No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

ඇයි බ්ලොග් එක ලියන්නේ නැත්තේ ?

ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්නේ, නොලියා හිටියේ ඇත්තට සිංහල Unicode ගැන පොඩි කලකිරීමක් ඇති උන නිසා. මේකට හේතුව මේ සිංහල Unicode හරියට ගොඩක් පරිගනකවල වැඩනොකරන එක හා හරියට rendering වැඩ නොකිරීම. ‌Windows XP SP2 English හා Windows Vista ඇරුනහම වෙන කිසිම ‌Windows Version එකක මේ සිංහල යුනි කොඩ් වැඩකරන්නේ නෑ හරියට. මෙයට හේතුව Microsoft විසින් හෝ ICTA එක මගින් හරියට patch එකක් සාදා නොතිබීම. මම දන්න ගොඩක් අය මට මැසිවිලි නගලා තියනවා “මගේ පරිගනකයේ Windows XP XXX කින බාසාව තියේන්නේ කොහොමද සිංහල යුනිකොඩ් දාන්නේ කියලා.” ඇත්තටම මමද ඔය දේට මුහුන දුන්නා. English Windows XP SP2 හැර වෙන බාසාවක Windows XP පරිගනකයකට සිංහල Unicode දාන්න බෑ. ඕක නිසා මම මේ බ්ලොග් එක සිංහල Unicode බාවිතයේන් ලියන එක තේරුමක් ඇද්දැයි කියලා සැකයක් මතුවෙලා තියනවා.

Share

7 Responses to “ඇයි බ්ලොග් එක ලියන්නේ නැත්තේ ?”

  1. නිදහස Says:

    හොඳ මාතෘකාවක්. තාක්ෂණය ගැන වග කියන උදිය මේ ගැන මුකුත් කරන්නෙ නැති එකයි පුදුමෙ.

  2. කාලිංග Says:

    මම ඔය දේ ගොඩක් අයගෙන් ඇහුවා… ICTA ඇතුලුව… ඒ අය කියනවා “අපි කෙනෙක් ගන්න තමයි ඉන්නේ ඕය දේ වල් කරන්න” ඕක ඉතින් කවද වෙයිද කවද දන්නේ…. නැත්නම් කියයි Linux පාවිච්චි කරන්න, නැන්නම් Windows XP SP2 EN පාවිච්චි කරන්න කියලා… ඕවාද උත්තර ?

  3. ඩනිෂ්ක Says:

    මට දැන් පේන විට සිංහල Firefox එකටත් දෙයියන්ගෙම පිහිටයි. 😛
    සිංහල යුනිකෝඩ් නැතිව වැඩ කරන්නේ නැ.

    අදාල සමාගමේ ශ්‍රි ලංකා ශාඛාවට අවශ්‍ය තාවයක් නැත්තනම් වෙන කුමන කතාද?

  4. කාලිංග Says:

    දැනට මම දන්න තරමට Official Microsoft patch එකක් නෑ සිංහල Unicode සදහා.

  5. Anuradha Ratnaweera Says:

    ඔය ගැටළුවට අප හැමෝම මුහුණ දෙන එකක්. එයට විසඳුමක් දීමට නොහැකි නමුත්, එයට හේතු ගැන සිතීම වටී යයි සිතමි.

    ලොකු ලොකු වෙලඳ ආයතන වලින් එන මුදුකාංග අපේ රටට ගැලපෙන්නේ නැත්තේ ද මේ නිසයි.

    මේ උදාහරණය ගන්න: HTML/CSS ප්‍රමිති. ඒවා හදන්නේ, W3C ආයතනයෙන්. ඊට පස්සේ, ඒවා බ්‍රවුසර් වලට ඇතුලු කරන එක, ඒ ඒ ආයතන සහ කණ්ඩායම් වල වැඩක්. ඒ කියන්නෙ, මොසිල්ලා, මෛක්‍රොසොෆ්ට්, ඔපෙරා, ඇපල් (සෆාරි) වල වැඩක්. ඒ වැඩේ උනන්දු කරවන එක මිසක්, ඒක කරන්න W3C එකට බෑ.

    වෙබ් අඩවි හදන ඕන කෙනෙක් දන්නව IE වල මේ ප්‍රමිති කොයි තරම් හොඳට තියනවද කියල.

    මේ වගේම තමයි යුනිකෝඩ් ප්‍රමිතියත්. w3C වෙනුවට මෙතන ඉන්නෙ, Unicode Consortium එක. ඒ අය අදාල රටවල උදවු ඇතිව යුනිකෝඩ් ප්‍රමිතිය හැදුවට, ඒක මුදුකාංග වලට දමන එක අදාල ආයතන වල වගකීමක්.

    HTML/CSS වගේ නෙවෙයි, යුනිකෝඩ් කියන්නෙ විශාල බස් ගනනක එකතුවක්. මේ නිසා, මේ වෙලඳ සමාගම් උනන්දුව දක්වනෙනෙ, මෙම ප්‍රමිති වලින් තමන්ට වාසිදායක ඒවා විතරක් මුදුකාංග වලට ඇතුලු කරන්න. මා දන්නා තරමින්, බොහෝ දෙනෙක් අවුරුදු ගනනක් බල කරල තමයි Windows වලට සිංහළ එකතු කර ගත්තේ. නමුත්, GNU/Linux සුසැටියට නම් ඔය කාගෙන්වත් අවසර නැතිව අවුරුදු ගනනකට කලින් අපි සිංහළ එකතු කළා. ඇපල් නම් සිංහළ ගැන හිතලවත් නැහැ.

    ඔබේ අනිත් ගැටළුව, පැරණි version වලට යුනිකේත ඇතුලු කිරීම. මෙය කල හැකියි. නමුත් එය කල හැක්කේ, මෛක්‍රොසොෆ්ට් ආයතනයට මයි. මන්ද, ඇනිත් අයට source code එක නැති බැවිනි. ඒත් වෙලඳ වාසියක් නැතිව ඔවුන් එය කරාවිද?

    ඊට සමාන උදාහරණයක් තමයි, පැරණි බ්‍රවුසර් වල අලුත් CSS/AJAX වැනි දේවල් වැඩ කරන්නෙ නෑ. අලුතින් එන හැම ප්‍රමිතියක්ම පැරණි මුදුකාංග වලට ඇතුලු කිරීම අපහසු වන්නට පුලුවනි.

    බොහෝ දෙනා නිදහස් හා විවෘත මුදුකාංග (FOSS) ලංකාවට හොඳයි කියන්නේ මුදල් ඉතිරි කරන්න. නමුත් මා නම් කියන්නේ, ඒවායේ වැදගත්කම පෙනෙන්නේ මේ වැනි දේවල් වලට. වෙලඳ මුදුකාංග මෙන් නොව අපට ඇවැසි දේ ඒවාට එකතු කිරීම සහ වෙනස් කිරීමට කිසිම වෙලඳ සමාගකම ආඩම්බර බල්න්නෙ නැතිව ඕනෑම වෙලාවක කල හැකි නිසා.

  6. කාලිංග Says:

    Anuradha, ඔයාගේ කතාව ඇත්ත, කරන්න දේවල් ගොඩක් අඩුයි Windows වලට ආපුවහම. Linux නම් ඇත්තටම කරදරයක් නෑ, මම උනත් windows වල සිංහල බාවිතා කරන්නේ නෑ… කියවන්න පමනයි මම බාවිතා කරන්නේ.

    මේ සිංහල Unicode installation එක වැඩ කරන්නේ තාම SP2 EN සදහා පමනයි. ගොඩක් පිටරටවල ඉන්න අය මේ සිංහල සදහා උනන්දුවක් දක්කනවා. නමුත් ඒ අය මුහුනපාන ලොකුම ගැටලුව තමයි, ඒ අය බාවිතා කරන්නේ මේ EN Windows XP නොවන එක. ඉතාලිය, ජපානය වගේ රටවල ඉන්න අය බාවිතා කරන්නේ ඒ අයට අදාල බාසාවන් වලින් එන windows නිසා.

    Windows Vista වලනම් මේක ඇත්තටම සිංහල එන නිසා මේක ගැටලුවක් නෑ.

    දැම්මේ Firefox 3 සිංහල වලද ගොඩක් ගැටලු මතුවෙනවා මේ XP SP3 නිසා. මේවගේ සිංහල Unicode හරියට වැඩ කරන්නේ නෑ.

    කොහොම උනත් ඔය ICTA වගේ අයගේ වගකීමක් තමයි Microsoft වගේ සමාගම් එක්ක කතාකරලා මේක විසදාගන්න එක.

    අපි කොහොම කිව්වත් හැමෝම Linux බාවිතා කරන්නේ නෑනේ….

  7. Donald Gaminitillake Says:

    I have taken this issue with the Microsoft. There is a team in Redmond working on patches. They work only with Gihan.

    I have given all the errors of ICTA to Redmond lets see the outcome from them.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed