නැවත ගල් යුගයට ?
ඔන්න ආයේ පාරක් මාගේ අපලේ පල දුන්නා…. මාව දන්න ගොඩක් අය දන්නවා ඒ මොකද්ද කියලා….
ඒක තමයි මගේ ලැප්ටොප් අපලය ! මගේ මොකද්ද වරදකට මට කිසිම ලැප්ටොප් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ ! මම මොනවා කරනවා ද කියලා හැමෝම මගෙන් අහනවා… මම වත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි වෙනවා… ඔන්න මේපාරත් මගේ ලැප්ටොප් එක හරි… ඒක මට පේන විදියට motherboard එක ගිහිල්ලා… මේකේ ආයු කාලය මාස 6යි!!
දැන් ඉතින් කරන්න දෙයක් නැති කමට desktop pc එක පාවිච්චි කරනවා, මට ගෙදර මොනිටරයක් නෑ
මම මේකට පාවිච්චි කරන්නේ මගේ LCD TV එක, නරක නෑ 32″ Monitor එකක්නේ
අනක මේකේ මම දාලා තියෙන්නේ LinuxMCE මොකද මම HDD Media Player එක ගන්න කලින් පාවිච්චි කළේ මේක, තාමත් වෙලාවකට පාචිච්චි කරනවා, මොකද මේකේ ඔය SLT IPTV වල පමණක් තියෙන දෙයක් කියා පෙන්නන්න යන, Live TV Forwarding, Rewind, Pause වගේ දේවල් තියනවා. DVR (PVR) ගැන පසුව ලියන්නම් කෝ.
කොහොම හරි මේකේ මම කිසිම application එකක් දාලා නෑ, මට මාර කම්මැලියි මේකේ ආයේ මොකක් හරි install කරන්න, මේක නිසා මට හොද අදහසක් ආවා… ඒක තමයි මගේ කැඩුණ ලැප්ටොප් එකේ HDD එක මගේ Desktop PC එකට සචි කරන්න. ඒත් කව්රුත් දන්නවා 2.5 IDE (Laptop HDD) එකක Interface එක 3.5″ (Desktop HDD) එකකට වඩා කුඩා කියලා. (SATA නම් දේකම එකයි) ඒක නිසා මම මේකට ගත්තා IDE to USB cable එකක්. අරගෙන මගේ Desktop එකට USB2 හරහා සම්බන්ධ කර, BIOS එක මගින් කිව්වා USB හරහා boot වෙන්න කියලා. මට Desktop එක ගලවන්න වත් උනේ නෑ
විනාඩි 5 යනකොට මම Desktop එක මගේ ලැප්ටොප් එකේ HDD එකේ තිබුණ Kubuන්tu මගින් කිසිම කරදරක් නැතුව Boot උනා, මේක ලියන්නේ ඒකේ ඉඳලා…. වේගය නම් ඇත්තටම හොඳයි.
කොහොමෙන් කොහොම හරි, මාව නැවතත් ගල් යුගයට ගියා… Desktop PC එක නිසා… මොකද මම ඉස්සර laptop එක අරගෙන ඇඳ උඩට වෙලා TV බල බල තමයි වැඩ කළේ… ඒත් ඉතින් මේකත් හොඳයි, මොකද PnP (Picture in Picture) තියනවා LCD TV එකේ.







June 19th, 2008 at 10:19 pm
අලුත් එක ගත්ත ගමන් බාර වෙන්න දේවාලෙකට
ඔන නම් දෙහිටිකක් කප්ප ගන්න මීළඟ IBM එකට
June 19th, 2008 at 10:46 pm
තින්ක්පෑඩ් එකක් ගන්න බලන්න. හරි ම සවිමත්. මා එය රැගෙන හැම තැන ම යනවා. කිසි ගැටළුවක් නෑ.
June 20th, 2008 at 8:19 am
Back in Windows xp jp so no sinhala typing
yeah Danishka thats what i was thinking ….. !!! i really need to get some kind of an insurance or some thing….
Anuradha,
yes thats what i was thinking, im looking for a R61 or a T61; both look promising. but the price seem to be bit high, I’m kind a in to this Dell XPS stuff as well, so still looking, going to do a laptop hunt today and i really don’t like to buy stuff at Uniti since i feel its sucks when it comes to warranties and stuff.
June 20th, 2008 at 8:57 am
අලුතෙන් ආපු ඇපල් එක කොහොමද, ඔයාට හරියයි
June 20th, 2008 at 9:18 am
ඒකනම් හොදයි, අරගෙන් දෙනවාද ?
June 20th, 2008 at 9:35 am
ඇත්තටම ඔබ මේ සිද්ධිය නිසා ගල් යුගයට නෙමෙයි, වෙනම යුගයකට හා මානයකට ගෙන ගිහින් වගේ. කොහොමටත් රාපවාහිනිය බල බලනෙ වැඩ කලේ
Dasher දාගත්ත නම් mouse එකෙන් ලියන්න තිබුන, නැත්තම් Dragon Naturally Speaking දාගෙන කටින් වැඩ කරන්න පුලුවනි.
June 20th, 2008 at 9:57 am
මරැ මරු . අප යමුකො කතරගම බාරයක් වෙන්න.
June 20th, 2008 at 11:26 am
හික් හික්
June 21st, 2008 at 7:20 pm
ඔව් අර කියලා තියෙනවා වගේ දේවාලෙකට ගිහිල්ලා බාරයක් වුනානම් හරි.
December 1st, 2008 at 11:35 pm
එතකොට අපි ඉන්නේ මොන යුගේද?
you name it?
December 2nd, 2008 at 2:43 pm
ආ… වෙන්න ඇති
December 15th, 2008 at 2:07 pm
ඕකට යන්තරයක් දාන්ඩ
December 15th, 2008 at 2:10 pm
@Anush
හික්… ඔව්.. ඔව්… ගුරුන්නාසේ කෙනෙක් හම්බ වෙන්න යන්න ඕනේ දොල පිදේනිය අරගෙන
January 8th, 2009 at 3:11 pm
aiiye mata Google Addsense ganna ahti kiyala Dennako
January 8th, 2009 at 3:12 pm
aiiye mata free web site ekak hada ganna hati kiyala denneko
January 8th, 2009 at 3:13 pm
free domains
January 8th, 2009 at 3:29 pm
@Janath
ඔකොම එකක ලිව්වානම් තමයි හොද නේද ?
_http://www.google.com/intl/en/ads/
Google it
Google it
පොඩ්ඩක් හොයලා බලන්න, ගූගල් කරන්න…. හැබැයි ඔයා ඔය එක එක “මොඩ යක්කු” (ඔය හැම තැනම ඉන්ටර් නෙට් මහින් මුදල් හොයන්න, ගූගල් වලින් මුදල් හොයන්න) කියන විදියට සයිට් හදලා, ඇඩ් දාල සල්ලි හොයන්නනම් යන්නේ මට කියන්න තියෙන්නේ, හොදට ඉගෙනගන්න, ඔය මෝඩ වැඩ කරන්න එපා කියාලා.