No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

(Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service.

අනේ ඉතින් මම මේ ආවඩපු M3 (Mobitel) HSDPA එකටත් හරි වගේ. කියලා වැඩක් නෑ. ඔන්න දවස් දෙක තුනක් GPRS හා සමාන වේගවල වැඩකරලා බැරිම තැන විනාඩි 20 hold එකේ ඉඳලා මාත් කතා කළා customer care එකට, අපරාදේ කියන්න බෑ කතාකරපු කොල්ලට හොඳට කඩුවනම් පුලුවන්… ඒ කියන්නේ අනිත් ඒවත් හොදට දන්නවා නේ 😉 එහම තමයි එයානම් මට කතා කළේ. මේවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ…. මම මේ ADSL අයට හිනා වුණා මගේ M3 එක ඕනේ වෙලාවක 1Mbps කියලා….

M3 Speed Test - Done By Malintha few months back

Back in the days……

M3 Speed Test - How it Use to be

එදා…… (Update එකෙන් පසුව ඉඳ හිට ලැබෙන ඉතා හොද වේගයන්)

ඔන්න ඉතින් මාත් මගේ දන්න දේවල් දාලා මේ යකාට කිව්වා මගේ link එක දැන් දින කීපයක ඉඳලා හරිම slow කියලා, ඒ එක්කම මම ඇහුවා ඔයගොල්ලන්ගේ network එකේ issue එකක් තියනවාද කියලා. මේකා ගත්ත කටට කියාපි, නෑ කිසිම වරදක් නෑ කියලා. හරියට මූ network එක උගේ අතක් පයක් වගේ. මම කිව්වා මේ issue එක තියේන්නේ මට පමණක් නොවෙයි මගේ මිතුරන් කීප දෙනෙකුටද මේක තියනවා කියලා. මූ ඒක ඇහුනේ නෑ වගේ කියපි. Sir driver එක uninstall කරලා install කරන්න කියලා. මම කිව්වා අනේ මම Linux නේ පාවිචිචි කරන්නේ ඒකේ ඔවා කරන්න ඕනේ නැ කියලා. පසුව පුදුම අමාරුවෙන් මුට කිව්වා මගේ Dialog SIM එක දාපුවාහම කිසිම issue එකක් නැති බව. අනේ මු සියල්ල දත් නේ. මේක ගණන් ගන්තේ නැතුව කියපිය. Modem එක අවුල් කියලා. ඒක පිට දාලා ගැලවෙන්න මු අහනවා ඕක ගත්තේ අපෙන් නෙවෙයි නේද කියලා. මම කිව්වා නෑ, මම ගත්තේ ඔයගොල්ලන්ගෙන් තමයි. පුදුම අමාරුවෙන් ආපහු ඇහුවා network එකේ වෙනසක් කරාද කියලා. මූ ඒකට කිසි දෙයක් නොකියා Sir වැඩකරන්නේ කොහද කියලා අහපි. මම කිව්වා WTC එකේ කියලා. (මාව interview කරනවාද කිලා මට හිතුනා) Sir off වෙන්නේ කීයටද, මම 5ට, අපේ head office එක 7pm වෙනකන් ඇරලා Sir ඒක අරගෙන එතනට යන්න කියලා කිව්වා. මොනවා කියන්නද වෙන. මම ඉතින් හා කිව්වා.

M3 Speed Test - Now

අද….

ඇයි මේ අපේ customer ඉන්න අය customer කියන දේ හරියට අසන්නේ නැත්නේ ? ඇයි පිළිගන්න අකමැති ? මම නම් දන්නේ නෑ ඇයි මේ කියලා. technical support සඳහා ඇයි technical අය නොදමා කිසිදෙයක් නොදන්න මේ වාගේ අය දමන්නේ ?

මම ඉතින් මම දන්න මට Sale කරපු කෙනාට SMS එකක් දැම්මා මගේ දුක කියලා, අනේ අපරාදේ කියන්න බෑ විනාඩි 10 යන්න කලින් කතා කළා. කරලා, අපි network update එකක් සිකුරාදා කළා. ඒකද දන්නේ නෑ. හෙට මම කෙනෙක් office එකට එවන්නම් කිව්වා. සමහර customer ලගේ SIM මාරු කරන්න ඕනේ කියලා.

ඇයි මේක මුලින්ම ඔය customer care අය නොදන්නේ ? ඇයි ඒක කියන්න බැරි.

PING Qulity

[email protected]:~$ ping www.lankacom.com
PING www.lankacom.com (203.143.20.165) 56(84) bytes of data.
64 bytes from 203.143.20.165: icmp_seq=1 ttl=116 time=96.2 ms
64 bytes from 203.143.20.165: icmp_seq=2 ttl=116 time=97.3 ms
64 bytes from 203.143.20.165: icmp_seq=3 ttl=116 time=98.5 ms

ඇත්තටම හොඳට තියනවා. එදා වගේම අදත්.

මම දැකපු දෙයක් තමයි. කලින් Gateways 3ක් M3 පාවිච්චි කළා.

1. 116.12.88.21

2. 116.12.88.22

3. 203.115.29.243

නමුත් දැන් මොනවා කළත් ලැබෙන්නේ 116.12.88.21 පමණයි. මේක load balance ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මොකද පෙර gateway කීපයක් අතර load එක මාරු කර තිබුණද දැන් ඒක නැති නිසා.

මට දැන් තියන සැකයනම් මේ සිකුරාද කල update එක කලේ SLT ADSL Engineers ලාද කියලා…. දැන්නම් ඉතින් M3 එකට SLT ADSL කාලය උදාවෙලා කියලා මට හිතෙන්නේ…

මට තේරෙන විදියටනම් සිකුරාද update එක නම් HSUPA (High-Speed Uplink Packet Access) වලට network එක update කරා කියලා තමයි හැගෙන්නේ. මොකද වෙනදා නොදැකපු upload speed එකක් දැන් දකින්න ලැබෙනවා. HSDPA කියන්නේ High-Speed Downlink Packet Access කියන එකයි. තේරුම නම් HSDPA වල Download Speed වැඩි අතර, upload speed download speed වලට වඩා සමානුපාතිකව අඩුයි. මේක මගහරවා ගන්න තමයි HSUPA එන්නේ. මේකේ upload speed 5.76 Mbit/s. දක්වා යන්න පුලුවන්.

M3 Speed Test - Just Now

Speed Test Done few seconds before i finish this post; තව කොච්චර වෙලාවක් මේක තියෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.

Share

101 Responses to “(Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service.”

  1. කාලිංග Says:

    @Erasmus

    i have given up M3 some time back, i do have a connection still, witch i use to test every day 🙂 the speed are like a dialup and not stable at all. not only you, ever mobitel user has the same issue. mobitel just ignore it, sayings we are cheap 😀

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed