වෙසක් එකට light bulb flasher එකක් හදමු.
මෙන්න වෙසක් එකට fun එකක් ගන්න එක්ක තමන්ම හදමු bulb bulb flasher එකක්.
මතක තියාගන්න ඔබට මේ පිළිබඳ යම් දුරකට දැනුමක් නැත්නම් මේවා කිරීමෙන් වැලකී සිටීම සුදුසුයි, නැතිනම් දන්නා අයෙකුගේ උපදෙස් උදව් ලබාගන්න. මොකද 230V විදුලිය නොදැන භාවිතය මරු කැඳවිය හැක.
මෙන්න ලේසිම විදිය, මේක පිළිවෙලක් නැතුව flash වුණාට හරිම ලේසියි; 40w Tube Light Stater (අඩි 4 ඒවට එන) එකක් මිලදී ගන්න නැත්නම් පරණ එකක් හොයාගන්න. බයවෙන්න එපා මේක එච්චර ගණන් නෑ.
මේ තියෙන්නේ ස්ටාටර් එකක්.
ස්ටාටරයක ඇතුළත.
5W වගේ bulb වැලක් තියනවා නම්; ස්ටාටරයේ ඇති අග්ර දෙකට bulb වැලේ ඇති එක පැත්තක වයරය වෙන්කොට එන කොටස් දෙක ස්ටාටරයේ අග්‍ර දෙකට සවිකරන්න. (ඔබට ඕනේනම් ස්ටාටර් හෝල්ඩරයක් මෙයට මිලදී ගත හැක) 5w bulb ඒවා 12 වැඩිනම් ස්ටාටර් එක ඉක්මනට නරක් වෙන්න පුලුවන්.
මාරුවෙන් මාරුවට bulb වැලක් දැල්වීම
මෙන්න තවත් ලාබ ලෙහෙසි විදියක්, මාරුවෙන් මාරුවට bulb වැලක් දැල්වීමට, මේ සදහා කුඩා 12V හෝ 9V 2 Gan 1 pole Relay එකක් (relay එකේ දඟරය ලබාගන්නා ධාරාව 300ma වඩා අඩු විය යුතුය.) අවශ්‍ය වන අතර තව, 12V series light වැල් සදහා එන Automatic bulb එකක් ද මේ සඳහා අවශ්‍යය. මීට අමතරව 12-24V dc power pack එකක්ද අවශ්‍යය.
රිලේ (Relay) එකක පිට පෙනුම.
Relay එකක පිටුපස (pin) අග්ර පිහිටා ඇති ආකාරය.
සවිකර ගත යුතු ආකාරය, මතක තියාගන්න relay එක එන pin ගොඩක් සියුම් නිසා පරිස්සමින් පාස්ස ගන්න. අනික මම පෙන්වා ඇති relay එකට වඩා ඔබ ගන්න relay එකේ පෙනුම හා pin ඇති ස්ථාන වෙනස් විය හැක.













May 14th, 2008 at 8:44 pm
නියමයි!
May 14th, 2008 at 8:48 pm
බැරිද මටත් එකක් හදලා එවන්න?
May 14th, 2008 at 8:53 pm
පුලුවන්… පුලුවන්… හදලා zip කරලා email කරන්නම්
August 16th, 2008 at 8:08 pm
VB walin interfacing kaloth mokada?mama sarayak computer controlled car ekak haduwa oya wage
August 16th, 2008 at 8:12 pm
පුලුවන්, LPT එක පාවිචි කරලා රිලේ බොඩ් එකක දුවවන්න පුලුවන්.
November 17th, 2009 at 9:59 am
shok ne