නැවත ගල් යුගයට ?

Home / අනංමනං (General Information) / නැවත ගල් යුගයට ?

ඔන්න ආයේ පාරක් මාගේ අපලේ පල දුන්නා…. මාව දන්න ගොඩක් අය දන්නවා ඒ මොකද්ද කියලා…. 😀 ඒක තමයි මගේ ලැප්ටොප් අපලය ! මගේ මොකද්ද වරදකට මට කිසිම ලැප්ටොප් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ ! මම මොනවා කරනවා ද කියලා හැමෝම මගෙන් අහනවා… මම වත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි වෙනවා… ඔන්න මේපාරත් මගේ ලැප්ටොප් එක හරි… ඒක මට පේන විදියට motherboard එක ගිහිල්ලා… මේකේ ආයු කාලය මාස 6යි!!

දැන් ඉතින් කරන්න දෙයක් නැති කමට desktop pc එක පාවිච්චි කරනවා, මට ගෙදර මොනිටරයක් නෑ 🙂 මම මේකට පාවිච්චි කරන්නේ මගේ LCD TV එක, නරක නෑ 32″ Monitor එකක්නේ 😀 අනක මේකේ මම දාලා තියෙන්නේ LinuxMCE මොකද මම HDD Media Player එක ගන්න කලින් පාවිච්චි කළේ මේක, තාමත් වෙලාවකට පාචිච්චි කරනවා, මොකද මේකේ ඔය SLT IPTV වල පමණක් තියෙන දෙයක් කියා පෙන්නන්න යන, Live TV Forwarding, Rewind, Pause වගේ දේවල් තියනවා. DVR (PVR) ගැන පසුව ලියන්නම් කෝ.

කොහොම හරි මේකේ මම කිසිම application එකක් දාලා නෑ, මට මාර කම්මැලියි මේකේ ආයේ මොකක් හරි install කරන්න, මේක නිසා මට හොද අදහසක් ආවා… ඒක තමයි මගේ කැඩුණ ලැප්ටොප් එකේ HDD එක මගේ Desktop PC එකට සචි කරන්න. ඒත් කව්රුත් දන්නවා 2.5 IDE (Laptop HDD) එකක Interface එක 3.5″ (Desktop HDD) එකකට වඩා කුඩා කියලා. (SATA නම් දේකම එකයි) ඒක නිසා මම මේකට ගත්තා IDE to USB cable එකක්. අරගෙන මගේ Desktop එකට USB2 හරහා සම්බන්ධ කර, BIOS එක මගින් කිව්වා USB හරහා boot වෙන්න කියලා. මට Desktop එක ගලවන්න වත් උනේ නෑ 🙂 විනාඩි 5 යනකොට මම Desktop එක මගේ ලැප්ටොප් එකේ HDD එකේ තිබුණ Kubuන්tu මගින් කිසිම කරදරක් නැතුව Boot උනා, මේක ලියන්නේ ඒකේ ඉඳලා…. වේගය නම් ඇත්තටම හොඳයි.

කොහොමෙන් කොහොම හරි, මාව නැවතත් ගල් යුගයට ගියා… Desktop PC එක නිසා… මොකද මම ඉස්සර laptop එක අරගෙන ඇඳ උඩට වෙලා TV බල බල තමයි වැඩ කළේ… ඒත් ඉතින් මේකත් හොඳයි, මොකද PnP (Picture in Picture) තියනවා LCD TV එකේ.

17 Comments

  • අලුත් එක ගත්ත ගමන් බාර වෙන්න දේවාලෙකට 😉
    ඔන නම් දෙහිටිකක් කප්ප ගන්න මීළඟ IBM එකට

    😀

  • තින්ක්පෑඩ් එකක් ගන්න බලන්න. හරි ම සවිමත්. මා එය රැගෙන හැම තැන ම යනවා. කිසි ගැටළුවක් නෑ.

  • Back in Windows xp jp so no sinhala typing 🙂

    yeah Danishka thats what i was thinking ….. !!! i really need to get some kind of an insurance or some thing….

    Anuradha,

    yes thats what i was thinking, im looking for a R61 or a T61; both look promising. but the price seem to be bit high, I’m kind a in to this Dell XPS stuff as well, so still looking, going to do a laptop hunt today and i really don’t like to buy stuff at Uniti since i feel its sucks when it comes to warranties and stuff.

  • නන්දලාල්

    ඇත්තටම ඔබ මේ සිද්ධිය නිසා ගල් යුගයට නෙමෙයි, වෙනම යුගයකට හා මානයකට ගෙන ගිහින් වගේ. කොහොමටත් රාපවාහිනිය බල බලනෙ වැඩ කලේ 🙂
    Dasher දාගත්ත නම් mouse එකෙන් ලියන්න තිබුන, නැත්තම් Dragon Naturally Speaking දාගෙන කටින් වැඩ කරන්න පුලුවනි.

  • @Janath

    ඔකොම එකක ලිව්වානම් තමයි හොද නේද ?

    aiiye mata Google Addsense ganna ahti kiyala Dennako

    _http://www.google.com/intl/en/ads/

    aiiye mata free web site ekak hada ganna hati kiyala denneko

    Google it 😀

    free domains

    Google it 😀

    පොඩ්ඩක් හොයලා බලන්න, ගූගල් කරන්න…. හැබැයි ඔයා ඔය එක එක “මොඩ යක්කු” (ඔය හැම තැනම ඉන්ටර් නෙට් මහින් මුදල් හොයන්න, ගූගල් වලින් මුදල් හොයන්න) කියන විදියට සයිට් හදලා, ඇඩ් දාල සල්ලි හොයන්නනම් යන්නේ මට කියන්න තියෙන්නේ, හොදට ඉගෙනගන්න, ඔය මෝඩ වැඩ කරන්න එපා කියාලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *