HDTV & SDTV ? මොනවද මේ ?
මොනවද මේ HDTV 1080i, TrueHD කියලා මේ විකුණන්නේ ? අපිට මේවා වැඩක් තියනවාද ලංකාවේ ඉන්න අය හැටියට ? අපිට මේ කියන HDTV රසවිඳින්න ඇත්ත්‍ටම පුළුවන්ද ?
HDTV කියන්නේ High-definition television කියන අදහසයි. හැබැයි HDTV කියන්නේ මේ LCD/Plasma TV වලට නම් නොවෙයි, මේවාත් HD නැතුව හෝ Near HD (720p) වශයෙන් තියෙන්න පුළුවන්. ලංකාවේ සිට HDTV රස විඳින්න පුළුවන්ද ? කෙලින්ම කිව්වොත් බෑ ! ලංකාවේ කිසිම Satellite හෝ analog TV Broadcasting හා DVB-T එකක් වත් HD TV signal එකක් විකාශය කරන්නේ නෑ. අපිට දැක ගන්න ලැබෙන්නේ මේ SDTV (Standard-definition) කියන ඒවා තමයි. නමුත් අපිට HDTV රසවිඳින්න බැරිම නෑ.
HD-DVD, Blue-ray වගේ භාවිත කර මෙය අපිට රසවිදින්න පුලුවන්. නමුත් මේවාගේ ප්‍රචලිතය තාම ඉතාම අවම මට්ටමක පවතින්නේ. මොකද මිල හා ඒ සඳහා වෙනම උපකරණ අවශ්‍ය වීම.
HDTV කියන්නේ තනිකර Digital System එකක්. HDTV විකාශනය සඳගා DVB (Digital Video Broadcasting) හා ATSC (Advanced Television Systems Committee) තමයි මේ සඳහා යොදාගන්නේ. (ATSC භාවිත වන්නේ ඇමරිකාවේ හා කැනඩාවේ) දැනට HDTV එකක resolution හැටියට ගන්නේ 1920×1080 වන අතර සමහර වෙලාවට 1280×720 මගින්ද මෙය ලැබෙනවා, මෙය True HD කියා කිව නොහැක. HDTV තිරයේ ප්‍රමාණය 16:9 (Wide Screen) ලෙස වන අතර SDTV වල 4:3 ලෙස පවතියි. SDTV වලනම් 720×480 හෝ 720×576 resolution එකක් තමයි SDTV වලින් ලැබෙන්නේ.
4:3 තිරයේ ප්‍රමාණය
16:9 තිරයේ ප්‍රමාණය
මෙයට අමතරව 5.1 surround sound ද HDTV විකාශන හරහා ලබාදෙන්න පුළුවන්. දැනට Xbox360 හා PS3 වල HD Output පහසුකම් ඇත. මේවාගේ HD-DVD ROM සමගද වෙලඳ පොලට එයි. HDTV කියන්නේ තිරයේ ප්‍රමානයම නොවෙයි. ඉතා පැහැදිලි රූප. මෙයට හේතුව සියල්ල Digital වීම හා වැඩි pixel ප්‍රමානයක් තිබීම.
ඔය 1080i හා 720p කියන ඒවාගේ මේ “I” හා “P” කියන්නේ progressive scanning (p) interlaced scanning (i) කියන එකයි. මේ කතාකරන්නේ තිරයේ රුප සටහන් කරන ආකාරයි. progressive scanning හිදී මුලු රූප රාමුවක්ම එකම මොහොතේදීම තිරයේ අඳිනු ලබන අතර, interlaced scanning වලදි එක රූප රාමුවක් එක ඉරක් ඇර රූපය දෙනු ලබන අතර දෙවන අවස්ථාවේදී ඉතුරු හිස් රේඛා අඳිනු ලබයි. මේවාගේ වෙනස්කම් ඇසට නොපෙනෙන තරම්ය.
* HDTV එකකට SDTV ලාබාදීමෙන් මට HDTV quality එක ලැබෙනවාද ?
නෑ, මෙය TV එක ඇතුළත SD to HD up-scaling කළ ද රූපයේ quality එක වැඩිවීමක් වෙන්නේ නෑ. මෙයට අමතරව SDTV වල රූප ප්‍රමාණය 4:3 නිසා මෙය 16:9 වීමේදී රූප ඇදීමක් පේන්නද පුලුවන්.
* මගේ DVD ඒකේ 1080i කියලා තියනවා, මේ කියන්නේ මගේ DVD එක HD ද ?
නෑ, ඔබේ DVD එක HD-DVD palyer එකක් නොවෙයි නම් නෑ. නමුත් component cable එකක් පාවිච්චි කළොත් තරමක් දුරට හොඳ quality එකක් ලබාගන්න පුළුවන්. මේ අය ගොඩක් වෙලාවට කියන්නේ DVD Player එක ඇතුලතම SDTV, HDTV up-scaling අන්තර්ගත කර ඇති බවයි.
* මගේ HDTV එකක් හා HD-DVD/Blue-ray Player එකක් තියනවා, මේ දෙක සම්බන්ධ කරන්නේ කොහොමද ?
මේ සඳහා හොඳම දේ තමයි HDMI හෝ DVI cable එකක් භාවිත කළ යුතුමයි.
* මට HD රසවිදින්න කැමතියි, මේ සඳහා මොනවද අවෂ්‍ය ?
HD content, HD-DVD Blue-ray හො HD-WMV
HD Content Player, HD, Blue-ray හෝ Computer with a HD, Blue-ray ROM හෝ අඩුම ගානේ HD-WMV file එකක්.
HD Display – LCD හෝ Plasma TV එකක් 1080i
HD Display එකහා HD content player එක සම්බන්ධ කිරීමට HDMI හෝ DVI cable එකක්.
HD-WMV file නම් මේ Microsoft වෙබ් අඩවියේ download කරන්න දී තියනවා. ඔබට හොද පරිගණකයක් හා HD Display එකක් ඇතිනම් මේ WMV9 HD video demo රසවිඳ HD කියන්නේ මොකද්ද කියා දැක ගන්නම පුළුවන්. නිකන්ම නිකන් පරිගණක තිරයේ ධාවනය කර නම් මේක එතරම් රසවිඳිය නොහැක. VGA Card එකේ ඇති DVI interface එක භාවිත කළ යුතුයි HD Display එකට සම්බන්ධ කරන විට, මෙයට Video out හෝ S-Video භාවිතය කිසිම වැඩක් වන්නේ නෑ. ඔබගේ HDTV එකේ DVI නැත්නම් මේ සඳහා DVI to HDMI converter එකක් භාවිත කළ හැක.
HDTV එකක් ගන්නවානම් මේවා ගැන පොඩ්ඩක් හිතන්න, එකක් තමයි True HD එකක් ගන්න, ඒ කියන්නේ 1080i Native Resolution එකක් ඇති, මෙයට අමතරව අඩුගානේ HDMI x 2 වත් තිබිම හොඳයි, තව දෙයක්, HD Tuner එකක් ඇතිදැයි බලන්න මෙය DVB-T දැයි කියලා සැලකිලිමත් වන්න. (අනගෙතයේදී මේක ප්‍රයේජනවත් වෙයි) ඔක්කොටම වඩා HD-DVD player එකක් හා HD-DVD ටිකක් ගන්න
මොකද අලි ගත්තට වැඩක් නෑ හෙණ්ඩුවක් නැතුව.








May 20th, 2008 at 7:13 pm
HDTV නියමයි. හැබැයි ගානත් නියමයි!
කාලිංග කවදාහරි දවසක අපිව භාගෙට පිස්සු වට්ටනවා
May 20th, 2008 at 7:16 pm
දන් එච්චර ගනන් නෑ සුදාරක, Rs.100,000 වගේ SONY 32″ LCD එකක් ගන්න පුලුවන්. රට ගිහින් එනවානම් මේක තව අඩු ගානකට ගන්න පුලුවන්. $750 වගේ.
May 20th, 2008 at 8:00 pm
නියමයි. මං මේ වගේ හොඳ පැහැදිළිකිරීමක් හොය හොය හිටියෙ.
May 20th, 2008 at 8:06 pm
තවත් එකක්, මට දැනගන්නට ලැබුණු විදියට දැන් HD DVD format එක අතහැරලයි තියෙන්නෙ. HD DVD හා Blu-ray අතර පැවති තරගයෙන් Blu-ray ජයග්‍රහණය කළ නිසා. ඒ නිසා Blu-ray තැටි තමයි ඉදිරියට පාවිච්චි කරන්නට වෙන්නෙ.
මෙන්න විකිපීඩියාවෙන් ගත් සටහනක්: “During the high definition optical disc format war, Blu-ray Disc competed with the HD DVD format. On February 19, 2008, Toshiba — the main company supporting HD DVD — announced it would no longer develop, manufacture and market HD DVD players and recorders,[4] leading almost all other HD DVD supporters to follow suit, effectively naming Blu-ray the victor of the format war.”
May 20th, 2008 at 8:11 pm
මලින්ත හරි, ඒත් තියන ලොකු අඩුපාඩුවක් තමයි මේ දෙකෙන්ම movies release වෙන එක තාම අඩුයි. ගොඩක් දැනට තියෙන්නේ HD-DVD Titles තමයි. මගේ තියෙන්නෙ ඔය දෙකම දුවන්න පුලුවන් LG ROM එකක්. ඒක Blue-ray හා HD-DVD දෙක වැඩකරනවා.
August 17th, 2008 at 1:31 pm
අයියා දැන් ඔය රොම් එකක් නැතුව හාඩ් ඩිස්ක් එකට ෆයිල් එකක් විදියට තියෙනවානම් HD විදියට වැඩද?මම බාගත කරන වීඩියෝ ෆයිල්ස් වල 1080 ;720 එහෙම තියෙනවා;ඒවා HD ද?
August 17th, 2008 at 2:36 pm
පුලුවන් නමුත්, ඒක බලන්න ඕනේ, normal ෆිල්ම් එකක් Divx වලින් 700MB වගේ Stereo Audio එක්ක, නමුත් DivX HD 1080i එකන් 5.1 Sound එක්ක 4GB++ වෙනවා. මෙය බලන්න පුලුවන් ඔබ VLC Player එකේ View -> Stream and Media Info -> Advanced Information හි Resolution වල. 0000×720 හෝ 0000×1080 හො වැඩි විය යුතුයි.
August 26th, 2009 at 1:13 pm
Dear Kalinga,
i just bought sony klv-40s500a lcd Tv yesterday.. how can i watch HD movies with the pen drive support. any idea? i don’t have any DVD or Blue Ray Players… Only the Tv…
Pls Giv me a reply ASAP
Thank You…
August 26th, 2009 at 1:30 pm
@Kasun
not sure if the USB can play HD content, since it need to be faster and also may want to check the manual for the file supports it has.
all you have to do is put a file on the on USB drive and plug it in, the media player should pick up the file it support it.
August 27th, 2009 at 5:02 pm
im planing to buy a HD Dvd Player…. Do you have any HD DVDs to Share?
What is the best Player u recommend?
August 27th, 2009 at 11:35 pm
@Kasun
oh, there is NO POINT buying an HD DVD Player since HD DVD vs Bluray, Bluray won, so there are NO content coming on HD DVD any more. get an Bluray player, you can get a PS3 Slim for 300 US$, i think thats a good choice or else you can get a good player for 150~250 US$
July 1st, 2010 at 8:54 pm
ඉස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා….
March 18th, 2011 at 9:19 pm
SDTV 16:9 අනුපාතයට විකාශය කරන්න බැරිද?
March 18th, 2011 at 9:36 pm
@ තනුජ
can, but they don’t do it in SL. since most in SL don’t have a 16:9 TV some TV stations can’t do 16:9