No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

ලංකාවේ අන්තර්ජාලය නොහොත් ජංජාලය :)

මේක ගැන කතාකරලත් බෑ නොකරත් බෑ. ඒත් මට හිතුණා මේක ගැන ලියන්න ඕනේකියලා මොකද ගොඩක් අය මේක පාවිචිකරාට එක ගැන හරියට දන්නේ නෑ. මමමේ කතාකරන්න යන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට පෙර සිතිය හා ඇසිය යුතුදෑ. මම මේක ගැන ලියන්නේ අවුරුදු 10ක් Internet (අන්තර්ජාලය) පාවිච්චි කරපු කෙනෙකු හා Internet/Network Administrator/Engineer කෙනෙකු හැටියට.

මගේ Internet ඉතිහාසය ගැන මදක් කිව්වොත්, Dial up, GPRS (EDGE/UTMS/HSPA), CDMA, ISDN, Leased Lines, ADSL, WiMAX ඔක්කොම මාත් පාවිච්චි කරනව, කරල තියෙනව. ඒවගේම ඔය ලංකාවේ ඉන්න ISP (Internet Service Provider – අන්තර්ජාල සේවාවන් ලබාදෙන්නා) ලා හැමදෙනෙකුම භාවිතාකර තියෙනව.

මම ඉස්සෙල්ලාම ගෙදරට ගත්තේ SLT Dialup එකක්. එක Disconnect (විසන්ධි) වෙනවට වඩාදෙයක් නෑ. ඊට පසුව Dialog GPRS (ගොඩක් අරපරිස්සම පුරුදු කරා), ඔන්න ඉතින් ඔය කියන LankaBell CDMA ආව, කිව්වෙනම් ADSL පරාදයි කියල. මමත් ඉතින් එකක් ගෙනාව (Rs.15,000 ++), බොහොම සතුටුයි 13KBps download වෙනවා… මම හිතුව මරු නේ කියල. ඒ සතුට දවස් අඩුගානේ මුල් ම Bill එක ගෙවනකම්වත් තිබුනෙ නැ. ඊට පසු දැක්කේ LankaCom එකෙ Proxy Error හා Data
එන්නෙත් නැති යන්නේත් නැති අවස්ථාවන්, Download 1KBps ආවොත් එකත් පුදුම පිනක් කරල තියෙන්න ඕනේ. මේ පිළිබඳ ඔවුන්ට කිව්ව පසු කරන්නේ ඇවිත් වහලය කැඩීම පමනයි, Antenna එක එහෙට මෙහෙට කිරීමන්, කොහොම කරත් Signal නම් 5යි.

අනික ඔය අපේ හැම ISP කෙනෙකුගෙම Customer Care එකේ ඉන්න අය, අපි කියන්නේ මොකද්ද කියවත් දන්නේ නෑ. Internet Support දෙන්න තියාවත් ඔවුන් කියන්නෙ මොකද කියලවත් ඔවුන් දන්නෙ නැ. ඔවුන් නමුත් අපි කියන දේනම් කවදාවත් පිළිගන්නේනම් නෑ මොකද ඔව්න් හැසිරෙන්නේ Engineers ලාවගේ.

* ඇයි අපි මෙතරම් මේ Internet ගැටළුවලට මුහුණ දෙන්නේ?

එකක් නම් අපේ හැම Internet එකේ පාවිච්චි කරන වෙබ්පිටු හා අනිත් බොහේ දේ ලංකාවේ පිහිටා නොතිබීම. (‌Web Servers ලංකාවේ නොතිබීම) මේනිසා අපිට ISP ගේ International Bandwidth (ලංකාවේ සිට අනිත් රටවල් වලට ඇති සම්බන්ධ තාවය) මත යැපෙන්න වෙනවා. මේව ටිකක් මිල අධිකයි. මේකනිසා ISP ලා මෙය ගොඩක් විට ලිමිට් කරනව.

දැන් අපි මේ Last Mile Connectivity (ඔබ හා ISP අතර ඇති සම්බන්ධතාවය) මේකෙ වේගය තමයි ඔය හැම කෙනාම පාවිව්වි කරන Marketing වලදි. උදා: 2Mbps ADSL එකක් කියන්නේ ISP හා ඔබ අතර ඇති සම්බන්ධතාවය මිස ඔබට ඇත්නට දෙන Bandwidth එක නොවෙයි. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔබ පාවිචිකරන ISP ගෙ International Bandwidth නොමැතිව් විටයි, මෙයත් ඔහුට ඇති International Bandwidth ප්‍රමාණය හා එහි Quality එක මත රදා පවතිනව. මේ Bandwidth Quality එක කියන්නෙ ISP භාවිතා කරන Unlink Providers (ලංකාවේ සිට එලියට යන Internet සේවාව ලබාදෙන්නා) ඔහුට ලබාදී ඇති සම්බන්ධතාවය හා ක්‍රමය. (Satellite / Fiber Optical) හා Shared ද Not Shard වගේම Uplink Providers ඇති සම්බන්ධතා යන දේමත රදාපවතිනවා.

නික ඔබ පාවිච්චි සේවාව (උදා: ADSL) කීදෙනෙකු ලබාගෙන ඇද්ද හා ISP විසින් ඒ සේවාව සදහා කොපමණ International Bandwidth ප්‍රමාණයක් වෙන්කර ඇත්ද කියන එක ගොඩක් බලපානව, මේවටයි ඔය BottleNeck Effect කියන්නේ. ඒකියන්නේ ලොකු Users ලා ප්‍රමානයක් පොඩි පයිප්පයකින් එලියට යන්න හදනවිට ඇතිවෙන දේ.

උදා :————-

1Mbpa ADSL පාවිච්චි කරන 100 සිටීනම්, ISP විසින් International

Bandwidth එක 100Mbps තිබුනත් ADSL සදතා ලබාදීඇත්තේ International
Bandwidth එකෙන් 20Mbps නම් ADSL සදහා වෙන්කර ඇත්තේ, එක් අයෙකුට ලැබෙන වේගයනම්

20/100 = 0.2

ඒකියන්නේ 0.2Mbps වේගයක් තමයි ඔබට සැබැවින් ලැබෙන්නේ.

———————

මට දැනගන්න ලැබුනා DialogCDMA සදහා වෙන්කර ඇති International Bandwidth ප්‍රමාණය 1Mbps කියා. ඔබටම සිතානගන්න පුලුන්නේ User ට ලැබෙන වේගය.

මීට අමතරව Wireless (රැහැන් රහිත) Networks (GPRS/CDMA/WiMAX etc) බාවිතා කරන අයට ඔය කියන Last Mile Connectivity වේගවත් නොලැබෙන අවස්තා බොහොමයි.

මයට එක හේතුවක් නම් ඔබ සම්බන්ධව සිටින Service Tower (සේවා කුලුන) ට දරාගත නොහැකි අකාරයට Users සම්බන්ධ වී සිටීම හා ඔවුන්ගේ Service Tower එක හා උප පොල (Service Center) හා සම්බන්ධතාවයන් වල ඇති ප්‍රශ්න. මොකද
Service Tower බොහෝ විට කෙලින්ම උප පොල හා සම්බන්ධ නොවීම නිසා තව Service Tower එකක් හෝ කිපයක් හරහා ගොස් උපපොල සම්බන්ධ වෙයි. මෙම නිසා එක Tower එකක් තවත් Tower එකක් ඇති Inter Connectivity Link මතද රදාපවතියි.

ලංකාවේ බොහෝ Service Providers ලා කරන වරදක් තමයි මේ Network Towers Over Load කිරීම, මෙය වැලකීමට කුළුණක ආවරණ කලාපය (Cell Area) පොඩි කළ යුතුය, තව විදියකින් කිවොත් වැඩිවන Users (පාරිභෝගිකයන්) අනුව කුළුණු ගැසිය යුතුය.

දැනට එපමනයි……. අත රිදෙනව 🙂

Share

19 Responses to “ලංකාවේ අන්තර්ජාලය නොහොත් ජංජාලය :)”

  1. වරුණ Says:

    හරිම වැදගත් ලිපියක් පල කිරීම ගැන තුති . ඔහොම යං.

  2. සුපුන් සුදාරක Says:

    ලංකාවේ අන්තර්ජාලය ගැන නම් කියලා වැඩක් නෑ. සේවා සපයන්නන්ගේ පාරිභෝගික සහාය අංශයත් අන්තිමයි. ඉතින් කියන්න තියෙන්නේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා තමයි!

  3. Anandawardhana Says:

    අනර්ඝ ලිපියක්. අත්‍යවශ්‍ය ම මාතෘකාවක්.

  4. Kulendra Says:

    හුඟ දෙනෙක් මේක ගැන පැමිණිලි කරන හන්දා මේකෙ මොකක් හරි ඇත්තක් තියෙනව කියල මම පිලිගන්නවා. විශේෂයෙන් රැහැන් රහිත සම්බන්ධතා වල ලොකු ලොකු ප්‍රශ්න තියෙන බවත් අපි දන්නවා (අන්තර්ජාලය පැත්තකින් තියමු, සමහර වෙලාවල් වලට දුරකථන ඇමතුමක් ගන්න එකත් ලොකු ‘ගේමක්’). නමුත් කාටහරි කියන්න පුලුවන්ද SLT ADSL එක්ක මුහුන දීපු ප්‍රශ්න? දැනට අවුරුදු දෙකකට විතර ඉඳන් ADSL ගත්ත කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නෙ ‘දෙයිය්නේ කියල භාණ්ඩෙ වැඩ’ කියලයි. සාමාන්‍යයෙන් සුමානෙකට 7GB වත් download කරන කෙනෙක් හැටියට මම 50 kilo-bytes per second (= 400Kbps) විතරවත් වේගයක් දකිනවා. හැබැයි ADSL වලට එකේ ඉඳන් ගෙදරට තියෙන දුරත්, රැහැන් වල ප්‍රමිතියත් බරපතල විදිහට බලපාන බව මතක් කරලා දෙන්න ඕනෑ.

  5. කාලිංග Says:

    කතාවේ ඇත්කක් තියනෙව, නමුත් ලොකු ලොකු ප්‍රර්ශන පහුගිය කාලේ ගොඩක් තිබුනා, මම කාතාකරන්නේ Pilot Test ඉදන් ADSL පාවිචි කරපු කෙනෙකු හැටියට, රැහැන් වල ප්‍රමිතියත් වරදක් ඇතිනම් එය ප්‍රමිතියට අනුකුලව සැකසීම SLT හි යුතුකමකි. අනික මේදින කීපයක ADSL RAS සර්ව වල ලොකු අඩුපඩු තිබුන, IP ලැබන්නේ නැතුව යාම වැනි. ඊට අමතරව PPPoA සිට කාටවත් නොකියා PPPoE කිරීම. මේයට මම ද මුනුන දුන්නා. SLT HelpDesk (1243) එකට කතාකොට මේක වැඩකරන්නේ නැ කියපුවහම Complain එකක් දා පසුව දින කීපයකින් SLT Engineer මහතෙක් කතාකොට මෙය හරියට මම කරපු වරදක් මෙන් PPPoE කරන්න කිව්වා. HelpDesk එකකට මේවගේ දෙයක් වත් දන්නේ නැත්නමෙ එහි ඇති වැදගත් කම කුමක්ද ? මම කියන්නේ After Sales Service එකක් තිබිය යුතුයි.

    මම ගෙදර දැනෙ පාවිචි කරන්නේ Mobitel HSPA එකක්, ඔයා දන්නවද එකේ 1Mbps Download වෙනව කියල ? එක 1Mbps ම connection එකක්. Mobitel SLT උනාට එගොලො යන්නේ Lankacom Singtel ලින්ක් එක හරහා.

    මම කියනවා SLT ADSL වල Quality Of Service හොදටම මදි කියලා, download වේගය නොවෙයි. එහි ඇති uptime, customer support වගේ දේවල්.

  6. සුපුන් සුදාරක Says:

    කාලිංග කිව්වා වගේ පාරිභෝගික සහය නම් අන්තිමයි. අපේ ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් ගන්න ලූප්ස් නෑ කියන්න ටෙලිකොම් එකට මාස 4ක් ගියා

  7. Kulendra Says:

    කාලිංගගේ කථාව සම්පූර්ණයෙන්ම පිලිගන්නවා. මට ගත්තාට පස්සෙ වැඩි ප්‍රශ්න තිබුනෙ නැති නිසා ගැන මට ලොකු දැනීමක් තිබ්බේ නෑ.

    1Mbps එකක් කාටහරි ලැබීම ගැන අහන්න සතුටුයි. T1, එහෙම නැත්තම් 1.544Mbps connection එකක් මම පාවිච්චි කරලා තිබ්බෙ campus එකේ අන්තිම අවුරුද්දෙයි, ඇමරිකාවේ හිටිය මාස තුනකදියි විතරයි. ඒ තත්වය ලංකාවේ සාමාන්‍ය ජනතාවට ලැබීම බොහොම සතුටක්. Wireless broadband වල download limitation එක තමා එකම ප්‍රශ්නය. ටික කාලෙකින් ඒ තත්වයත් වෙනස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  8. කාලිංග Says:

    Kulendra ඇමරිකාවේ සිටියනම් අපිමේ කියන customer service ගැන දන්නව ඇතිනේ.

    ඔව්…. ඒත් මම කැමතියි limitation තිබුනත් හොද service එකක් දෙනවනම්…. unlimited වැඩනොකරන දේකට වඩා limited වැඩකරන එකක් හොදයි නෙ 🙂

    මේන් න අපේ මලින්ත මලයගේ speed test එකක HSPA වල 🙂

    http://blog.malinthe.com/2008/03/19/m3-speed-test/

  9. නාගයා Says:

    ;CDMA නම් මළ ජරාව;
    මුලදී 17kilo-bytes per second විතර අන්තිමට 0-1kilo-bytes per second වගේ;මගේ නම් ADSL වරදක් නෑ;
    වේගය 55-60 kilo-bytes per second වගේ එනවා;
    SLT යන්නෙත්‍ Singtel හරහා නේද ?මම දවසක් traceroute කරද්දී ආවා;

  10. කාලිංග Says:

    CDMA මේහෙම වෙන්න එක හේතුවක් තමයි ඔය Tower (Network) Over Load කිරීම. SLT එකට දැන් ඔය Singtel ලින්ක් එක නෑ, දැන් යනෙනේ හොන්කොන් වල එකක්.

  11. ඩනිෂ්ක Says:

    කාලිංග,

    අගේ ඇති ලිපිය…. 😀

    SLT ADSL ඔවුන් දෙන්නම් වාලේ දෙනවා මිසක් කිසිම, අලෙවියෙන් පසු සේවාවක් නැ. මේ වසරේ මුල්භාගයේ ලංකාවට පැමිණ දුරස්ථව රාජකාරි කිරිමට සැරසුනත්, පළමු සතියේම මෙම මෙලෝ රහක් නැති SLT ADSL සේවාව නිසා ආපසු සිටි රටටම නික්ම ගියේ කරන්නම් දෙයක් නැතිවු නිසයි.
    ඔවන් සිතන්නේ අපි ADSL ගන්නේ ඉමෙල් බලන්න කියයි. ඔවුන් දන්නේ නැ දැන් ලංකාවේ අය දුරස්ථව තම සේවාවස්ථානය හා සම්බන්ධවි වැඩ කරන බව.

    වරක් මම ගෘහස්ථ සීමාරහිත පැකේජයේ සිට සීමා රහිත පැකේජයට මාරු උනත්, එම සේවාසපයන්නන් අදාල පරිශීලක නාමය වෙනස්වීම ගැන මා දින 4පසු සොයා විසදාගන්නා තුරු දැන්වුයේ නැ.
    ඔවුන් දන්නේ වදර අගදි ලැබෙන මාස 5ක ප්‍රසාදා දීමනාව ගණන කිරීමට පමණයි.

  12. Amila Says:

    මගේ එක නම් ටිකක් fast…

  13. තරිඳු Says:

    කතාව නං සහතිකයි,
    වැඩෙ තියෙන්නෙ අපිට බයින්ඩ තියෙන්නෙයි අමාරැවෙන් හරි වැඩ කරන්ඩ තියෙන්නෙ SLT විතරක් වෙලා තියෙන එක. හරියට එක ISP කෙනෙක් අාවනං මෙ ප්රශ්ණ හුඟක් අඩු වෙන්ඩ තිබ්බා. අනිත් ISPල ගැනනං කථාකරන එකත් පාඩුයි. ලඟකදි ඉඳල ADSL down වෙන අලුත් සෙල්ලමක් පටන් අරගෙන. අනේ මන්ද මගෙනං connection එක එන්ඩ එන්ඩම slow වෙනවා.

  14. කාලිංග Says:

    තරිදු කතාව ඇත්ත, දැන් එන්න එන්න ම ADSL අව්ල්. මම අපේ SLT එකේ Marketing කරන කෙනාට මේක කිව්වහම කියනේ “අනේ අපිට කරන්න දෙයක් නෑ, අපි ඕක කිව්වහම කියන්නේ, ADSL කියන්නේ shard not gurentted service එක නිසා අපිට මේක ඒගොල්ලන්ට කියන්න බෑ කියලා” මම කියන්නේ SLT එකේ මහලොකු Engineer මහත්වරුන්ට වැඩබෑ කියන එකයි. මොකද මේලෝකේ තවත් රටවල ඔක තියනවනේ, ඒවගේ මේ ලංකාවෙ තරම් ලෙඩනෑ. කොහොම කලත් ඔය බක පන්ඩිතයන් ට වැඩබෑ. නැත්නම් ඔහොම වෙන්නේ නෑ.

  15. නිසංසලා Says:

    කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඒත් ඉතිං බැන බැන හරි ගන්න වෙලා තියෙන්නේ එයාලගෙන්මනේ. ඒකයි වරද. කොහොමත් එයාලා අපි කියන දේ පිළිගන්නේ නැ. ඒ එයාලාගෙ වාසියට.

  16. කාලිංග Says:

    නිසංසලා,

    ඒක හරි, මොකද අනිත් ටෙලිකොම් සමාගම් හරි තරගයක් දෙන්නේ නෑ, දුන්නත් හරියට එකක් දෙන්නේ නෑ, බලාගෙන යනකොට කෝකත් එකයි.

  17. Chrishi -- ක්‍රිෂි Says:

    ඉදිරියේදී දැන් තියනවාටත් වඩා අවුල් සහගත් වෙන්න ඉඩ තියනවා. දැන් එන්න එන්නම users ලා ගාන වැඩි වෙනවා.

  18. Ravin Perera Says:

    මේ article එක 2008 April. දැන් මේක ලියල අවුරුද්දකටත් වැඩියි. එදා සහ අද තත්වය copmpare කරන්නෙ කොහොමද? තවත් චාටර් වෙලාද නැත්තම් එහෙම්මද? improvement එකක් නම් ඇති කියල මම හිතන්නෙ නෑ.

  19. කාලිංග Says:

    @Ravin Perera

    වෙනස්ක් වෙලා තියෙන්නේ කට්ටිය වැඩි වෙලා, සමහර දේවල් improve වෙලා තියනවා, සමහර දේවල් තවත් අල 😀

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed