No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

ගල්යුගයෙන් වර්තමානයට….

කරන්න දෙයක් නෑ, මට ලැප් එකක් නැතුව බෑ මම කරන දේවල්වලට ඕනේ… මේක නිසා මම ඉතින් හැමතැනම හෙව්වා එකක් ගන්න…. අපේ අය කියන ගණන් ඇහුවහම පිස්සු හැදෙනවා, හරියට අපි දැකලා නෑහැ වගේ! $800 වගේ ගන්න පුලුවන් එකක් මේ අය රු150,000 වගේ කියනවා. මට තේරෙන්නේ නෑ මොකද කියලා.

බ්‍රහස්පතින්දා හා සිකුරාද දවසම කළේ මේක හොයන එක තමයි…. රට වටෙන්ම ගණන් ගත්තා, කිසිම හොඳ එකක් හොයාගන්න බෑ, ඔක්කොම ගොඩක් පරණ මාදිලි. නැත්නම් මම හොයන දේවල් ඒකේ නෑ. කොහොම හරි තැන් බරගානකට ගියා… හිතට අල්ලන එකක් දකින්නම නෑ. IBM එකක් තමයි ගන්න බැලුවේ, මම කලින් IBM T42 එකක් පාවිච්චි කළා, ඒකනම් ඇත්තටම හොඳයි. ඒත් IBM මාදිලි 2-3 වඩා හොයාගන්න බැරි උනා. මොකද ගොඩක් අය කියන්නේ ගෙනල්ලා දෙන්නම් කියලා, මට එපමණ කල් ඉවසලා ඉන්න බැ !

කොහොම හරි අන්තිමට මට හිතට අල්ලන එකක් දැක්කා Abans එකේ, මේක LG, (R405) ගානනම් කියලා වැඩක් නෑ රු.285,000 පිස්සු හැදෙයි… ඔය ගාන දීලා එකක් ගන්න එක කිසිම තේරුමක් නෑ, මොකද මම මේවා කඩාගන්න නිසා 🙁

කොහොම හරි මම හොයාගත්තා LG R400 එකක්…

මේන්න තියනවා 🙂

මේක ගැන කිව්වොත්…..

Intel DualCore 1.86 2MB L2 Cache (මම තාම රොකට් යවන්න calculation නොකරන නිසා මේක හොදට ඇති ;))

2GB DDR2 667 Dual Channel RAM

14.1″ WXGA LCD

ATI Mobility Radeon X2300(128MB VRAM)

160GB SATA HDD (5400RPM)

DVD Super Multi Dual Layer (DVD-R/RW, +R/RW, RAM)

WiFi, Bluetooth, Webcam (1.3mp), 5in1 Card Reader, S-Video, VGA, 56k Modem, LAN, 24Bit HD Audio, SPDIF Out, 3 USB2, Express Card

Windows Vista Basic

මේ බ්ලොග් එක ලියන්නේ ඒකේ ඉඳන් තමයි 🙂

Windows Vista හා Kubuntu 8.04 දැම්මා KDE3 එකක්, එකම දුක තමයි WiFi linux වල වැඩ කරන්නේ නෑ…. තාම හොයනවා හේතුව, පේන විදියට divers support කරන්නේ නෑ madwifi දාලා බැලුවා ඒත් නෑ.

05:00.0 Ethernet controller: Atheros Communications Inc. AR242x 802.11abg Wireless PCI Express Adapter (rev 01)

කියලා තමයි detect කරලා තියෙන්නේ ඒත් ගොඩ යාමක් නෑ වගේ… කව්රුහරි දන්නවනම් මේකට විසදුමක්, මට කියන්න. අනිත් සියල්ල හොදින් වැඩ. වෙබ් කැම් එකත් ඇතුලුව. වේගයනම් නරක නෑ. මගේ පරණ එකට වඩා ටිකක් හොඳයි වගේ. ළඟදිම බාරයක් වෙන්න ඕනේ 😉 එක දෙයක් දැක්කා මගේ පරණ එක වගේ රත් වෙනවනම් අඩුයි…. ඒක හොඳ දෙයක්.

wifi එක වෙන්න ඕනේ AR5007EG නමුත් ලිනක්ස් මේක වැරදියට අරගෙන වාගේ. http://madwifi.org/ticket/1192

දැන් තමයි තේරුනේ, sound වැඩ කරන්නෙත් නෑ 🙁

00:1b.0 Audio device: Intel Corporation 82801G (ICH7 Family) High Definition Audio Controller (rev 02)

soundcard එක detect කරලා තිබුනට සද්දයක් එන්නේ නෑ, මම පසුව ALSA driver එකද්ද දැම්මා, සාර්තක නෑ. kernal එකද 2.6.24-19 වලට update කරා වැඩක් නෑ.

මට පේන විදියට ලිනක්ස් වලට සමුදෙන්න වෙනවා වගේ ! මොකද මෙච්චර මහන්සි වෙන එක තේරුමක් නෑ කියලා සිතුනා. කව්රු මොනවා කිව්චත් Windows වල මේවගේ වදයක් මිනිස්සුන්ට දෙන්නේ නෑ. මේක තමයි Linux බාවිතය කොහොමත් අඩු මට්ටමක පවතින්නේ.

Share

15 Responses to “ගල්යුගයෙන් වර්තමානයට….”

  1. Malinthe Says:

    නියමයි එළ එළ. කීයකටද ගත්තෙ?

  2. කාලිංග Says:

    අනේ මලින්ත ඔයා මට සල්ලි දෙන්නද යන්නේ ? 😀
    185 උනා 🙁

  3. Supun Sudaraka Says:

    පට්ට භාණ්ඩේ! 😀 නියමයි! නියමයි!!

  4. As I Lay Dying Says:

    congrats mate!! next time you a buy a bride, make sure that you won’t miss out teh HP series. they’ve got a few running on AMD

    hp pavilion tx2000 is very handy. i love *small* ones for the mobility they provide. i _meant_ small laptops 😉
    TW

  5. ඩනිෂ්ක Says:

    කාලිංග AMD වලට යන එක නම් දැන් ඇගට ගුණ නැ නේද?
    මොකද උනේ 150 වැඩි උනේ කොහොමද?

  6. නිදහස Says:

    මරු. බාර වෙන්න යමු. ලිනක්ස් ගැන ඔයා කියපු කතාව හරි. භාණ්ඩයක් වෙළඳ පලට දෙන එක ගැන එයාලා හරියට හිතන්නෙ නෑ

  7. කාලිංග Says:

    AMD වරදක් නෑ, හොයාගන්න අමාරුයි මෙහේ.

    ඔව්, ඔව්, බාරය‍ක් වෙමු!

    මේ පිලිතුර ලියන්නේ Windows Vista සිට. Linux වලට සමුදෙන්න උනා. මොකද, හරියට wifi හදාගන්න බැරිඋන නිසා. 🙁

  8. Sanjeew Says:

    මරු බාන්ඩෙ, රක්ෂණයක් ගන්න, බාර වෙන්න යනවනම් කට්ටිය එක්කම යමු. මමත් එන්නම්

  9. කාලිංග Says:

    Sanjeew, යමු.. යමූ… කාලෙකින් කෝහෙ වත් යගියෙත් නෑ…

  10. නන්දලාල් Says:

    WiFi / Wlan Network

    Unfortunately the atheros card (AR5007EG misreported as AR5006EG by linux) is not yet supported by madwifi, see http://madwifi.org/ticket/1192. But ndiswrapper works nicely, once a windows driver is found. I could not get the one provided by LG to extract, so i used this one: http://www.atheros.cz/drivers/ar5xxx/xp32-5.3.0.56-whql.zip Unzip it ndiswrapper -i the .inf file add ndiswrapper to /etc/rc.conf miodules, deinstall madwifi and reboot.

    This is in Arch Linux, but should work for you!
    http://wiki.archlinux.org/index.php/LG_R400_Installation

  11. නන්දලාල් Says:

    In Arch linux sound works too! සමහර විට Kubuntu වලත් හරි යන්න පුලුවනි
    http://wiki.archlinux.org/index.php/LG_R400_Installation

  12. කාලිංග Says:

    නන්දලාල්, ඔය ඔක්කොම කරලා තියෙන්නේ 🙂

  13. නන්දලාල් Says:

    එසේනම්, සුභ ලිනක්ස් අනාගතයක් වේවා!

  14. Kolama Says:

    මම මේ ඔයාගෙ පරන ලිපි කියව කියව යනවා 😀 . දැන් මේ වගේ ලැප්ටොප් එකක් 80 කටත් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි. එහෙම බලනකොට දැන් කොච්චර ගනන් අඩුවෙලාද ? :O . ඔයා තාම මේ ලැප්ටොප් එක පාවිච්චි කරන නේද ?

  15. කාලිංග Says:

    @Kolama

    හික්… තාම ඒක තමයි… වරදක් නෑ කියන්න LG හොදයි, මිල තමයි අවුල.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed