කොහොමද මේ Satellite TV වැඩ කරන්නේ ?
මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දී Wireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය කරන්නේ කියලා. දැනට ලංකාවේ මේ ආකාරයට වැඩසටහන් චන්ද්‍රිකා යොදාගෙන විකාශනය කරන්නේ ඩයලොග් සමාගම මගින්, ඩයලොග් ටිවී ලෙස.
අපි බලමු මේ communication satellite (සන්නිවේදන චන්ද්‍රිකා) එකක් කියන්නේ මොකද්ද කියලා.
වන්ද්‍රිකාවක් කියන්නේ ඉලෙක්ට්‍රානික උපකරණයක්. අපි පෘථිවියට ඉහලින් අභ්‍යවකාශයේ රඳවා තිබෙන උපකරණයක්. චන්ද්‍රිකා එක එක දේවල් සඳහා යොදා ගනියි. ඡායාරූප ගැනීම, කාලගුණ තොරතුරු වැනි දේ. මේවායින් සන්නිවේදන චන්ද්‍රිකා බොහෝ විට Geostationary චන්ද්‍රිකා වෙයි. මෙහි අදහස නම්, අහසේ (අවකාශයේ) එකම ස්ථානයක තිබීම, ඒ කියන්නේ පෘථිවිය අක්ෂය වටා කැරකෙන වේගයෙන්ම කැරකෙයි. ඒකියන්නේ ලංකාව උඩ්න් චන්ද්‍රිකාවක් තිබුණොත් එය ඕනෑම දවසක, ඕනෑම වෙලාවක එම ස්ථානයේම පවතියි. මේ රූපවාහිනී වැඩසටහන් විකාශනය සඳහා ඇති චන්ද්‍රිකා පිහිටා ඇත්තේ සමකයට ලම්බකව අහසේ බටහිර සිට නැගෙනහිරටයි. (මෙයට Clarke Belt යනුවෙන් කියයි. මේ ආතර් සී ක්ලාක් මහතාට ගරු කිරීමකි). 35786km පමණ ඉහළකින් තමයි මේ චන්ද්‍රිකා අහසේ රඳවා තිබෙන්නේ. චන්ද්‍රිකා අහසේ රඳවා තිබුණද මේවා පොලොවේ සිට පාලනය කරන්නට පුලුවන්. මේවාට බොහෝ විට බලය සපයන්නේ සුර්ය කෝෂ මගින් (solar cells).
Global Navigation Satellite System (GNSS) සඳහා GPS (Global Positioning Satellites) දැනට වන්ද්‍රිකා 32කක් යොදා ගනියි. මේ චන්ද්‍රිකා 32ක් යොදාගෙන GPS Device (උපකරණයකට) ඔබ සිටින ස්ථානය නිවැරදිව කියවිය හැක. (අක්ෂාංශ හා දේශාංශ).
GPS චන්ද්‍රිකා උපකාරයෙන් GPS උපකරණයක් ඔබ සිටින ස්ථාන හා ගමන් කරන වේගය, දිසාව සිතියමක පෙන්වන ආකාරය.
ඉස්සෙල්ලා බලමු මොකද මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශනය හා කුළුණු යොදාගෙන කරන සාමාන්‍ය රූපවාහිනී විකාශනය අතර පවතින වෙනස්කම් කියා. එකක් නම්, සාමාන්‍ය රූපවහිනී විකාශනයේදී ඒ සඳහා උස විකාශන කුළුණු හා ආවරණ කලාපය වැඩිකිරීමට මෙවැනි කුළුණු විශාල ප්‍රමාණයක් යොදාගන්න සිදුවෙයි. ලංකාව ගතහොත් ලංකාව හරියට ආවරණය කිරීමට (හැමෝටම පැහැදිලි දසුන් ලැබීමට) අඩුම වශයෙන් විකාශන කුළුණු10-20 අතර ප්‍රමාණයක් උවමනාය. මෙයට හේතුව වන්නේ, පොලොවේ ඇති බාධක, කඳු, උස ගොඩනැගිලි හා පොලොවේ ඇති වක්‍ර බව. මේ සියල්ල චන්ද්‍රිකා මගින් වලකා ගන්න පුලුවන්. ඉහළ අහසේ රඳවා තිබෙන නිසා බාධක නැති අතර, ආවරණයද පෘථිවියෙන් 3/1 සමාන වන සේ කළ හැක. (මෙය චන්ද්‍රිකා පාලන ස්ථානයට අවශ්‍ය පරිදි වෙනස් කළ හැක).
චන්ද්‍රිකාවක් භාවිත කොට මහද්වීප දෙකක් අතර රූපවාහිනී විකාශනයක් කිරීම.
මුල් කාලයේ විකාශනය කළ වැඩසටහන් ඇනලොග් (Analog) ආකාරයට සිදු කළා. මෙය රුසියාව වගේ රටවල් UHF (Ultra high frequency – 470–862 MHz දක්වා ලංකාවේ සාමාන්‍ය රූපවාහිනී විකාශනය සඳහා යොදාගනියි) පරාසයෙන්ද විකාශනය කළා. (මට මතකයි මම ඔය 9-10 වසරේ වගේ ඉන්න කාලේ ලොකු dish හදාගෙන වහලෙ උඩ නැගල මේ රුසියානු රූපවාහිනී වෑඩසටහන් ලබාගන්න මහන්සි වුණා.) මීට අමතරව C band (3.7–4.2 GHz for down link හා 5.925–6.425 GHz up link සඳහා) එකද යොදාගත්තා, මේවා ලබා ගැනීමට ලොකු Dish (අඩි 7-12 වගේ) භාවිත කිරීමට සිදු විය. මේ නිසා චන්ද්‍රිකා රූපවාහිනී ලබාගැනීම ටිකක් කරදර වැඩක් වුණා, නමුත් විකාශන කලාපය රටවල් කීපයක්ම එකම චන්ද්‍රිකාවකින් කළ හැකිවීම ලොකු රුකුලක් විය, සජීවී රූපවාහිනී වැඩසටහන් හා රූපවහිනී නාලිකාවලට වැඩි ජනගහනයක් සඳහා අඩු පිරිවැයක් සහිතව විකාශනය කිරීමට හැකි විය.
ලොකු C band Dish එකක්.
පසුව මේ C band එකේ විකාශනය කරපුවා Digital විදියට කරන්න පටන් ගත්තා. මෙයට කියන්නේ DVB (Digital Video Broadcasting) කියලා. මේ නිසා වැඩ් නාලිකා ගණනක් එක Transponder එකක් මගින් විකාශනය කරන්න හැකි විය. පෙර ඇනලොග් ක්‍රමයේ දී එක නාලිකාවක් පමණයි එක Transponder එකකින් විකාශනය වුණේ.
Transponder එකක් යනු, එක radio band/channel එකක්. මෙය transceiver එකකි. ඒ කියන්නේ එක ලබාදෙන විකාශනයක් ලබාගෙන නැවත විකාශනය කරන relay එකකි. සරලව කිව්වොත්, පොලොවේ සිට විකාශනය කරන එකම දේ “A” චැනලය ඔස්සේ ලබාගෙන “B” චැනලයක් ඔස්සේ කිසිම වෙනසක් නොකර විකාශනය කරයි.
චන්ද්‍රිකාවක Transponder කීපයක් තිබේ. MPEG-2 (Moving Picture Experts Group) (MPEG-2 තමයි DVD සඳහා යොදාගන්නේ) භාවිතයත් එක්කම රූපවල පැහැදිලිකම එන්න එන්න වැඩි විය. මීට අමතරව Surround Sound 5.1, EPG (Electronic Program Guide – වැඩසටහන් විස්තරය සති කීපයක එක රූපවාහිනී තිරයේ බලාගත හැකි ක්‍රමයකි.) වගේ පහසු කම්ද ලැබුණි.
EPG රූපවාහිනී තිරයක දිස්වන ආකාරය.
Digital ක්‍රමයේදී එක Transponder විකාශන හැකියාව මනින්නේ එයට ඇති bandwidth එක මගින්. මෙය 27Mbps, 47Mbps වැනි ආකාරයෙන් ඇත. එනම්, එක 27Mbps Transponder එකකින් නාලිකා 10යක් විකාශනය කරන්නේ නම්, එක නාලිකාවකට ලැබෙන bandwidth ප්‍රමාණය 27/10 = 2.7Mbps වෙයි, මෙය near DVD quality වෙයි.
C Band Dish වල ඇති කරදරය නිසා මේ DTH (Direct to Home) යන්න පැමිණියා. මෙය Direct broadcast satellite (DBS) ලෙසද හඳුන්වනවා. මේ ච්න්ද්‍රිකාවල විශේෂය නම් ඒවා C Band වලදී භාවිත කළ චන්ද්‍රීකාවලට වඩා බලයෙන් වැඩි වීමයි. මේවා Ku band එක ඔස්සේ විකාශනය කරයි. මේ සඳහා යොදාගන්නා Dish එක කුඩා එකක් වීම ප්‍රමාණවත් වෙනවා, 60cm වගේ. මොකද මේ චන්දිකා C Band ඒවාට වඩා බලයෙන් වැඩි නිසා.
Ku Band Dish එකක්.
චන්ද්‍රිකා විකාශනය කරන විධි කීපයක් තිබෙනවා. එකක් නම් FTA (Free-to-Air), ඕනෑම කෙනෙකුට නොම්ලේ නැරඹිය හැක. ඔය ඉන්දියාවේ දූරදර්ශන් සේවය මගින් DD Direct Plus වශයෙන් චැනල් ගොඩක් ඉන්දියාව සඳහා විකාශනය කරයි. මෙයද ලංකාවේ ඕනෑම කෙනෙකුට නොමිලේ නැරඹිය හැක. තවත් විධ්යක් තමයි Encrypted වශයෙන් කරන විකාශනය, මෙය නැරඹීමට හැක්කේ මුදල් ගෙවා ඒ සඳහා අවශ්‍ය smart card එක හා STB (Set top box) එක ලබා ගෙනය. conditional access system කියන්නේ මේවාටය. මෙය Pay-TV ලෙස හැඳින්වෙයි. ඩයලොග් TV විකාශනය කරන්නේ මෙලෙසයි.
දැනට conditional access ක්‍රම බොහොමයක් ඇත, Irdeto (Irdeto-2 ක්‍රමය ඩයලොග් TV යොදාගනියි), Video guard, Conax, PowerVu, Media guard වශයෙන් ක්‍රම ඇත. මෙම ක්‍රමවලට විකාශනය කරන චන්ද්‍රිකා වැඩසටහන් ලබාගැනීමට, එම සමාගම විසින් නිකුත් කරන ස්මාර්ට් කාඩ් (Smart Card) එකක් හා භාවිත කරන encryption සදහා යොදාගන්නා ක්‍රමයේ CAM (Conditional Access Module) සහිත රිසීවරයක් අවශ්‍යය. (මේවා මොහෝවිට චිකාශනය කරන සමාගම විසින් ලබාදෙයි) සමහර සමාගම් රිසීවරය හා ස්මාර්ට් කාඩ් එක, එකිනෙකා වෙන වෙනම භාවිත කළ නොහැකි ලෙස සකසා ඇත. Dish TV India සමාගම එක උදාහරණයකි. එම සමාගම ලබාදෙන ස්මාර්ට් කාඩ් එක එම රිසීවරය සඳහා පමණක් භාවිත කළ හැකි වන අතර, එම සමාහම විසින්ම නිකුත් කළ වෙන රිසිවරයක වුවද භාවිත කළ නොහැක. මෙම ක්‍රම විධි යොදාගන්නේ එම විකාශන චැනල හොරෙන් ලබා ගැනීම වැලැක්වීමටයි.
චන්ද්‍රිකා විකාශන ලබා ගැනීමට උපරකණ කීපයක් අවශ්‍ය වෙයි, Dish එකක්, LNB (Low-Noise Block Converter) එකක් හා Satellite Receiver (STB – Set-To-Box) එකක්. LNB එක හා Dish එක ඔබ ලබාගන්න යන්නේ C band ද Ku band ද යන්න අනුව වෙනස් වෙයි.
C band LNB එකක්.
Ku band LNB එකක්.
Dish එකෙන් කරන්නේ වන්ද්‍රිකාවෙන් විකාශනය වන signal Dish එකේ වැදී, එක ස්ථානයකට නාභි ගත කිරීමයි, එම නාභිගත වන ස්ථානයට LNB එක සවි කරයි, LNB එකෙන් එම Signal ලබාගෙන වර්ධනය කර කේබලයක් ඔස්සේ යැවීමේදී ඉහළ සංඛ්‍යාතවලට වන හානිය අඩුකිරීමට, චන්ද්‍රිකාවෙන් එන ඉහළ සංඛ්‍යාත පහළ සංඛ්‍යාත බවට පරිවර්තනය කර කේබලය ඔස්සේ receiver එකට යැවීමයි. රිසීවරයට ලැබෙන ඒ සිග්නල් රිසීවරය මගින් අවශ්‍ය චැනල් තෝරාගැනීම වගේ දේවල් කරයි. රිසීවරය මගින් ඇනලොග් වීඩියෝ (Video/Audio) රූපවාහිනිය වෙත ලබා දෙයි. (සමහරි අවස්ථාවන්හිදී මෙය ඩිජිටල් වශයෙන්ද යවනු ලැබෙයි)
වන්ද්‍රිකාවෙන් විකාශනය වන signal Dish එකේ වැදී එක ස්ථානයකට නාභි ගත වන ආකාරය.
දැනට SDTV (Standard Definition Television) හා HDTV (High Definition Television) වශයෙන් විකාශනය කරයි. නමුත් දැනට දකුනු ආසියාවේ මේ HDTV චන්ද්‍රිකා මගින් විකාශනය නොකරයි. (ජපානයේ HDTV වන්ද්‍රිකා මගින් විකාෂනය කරයි) මෙයට එක හේතුවක් නම් HDTV සඳහා යොදාගන්නේ MPEG-4 වන නිසා SDTV සදහා යොදාගන්නා රිසීවර්වල MPEG-4 සදහා අවශ්‍ය සහය නැතිවීම හා HDTV සඳහා යොදාගන්නා output’s (DVI, HDMI හෝ Component) නැතිකම. software update කළ හැකි වුවද MPEG-4 සදහා, බොහෝමයක් රිසිවර්වල MPEG-2 dicoder එක Hardware chip එක්ක වශයෙන් මිසි software වලින් නොකිරීම. MPEG-2 මගින් වුවද HDTV විකාශනය කළ හැකි වුවද මේ සඳහා යන bandwidth ප්‍රමානය විශාලය. එම නිසා එක transponder එකකින් විකාශනය කළ හැකි චැනල් ප්‍රමාණය චැනල් 3-4 කට සීමාවෙයි.
හරි දැන් බලමු කොහොමද මේ වන්ද්‍රිකා විකාශනය කරන්නේ කියලා. පළමුව වැඩසටහන් සකසන චැනලය විසින් (HBO, Start TV) up link එකක් මගින් චන්ද්‍රිකා වට ලබාදෙයි. මෙය encrypted ලෙස විකාශනය කරයි. මෙය cable TV හෝ සැටලයිට් වැඩසටහන් ලබාදෙන්නා (ලංකාවේ නම් ඩයලොග් TV හා cable TV ලබාදෙන LBN වැනි සමාගම්) විසින් ලබාගෙන ඔහුගේ uplink එක්ක යොදාගෙන මෙය encrypted හෝ FTA වශයෙන් ඔහුගේ පාරිභෝගිකයන්ට විකාශනය කරයි.
රූපවාහිනී වැඩසටහන් වලට අමටරව මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශකයන් විසින් Game, Ondemand වැඩසටහන්, multi camera (Cricket තරග නම් කැමරා කීපයකින් නැරඹීම වගේම තමන් කැමති කැමරාව තෝරාගැනීම) වැඩසටහන් වගේම සජීවී ස්කොර් වෙගේ දේවල් ද විකාශනය කරයි.
















July 13th, 2008 at 8:11 pm
මල් හතයි! නියම ලිපියක්.
July 13th, 2008 at 9:12 pm
ෂා නියමයි! මාත් බලාගෙන හිටියේ මේ වගේ සටහනක් පළවෙනකන් තමයි. බොහොම ස්තූතියි
July 13th, 2008 at 9:19 pm
එළ කිරි. නියම ලිපියක් තමා. සැටලයිට් පාවිච්චි කලාට වැඩ කරන විදිය දැනගෙන හිටියේ නෑනේ. දැන් නම් ඒකත් දන්නවා.
July 13th, 2008 at 10:14 pm
මරැම තමා. මේව ගැන දැනගන්න ලැබීම ගැන සතුටුයි
July 13th, 2008 at 10:37 pm
බොහොම අගේ ඇති ලියුමක්. අපමණ මහන්සියක් ගන්න ඇති ලියන්න. දැනුම ලබා දුන්නාට ස්තුතියි.
July 13th, 2008 at 10:51 pm
වැදගත් ලිපියක් කාලිංග
July 14th, 2008 at 6:04 am
නව ලොවකට ඇවැසි නව දැනුම දීම මහත් පිනක්
July 14th, 2008 at 12:00 pm
චණ්ද්‍රකා යනු ග්‍රහයින් නිර්මාණය වීමේදි එයට දායක නෙවී පසුකලෙක ග්‍රහයින් වටා පරිබ්‍රමණය වෙමින් පවතින ස්වාභාවික වස්තූන් බව සත්‍යය නමුත් උල්කාපාත ඒ ගනයට නොවැටේ මේන්සා උල්කාපාත ස්වාභාවික චන්ද්‍රකා වලට අයත් නෙවේ මෙය වැරදි වැටහීමකි එය නිවැරදි විය යුතුය. ප්ලුටෝ ග්‍රහයා සතු චැරොන් නම් චන්ද්‍රකාව ඒ අසලින් ගමන් ගත් උල්කාපාතයක් තම ගුරැත්වාකර්ෂන යට හසුවු අවස්ථාවක් බවට මතයක් පවතී.
ඔබගේ ලිපියේ අන්තර්ගතය ඊතාම හොඳයි.
July 15th, 2008 at 11:57 am
Jeewithaya Jayaganna Doo daruwan denuwath karanna oba sema ganna kruthahastha weyamata aneka warayak sthuthi wantha wanawa hada pathulenma. Jayawewa !
July 17th, 2008 at 10:36 am
චානක,
ස්තුතියි, නිවරදි කිරීමට.
July 18th, 2008 at 4:47 pm
චන්ද්‍රිකා ගැන ඉෙගන ගන්න අාස ෙකෙනකුට හරිම වටිනව
August 16th, 2008 at 9:28 am
මම සමහර ඒවා දැනගෙන හිටියා;ඒත් මරු ලිපිය;Free to air ගන්න ගනන් කොහොමද?
August 16th, 2008 at 10:02 am
ah, FTA (Fre-to-Air) ගන්න ලේසියි, දැනට ගොඩක් ගන්න පුලුවන් හින්දි ඒවා තමයි, ඔය ඉන්දියාවේ දෙන ඒවා, පිටකොටුවේ පලවන හරස් වීදිය පැතේ ගියානම් Ku Dish + LNBF එකක් හා Receiver එකක් ගතනම්
http://www.lyngsat.com/in4b.html
ඕක තියන ඒවා බලන්න පුලුවන්.
මම ගොඩක් කාලෙකට කලින් ලියපු එකක් තියනවා මේක ගැන, හැබැයි NSS6 Sat එකට දැන් DD-Direct දුවන්නේ Insat-4B එකේ.
http://k2.on.lk/sat.php
August 16th, 2008 at 2:23 pm
Thanks a lot aiya.what about the prices ?Where to buy PC-based FTA satellite receivers ?coz I usually use PC to watch and capture Tresstial TV also;(Coz i’ve a very old mono TV;with PC greater quality
)
August 16th, 2008 at 4:00 pm
Well, the PCI DVB card will cost you around Rs10,000 ++ and a receiver would be around Rs.7500, the LNBF will be around Rs.1000 & the Dish is around Rs2500.00
if you wish i can give you a FTA Receiver for Free
that you can plug in to your TV card on your PC.
August 16th, 2008 at 8:00 pm
thanks aiya but i’m at kandy;like malinthe;
i’ll try to find a FTA reciever.ape allapu gedara ekak thiyenawa;ekata enne Jayajath kiyala sat ekakin.eke BBC ehemath thiyenawa DD ara
August 16th, 2008 at 8:04 pm
මලයා, ඔයට වැරදිලා “Jayajath” කියලා එකක් නෑ, ඔය receiver එක configuration කරපු කෙනා දාපු නමක්
මම දන්න තරමින් BBC එක FTA දෙන එක නවත්තලා ගොඩක් කල්.
August 17th, 2008 at 9:46 am
අපොයි මාව ගොනාට අන්දලා! අයියා කේ1,කේ2 කියන්නේ මොනවාද?ටීවී ලංකා එහෙම දෙන්නේ සි බෑන්ඩ් විතරද?ලංකාවේ ඒවා?
අයියාට බොහොම පින්!!!
August 17th, 2008 at 10:21 am
දැනට Ku වල ලංකාවේ චැනල් FTA බලන්න පුලුවන් වෙන්නේ, The Buddhist TV එක Intelsat 12 හරහා, ST 1 හරහා TV Lanka, Edusat හරහා Channel Eye බලන්න පුලුනි.
k1 හා k2 නම් ඔයා කොහෙද දැක්කේ ?
August 17th, 2008 at 12:55 pm
ආ;කේ1 එහෙම කියන්නෙ සිතියම් නේද?
http://www.lyngsat.com/freetv/Sri-Lanka.html
යමාල් 202 කියන එකෙන් ටීවී ලංකා 2;ටීවී ලංකා රේඩියෝ ඇතුලුව වෙන රටවල නාලිකාත් දෙනවා කියලා මම දැක්කා
August 17th, 2008 at 1:14 pm
යමාල් වල එන්නේ C-BAND, ” Beam” කියන එක බලන්න, ඒකේන් බලාගන්න පුලුවන් ලංකාවට අවාරනය තියනවාද කියලා.
ගොඩක් එන්නේ
http://www.lyngsat.com/asia3s.html
http://www.lyngsat.com/asia2.html
August 19th, 2008 at 4:31 pm
Aiya ada mama prices baluwa
FTA Reciever Rs4500 up
LNBF ku Rs700
Dish ku Rs1900
Reciever brands godak kiwwa;ona ekak kamak nadda?mewage card slot nam ne
mokada adahasa?
August 19th, 2008 at 4:39 pm
මේකයි, ලාබ ඒවාගේ සිග්නල් හා Audio/Video Synchronization වගේ අව්ල් එනවා. පුරුදු වෙන්නනම් මේවා හොදයි. සැටලයිට් ෆයින්ඩර් එකක් ගන්න, ඒක Rs.1500 වගේ වෙයි, ඒක ගොඩක් වැදගත් වෙයි, අනික Blind Scanning තියනවානම් තව්ත් හොදයි.
අනිත් එක ඔය කාඩ් ස්ලොට් තුබුනාට වැඩක් නෑ,කාඩ් වෙන ඒවාගේ ඒවා වැඩ කරන්නේ නෑ, ඒකනිසා මහන්සි වෙන්න එපා
August 19th, 2008 at 5:40 pm
blind scaning kiyanne mokakda?manual tuning wage ekakda?kohomada honda reciver ekak thora ganne?digital finder ekada 1500? me kandy wala aiya owa thiyenawada manda?mehe motherboard ekak hoyanna unath puduma gamak denna one;selections adui
August 19th, 2008 at 7:03 pm
මම නම් දන්නේ නෑ නුවර තියනවා කියලා, මම කිව්වේ සැටලයිට් finder එකක්, ඒක ඇනලොග් එක ලාබයි.
blind scanning කියන්නේ receiver එක විසින් සැටලයිට් එකේ transponders හා frequencies හොයාගන්න එක.
එහෙම හොද මොක්ද්ද කියලා කියන්න අමාරුයි, මොකද ඔය ඔක්කොම චීන ඒවා නිසා, ඔය Humax වගේ ඒවා හොදයි, ඒත් ටිකක් මිල වැඩි වෙන්න පුලුවන්.
August 19th, 2008 at 9:06 pm
blind scaning nathnam kohomada hoya ganne?
mama mehema gahanne XP sp3 daala sinhala kela wela inne
August 19th, 2008 at 9:13 pm
Blind Scanning නැත්නම් lyngsat වගේ එකකින් බලලා Transponder information manually දාන්න ඕනේ.
SP3 වල සිංහල දාගන්න මේක කියවන්න.
http://sinhala.kalingasblog.com/2008/04/15/how-to-install-sinhala-tamil-unicode-support-in-windows-step-by-step-guide/#comment-346
September 21st, 2008 at 1:05 pm
නියම ලිපියක්.
ස්තූතියි.
November 2nd, 2008 at 12:21 am
නියම ලිපියක්.
November 5th, 2008 at 2:43 pm
dish eke angle hadana thana A 0-50 & B 40-90 ta elevation hadanna ekai kiyanawada?elevation hadana hati
January 23rd, 2009 at 12:56 pm
Ela machan, Niyama article ekak. me wage ewa thawa liyala dapan. good luck
May 16th, 2009 at 8:18 pm
හොඳ post 1ක්, ගොඩක් මහන්සි වෙලා වගේ. මේ දේවල් ගැන වැඩිය මං දැනං හිටියේ නෑ.
“මට මතකයි මම ඔය 9-10 වසරේ වගේ ඉන්න කාලේ ලොකු dish හදාගෙන වහලෙ උඩ නැගල මේ රුසියානු රූපවාහිනී වෑඩසටහන් ලබාගන්න මහන්සි වුණා”
ඉතිං වැඩේ හරි ගියාද?, දැන් එහෙනම් රුසියනුත් පුලුවන් ඇති නේ?
“රුසියාවෙත් එහෙමයි” ද?
May 16th, 2009 at 9:06 pm
@Chathura Sandeepa
සිංහල වත් හරියට බැරි එකේ මොන රුසියන් ද ?
May 16th, 2009 at 10:50 pm
නියමයි….!!!
ගොඩක් ස්තූතියි
November 17th, 2009 at 9:47 am
thanks kalinga aiya
sat disk eka kohamda sattalite ekata set karanne
man sahena duk vinda (lyngsat eken baluwa)
mata channels allagana beri una.passe kenekwa genna gatta
mama asai igenaganna.kohamada aiya karanne
November 17th, 2009 at 10:23 am
@indunil
මම සැටලයිට් සොයනයක් (Sat Finder) එකක් යොදාගන්නවා, ඇන්ටෙනාවක් වගේ නොවෙයි, Sat එකක් අගලක් එහා මෙහා උනත් එන්නේ නෑ, ඒක නිසා මේවාගේ එකක් යොදාගන්න එල ලේසියි.
January 2nd, 2010 at 10:26 pm
kaling ayye man inne ambathale water tank eka hariye man gawas dish dekakma thiyenwa lnb reciver thiyenwa eth mata eka satelite ekak wath hoya ganna baha barida mata podi help ekak denna satelite finder ekak wage hoyaganna bariweida,
thanks
January 2nd, 2010 at 10:30 pm
@Gayan
සැටලයිට් ෆයින්ඩර් එකක් තියනවානම් ලේසියි, මොකද බලන්න යන සැට් එක, දාපු සෙටින්, රිසිවර්, වගේ විස්තර දුන්නොත් මීට වැඩිය උදවුවක් දෙන්න පුලුවන් වෙයි.
January 2nd, 2010 at 10:33 pm
bohoma sthuthi ikman reply ekata,
ehema man meheta weda karana satelite monawada kiyala danumak naha,
man doha waladi nam baluwe eurobird and arabsat kiyana deka,
eth ewa lankawa awaranaya karanne naha nedha ,
man inna pradeshya anuwa signal ganna puluwan ita amatharawa wedgath channels thiyena satelite dekak kiyanna puluwannam loku udawwak,
satelite finder ekak nathuwa karaganna puluwan kramayk nam godak hodai,
wisheshama dea eka dish ekak adi 3 k withara athi anika nam ara dialog tv sixe ekak thanks.
January 2nd, 2010 at 10:42 pm
@Gayan
මට පේන විදිය ඔයා පිටරටින් ගෙනාපු රිසිවර් එකක් යොදාගන්න හදන්නේ, ඒක FTA නෙවෙයි නම්, ඒ කියන්නේ Card දාන වර්ගයේනම් වැඩ කරනේ නෑ. මේ සදහා FTA Receiver එකක් ඕනේ.
ලේසිම Insta 4B කියන එක, මේකට ඕනේ අර පොඩි, ඩයලොග් සයිස් Dish එක.
http://www.lyngsat.com/in4b.html
January 3rd, 2010 at 9:43 am
bohoma sthuthi ayye thiyenne nam FTa reciver ekak eurostar kiyala thamai reciver eke thiyenne blind serch okkoma thiyenwa man inna paththa anuwa hadanna oney settings monawada ayye
January 3rd, 2010 at 9:45 am
@Gayan
http://k2.on.lk/sat.php
September 8th, 2010 at 10:12 am
Is there a DVI port in Dialog Satellite receiver
September 8th, 2010 at 10:17 am
@Dananjaya
no DVI or HDMI, it only has composite and component. if the TV supports you can use component, its better then composite video.
September 8th, 2010 at 10:33 am
I have a LED TV with dvi port and resolution 1080p. if i buy a dialog tv receiver, how i assemble to best quality?
September 8th, 2010 at 10:40 am
@Dananjaya
since dialog only broadcasts SD (Standard Definition) max resolution in PAL is 480i, but a DVD has 5 check if your TV has component video (Blue, Read,. Green Jacks) use the component, its better then compost (Yellow) video connection.
thats a good way of getting most out of your sat box. most of the time for normal people its hard to see the deferance in composite and component. but component has more bandwidth and better sharpness.
September 8th, 2010 at 11:08 am
My TV has Component (Y/Pb/Pr). how i assemble??
September 8th, 2010 at 11:57 am
Do you know about LED TV??
September 8th, 2010 at 12:08 pm
@Dananjaya
just match and connect the colors
there is no such thing as LED TV’s as yet, they are LCD’s having LED backlights or edge lights, that replace the OLD LCD Florescent backlights.
there are such call OLED (AMOLED) but the biggest TV you can get with an AMOLED is around 27″ and that close about $10,000
http://en.wikipedia.org/wiki/Active-matrix_OLED
http://en.wikipedia.org/wiki/Sony_XEL-1
September 8th, 2010 at 12:23 pm
Are you sure, Is there component video (Blue, Red,. Green Jacks) in Dialog TV satellite receiver?
Normally (Always) Dialog TV give Media in PAL 480i?
Pls. Help Me!!!!!!!!!!!
September 8th, 2010 at 12:28 pm
@Dananjaya
Yes, its there. even on PeoTV
yes
since dialog only broadcasts SD 
the the receiver dialog gives is an SD receiver, not HD
September 8th, 2010 at 1:26 pm
Thankzzzzzzzzzzzzzz……………..
September 9th, 2010 at 9:27 am
If i request Dialog to give me a HD receiver,
Are they give it?
how much will the price?
September 9th, 2010 at 9:28 am
if i have a HD receiver, will quality HD??
Dialog give HD Videos to the air??
September 9th, 2010 at 10:55 am
@Dananjaya
read my last comments.
“Dialog only broadcast in SD”
yes, if you have a HD receiver with HD channels, then yes you will get HD quality.
read my last comments
“Dialog only broadcast in SD”
September 9th, 2010 at 11:06 am
Normally TV Channels (Rupawahini, Swarnawahini, Derana) broadcast in SD??
September 9th, 2010 at 11:10 am
Normally TV Channels (Rupawahini, Swarnawahini, Derana) broadcast in SD??
What is the Quality? 480i or 320i or 352×240 ??
September 9th, 2010 at 11:21 am
@Dananjaya
Yes, there is NO HD broadcasting done in Sri Lanka including Dialog & peoTV
SD in PAL is 480i
September 10th, 2010 at 8:15 am
There is a problem.
Dialog TV Satellite receiver has only 3 jacks (yellow, red, white)
How i assemble to get highest quality?
Is there a cable – video jack(yellow) to component video (Blue, Red,. Green Jacks)
September 10th, 2010 at 11:10 am
@Dananjaya
then your out of luck, only way is to use the composite video.
the Dialog receivers i have seen have both Optical Audio and Component Video outs.
maybe the once they give now don’t have it.
there is not much you can do. and there is no point converting composite to component.
September 10th, 2010 at 12:15 pm
Can i connect using s-video and sound(red and white cables)?
Will the quality better than yellow jack?
September 10th, 2010 at 12:51 pm
Yes, S-Video is better then composite (Yellow)
September 10th, 2010 at 12:59 pm
S-video is the jack only transfer video,?
Does it transfer sound?
September 10th, 2010 at 1:04 pm
@Dananjaya
best way of learning is experimentation.
2nd is read about each technology you experiment with.
http://en.wikipedia.org/wiki/Component_video
http://en.wikipedia.org/wiki/S-Video
http://en.wikipedia.org/wiki/Composite_video
yes, s-video only transfer video.
September 10th, 2010 at 1:21 pm
Pls. tell me another way of connect audio wires to get better than red and white jacks..
September 10th, 2010 at 1:25 pm
@Dananjaya
check the audio output types you have on your source device, then check the type of inputs that you have on your input device, read about each type of input/output and use the best one.
September 10th, 2010 at 1:28 pm
Is s-video more bandwidth and better sharpness than yellow jack??
September 10th, 2010 at 2:08 pm
can you tell me about “more bandwidth”
September 10th, 2010 at 2:33 pm
@Dananjaya
since your questions are not related to Sat TV any more, join this group… you will be ables to ask and answer questions. http://groups.google.com/group/techkatha
September 11th, 2010 at 6:44 pm
What means “DVD Quality”?
September 13th, 2010 at 2:16 pm
Pls help me…..
December 15th, 2010 at 3:59 pm
kalinga ayya mpeg 4 receiver ganan kiyada kohendagannane
December 15th, 2010 at 4:05 pm
mpeg4 receiver 1kak colombo ganan kohomada
February 25th, 2011 at 11:34 am
nice post. thanx
March 8th, 2011 at 11:26 am
Which is the best way to connect DTV receiver to LED TV?
S-Video to component cable OR component to component cable OR component to HDMI ?
March 8th, 2011 at 11:30 am
@Dananjaya
HDMI
June 8th, 2011 at 1:05 am
dish eka premane loku wana weta lnb ekath ku band walade marukaranne onada?
September 1st, 2011 at 7:07 pm
අන්ඩුවෙන් අවසරයක් ගන්න අවශ්‍යද සැටලයිට් ඩිශ් එකක් භවිතා කරන්න…..
November 7th, 2011 at 4:02 pm
aiye mama sat. ekak aragena set kala , bubble ekata ganata bar eka set karala hariyatama set kala but signale enne nene ekagena visthara tikak menna- reciever eka – primium x lnb -univercial (sharp) , dish eka 90cm -eurogold . recv. eke thiyenava AGC , BER kiyala signal 2 k AGC – 80% k BER 30% katavada vedi venne nene , aiye eurogold dish ekata FTA signal enna elevation eka 30ta th vada aduvenna oneda e kiyanne dish eka godak pahalata enna onene . mata mekata help ekak denna puluvanda aiye
December 5th, 2011 at 11:35 am
අයියා,
දෙමල හින්දි චැනල් නම් මට අරහං.
මගෙ ලඟ pc 1යි tv card 1යි විතරයි තියෙන්නෙ.
වර්තමාන තත්වයන් එක්ක පිටරට චැනල් බලන්න මම මොනවද ගන්න ඕනෙ.