HDD Media Players
අද මේ digital media ලෝකේ හරිම අමාරු දෙයක් තමයි මේ digital media manage කරන එක. මොකද මගේ ගාවම mp3, divx mpg, wmv, etc තියනවා 500GB වලට වඩා, කොහොමද මේ ඔක්කොම පාවිච්චි කරන්නේ ? ගොඩක් අය ඉතින් computer එකේ තමයි. ඒත් මටනම් ඒක මහ කරදරයක්… රෑට නිදාගන්න ගමන් සින්දුවක් අගන්න computer එක දාගෙන නිදාගන්න එක මහ අපරාධයක්, ipod නම්, ආයේ තමන් කැමති එක computer එකෙන් ipod copy කර කර ඉන්න එපැයි. ඔය ඔක්කොටම වඩා මට මේවා මගේ home theater එකට දාගන්නත් ඕනේ, මේක ඔය ipod වලින් කරන්න බෑ, අනික මට film වගේ ඒවා 5.1 sound system එකේන්ම බලන්නත් ඕනේ… ඔය ඔක්කොටම පිලිතුරක් මට හම්බ වුණා.
ඒ තමයි මම මේ කියන HDD Media Player, මොකද්ද මේ ඇත්තටම, මේක ප්‍රමාණයෙන්නම් 3.5″ HDD encloser එකකට වඩා පොඩ්ඩයි ලොකු. හරියට කිව්වොත් HDD encloser එකක්ම තමයි, වෙනස මේක ඇතුලේම Media Player එකක් ඇති එකයි.
මේක ඇතුලෙ normal 3.5″ HDD එකක් සවි කරන්න පුලුවන්, මම මේකට 500GB HDD එකක් සවිකරලා තියෙන්නේ. මේක මම ගත්තේ ThinkGeek කියන වෙබ් අඩවියෙන්, මේක ඔය කව්රුත් දන්න SourceForge ලගේම එකක්.
මේක ගැන තව කිව්වොත්, මේකේ Digital Audio out වගේම Analog Audio out තියනවා, ඊට අමතරව, LAN, WiFi, USB තියනවා, ඔක්කොටම වඩා මේක HD 1080i HDMI (High-Definition Multimedia Interface) එකකුතත් තියනවා. මේක DivX (3/4/5), DivX 6, AVI, Xvid, BivX, MPEG, MPG, VCD(DAT), DVD(VOB, IFO), ISO, WMV(WMV-9), ASF(WMV-9), TP, TS, TR, MP3, WMA, AAC, OGG, PCM, AC3, DTS decoding including, BMP, JPEG/JPG, PNG, යන සියල්ලම support කරනචා.
මීට අමතරව පොඩි LCD display එකක් හා remote control එකක්ද තිබෙන නිසා භාවිතය ඉතාමත් ලෙහෙසියි. මේකෙ WiFI හා LAN එකට directly සම්බන්ධ කරගත හැකි අතර NAS (Network Attached Storage) එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවන්. මගේ computer කීපයක් තිබුණත් මේ නිසා මම මගේ Media file network එක හරහා HDD media player එකෙන් ගන්න පුලුවන්. WiFi මගින් මගේ WiFI Network එක එක්කට සම්බන්ධ කර ගන්න පුලුවන්.
මේකේ දුවන්නේ uCLinux CPU එක EM8621L.
තව මම USB HDD එකක්ද මේකට සම්බන්ධ කරලා තියෙන්නේ, එතකොට ඇතුලේ තියන 500GB වලට අමතරව මගේ favorite ඒවා මම මේ 2.5″ potable HDD එකේ දාගෙන ඉන්නේ, ඒක 80GB ඒකත් මේක හොඳට වැඩ කරනවා. තව එකක් උනත් සම්බන්ධ කරන්න පුලුවන් මේකේ USB 2.0 input 2ක් තියනවා.
මම මේක මෙන්න මේ ආකාරයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ, Optical Audio out එක එකක් හරහා surround sound amp එකට, analog audio out එක හරහා මගේ Creative SBS 380 subwoofer එකට (2.1 එකක්, මේක තමයි මම රෑට අහන්නේ නිදාගන්නකොට), HDMI to DVI converter (Digital Visual Interface) එකක් හරහා මගේ LCD TV එකට. මීට අමතරව WiFI හරහා මගේ WiFi Network එකට media file share කිරීම සදහා.
Quality එක ගැන කිව්වොත් , ඇත්තටම ගොඩක් හොඳයි, මම HD-WMV බලනවා, 1080i වලම, කිසිම වරදක් පේන්නනම් නෑ, Dolby Digital හා DTS දෙකම ඇති නිසා sound system එකද ඉතාම හොඳයි. මම පාවිච්චි කරන්නේ SATA HDD එකක්, මේක IDE උනොත් නම් වෙනස් වෙයිද දන්නේ නෑ HD content play කරනකොට. mp3 හා wma නම් ගොඩක් හොඳයි කියන්නේ මගේ DVD Player එකටත් වඩා හොඳයි.
මම මේකට කැමති, එකක් තමයි මොන විදියට මම සින්දු ඇහුවන් මට එකම තැනක මගේ සියලුම media file තියාගන්න පුලුවන් එක, computer වගේ boot වෙන්න කාලයක් නොයන එක, remote එකක් තියන එක හා quality එක. මීට අමතරව මේකේ software update කරන්නද පුලුවන්. network shard folder උනත් මේක මගින් access කරන්න පුලුවන්. මේක TV එකට සම්බන්ධ කළ පසු ඉතාම හොඳ GUI එකද ලැබෙනවා.
මරු නේ ?








May 17th, 2008 at 7:25 pm
මාරයි!
May 17th, 2008 at 7:30 pm
මලින්ත, දිව දාගන්න ඇතුලට, කෙල පෙරාගෙන ඕක දිහැ බලාගෙන ඉන්න එපා…..
May 17th, 2008 at 7:36 pm
නියමයි!!
ඔහොම යමු!!!
May 17th, 2008 at 9:07 pm
මරු භාණ්ඩේ!
මටත් එකක් ඇරන් දියන්කෝ!
May 17th, 2008 at 9:10 pm
මම වෙස්සන්තර නෙවෙයි !!
May 17th, 2008 at 9:16 pm
අපරාදේ, කාලිංග වෙස්සන්තර වෙලා කැලේට යනකොට මට ඊ-මේල් එකකින් දැනුම් දෙන්නකෝ. මම පටගාලා එනවා.!
May 17th, 2008 at 9:20 pm
උබත් එහෙනම් ඔය පෝලමට එකතු වෙයන්, ගොඩක් අය ඉන්නවා දත් මැදගෙන… මම යනකන්
May 17th, 2008 at 11:28 pm
මටත් පනින්න හිතයි ඒ පෝලිමට. කමක් නැද්ද?
May 17th, 2008 at 11:33 pm
Dili, පොලොමට ආවටකමක් නෑ පොලින් පැනලා අහු උනොත් නම් ගුටි කන්න වෙයි….
May 19th, 2008 at 9:32 am
මරු මරු
May 19th, 2008 at 11:21 am
ගන්න විදිය හා මිළ ගණන් කිව්වනම් අපටත් ගන්නවද කියල හිතල බලන්න පුලුවන්
May 19th, 2008 at 11:27 am
සංජීව්, ගන්න තැන මම මේ ලිපියේ සදහන් කරලා තියනවා, මිළ එම වෙබ් අඩවියේම තියනවා.
“මේක මම ගත්තේ ThinkGeek කියන වෙබ් අඩවියෙන්, මේක ඔය කව්රුත් දන්න SourceForge ලගේම එකක්.”
http://www.thinkgeek.com/computing/drives/8e50/
June 22nd, 2008 at 3:17 pm
අපොයි දෙය්යනේ ගාන Price:
$299.99;අතේ සතේ නැතුව ඉන්නේ;මම ඉන්නේ පරණ කොම්පියුටර් එකකින් මේ ජාතියේ එකක් ගෙදරදීම හදා ගන්න.වැඩේ තියෙන්නේ මට තාම ගැලපෙන කේසින් එකක්(පොඩ්) හොයාගන්න බැරි උනා;ඒකත් හදා ගන්න තමා වෙන්නේ
June 22nd, 2008 at 6:44 pm
නාගයා,
නරක නෑ අදහස. LinuxMCE එක හොදයි ඔය වැඩෙට. නැත්නම් PowerCinema (Windows) එක්ත් ලෙසියි, Asus TV-Radio කාර්ඩ් එක එක්ක එනවා, Remote එක ඇතුලුව. මිල රු5500 වගේ.
June 3rd, 2009 at 12:59 pm
ශබ්ද පිරුණු ලෝකයක් …………
අමුතුම ආලෝකයක් ………..
December 2nd, 2011 at 10:02 pm
thinkgeek site eken badu ganna hati kiyahanko bn…ebay wageemaida??? sampath bank web card accept karanawada bn???