කාලිංග goes 3G !
ඔන්න මම අද ගියා අපේ හසිතට ජන්ගම දුරකතනයක් ගන්න, මේයකාට බලෙන් වගේ තමයි මේක අරගෙන දෙන්නේ, මොකක් හරි කියලා ගන්නේ නැතුව ඉන්නවා, ඉසෙල්ල සතියේ මම බැලුවා Sonyericsson W910i එකක් අරගෙන දෙන්න, පුදුම දුකක් කියන්නේ හැම තැනබ බැලුවා, එකක් හොයාගන්න නෑ.
කොහොම හරි අපි කතා උනා බලෙන් හරි මෙයාට එක්ක අරගෙන දෙන්න, කොහොම හරි ගිය සති අන්තයේ මිනිහගේ තියන එකේ ඩිස්ප්ලේ එක පේන්නෙම නැතුව ගියා. ඔන්න මට ඉරිදා කතා කරල කිව්වා, “අපි හෙට කොහොම හරි එකක් ගමු බන් කියලා.” කොහොම හරි අපි මෑන්ට Sonyericsson P1i එකක් බලෙන් වගේ හොදයි කියලා පෙන්නුවා, මේකේ ලකුනු නම් යන්න ඕනේ රංගට.
කොහොම හරි අපි දෙන්න එක්ක අබාන්ස් එකට ගියා…. ගියෙන්ම් එනවා කියලා ෆොන් එක තියනවාද කියලා තහවුරු කරගෙන…
කොහොම හරි අපි යනකොට ෆොන් එක ඇවිත් නෑ… ඉති මේක නිසා ටිකක් මේක ගේනකන් බලාගෙන සිටියා…. ඔය ඉන්න අතරේ මම දැක්කා මේ LG KU990R එක… අමේ ඒකට මගෙ හිත හොදටම ඇදිලා ගියා….. ගාන නම් ටිකක් සැරයි, රු.57,990.00 !!!!
මම ඉතින් කොහොම හරි හිත හදාගෙන ඉන්න හැදුවා…. බෑ… ඔනේ එකක් කියලා මම ඉතින් මේක ගත්තා
මට පොඩ් ලෙඩක් තියනවා, මොකක් හරි ඕනේ කියල හිතුනොත් කිසි දෙයක් හොයා බලන්නේ නෑ ගන්නවා. නරක පුරුදක් තමයි.
මේක හැන කිව්වොත්, 3G, HSDPA 3.6Mbps, 5MP Cam, Touch Screen, etc etc.
මෙන්න ඉන්නවා හසිත, ගත්තේ මගේ LG KU990R එකේන්.
කියන්න වරදක් නම් නෑ, මේකට iPhone theam එක උවද දාන්න හැකි, ගොඩක් හැක් (http://www.ku990.co.uk) කරන්න පුලුවන් කියලා පෙනුනා.
ඔය තියෙන්නේ KU990 එකට iPhone theam එක දාලා.
ඊමේල්, වෙබ්, outlook contact sync වගේ ඒවා හොදට වැඩ. වැඩිය සෙල්ලම් දාන්න ලැබුනේ නෑ, දැකපු එකම වරද තමයි, හෙඩ් ෆොන් එකෙන් සිංදු අහනකොට සද්දේමදි කම, ඒක පොඩි හැක් එකකින් හදාගත්තා.








July 14th, 2008 at 9:29 pm
හපෝයි!
එළ එළ
July 30th, 2008 at 12:20 am
සෝනි එරික්ස්සන් W910i සඳහා ඔබ ඔබේ පාඨකයන්ව යොමු කරන්නේ එක්සත් රාජධානි වෙබ් අඩවියටයි. එහෙත් සෝනි එරික්ස්සන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙනුවෙන් වෙනම වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. එහි ලිපිනය පහත දැකිවේ:
http://www.sonyericsson.com/cws/home?cc=lk&lc=en
July 30th, 2008 at 8:08 am
ගොඩයා
මේක දුරකතනය ගැන දැනුවත් කරන්න ලබාදුන් ලිපිනයක් පමනකි, ඒය විකිනීමේ අදහසකින් දුන් එකක් නොවේ, ඒක නිසා මොන රටට එය ගියත්, දුරකතනය දුරකතනයමයි
July 30th, 2008 at 12:58 pm
ane matath ekak one
July 30th, 2008 at 12:59 pm
Yasitha,
මොනාද ඕනේ ?
July 30th, 2008 at 8:56 pm
ඇත්ත, මොන රටට ගියත්, දුරකතනය දුරකතනයමයි. ඇයි එහෙම නම් සෝනි එරික්ස්සන්, එල්ජී, පැනසොනික් වැනි සමාගම් එක එක රටට වෙන වෙනම වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ? ඔවුන්ට පුළුවන් නොවැ වෙන වෙන භාෂාවලින් වෙබ් අඩවි ඇති කරන්න !?! උදාහරණයක් හැටියට එංගලන්තයට, ඇමරිකාවට, ඕස්ට්‍රෙලියාවට, නව සීලන්තයට ඉංග්‍රීසි; ජර්මනියට, ඕස්ට්‍රියාවට, ස්විට්සර්ලන්තයට ජර්මන් යනාදි වශයෙන්….
සමාවෙන්න, නොදන්නාකම නිසයි අහන්නේ. නැතිව ඔබට අපහසුවක් කරන්න හෙම නෙවි.
July 30th, 2008 at 9:02 pm
ආ, එහෙමත් එක එක රටවෙලට වෙන වෙනම වෙබ් අඩවි තියන අවස්තා තියනවා.
මේක කරන්න හේතු කීපයක් තියනවා.
1. එක එක රටවල බාවිතා කරන දුරකතන විදි නොහොත් system, ඒ කියන්නේ GSM 900/1800/1900, 3G, CDMA TDMA etc වෙනස් නිසා.
2. එක එක රටවල මිල ගනන් හා පාරිබෝගික සේවාවන්.
3. එක එක රටවල විකුනන මාදිලි වෙන්ස් වීම.
4. දුරකතනයේ බාසාව
ඔය වගේ ගොඩක් හේතු තියනවා
නමුත් මාදිලිය එකන්ම් රට වෙනස් උනත් එහි ඇති දෑ සමානයි.
July 30th, 2008 at 9:02 pm
අනේ මේ ගොඩයාගෙන් ඔබට තිබෙන කරදරේ…! තවත් පැනයක්… ඔබේ අළුත් ජංගම දුරකථනයේ ඡායාරූපයේ මට පෙනෙනවා වොඩෆෝන් සලකුණ. ඒ කියන්නේ මේ අබාන්ස් උදවිය ආනයනය තරලා අපට විකුණන්නේ පිටරටවල්වල වොඩෆෝන් පාරිභෝගිකයන්ට නිකුත් කරන දුරකථනද?
July 30th, 2008 at 9:05 pm
හික්, නෑ! නෑ! .. ඕක, ඔය මම අන්තර් ජාලයෙන් ගත්ත එකක් මිස එය මගේම එක නොවෙයි
July 30th, 2008 at 9:27 pm
“අකුණ” යන වචනය සෑදී තිබෙන්නේ “අක්ෂණ” කියන සංස්කෘත ප්‍රකෘතියෙන්. ඒ කියන්නේ එක ක්ෂණයකින් සිදුවන දෙයක් නොවැ අකුණු කෙටීම. අන්න ඒ විදියටම, ක්ෂණයකින්ම ඔබ මට පිළිතුරු දුන්නා මගේ පැනවලට. බොහෝම ස්තුතියි. තව අළුත් දෙයක් ඉගෙන ගත්තා මම.
ඇත්තටම මම ගොඩයෙක්ම තමයි. ඒ මොකද මම ඉන්නේ මාතලෙනුත් කි.මී. 10 ක් එහා රත්තොට කියන පොඩි කඩපොළේ. වයස 31 යි. කරන්නේ හුණුගල් වෙළඳාම. විනෝදාංශය අන්තර්ජාලයේ ඉබාගාතේ ඇවිදීම සහ ඩිජිටල් ගැජට්වලට පෙම් කිරීම. නම සංජීව සේනාරත්න. බොහොම ස්තුතියි. නැවත හමුවෙමු.
July 30th, 2008 at 9:35 pm
ආ… අපි හැමෝම ගොඩයෝ තමයි
අදුරගන්න ලැබීම සතුටක්.