No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1

මේක මගේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? කියන ලිපියේ පසු සටහනකි, මෙතෙක් වෙච්චදේ ගැන ලියන්න ඕනේ කියලා සිතුණා. මොකද අද මට TRUSTe වෙතින් ලිපියක් ලැබුනා මගේ පැමිණිල්ලේ මම කියපු දේවල් ඒ අය විසින් Privacy Issue (පෞද්ගලිකත්වය) එකක් කියා පිළිගෙන තිබුනා.

මෙන්න ඔවුන් එය පැහැදිලි කොට එවා තිබුන ලිපිය.

Header of the Email

මෙය නිකන්ම නිකන් පිළිගත්තා නොවෙයි, ඔවුන් මගෙන් ඉල්ලා සිටියා මට ලැබුණු ඊමේල් හා තව ප්‍රශ්න කීපයකට පිළිතුරු. ඒවා යැවීමෙන් පසු තමයි ඉහත ලිපිය ඔවුන් මට එවා තිබුණේ.

මෙන්න ඔවුන් එම දේවල් ඉල්ලා එවා තිබු ලිපිය.

මම මීට අමතරව Micro$oft Sri Lanka මගින්ද මේ ගැන විමසුවා, ඔවුන් මාව මෙයින් ඉවත් කර ඒ පිළිබඳව සමාව ඉල්ලුවට මගේ ඊමේල් ලිපිනය ගත්තේ කේසේදැයි නම් කීවේ නෑ. කොහොම කියන්නද හොරෙන් දැම්මා කියලා 😀

මම පළමු ලිපියනම් ගොඩක් rude විදියට තමයි ලියලා තිබුනේ, මොකද මට මේක දැක්කාම මාර කේන්තියක් ගියා. මොකද මේ වගේ සමාගම් වල මේ වගේ cheap විදියේ marketing කරනව දැක්කහම. තව විදියකින් දුකක් ඇතිවුණේ මොවුන් කෙතරම් පහළට වැටිලද කියලා මේ වාගේ දේවල් කරන්න තරම් වැටිලාද කියා.

header of the above email

header of the above email

ඔවුන් කළ වරද පිළිගෙන සමාව ගත්ත එක ලොකු දෙයක්. මොකද අපේ අය SPAM ගහලා තව අපිට කියවන්න එනවා. ඒගොල්ලො කරපු එක හරි, එය සාධාරනීකරණය කරන්න එනවා. අපේ ලංකාවේ අය හිතාගෙන ඉන්නේ තමන්ට ඕනේ විදියට අනුන්ට ඊමේල් යවන්න පුලුවන් කියලා. ඒ අය තේරුම් ගන්නේ නෑ මේක කොච්චර මිනිස්සුන්ට හිරිහැරයක්ද කියලා. අනික අපේ අය දන්නේ නෑ එහම ඊමේල් ආවහම ඒවට ක්‍රියාමාර්ග ගන්න පුලුවන් කියා. gmail, yahoo, hotmail වැනි සේවා භාවිතා මගිනුත් මේවා පැමිණිලි කරන්න පුලුවන්.

Gmail හෝ Google නම්: http://mail.google.com/support/bin/request.py?contact_type=abuse_phishing

Yahoo: http://help.yahoo.com/l/us/yahoo/mail/yahoomail/abuse.html

Hotmail/LiveMail: http://postmaster.msn.com/FAQ.aspx#JunkMailFAQ

Q. I am receiving junk e-mail from what appears to be Windows Live Hotmail e-mail addresses. Should I report this?

A. Yes. Spammers frequently imitate, or “spoof,” Hotmail addresses to make it look like the e-mail originated from legitimate Windows Live Hotmail users
To report these kinds of e-mails, send the e-mail message as an attachment with the full message header to [email protected]. We’ll determine if the message originated from our service and take appropriate measures. “

ගොඩක් අය මේ SPAM නිකන් අල්ලා දමන නිසා තමයි ගොඩක් අය ඔය SPAM Advertising ව්‍යපාරයක් වශයෙන් කරන්නේ. ඔබට අයිතියක් තියෙනවා ඔබට ලැබෙන ඊමේල් ගැන පියවරක් ගන්න. දැන් අපේ ගොඩක් අය මේ බල්ලො මරලා හෝ සල්ලි හොයන business ethics තමයි පාවිච්චි කරන්නේ.

Share

4 Responses to “Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1”

  1. ඩනිෂ්ක Says:

    අනිත් අයටත් මේක හොඳ පාඩමක්.

  2. චරිත Says:

    මේ සටහන අපි හුඟක් දෙනෙකුට ප්‍රයෝජනවත් එකක්. SPAM මට එක email account එකක් වහල දාන්න උනා. සටහනේ කිව්වා වගේ ඒවා අල්ලලා දාන එකයි මේවට විරුද්ධව පැමිණිලි කරන්නේ කොහොමද කොහාටද කියන එක ගැන අවබෝධයක් නැතිවීම හුඟදෙනෙකුට තියෙනවා. මම උනත් කලින් දන්නවනන් මේකට action එකක් ගන්න තිබුනා account එක close නොකර 🙂

  3. කාලිංග Says:

    චරිත්,

    ඒක තමයි දැන් මේ හැමෝම ඕන ඕන විදියට ස්පෑම් කරන්නේ, අපේ අයගේ තියන නොදැනුවත් කම නිසා, නැත්න්ම මේවාට කරන්න බොහෝදෑ තියනවා. නිකන් අල්ලලා දාලා ඉන්න එක හරි මෝඩ කමක්. තමන්ගේ අයිතිවාසිකම් ගැන අපේ අය දන්නේ නෑ.

  4. Malinda Says:

    ස්තූතියි දැනුවත් කලාට.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed