th, 2008 at 11:45 pm
තට්ටු 3ක් බැහැලා ලහිරු මල්ලි ගෙනාපු බිස්කට් එක නිසා කලන්තේ නොදා බේරගත්තා,
අම්මෝ වරුණ නම් මරු..
චාමර ආවනම් ලෙසි වෙන්නේ නැ,…
පෙන්වන්න ගීතියපු එකත් එකපාර නිවාගන්න බැරි වෙලා මුල්ම වතාවේ..
ඔන්න වැඩ,,
රියසල් එකෙදි ලෙඩා අරන්ගියේ ගිනිගන්න බිල්ඩිම පිටපස්සට LOL
July 15th, 2008 at 6:19 pm
ආ මොකක්ද ඔය දැනුම බෙදා හදා ගන්න වැඩේ? බැරිද අපටත් සෙට් වෙන්න.
ආයේ ගිනි ගන්න එකක් නැහැනේ?
July 15th, 2008 at 8:03 pm
අපි මේ පොඩි කුප්පි වැඩක්, සෙට්වෙන්න පුලුවන්. කැමති නම් කියන්න.
July 16th, 2008 at 7:29 am
අනිවාර්්‍යයෙන්ම,
ඉතිං කොහොමද සෙට් වෙන්නෙ?
July 16th, 2008 at 8:23 am
මට ඊමේල් එකක් දාන්න, මම චිස්තර දෙන්නම්
July 17th, 2008 at 11:03 pm
මට මඩ ගසා ඇත. මම මල් දැකවත් නැත.