No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

ව්න්ඩෝස් විස්ටා tricks හා Speed Boosting (Readyboost)

මම වින්ඩොස් විස්ටාවල තියෙන tricks වගයක් හොයාගත්තා. විස්ටා එක්ක සෙල්ලම් දාගෙන ඉන්නකොට…. මෙන්න ඒවා ගෙන් ටිකක්… එකක් තමයි තමන්ගේ favorite programs කී බෝර්ඩ් (Keyboard) එක මගින් start කරන එක, අනික windows explore වගේ ඒවාගේ menu bar එක show, hide කිරීම. Alt-Tab මගින් running application අතර මාරුවෙනවා වාගේ task bar එකේ ‍ඇති application අතර මාරුවන්නේ කොහොම්ද කියලා, අන්තිම එක RAM මදි නම් වින්ඩොස් විස්ටාවල ඇති ready boost පාව්ච්චි කර ප්‍රොග්රෑම් වේගය වැඩ්කරගන්නා ආකාරය.

1. තමන්ගේ favorite programs කීබොඩ් (Keyboard) එක මගින් start කරන්න

පළමුව කැමති programs Quick Launch වෙත දාන්න, මෙය shortcut එකක් drag and drop මගින් දැමිය හැක. නැත්නම් quick launch එක මත right click කොට open folder වෙත ගොස් ඔබගේ කැමති program එකට shortcut එකක් දමන්න.

දැන් ඔයාගේ ව්ම් පස සිට එක එක program එක නොම්මර මතක තබාගන්න, මගේ විදියට, (1=show desktp 2=switch windows 3=internet explora 4=skype etc) මේ ආකාරයට ඔබට program 10 යාහැක, අනිතිම එක “0” ලෙස. දැන් මට Skype start කරන්න. මම “Windows Key + 4” එකවර ඇතුළු කිරීම පමණයි. ඔය වගේ Windows Key එක හා අදාල program එකේ අංකය ඇතුල් කිරීම පමණයි.

2. Windows Explore/Folder Windows වගේ ඒවාගේ Classic Menu Bar එක show, hide කිරීම.

Normal විදියට පෙනන ආකාරය, දැන් මෙනු එක ලබාගැනීමට “Alt” key එක ඔබන්න,

ඔන්න තියනව XP වල වගේ classic මෙනු එක.

3. තව shortcut විදි. (සමහර ඒවා වෙන වින්ඩොස්වලද වැඩ කරනවා)

* “Windows Key + T” task bar එකේ ඇති program අතර මාරුවෙන්න.

* “Windows Key + Spacebar” Windows Sidebar එක foreground වෙත ගෙන එයි.

* “Windows Key + L” පරිගණකය ලොක් කරයි.

* “Windows Key + E” වින්ඩොස් Explore එක open කරයි.

තව ගොඩක් දේවල් මේ link එක මගින් http://support.microsoft.com/kb/126449 හා http://support.microsoft.com/kb/301583 වින්ඩොස් XP

4. Speed Boot කිරීම වින්ඩොස් විස්ටාවල ඇති ReadyBoost බාවිතාකොට.

මොකද්ද මේ කියන්නේ කියල හිතනවා ඇති, මේක නියම විදියක් පරිගණකය වේගවත් කර ගන්න RAM අඩු නම් හා, SWAP/Page File එක ගොඩක් භාවිත වෙනවනම්, පරිගණකය වේගවත් කරගන්න. මේක වින්ඩොස් විස්ටාවල Windows SuperFetch කියන intelligent memory management වල එන දෙයක්, මේකට කියන නම තමයි ReadyBoost. මේක කරන්නේ Flash Drive එකක හෝ Thumb Drive එකක USB හරහා සම්බන්ධ කර එය RAM එකක් හැටියටභාවිත කිරීම. මේ සඳහා high speed USB2 drive එකක වෙන එක ගොඩක් හොඳයි.

හරි, කරන්නේ මෙහෙමයි, high speed usb drive එකක් usb එක සවි කරපු ගමන් usb එක ReadyBoost සදහා වේගවත්නම් මේ ආකාරයට පෙනෙයි.

“Speed up my system” වෙත ගොස් ඔබට ReadyBoost සදහා වෙන් කරන ඉඩ ප්‍රමාණය දෙන්න අඩුම වශයෙන් 250mb වත් වෙන්කළ යුතුයි.

මතක තියාගන්න Readyboost වලට වෙන් කරන ඉඩ වෙන එකකට භාවිත කරන්න නොහැකියි කියලා. මෙය තව ආකාරයකට කරන්න පුලුවන්, Computer –> right click on the usb drive –> Properties –> ReadyBoost ලෙස.

Share

10 Responses to “ව්න්ඩෝස් විස්ටා tricks හා Speed Boosting (Readyboost)”

  1. නිදහස Says:

    ReadyBoost ගැන මම අදයි දැන ගත්තෙ.ස්තූතියි කියල දුන්නට.

  2. කාලිංග Says:

    ඒකේ ලොකු වෙනසක් තියනවා application ගොඩක් දුවනකොට. හැබැයි වේගවත් usb drive එකක් වෙන්න ඕනේ.

  3. නිදහස Says:

    ආ . මම හිතන්නෙ අපි net beans, apache, my sql බගේ ඒවා ගොඩක් දුවන කොට මේක හරි ප්‍රයෝජනවත් වෙයි.

  4. Asp Says:

    vrey good tricks

  5. හර්ෂණ Says:

    Windows Explore/Folder Windows වගේ ඒවාගේ Classic Menu Bar එක show කරන්න F10 යතුර ඔබන්න. එය තමා විස්ටා වල සාමාන්‍ය භාවිතයට ගන්නෙ.

  6. Zanhar Says:

    ReadyBoost ගැන කියල දුන්නට ස්තූතියි..

  7. Madhawa Says:

    If u are using Vista Aero theme (Not available in Vista Home Basic) press Win Key + Tab button to experience the new way to switch between opened windows…
    Even in Basic packages this can be achieved by a registry hack..
    Enjoy 🙂

  8. කුසුම්සිරි එදිරප්පුලි Says:

    ReadyBoost වලට verbatim pen drive එක හොදට ගැලපෙනව, වේගය හොදයි…

  9. එදිරප්පුලි Says:

    කුබුනුටු වලට canon lbp810 ප්‍රින්ටරය ඉන්ස්ටෝල් කරන්න පුලුවන් ද

  10. කාලිංග Says:

    cups වල තියනවා, ගොඩක් වෙලාවට ඔය LBP ඔක්කොම එකම diver එක වගේ තමයි.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed