Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය)
මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්…..
ඔය ගැන හොයනකොට මට දකින්න ලැබුණා.. මට විතරක් නෙමෙයි මේ issue එක තියෙන්නේ, BBC එකේ යන Click කියන technology වැඩසටහනේ මේගැන ලොකුවට කතා කරලා තිබුණා.
මේ තමයි එම වැඩසටහනේ facebook ගැන ගිය කොටස.
මට මේක දැක්කහම ලොකු සැකයක් ආවා… මම application එකක් නොදැම්මත් මගේ යාලුවෙක් මේක දාගත්තහම මගේ දත්තද මේ application එකට ගන්න පුලුවන්…. හරිම ලොකු කරදරයක්. මේක කට්ටියකට කියන්න පුලුවන්, අනේ මගේ ගන්න දෙයක් නෑනේ කියලා. ඒත් මේකෙ ලොකු ගැටලුවක් තියනවා.
මේ අය අපේ මේ දත්ත මොන ආකරයට භාවිත කරනවාද කියලා. ඉතින් මේක ගැන හව හොයනකොට මට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා, මේක facebook එකේ අයම පිළිගත්ත ප්‍රශ්නයක්.
ඉතින් අපි මේකට මොකද්ද කළ යුත්තේ ?
1. facebook එකට දාන ඊමේල් ලිපිනය හා රහස් පදය වෙන කිසිම දේකට භාවිත නොකරන්න.
2. facbook එකට දාන කිසිම දෙයක් අනිත් අය දැන නොගතයුතුයි කියලා සිතෙනවානම් නොදාඉන්න.
3. facbook application add කිරීම කරන්නම් වාලේ නොකරන්න.
4. නොදන්නා අයව friends ලා හැටියට add නොකරන්න.
ඊට අමතරව, facbook එකට log වෙලා,
Privacy -> Application -> Other Application වෙත ගොස් “Do not share any information about me through the Facebook API” කියන එක click කර “Save Changes” කරන්න. මතක තියාගන්න privacy issue තියන application use කරනවනම් මේ option එක disable වෙනවා ඔබ ඒවා ඉවත් කරනකන්.
මතක තියාගන්න මෙය කළ පසු ඔබගේ ගොඩක් application වැඩ නොකරන්න ඉඩ තියනවා. නැත්නම් “Share my name, networks, and list of friends, as well as the following information:” පමණක් තබා අනෙත් සියලුම දෑ ඉවත් කරන්න.
කොහොම වුණත්, තමන්ගේ අන් අය නොදැනගත යුතුයි කියලා හිතන කිසිම දෙයක් facebook එකට නොදමන්න. ඒවා private ලෙස තිබුණද ඒවා අන් අයට ලබාගත හැක. තවද භාවිත කරන application facebook approved භාවිත කරනවනම් හොඩක් හොඳයි.








May 19th, 2008 at 12:47 pm
අගේ ඇති ලිපියක්.
ගොඩක් වෙලාවට social networking අඩවි වලින් ගොඩ්ක අය ඉල්ලන් කනවනේ.
May 19th, 2008 at 10:34 pm
ඇත්තමයි. හරි වටිනවා.
January 15th, 2009 at 2:57 pm
ඇත්ත, මාත් මගෙ යලුවන්ට ඔය ටික නිතරම කියනවා. එත් කවුරුවත් ගනන් ගන්නේ නෑ.
March 9th, 2009 at 11:33 am
Facebook Privacy Settings වලදි අපට අවශ්‍ය අයට පමණක් අවශ්‍ය තොරතුරු ලබාදෙන්න පුළුවන් විදිහට හදන්න පුළුවනි.
June 11th, 2009 at 4:25 pm
මේ ලිපිය ඉතා කාලීනයි! මමත් ඉතින් Facebook log උන වෙලේ ඉදන් කරන්නෙ application block කර කර ඉන්න එක තමා. ඔය විදියව Facebook Privacy Settings මාරු කරගන්න ඕනෙ.
ස්තූතියි කාලිංග.
June 13th, 2009 at 2:15 pm
thank you අයියෙ මමත් ඕක කරන හැටි හොයහොයා හිටියෙ
December 3rd, 2009 at 3:54 pm
Great!!!!!!!!!!! Thanx