ගල්යුගයෙන් වර්තමානයට….
කරන්න දෙයක් නෑ, මට ලැප් එකක් නැතුව බෑ මම කරන දේවල්වලට ඕනේ… මේක නිසා මම ඉතින් හැමතැනම හෙව්වා එකක් ගන්න…. අපේ අය කියන ගණන් ඇහුවහම පිස්සු හැදෙනවා, හරියට අපි දැකලා නෑහැ වගේ! $800 වගේ ගන්න පුලුවන් එකක් මේ අය රු150,000 වගේ කියනවා. මට තේරෙන්නේ නෑ මොකද කියලා.
බ්‍රහස්පතින්දා හා සිකුරාද දවසම කළේ මේක හොයන එක තමයි…. රට වටෙන්ම ගණන් ගත්තා, කිසිම හොඳ එකක් හොයාගන්න බෑ, ඔක්කොම ගොඩක් පරණ මාදිලි. නැත්නම් මම හොයන දේවල් ඒකේ නෑ. කොහොම හරි තැන් බරගානකට ගියා… හිතට අල්ලන එකක් දකින්නම නෑ. IBM එකක් තමයි ගන්න බැලුවේ, මම කලින් IBM T42 එකක් පාවිච්චි කළා, ඒකනම් ඇත්තටම හොඳයි. ඒත් IBM මාදිලි 2-3 වඩා හොයාගන්න බැරි උනා. මොකද ගොඩක් අය කියන්නේ ගෙනල්ලා දෙන්නම් කියලා, මට එපමණ කල් ඉවසලා ඉන්න බැ !
කොහොම හරි අන්තිමට මට හිතට අල්ලන එකක් දැක්කා Abans එකේ, මේක LG, (R405) ගානනම් කියලා වැඩක් නෑ රු.285,000 පිස්සු හැදෙයි… ඔය ගාන දීලා එකක් ගන්න එක කිසිම තේරුමක් නෑ, මොකද මම මේවා කඩාගන්න නිසා
කොහොම හරි මම හොයාගත්තා LG R400 එකක්…
මේන්න තියනවා
මේක ගැන කිව්වොත්…..
Intel DualCore 1.86 2MB L2 Cache (මම තාම රොකට් යවන්න calculation නොකරන නිසා මේක හොදට ඇති
)
2GB DDR2 667 Dual Channel RAM
14.1″ WXGA LCD
ATI Mobility Radeon X2300(128MB VRAM)
160GB SATA HDD (5400RPM)
DVD Super Multi Dual Layer (DVD-R/RW, +R/RW, RAM)
WiFi, Bluetooth, Webcam (1.3mp), 5in1 Card Reader, S-Video, VGA, 56k Modem, LAN, 24Bit HD Audio, SPDIF Out, 3 USB2, Express Card
මේ බ්ලොග් එක ලියන්නේ ඒකේ ඉඳන් තමයි
Windows Vista හා Kubuntu 8.04 දැම්මා KDE3 එකක්, එකම දුක තමයි WiFi linux වල වැඩ කරන්නේ නෑ…. තාම හොයනවා හේතුව, පේන විදියට divers support කරන්නේ නෑ madwifi දාලා බැලුවා ඒත් නෑ.
05:00.0 Ethernet controller: Atheros Communications Inc. AR242x 802.11abg Wireless PCI Express Adapter (rev 01)
කියලා තමයි detect කරලා තියෙන්නේ ඒත් ගොඩ යාමක් නෑ වගේ… කව්රුහරි දන්නවනම් මේකට විසදුමක්, මට කියන්න. අනිත් සියල්ල හොදින් වැඩ. වෙබ් කැම් එකත් ඇතුලුව. වේගයනම් නරක නෑ. මගේ පරණ එකට වඩා ටිකක් හොඳයි වගේ. ළඟදිම බාරයක් වෙන්න ඕනේ
එක දෙයක් දැක්කා මගේ පරණ එක වගේ රත් වෙනවනම් අඩුයි…. ඒක හොඳ දෙයක්.
wifi එක වෙන්න ඕනේ AR5007EG නමුත් ලිනක්ස් මේක වැරදියට අරගෙන වාගේ. http://madwifi.org/ticket/1192
දැන් තමයි තේරුනේ, sound වැඩ කරන්නෙත් නෑ
00:1b.0 Audio device: Intel Corporation 82801G (ICH7 Family) High Definition Audio Controller (rev 02)
soundcard එක detect කරලා තිබුනට සද්දයක් එන්නේ නෑ, මම පසුව ALSA driver එකද්ද දැම්මා, සාර්තක නෑ. kernal එකද 2.6.24-19 වලට update කරා වැඩක් නෑ.
මට පේන විදියට ලිනක්ස් වලට සමුදෙන්න වෙනවා වගේ ! මොකද මෙච්චර මහන්සි වෙන එක තේරුමක් නෑ කියලා සිතුනා. කව්රු මොනවා කිව්චත් Windows වල මේවගේ වදයක් මිනිස්සුන්ට දෙන්නේ නෑ. මේක තමයි Linux බාවිතය කොහොමත් අඩු මට්ටමක පවතින්නේ.











June 21st, 2008 at 8:00 pm
නියමයි එළ එළ. කීයකටද ගත්තෙ?
June 21st, 2008 at 8:02 pm
අනේ මලින්ත ඔයා මට සල්ලි දෙන්නද යන්නේ ?
185 උනා
June 21st, 2008 at 8:09 pm
පට්ට භාණ්ඩේ!
නියමයි! නියමයි!!
June 21st, 2008 at 8:14 pm
congrats mate!! next time you a buy a bride, make sure that you won’t miss out teh HP series. they’ve got a few running on AMD
hp pavilion tx2000 is very handy. i love *small* ones for the mobility they provide. i _meant_ small laptops
TW
June 21st, 2008 at 8:52 pm
කාලිංග AMD වලට යන එක නම් දැන් ඇගට ගුණ නැ නේද?
මොකද උනේ 150 වැඩි උනේ කොහොමද?
June 21st, 2008 at 9:50 pm
මරු. බාර වෙන්න යමු. ලිනක්ස් ගැන ඔයා කියපු කතාව හරි. භාණ්ඩයක් වෙළඳ පලට දෙන එක ගැන එයාලා හරියට හිතන්නෙ නෑ
June 22nd, 2008 at 1:51 am
AMD වරදක් නෑ, හොයාගන්න අමාරුයි මෙහේ.
ඔව්, ඔව්, බාරයක් වෙමු!
මේ පිලිතුර ලියන්නේ Windows Vista සිට. Linux වලට සමුදෙන්න උනා. මොකද, හරියට wifi හදාගන්න බැරිඋන නිසා.
June 22nd, 2008 at 1:39 pm
මරු බාන්ඩෙ, රක්ෂණයක් ගන්න, බාර වෙන්න යනවනම් කට්ටිය එක්කම යමු. මමත් එන්නම්
June 22nd, 2008 at 1:42 pm
Sanjeew, යමු.. යමූ… කාලෙකින් කෝහෙ වත් යගියෙත් නෑ…
June 23rd, 2008 at 11:57 am
WiFi / Wlan Network
Unfortunately the atheros card (AR5007EG misreported as AR5006EG by linux) is not yet supported by madwifi, see http://madwifi.org/ticket/1192. But ndiswrapper works nicely, once a windows driver is found. I could not get the one provided by LG to extract, so i used this one: http://www.atheros.cz/drivers/ar5xxx/xp32-5.3.0.56-whql.zip Unzip it ndiswrapper -i the .inf file add ndiswrapper to /etc/rc.conf miodules, deinstall madwifi and reboot.
This is in Arch Linux, but should work for you!
http://wiki.archlinux.org/index.php/LG_R400_Installation
June 23rd, 2008 at 12:09 pm
In Arch linux sound works too! සමහර විට Kubuntu වලත් හරි යන්න පුලුවනි
http://wiki.archlinux.org/index.php/LG_R400_Installation
June 23rd, 2008 at 7:03 pm
නන්දලාල්, ඔය ඔක්කොම කරලා තියෙන්නේ
June 24th, 2008 at 1:14 am
එසේනම්, සුභ ලිනක්ස් අනාගතයක් වේවා!
November 14th, 2009 at 8:58 pm
මම මේ ඔයාගෙ පරන ලිපි කියව කියව යනවා
. දැන් මේ වගේ ලැප්ටොප් එකක් 80 කටත් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි. එහෙම බලනකොට දැන් කොච්චර ගනන් අඩුවෙලාද ? :O . ඔයා තාම මේ ලැප්ටොප් එක පාවිච්චි කරන නේද ?
November 14th, 2009 at 10:14 pm
@Kolama
හික්… තාම ඒක තමයි… වරදක් නෑ කියන්න LG හොදයි, මිල තමයි අවුල.