No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ?

මෙන්න අද කතාව…. මම මේක ලියන්නේ නැතුව ඉන්න හිටියේ, ඒත් එය ලිවිය යුතුයි කියා මට සිතුණා . මෙය මගින් අනිත් අයටත් යම්කිසි දැනුමක් ලැබෙනු ඇතැයි කියා සිතු නිසා.

කාටත් මේ SPAM ඊමේල් කියන එක කරදරයක් කියලා කවුරුත් දන්නවා, ඒක කියන්න දෙයක් නෙවෙයි නේ, දැන් company එකකින් එන ඊමේල්වලින් 75% ටත් වැඩි ප්‍රමාණයක් SPAM ඊමේල්ය,

SPAM ඊමේල් කියන්නේ මොනවද ? ඇත්තටම ඔබේ කැමැත්ත ලබා නොදී එන ඕනැම Marketing/Promotional හා වෙන ඕනෑම ඔබ නොදන්න කෙනක් ඔබට එවන මෙවැනි ඊමේල් මේ SPAM ගණයට වැටෙයි. කිසිම කෙනෙකුට අයිතියක් නෑ ඔබගේ ඊමේල් ලිපිනය හොයාගෙන ඔබට ඔය වගේ ඊමේල් එවීමට ඔබගේ කැමැත්ත (Opt-In) ලබාගන්නේ නැතුව. ඒවගේම ඔබට ඕනෑම අවස්ථාවක ඔබ කැමැත්ත දුන්නද මේ ලැබන ඊමේල්වලින් අයින් වෙන්න (Opt-out) ආකාරය පැහැදිලිව තිබිය යුතුයි. මීට අමතරව මේ ඊමේල් එවන්නා ගේ විස්තරයක්ද ඒ ඊමේල් ඒකේ තිබිය යුතුය. (ලිපිනය, එවන්නාගේ හෝ සමාගමේ නම), මෙය හරියට ඕබේ නිවසට ඔබට අනවශ්‍ය ලියුම් එවනවා හා සමානයි.

මගේ කතාව නම්, ඔය කිව්වා වගේ මට මේ Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) විසින් මේවගේ ඊමේල් එවන්න පටන් අරගෙන. ඇත්තට මම ගොඩක් ඔය Micro$oft USA මේලින් ලිස්ට්වල ඉන්නවා හැබැයි ඔය Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) මට ඊමේල් එවපු ලිපිනය මම මොන ආකාරයකින් වත් ඔය කිසිම ආකාරයේ මේලින් ලිස්ට් එකකට පාවිචි කරන එකක් නොවෙයි. අනික මට ඕක ලොකුවට හිතන්න සිද්ධ වුනේ මම කිසිම Internet දේකට මේ ලිපිනය භාවිත කරන්නේත් නැති නිසයි. හැබෑයි මගේ මේ name card පරණ ඒකේ තිබුනේ ඔය ලිපිනය තමයි. 😀

අනික ඔය Micro$oft Sri Lanka එවන ඊමේල්වල මම ඔය ඉහත කී standard එකක් නෑ, මොකද ඇත්ත කිව්වත් මම ඔය අවුරුදු ගණනක් Micro$oft USA එකෙන් ආපු ඊමේල් ඇත්තටම හොඳ standard එකක තියෙන්නේ. සමහර ඊමේල්වල Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) කඩේ යාමක් ද කර තිබුණා, මෙහි 3rd party (තුන්වන පාර්ශ්වයන් ගේ) Marketing/Promotional කර තිබීම මගින්.

මට වෙලාවකට හිතෙනවා Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) මේතරම් පහත් මට්ටමකද ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන්නේ කියලා, බල්ලො මරලා හෝ සල්ලි හොයන. මට ගොඩක් දුක අවුරුදු 15 කට වැඩි ප්‍රමාණයක් මේ Micro$oft Software පාවිච්චි කරන්නෙකු හැටියට හා ඉහේ කෙස් ගානට මේවා Implement කරපු කෙනෙකු හැටියට.

මගේ මේ බ්ලොග් එකනම් හැබැයි 100% Open Source.. Server එකේ සිට ලියන මේ computer එක දක්වාම. 🙂 හැබැයි මම ගැන කිව්වොත් මම ඔය Linux හොදයි Windows නරකයි හෝ Windows හොදයි Linux නරකයි කියන කෙනෙක් නම් නොවෙයි. මම ඔය හැම එකටම කැමතියි. මම කරන දේ හොඳට ලේසියෙන් කරන්න පුලුවන් එක මට හොඳයි. ඒක නිසා මටනම් ඔය Linux හෝ Windows ගැත්තෙක් හැටියට හංවඩු ගහන්න නම් බෑ.
අනික් කරුණ තමයි මේ Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) එවන ඊමේල්වල ඇත්තේ image එකක් පමණයි.

මෙන්න Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) එකෙන් ආපු ඊමේල් එකක්, ඕකේ බලන්න කොහෙද තියන්නේ කියලා Unsubscribe Information (ඉවත් වීමට උපදෙස්), එවන කෙනා සම්බන්ධ කරගත හැකි ආකාරය.

මෙන්න ඔය ඊමේල් ඒකේ Header එක.

මෙන්න Micro$oft USA එකෙන් ආපු ඊමේල් එකක්, ඕකේ බලන්න මේ Unsubscribe Information (ඉවත් වීමට උපදෙස්), එවන කෙනා සම්බන්ධ කරගත හැකි ආකාරය හා එවන කෙනා ගැන සියල්ල පැහැදිලිව සඳහන්.

මෙන්න Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) කඩේ ගිය ඊමේල් එක, මේකේ ඉන්නේ හා සම්බන්ධ කරගන්න උපදෙස් ඇත්තේද 3rd Party (තුන්වන පාර්ශවයකි), මෙය නම් ඔය Opt-In වුවද වෙනම 3rd party infomation එවීමට අපෙන් අවසර ගත යුතුය.

මෙන්න ඔය ඊමේල් ඒකේ Header එක.

Micro$oft USA නම්, ඔබට වෙනම ඔබගේ Profile එකහා Subscription Center එක මගින් ඔබට මේලින් ලිස්ට් (Mailing List) හා ඔබ කැමැත්ත දී දැති ඒවා ද පැහැදිලිව දක්වයි.

ඉහත ඔබට පේනවා ඇති “I would like to hear from Microsoft Partners, or Microsoft on their behalf, about their products, services, and events. Share or use my details with Microsoft Partners.” මෙය තමයි ඔය අපි 3rd Party Information අපට එවන්න Micro$soft එකට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ.

මේ විදියට Micro$oft USA වැඩ කරද්දි Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) මේ කිසිවක් නැතුව මේ දේ කරන්නේ කේසේද කියලා. තවද Micro$oft Privacy Policy මේගැන පැහැදිලිව සඳහන් කොට ඇත,

“The Microsoft.com Profile Center allows you to choose whether you wish to receive marketing communications from Microsoft.com, to select whether Microsoft.com may share your contact information with selected third parties, and to subscribe or unsubscribe to newsletters about our products and services.”

මම ඇත්තට මේගැන ඔවුන්ගෙන් ඇසුවා, ඔවුන් මාව Mailing List එකෙන් ඉවත් කළ බව කීවද, මගේ ඊමේල් ලිපිනය ගත්තේ කෙසේදැයි පැවසුවේ නැත. Micro$oft Privacy Statement එක Validated TRUSTe Privacy Statement නිසා ඔවුන් හරහා මේ පිලිබඳ පැමිනිල්ලක් කලා.

දැන් මේ ගොඩක් ලංකාවේ Email Marketing කිය කියා මිනිස්සුන්ට SPAM කිරීම අලුත් වෙලදාමක් වීඇත. මේ අය කරනේ ඊමේල් ලිපින, forward ඊමේල්, User Groups වැනි තැන්වලින් එකතු කර කර ඊමේල් කිරීමයි, මේ නිසා ඔය චීනය වගේ රටවල් ගොඩක් Black List වෙන්න පටන් ගත්තා. මොකද ලංකවේ ISP ලා මේගැන දැනීමක් නැතිකම හා ගණන් නොගැනීම මේ SPAM කාරයන් රජකරන්න එක හේතුවක්.

ඔබට ගොඩක් දේවල් මේයට කළ හැක, http://www.spamcop.net/ එකට report කළ හැක, මෙමගින් යමකිසි IP එකක් ගැන පැමිණිලි කීපයක් ලැබුණ විට එය Block කීරීමක් හා හැම report (පැමිණිල්ලක්ම) අදාල ස්ථානවලට යවයි. නැතිනම් ඔබට ISP හට කෙලින්ම මේ පිලිබද පැමිණිලි කළ හැක. ඇමරිකාවේ ඇති server එකක් නම් ඔබට US Federal Trade Commission එකටද පැමිණිලි කළ හැක.

ගොඩක් Servers ලංකාවේ පිහිටා නැති නිසා එම server ඇති රටේ නීතියට මෙය යටත් වෙයි, ලංකාවේ මේ ඊමේල් SPAM වලට හරි නීතියක් නැති වුවද මේ server ඇති රටවල මෙය ඇති නිසා මේ පිලිබඳ කරන පැමිණලි ඔවුන් ලංකාවේ ISP ලා වගේ ඉවත නොදමයි.

දැනට එපම‍ණයි, පසුව මම මේ SPAM, RBL, Black List ගැන තව වැඩි විස්තර ලියන්නම්.

Share

2 Responses to “Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ?”

  1. sam Says:

    As far as I know, I don’t think those spam rules are valid in Sri Lankan legal system. But it is good definitely to find out

  2. කාලිංග Says:

    Hi sam, well if the originating server is with in Sri Lanka then it don’t but if the origination server is located out side of Sri Lanka, it fall in to the server located country legal system and ISP rules.

    even if the server is located with in Sri lanka; it also fall in toe providers TOU, AUP etc.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed