No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

ස්පීකර් (බෆල්) නොහොත් Loudspeakers

මෙන්න මම හිතන්නේ ගොඩක් කට්ටිය කැමති දෙයක්…. අපේ අයගේ බාසාවෙන් කිව්වොත් “බෆල්” !! අර පිටකොටුවේ ගොඩ ගහලා කන් පැලෙන්න දාල තියේන්නේ. මට වෙලාවකට මටම දුක හිතෙනවා අපේ අය මේ Quality කියන්නේ කන පැලෙන්න සද්දෙ හා පපුව හෙල්ලෙන්න Bass තියන එක කියලා… සමහරු Treble වලට ආසයි, ඉතින් ඉවක් බවක් නැතුව ඔය Piezo Tweeters හයිකරලා දානව අහල පහල ඉන්න බැරි ගානට. මේකද මේ Sound Quality කියන්නේ, ඕවා කන පැලෙන්න ඇසුනු තරමට; මේ Output Power (Watts) වැඩි වුණ තරමට ද මේ Sound Quality කියන්නේ ? හපොයි නෑ ! 😀

Sound Quality කියන දේත් එක එක්කෙනා ගේ රසය අනුව වෙනස් වෙනවා… ඒත් මේවා මොකක් වුණත්, කාට වුණත් හොඳ Sound එකක් ඇහුණාම ආ… ඒකේ Sound එකනම් මාර Quality කියනවා, Sound Quality කියන්නේ ඇත්තටම සැම සංගීත භාණ්ඩයක්ම ඒ අකරයෙන් ඇසෙනවනම් හා එක එක සංගීත භාණ්ඩය වෙන වෙනම ගෝසාවකින් තොරව හඳුණාගත හැකිවිය යුතුයි හා කනට අමිහිරි නොවිය යුතුයි. මේ දේ කිරීමට හොඳ ස්පිකර් අවශ්‍යයි. 20Hz සිට 20,000Hz දක්වා හැම Frequency එකක් ම එකම ආකරයෙන් ප්‍රතිවාදනය විය යුතුයි. (20 – 20,000Hz Frequency Response), 20-20,000Hz කියන්නේ මිනිහෙකුගේ ඇසෙන ශබ්ද පරාසයයි. (මෙය වයස අනුව වෙනස් වෙනවා)

දැන් අපි බලමු මේ ස්පිකර් එකක් වැඩකරන්නේ කොහොමද කියලා.

පළමුව ඉලෙක්ට්‍රිකල් ස්පිකරය හැදුවේ Alexander Graham Bell (ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්) ඔහු නිපද වු දුරකථනයේ කොටසක් ලෙස 1876 දීය, නමුත් අප දැන් භාවිත කරන Moving Coil ස්පීකරය නිපදෙව්වේ Oliver Lodge විසින් 1898 දීය. හරි , හරි, ඉතිහාසය පාඩම අවසානයි ! 😛

above Image Copyright how stuff works.

ඔබට ඔය පෙනෙන්නේ ස්පීරයක පැතිකඩකි. විදුලිය Voice Coil එකට එන වෙනස්කම් අනුව Voice Coil එක ඉහළ හා පහළට චලනය වෙයි, Voice Coil එකක් කියන්නේ, කම්බියක් රවුමට බටයක් මත ඔතා ඇති කම්බි දඟරයකි, අපි දන්නවා යකඩයක් මත දඟරයක් ලෙස කම්බියක් ඔතා එයට විදුලිය දුන් විට එය කාන්දමක් (චුම්බකයක් – Magnet) බවට පත්වන බව. මෙම බටය කාන්දමක් තුළ නිදහසේ චලනය වීමට හැකි ලෙස දමා ඇත. මේ චලනය අනුව Diaphragm (Speaker Cone) එක චලනය වෙයි, විදුලියේ ඇති Frequency එක අනුව වලනය වන නිසා එම ශබ්ද අපට ඒ ආකාරයෙන් ඇසෙයි.

එක ස්පිකරයට මේ 20 – 20,000Hz දක්වා සියලුම Frequency ජනනය කල හැකිද ?

ඇත්තටම මෙය ගොඩක් දේ මත රඳා පවතිනවා, මුල් අවදියේදී ඇත්තටම කළේ මේ දෙය තමයි, “Full Range (සියලු පරාස) Speakers” කියා කියන්නේ මේවට තමයි, ගොඩක් විට ඔය ඔබගේ TV එකේ, පරිගණකයේ ස්පිකර්වල තියෙන්නේ තනි Full Range Speakers එකක් තමයි. නමුත් ස්පිකරයේ ප්‍රමාණය මත ශබ්දයේ ඉහළ හා පහළ Frequencyවලට ඇති සංවේදීතාව වෙනස් වෙනවා. (මෙයට තව දේවල් බලපානවා) ස්පීකරය ලොකුවන විට එය ගොඩක් පහළ Frequency (Bass) ද කුඩාවන විට ඉහළ Frequency (Treble) වැඩියෙන් සංවේදී වෙනවා, මේනිසා අපට ඇසෙන ශබ්ද වෙනස් වෙනවා.

ම්ට අමතරව සියලුම Frequency වලට Voice Coil එක හා Diaphragm එක එකම අවස්ථාවන් හිදී චලනය වන්න උත්සහ කරන නිසා සමහර Frequency (ශබ්ද පරාස) නොඇසෙන්න හෝ විකෘති වන්නට පුළුවන්.

මෙය මගහරවා ගන්න තමයි ඔය 2-Way, 3-Way 4-Way ආදී වශයෙන් ස්පිකර් පද්ධති (Speaker System) නිපදවන්නේ.

2-Way, 3-Way 4-Way ආදී ස්පිකර් පද්ධති ?

මේය ඇත්තටම කර ඇත්තේ එක එක Frequency පරාසයන්ට සංවේදී ස්පිරක කීපයක් එකට පෙට්ටියකට සවි කිරීමයි. මෙහිදී මම ඉහත කී ගොඩක් අඩුපාඩු මගහැරෙනවා.

X-Way යනු ස්පිකර/Frequency පරාසයන් කීයකට බෙදෙනවාද යන්නයි.

උදා: 3-‌Way ස්පීකර් පද්ධතියකින් කරන්නේ 20-20,000Hz යන Frequency පරාසය පහළ මධ්‍යම හා ඉහළ තුන් (Low = Bass, Mid, High=Treble) ආකාරයට බෙදා, ඒ සඳහාම වි‍ශේෂයෙන් සාදන ලද ස්පිකර තුනකට ලබාදීමයි.

පහළ (Low) Frequency වලට භාවිත කරන ස්පිකර සදහා woofer කියා කියනවා, පහළ Frequency ගොඩක් එන්නේ Drums, Base Guitars වගේ ඒවායේ ශබ්දය, මධ්‍යම (Mid) Frequency වලට භාවිත කරන ස්පිකර සදහා mid-rangers කියා කියනවා, මධ්‍යම Frequency ගොඩක් එන්නේ කටහඬ, Organs, Saxophone වගේ ඒවාගේ ශබ්දය, ඉහළ (High) Frequency වලට භාවිත කරන ස්පිකර සඳහා Tweeters කියා කියනවා, ඉහළ Frequency ගොඩක් එන්නේ symbols, high-hats වගේ ඒවාගේ ශබ්දය,

* 2-‌Way ස්පිකර් පද්ධතියක Frequency බෙදා ඇති ආකරය.

මේ හැම ස්පිකරයක්ම හොඳින් සංවේදී Frequency පරාසයක් තියනවා, ඇත්තටම දුකයි, ලංකාවේ නම් ස්පිකර විකුණන කෙනාවත් මෙය දන්නේ නෑ, මොකද අපි ස්පිකර් පද්ධතියක් සාදනවානම්, හරියට මුළු Frequency පරාසයම ආවරණය කරන අකාරයට සැකසිය යුතුය.

ඔය කියන විදියට ස්පිකර ට්ක එකට ඇමුණුවහම පෙට්ටියක් (Enclosure/Cabinet) හරිද ?

හපොයි නෑ, 😀 මම කලින් කිවා මෙන් Frequency බෙදීම කළ යුතුයි, නැතිනම් High Frequency වලට සකසා ඇති Tweeter එකට වෙන Frequency ගිය විට ශබ්දය විකෘති වෙනවා. මෙය අනිත් ස්පීකරවලටද එසේමයි. එය සාදා ඇති Frequencyයකට වඩා වෙනත් Frequency එකක් ගියොත් ශබ්දය විකෘති වෙනවා. මෙය කිරීමට Crossover එකක් භාවිත කරනවා. බොහොමයක් උදවිය හා Crossover සාදන්නන් High, Mid Frequency වෙන් කර එක එක ස්පිකරය වෙත යැව්වද Low Frequency සඳහා ඇති Woofer එක කෙලින්ම සවිකරනවා, මෙයත් ලොකු වරදක්.

* Crossover එකක්.

ස්පිකර පෙට්ටියක් (Enclosure/Cabinet) ඇත්තටම මොකටද ?

එකක් තමයි ඔය ඔකොම ස්පිකර හරියට සවිකිරීමට, නමුත් ශබ්දයට ලොකු වෙනසක් මෙයින් වෙනවා, ගොඩක් Low Frequency වලට මෙම පෙට්ටියේ ප්‍රමාණය (Volume) හා වෙනත් දේ මත රඳා පවතිනවා. හදන්නන් වාලේ තමයි ඔය ලංකාවේ අයනම් මේක කරන්නේ, නමුත් මේ සඳහා ගණනය කිරීම් වගේ දේවල් කළ යුතුයි. නිවැරදි Frequency ලැබෙන ආකාරයට, ඔබ හොඳ Woofer මිලදී ගන්නවානම් ගොඩක් විට ඒ සඳහා අවශ්ය පෙට්ටිය ප්‍රමාණය පිළිබඳ විස්තර ඇත. මෙය ලංකාවේ නම් බලාපොරොත්තු විය නොහැක.

හරි තව මොනවද තියෙන්නේ ?

තව දෙයක් තමයි කොච්චර හොඳ ස්පිකර පද්ධතියක් තිබුණත් හොඳ Sound System එකක් නැතුව වැඩක් නෑ, අනික තමයි ස්පිකර් තබා ඇති තැන්, කමරයේ ප්‍රමාණය හා එහි ඇති භාන්ඩ වගේම ඔබ සිටින ස්ථානයද Sound Quality එකට බලපානවා.

මේකොක තිබුනත් හොද කන් දෙකකුත් ඕනේ වෙනවා………… 😛

Share

10 Responses to “ස්පීකර් (බෆල්) නොහොත් Loudspeakers”

  1. nilaksha Says:

    කාලිංග, මේ විදියේ බ්ලොග් එකක් ඉගෙන ගන්න ළමයින්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මම වගේ විනෝදයට ඉලොක්ට්‍රොනික් අත්හදාබැලීම් කරන අයටත් මේ ආකාරයේ බ්ලොග් සටහන් වැදගත්. දිගටම ලියන්න. සුබපැතුම්!

  2. Amila Says:

    මේක නම් ඇත්තටම සෑහෙන්න වටිනවා. බොහොම ස්තූතියි!!!

  3. මහේෂ්-ඩී-ජය Says:

    බොහොම අගෙයි ඉලෙක්ට්‍රෝණික් ගැන උනන්දුවක් දක්වන අයට ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්.

  4. Malinthe Says:

    එළකිරි! මමත් ඉලෙක්ට්‍රොනික් කළා ඕලෙවල් වලට. නියමෙට ලියලා තියෙනවා මල් හතයි! 😀

  5. Shantha Says:

    This is really interestingl it will be further usefull if you give the technical date of the dimention of the buffel box according to the diagrame of the woofer.please continue your good work

  6. කාලිංග Says:

    hi Shantha,

    we cant really do this with out knowing the specs of the woofer, best would be to copy a original box that has the same size of woofers. but cant really promise the same quality since this depend on the quality of the woofer and the sensitivity level and the frequency response range as well.

  7. වරුණ Says:

    හරි අගෙයි, වෙලාව ලැබුණු විගස ලියන්න. සිංහල බ්ලොග් කරනය ඔබ වැනි අය නිසා නව මාන කරා යන බව සිකුරුයි. 🙂

  8. රෙෂාන් Says:

    ඉතාමත් හොඳට විස්තර කරලා තියෙනවා. මේවා සිංහල විකියටත් මෙහෙම්මම දාන්නත් පුළුවන් වගේ නේද.

  9. හසී Says:

    නියමයි.වැදගත් ලිපියක් හැමදාමත් වගේ….!!!!!

  10. bandula Says:

    superb……….!!!!!!!

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed