ලිනක්ස් දොර මුල්ලට, වින්ඩොස් විස්ටා එලියට….
දුකයි, ඒත් අන්තිම මට ලිනක්ස්වලට සමුදෙන්න වුණා ! මේකට හේතුව මගේ අළුත් ලැප්ටොප් එක. මොකද ඒකේ wifi හා sound card එක හරියට වෑඩකරන්නේ නෑ ලිනක්ස්වල. මම ගොඩක් උත්සාහ කළා මේක හදා ගන්න, හරි ගියේ නෑ. kubuntu හා fedora දෙකම බැලුවා. madwifi හා ndiswrapper දාලා බැලූව wifi වලට, ALSA කීප වතාවක් දැම්මා sound වලට. sound ආවත් හරි Quality එකක් නෑ…. බැරිම තැන Windows Vista දැම්මා, මොකද ලැප් එක එක්ක ආපු නිසා. ඇත්තටම ගොඩක් හොඳයි වගේ…. මේක තමයි Windows වල ඉදන් ලියන පලමු බ්ලොග් පොස්ට් එක
Windows Live Writer පාව්ච්චි කරන්නත් අදහසක් තියනවා මීට පසු බ්ලොග් එක ලියන්න.
ඔබ ලිනක්ස් ලෝලියෙක් නම් මෙතනින් එහාට කියවන්න එපා
ගොඩක් අය කියන්න පුලුවන් ලිනක්ස්වල අරක දාලා මේක දාලා කරන්න පුළුවන් කියලා. මම මේ ලිනක්ස්වලට සමුදුන්නේ මගේ ලැප්ටොප් එකේ පමණයි. මම ලින්ක්ස්වලට කැමතියි, අම්මා ළමයගේ වැරදිවලට බනින්නේ ළමයට තියන ආදරයට, ඒ වැරදි හදාගන්න. නමුත් මගේ හැඟීම OS එකක් කියන්නේ අපි කරන්න ඕන දේ ලේසියෙන් කරගන්න උදව් වන එකක් මිස, ඔලුවෙ අත ගහගෙන දවස් ගණන් කල්පනා කර කර ඉන්න්න ඕන දෙයක් නොවෙයි. මේක ලියන වෙලාවේ අපේ මේ Danishka පැය 5-6 සිට එයාගේ ලිනක්ස්වල MIC එක හා Skype හදාගන්න බැරුව දඟලනවා.
FOSS කියන්නේ හොඳ දෙයක්, නමුත් Linux User Friendly Desktop OS හැටියට ගොඩක් පසුපස ඉන්නේ. Hardware හා User අතරේ සම්බන්ධතාව හරිම basic විදියට තමයි ගොඩක් වෙලාවට ඇත්තෙ, Hardware වල ඇති Full Features හරියට භාවිත වෙන්නේ නෑ. උදාහරණයක් ගත්තොත්, මගේ Sound Card එකේ SPDIF, Virtual Surround Sound, MIC Select, Jack Detection මේකිසි දෙයක් හරියට වැඩකරන්න GUI (User Interface) එකක් නෑ ලිනක්ස්වල.
මේකට එක හේතුවක් තමයි, Hardware Vendor (සාදන්නා) driver එකක් ගොඩක් වෙලාවට ලිනක්ස්වලට නොදීම, දුන්නත් ඒක basic driver එකක් වීම හා අනෙත් ලිනක්ස් developers හදන්නේ ගොඩක් වෙලාවට hardware device කීපයකට හරියන එක diver එකක් සෑදීම, මේනිසා සමහර hardware වල ඇති features නැතුව යනවා.
මම මේ කියපුවයින් අපේ යලුවෝ ගොඩකගේ හිත් රිදෙන්න ඇති, නමුත් මේක ගැන සිතන්න. මම කියන්නේ බොරුද ? computer පාවිච්චි කරන සියල්ලෝම experts ලා නොවෙයි, software එකක් හදනකොට ඒක පොඩි ළමයෙකූට භාවිත කරන්න පුලුවන් වෙන්න හදන්න ඕනේ, මොකද අන්තිමට පරිගණක පාව්ච්චී කරන අයගෙන් 80% වඩා computer experts ලා නොවීම. Windows ඒක තමයි ගොඩාක් අය භාවිත කරන්නේ.
වින්ඩොස් දාලා ඔක්කොම කරන්න මට ගියේ පැය 2 ව්තර, ලිනක්ස් හදාගන්න පැය 15-20 වගේ ගියා, ඒ උනත් ඒක 100% සාර්ථක නෑ. කොහෙ හරි වරදක් නිසානේ මෙහෙම වෙන්න්නේ, මොක්ද්ද ඒ කියලා හිතා බලන්න. ලීනක්ස් අයගේ ලොකුම වරද තමයි, ඔක්කොටම කලින් Windows වලට බණින එක, මේක මහ මෝඩ වැඩක්. Windows වලද හොඳ දේවල් තියනවා, ඒවා ලිනක්ස්වලට ගන්න, ලිනක්ස් තව හොඳ කරන්න.
I love Linux, අවුරුදු ගානක් ලිනක්ස් භාවිත කළා, හම්බ කරන් කන්නේ ලින්ක්ස්වලින්, ඒත් කියන්න ඕන එක කිව යුතුයි.
Windows Vista වල සිංහල Unicode ඇතුළත්ව එන නිසා, සිංහල Unicode install කරන්න ඕනේ නෑ, සිංහල Unicode Input support (Wijesekara Keyboard) Start –> Control Panel –> Regional and Language Options –> Keyboards and Languages –> Chnage keyboards.. –> Add –> Sinhala (Sri Lanka) select කරන්න Sinhala පසුව “OK” and “OK” කිරීම පමණයි. සිංහල rendering IE7 වල හොඳට වැඩ.






June 22nd, 2008 at 7:47 pm
කතාව ඇත්ත
හැම එකකම හොඳ සහ නරක තියෙනවා. කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම හොඳයි කියන්නවත්, සම්පූර්ණයෙන්ම නරකයි කියන්නවත් බෑ.
මාත් ජොලියට කුබුන්ටු දැම්මට වින්ඩෝස් අතඇරලා නෑ
June 22nd, 2008 at 8:24 pm
කතාව ඇත්ත. ලිනක්ස් කට්ටිය භාවිත කරන අය ගැන හිතනවා මදි. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඒක එපා වෙන්නෙ
June 22nd, 2008 at 8:27 pm
මෙන්න මලින්ත හා මා අතරේ උන කතාබහක්….
~~~~~~~~~~~~~~~~~
Malinthe: සිරාවට බං මට නම් තදවෙන්නෙ ලිනක්ස්කාරයො අනිත් ඒවට බනින එකට තමා
me: හම්… එක තමයි වරද
Sent at 8:52 PM on Sunday
me: තමන්ගෙ ඇහේ තියන පොල්පරාලේ පේන්නේනෑ, අනුන්ගේ ඇහේ තියන පොල් කීර ගැන කතව
Malinthe: talfk ඒකනෙ
Sent at 8:54 PM on Sunday
Malinthe: දැන් බලන්න මම කුබුන්ටු වලින් tv ekata nvidia fullscreen video kramayak beluwa harigiye nene. win wala nam patas gala daganna puluwan
me: eeka thami mama drivers gana kiwe
oka thami lokuma issue eka
Sent at 8:55 PM on Sunday
me: hardware eka full features use karanna be
Malinthe: ow
Sent at 8:57 PM on Sunday
Malinthe: ලිනක්ස් දෙවිවරුන්ට තියෙන්නෙ ඕක දියුණු කරන එක
බැන බැන ඉන්නෙ නැතුව
me: හික්…
ඒක හරි…
Malinthe: හික් හික්
Sent at 9:01 PM on Sunday
Malinthe: අයියෝ මට හොඳ kde theme එකක් හොයලා දියන්කො
me: අනේ මම දන්නේ නෑ
Malinthe: ඇයි බං
උඹ ඉස්සර පාවිච්චි කොරේ?
me: ඒ ආපු එකක්
Malinthe: බලපංකො ඉතින් තව එකක්. මේවට තීම් හොයන්න ගියාම එපාවෙනවා. බලපංකො වින්ඩෝස් වලට කොච්චර ‘හොඳ’ තීම් තියෙනවද කියලා
මේවට තියෙන ඒවා දැක්කම වමනෙට එනවා
me: ඕක දාපන් බ්ලොග් එකේ
Malinthe: ඒ වගේ එකක් දැම්මා
me:
ඒක මම කියෙව්වා
Malinthe: බලපං මේවයෙ තියෙන්නෙ source
අපි අරගෙන කොම්පයිල් කොරගන්නත් ඕන
me: හික්…..
ලිනක්ස් හදන අය හිතාගෙන ඉන්නේ සියල්ලොම
expert ලා වෙන්න ඕනේ කියලා
Malinthe: ඔව්
මං සමහර ෆොරම් වල එහෙම දැකලා තියෙනවා එහෙම කතා
linux is for geeks etc etc.
me: හික්…
Sent at 9:15 PM on Sunday
me: කොහොමද කියන්න ඉතින් ඕක අනිත් මිනිස්සු පාවිච්චි කරන්නේ
Malinthe: ඒකනෙ
~~~~~~~~~~~~~~~~~
ඕක තමයි ගොඩක් අයගේ ලිනක්ස් ගැන හැගීම.
June 22nd, 2008 at 8:35 pm
මරු . දැන්වත් ලිනක්ස් අයගේ නෙත් පෑදේවා. යමක් ඉගෙන ගැනීම ආභරණයක් කර ගන්න නරකයි. ඒක තමන්ගෙ වැඩ කටයුතු වලට යොදා හත්තම ඇති. ඒකයි ලිනක්ස් වල වැරැද්ද
June 22nd, 2008 at 8:39 pm
මම දැන් කුබුන්ටුත් පාවිච්චි කරනවා. ලිනක්ස් පාවිච්චි කරන මිත්‍රයොන්ගෙන් හොඳ සහයක් ලැබෙනවා. ඒත් අන්තර්ජාතික ෆෝරම වලදී එහෙම සමහර වෙලාවට දකින්න ලැබෙන ප්‍රතිචාර එහෙම පිළිගන්න බැහැ.
June 22nd, 2008 at 10:18 pm
උපේක්‍ෂාවෙන් බලා සිටින්නේමි….
June 23rd, 2008 at 9:05 am
මටත් ඔය ගැටලුවම ආව වසර කීපයකට උඩදි ඒක නිසා දැන් මතකයක් වත් නෑ.ඔබ wifi extender යක් භාවිතා කරනවද???
http://www.sitecom.com/product.php?productname=Wireless+Network+Range+Extender&productcode=WL-130&productid=411&subgroupid=40
June 23rd, 2008 at 9:17 am
සම්පත්,
මේක සිග්නල් ගැටලුවක් නොවෙයි, මගේ wifi එක ලිනක්ස් detect කරන්නේ නෑ. ඒකයි ගැටලුව.
June 23rd, 2008 at 11:39 am
විවෘත මෘදුකාංග දිහා විවෘත මනසකින් බැලිය යුතුයි. දෘඩකාංග හදන අය ඒවා වැඩ කරනවද බලන්නේ, drivers ලියන්නෙ windows වලනෙ.
සාමාන්‍ය පරිගණක අවබෝධයක් ඇති අයටත් ලිනක්ස් හදන්න ගත්තෙ මෑතකදි. 1995 පටන් ගත් මට ලොකු වෙනසක් පෙණුනද, මෑතක ලිනක්ස් යොදවන අයට පෙනෙන්නේ දුර්වලතා විතරයි. නමුත් ලිනක්ස් වල වර්තමානය සැලකූ විට, එහි අනාගතය ගැන ලොකු බලාපොරොත්තු ඇතිකර ගත හැකි වෙනව.
තමනට අවශ්‍යදේ කරගන්න බැරිනම් මෘදුකාංගයෙන් වැඩක් නෑ. නමුත් ලිනක්ස් වල වෙනම වටිනාකමක් තියෙනව. එමනිසා එය ද භාවිතා කල යුතුයි. Dual boot කලාම දෙකම තියෙනව. ටික කලකින් දැනගන්න ලැබෙයි මුලින් වැඩ නොකල දේ පහසුවෙන් වැඩ කරවන්න පුලුවන් කියල. එතකොත ටිකින් ටික ඒ පැත්තට boot වෙනව
දැන් බොහෝ පරිගණක හදන සමාගම් ලිනක්ස් වැඩකරනවද කියල ඇත්තෙන්ම සොයනව. මෙසේ ටිකින් ටික දෘඩකාංග ලිනක්ස් සමගද වැඩකරනවද කියල ඒවා නිපදවන අය බලනව. ලඟදිම ලිනක්ස් වලද හැමදේම “ටක් ගාලා” වැඩකරයි! දොර ඇරිය වගේ. එතෙක්, ජනේලයකුත් ඇරගෙන ඉවසගෙන ඉන්න……….
June 23rd, 2008 at 12:22 pm
නන්දලාල්,
ඔයාගේ කතාව ඇත්ත, තාම උනත් ලිනක්ස් නිපදවන අය මේ User Friendly කියන දේ තෙරුම් අරගෙන මදි.
දෘඩකාංග හදන අය ඒවා වැඩ කරන්න හදන්නේ නැති එක හේතුවක් තමයි, ලිනක්ස් වර්ග හා එකම වර්ගයේ එකම version එක උවද ඒවාගේ ඇති වෙනස්ක්ම්, (Dependency issues etc) හා kernel version වල හා එයට අදාල සහය පිලිබද ඇති බාදක.
තව කාලයක් යනකොට හරියයි, ඒත් linux අයගේ මේපිලිබදව ඇති attitude වනස් විය යුතුයි.
ඔයගේ ලින්ක් වලට ස්තුතියි, මම ඔය හැම එකම කලා, හරිගියේ නෑ. බාගෙට තමයි හරියන්නේ, stable නෑ.
June 23rd, 2008 at 2:48 pm
කාලිංගගේ සමහර අදහස් වලට මා එකඟයි. ඔය geek attitude ප්‍රශ්නේ ගැනත් මා එකඟයි.
හැබැයි ග්නු/ලිනක්ස් හදන්නේ දෙවිවරු නොව සාමාන්‍ය මිනිස්සුම වන අතර ඔවුන් සැම විටම කරන්නේ එය දියුණු කරන එක නේද?
මට කාලිංග තරම් ලිනක්ස් ඉතිහාසයක් නැහැ. තාම ලිනක්ස් භාවිතා කරන්න අරන් අවුරුදු දෙකක් වත් නැහැ. වින්ඩෝස් අවුරුදු දහයකට වඩා භාවිතා කර තිබෙනවා. තාම කරනවා. වින්ඩෝස් වලත් සමහර වැඩ අමාරු වෙලා තිබෙනවා.
හැබැයි සමාන්‍යයෙන් දැන් හැමදේකටම වගේ ලිනක්ස් භාවිතා කරනවා. ඒ අත්දැකීම් අන් අයත් එක්ක හුවමාරු කර ගන්නවා.
මා අවුරුදු දෙකකින් ලිනක්ස් කරදරයකින් තොරව භාවිතා කරන තත්වයට ආවේ ඉන්ටර්නෙට් නිසයි. තාමත් ඉන්ටර්නෙට් නැත්තෙකුට නම් කරදරයකින් තොරව කෙසේ වෙතත් කරදර විඳලාවත් ලිනක්ස් භාවිතා කරන්න අමාරුයි තමයි.
පසුගිය දවසක ෆෙඩෝරා වල මගේ MiniDV එක Kino වලට සම්බන්ධ කර ගන්න වලිකන විට මටත් කාලිංගට හිතුනු සමහර දේවල් හිතුනා.
හැබැයි ග්නු/ලිනක්ස් වින්ඩෝස් වලිනුත්, වින්ඩෝස් ග්නු/ලිනක්ස් වලිනුත්, හොඳ දේවල් ගොඩක් අරන් තියෙනවා නේද?
ග්නු/ලිනක්ස් වින්ඩෝස් විකල්ප os එකක් ලෙස සැලකීමට මිනිස්සු වැඩි වැඩියෙන් පෙලඹන විට ලිනක්ස් වල සමහර මුදුකාංගත් එලෙස හැඩ ගැසේවි. ඔය කියන ආකල්ප ප්‍රශ්නෙත් විසඳේවි.
හැබැයි ලිනක්ස් කියන්නේ කිසි ලෙසකින්වත් වින්ඩෝස් විකල්ප os එකක් පමණක් නෙවෙයි. ලිනක්ස් කියන්නේ අද ප්‍රොසෙසරයක් ඇති ඕනම දේක දුවවන්න පුලුවන් os එකක් නේද?
June 23rd, 2008 at 3:27 pm
Prasan,
ලිනක්ස් කියන්නේ ඇත්තටම හොද OS එකක්, GNU ලිනක්ස් කියන්නේ මම න්ම් kernel එකට, ඒක උඩ දුවන අනික් මුදුකාංග/GUI වල වරදවල් හා ලිනක්ස් ෆලේවර් වල තියන වරදවල් ලිනක්ස් පිරටින් යවන එක වැරදියි කියලා මම පිලිගන්නවා.
මේව තමයි ගොඩක් වෙලවට කරදරයක් වෙන්නේ, මොකද, xserver, kde වරදවල් නිස මම අතින් දවසට 2-3 පාරක් kde crash වෙනවා, නැත්නම් kde මත දුවන වෙන මුදුකාංගයක වරදක් නිසා මෙය වෙනව, මෙය ලිනක්ස් වරදක් කියන්න බෑ, ඔය දේම තමයි windows වලද වන්නේ.
මම Prasan කියන දේවල් ගොඩක් හරි.
Windows ලිනක්ස් කිරීමවත්, Linux වින්ඩොස් කරන්න කියල මම කියන්නේ නෑ, අනික ඔය කොයි එකවත් අනිකට විකල්පයක් කරන්නද උවමනා නෑ.
නමුත් ලිනක්ස් වල hardware හා OS එක අතර සමබන්දය වන device drivers මීට වඩා හොද විදියක් ඕනේ, අනික OS හා user අතර ඇති GUI මෙයිට වඩා User Friendly විය යුතුයි.
ලිනක්ස් සාදන අය functionality ගැන සිතනවා වාගේම User Friendliness ගැනද සිතිය යුතුයි.
Windows වල බනින එක උත්තරයක් නොවන බව තේරුම ගත යුතුයි.
June 23rd, 2008 at 7:25 pm
කථාවනම් ඇත්ත…. පාවිචිචි කරණ එක දාල යන්න දුකයි තමා… ඒත් හැම එකම හැම එකටම හරියන්නෙ නෑ. මටනම් හිතෙන්නෙ විස්‍ටා ලිනක්ස් වලට වඩා ලේසි වගේ. මොකද මම ඒ කාලෙ ඉදන් වින්‍ඩෝස් පරිශීලකයෙක්. ඉදල හිටල ආශාවට දැම්ම. මටනම් අමාරැයි. ඒත් මේ යන විදිහට තව ටික කලකින් ලින්ක්ස් සරණං ගචිචාමි.
June 23rd, 2008 at 7:37 pm
මාලින්ද, ලිනක්ස් එචරම අමාරු නෑ ටිකක් කල්‍යනවා ඉගෙන ගන්න එච්චරයි, Gnome වඩා ඔයාට KDE ලේසි වෙන්න පුලුවන්, kubuntu දාගන්න.
දන්නේ නැතිදෙයක් තියනවාන්ම් අහන්න, අපි කියලා දෙන්නම්…
June 24th, 2008 at 10:33 am
මමත් සාමාන්‍යයෙන් වින්ඩෝස් වලට වඩා ලිනක්ස් වලට කැමතියි. ඒත් බොහෝ දේට අන්තර්ජාල සම්බන්ධය ඕන වීමත්, සමහර මෘදුකාංග ස්ථාපනය අසීරු වීමත් නිසා, වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. ලිනක්ස් සංවර්ධකයෝ මේ ගැන ටිකක් හිතනවා නම් හොඳයි. කොහොමත් ලංකාව තුල ලිනක්ස් ජනප්‍රිය කරන්න නම් user friendly ගතිය ගැන සැලකිලිමත් වෙන්න වේවි. අනික අන්තර්ජාල පහසුකම පිළිබඳ ගැටළු ගැන..
June 25th, 2008 at 3:53 pm
mama kubuntu damma, frist time,mage canon lbp810 printer ekata drivers na
July 2nd, 2008 at 1:29 pm
machan kathawanam eththa, sira
July 10th, 2008 at 8:35 am
මම නම් වැඩිය ලිනක්ස් භාවිතා කරල නෑ. ඒත් ෆෙඩෝරා, උබන්ටු එහෙම දාල උත්සාහකරල තියනව. ෆෙඩෝරාවලදි මට වුණු ලොකුම ගැටළුව කොඩෙක්ස් නැතිවීම. mp3 සහ dvd වලදි. කොහොම වුනත් මම ඒක පස්සෙ වැඩිය දිව්වෙ නෑ. මොකද මම ලිනක්ස් පස්සෙ දුවන්න දන්නෙ නැති නිසා.
හැබැයි, දැන් මේ කතාබහේදි වින්ඩෝස්වල ගුණ වනමින්, ලිනක්ස් වල වැරදි කියනඑක විතරක් හරි මදි නේද? වින් වලට සාපේක්ෂව සමහර අංශවලින් ලිනක්ස් ඉදිරියෙන් ඉන්නව නේද? (මට වඩා ඔයාලා දන්නව ඇතිනේ)
විශේෂම කරුණ තමයි ආර්ථිකයට මේ දෙක බලපාන ආකාරය. අපේ ගෙදර ආර්ථිකයට විතරක් නෙමෙයි රටේම ආර්ථිකයට…
July 10th, 2008 at 8:54 am
මම ලිනක්ස් නරකයි කියන්නේ නෑ, මම කිව්වේ ලිනක්ස් වලද වැරදි තියවා හදාගන්න කියලා
කිසිම දෙයක් මේ ලෝකේ සර්වසම්පුරන නෑ නේ
අනික මම ඔය ලින්ක්ස් විතරක් බාඑතා කර වින්ෆඩොස් වලටවත්. වින්ඩොස් පමනක් බාවිතා කර ලින්ක්ස් වලට වත් බනින කෙනෙක් නොවෙයි. මම ඔය දෙකම හොදට බාවිතා කරන්වා
මොකද ඔය ගොඩකි ලිනක්ස් ගීක්ස් කියන අය නිකන් බොරුවට වින්ඩොස් වලට බනිනවා මිසි. ලිනක්ස් වල තියන වැර්දි ගැන කතාකර්න්නේ නෑනේ.
හිතේ දුකට බනින්නේ
July 18th, 2008 at 12:03 pm
ලිනක්ස් වල ගැටඵ ගොඩක් තියෙනවා ඒවා හදා ගන්න අපි මහන්සි ගන්න ඔනි. මෙකද දැන් ලංකාවෙි MS Windows මිලදී ගන්න විශාල මුදලක් යනවා. පරිගණකයක් මිලදී ගන්න බැරිව ඉන්න අපේ ජනතාවට මෘදුකාංගත් මිලට ගන්න වුනොත් තොරතුරැ තාක්ෂණය ජනතාව අතර ව්‍යාප්ත විම අඩු වෙනවා. මෙි නිසා අපි ලිනක්ස් ආරක්ෂා කර ගත යුතුයි.
මෙි නිසා අපි දැන් ලංකාවෙි පලමු වතාවට පලාත් පලාත් පාලන ආයතනයක් විසින් ක්‍රීයාත්මක කරනු ලබන එකම හා පළමු තොරතුරැ තාක්ෂණ ප්‍රවර්ධන වෘ්‍යාපෘතිය e-balangoda නමින් බළන්ගොඩ නගර සභාව මගින් ක්‍රියාත්මක කරනවා. මෙි යටතේ ලිනක්ස් මෙහෙයුමි පද්ධතිය ජනතාවට හදුන්වා දීම දැන් සිදු කරනවා. 2008-07-14 දින පාසැල් ළමුන් සදහා හදුන්වා දීමෙි වැඩසටහනක් සාර්ථකව ක්‍රියාතමක කලා.
August 1st, 2008 at 7:04 pm
ගුත්තික,
සතුටුයි මේවගේ දෙයක් රජයේ ආයතනයක් කරන එක ගැන. උදව් එහෙම ඕනේනම් කියන්න අපි පුලුවන් සහයෝගයක් දෙන්නම්.
October 8th, 2008 at 3:01 pm
අනේ ඔව් ලිනක්ස් වලට බනින්නත් එපා. වින්ඩෝස් වලට බනින්නත් එපා. මට නං දෙකම එපා වෙච්ච වෙලාවලුත් තිබ්බ. (කව්රුවත් තරහ වෙන්නෙපා එහෙම කිව්වට) මට ලිනක්ස් වල දැනට තියෙන ප්‍රශ්නෙ පරණ කොරල්ඩ්‍රෝ ගොනු එක්ක වැඩ කරන එකයි Video Capture Card එකට ඩ්‍රයිවර්ස් නැති එකයි.
November 1st, 2008 at 11:54 pm
කතාව ඇත්ත
වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා
but i never using windows
for my web hosting (.net) works…
January 11th, 2009 at 8:36 pm
කුබුන්ටු 8.10 සමග, පොඩි අප්ඩේට් එකක එක්ක දැන් ඔන්න මගේ wifi එක වැඩ
Atheros ath5k wireless driver not enabled by default
The version of the ath5k driver for Atheros wireless devices included in Linux 2.6.27 interferes with the use of the madwifi driver for some wireless devices and as a result has been disabled by default. Many Atheros chipsets will work correctly with the madwifi driver, but some newer chipsets may not, and the madwifi driver may not work with WPA authentication. If you have an Atheros device that does not work with madwifi, you will want to install the linux-backports-modules-intrepid-generic package, which includes an updated version of the ath5k driver. While not installed by default, this linux-backports-modules-intrepid-generic package is included on the Ubuntu 8.10 CD and DVD images for ease of installation.
http://www.ubuntu.com/getubuntu/releasenotes/810
January 13th, 2009 at 6:41 pm
Kalinga,
Can u pls tell me how to search & connect to the new wifi network in ubuntu 8.10
August 16th, 2011 at 8:42 am
ලැප් වලටනම් මම දන්නෙ නෑ ඒ ත් ගොඩක් ඩෙක්ස්ටොප් වලට නම් දැන් ඕකේ වේගෙන එනව..
ඒක මෙහෙමයි අපි ලිනක්ස් මොන එක දැම්මත් එකම විදියනේ..ෆෙඩෝර,මින්ට්,උබන්ටු,සූස්..සමහර හාඩ්වෙයාර් ඩ්‍රය්වර් සමහර ඩිස්ට්‍රිබියුෂන්ස් වල තියෙනව..ඒත් ඒව දැම්මම වෙන ඒව නෑ…
පොඩි පොඩි අවුල් එනව තමා..ඒත් වින්ඩෝස්වල වගේ අනවශ්‍ය මලමඟුල් ඇවිත් ඉන්ස්ටෝල්වෙලා වද දෙනව අඩුයි ලිනක්ස්වල..
වින්ඩෝස්වල කොහෙන්හරි අපිනොදන්න කමින් එන ටූල්බාර් සර්ච් බොක්ස් අරව මේව වලින් බ්‍රව්සරේ වැහෙනව…උබන්ටු වලට ඒ අවුල අඩුයි….
සමහර වෙලාවට දැන් දැන් ලිනක්ස් වලට එන ඩ්‍රයිවර සෙට් එක ප්‍රබලයි වින්ඩෝස්වලට වඩා…
කොහොමත් තාමත් වින්ඩෝස් එක්ක බැලුෙවාත් ලිනක්ස් ඉන්නෙ පහලින්…
අනික් අතට අපි කම්පියුටරේ ගන්න යන ගානම යනව අපි මූලිකව සොෆ්ට්වෙයාර් දාන්න ගියොත් මැෂිමට …
ඉතින් ඒ වගේ වාසියක් නිකම් දෙන එකේ අපි පොඩි කැපවීමක් කරන්න ඕනි ඒ වෙනුවෙන්…
වැඩේ තියෙන්නෙ තමුන්ට වැරදෙන තැන් ටික මේ විදියට ගොඩක් අය නොකියන එක..කියනවනම් ඇත්තටම වටිනව..
ඒක අපිට බලාගෙන නොකර ඉන්න පුලුවන්නේ…