No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Surround Sound (වටේට ශබ්ද)

මෙන්න මගේ තවත් සාක්කුවට අපල විනෝදාංශයක්. 😉

Surround Sound කියන්නෙ ඔය ඔබ MC, Savoy වාගේ ඒවගෙ වටේට ස්පිකර් හයි කරල තිබෙන්නෙ ෆිල්ම් බලන්න ගියහම. මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි. මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් පුළුවන්.

Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ ඔබ ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි, ඒවට කියන්නෙ “Stereo” (ද්විත්ව නාලිකා ‍ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් පමණයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා.

Surround Sound ඇත්තටම ගොඩක් භාවිත කරන්නෙ Film (චිත්රපට) සඳහා, ඔබ දැක ඇති ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන ලියා තියෙනවා. මේ වචනවලින් කියන්නෙ ඔය චිත්රපටය සදහා භාවිත කර ඇති Surround Sound ක්‍රමයයි. (THX යනු Surround Sound ශබ්ද ක්‍රමයක් ම නෙවෙයි, එය ගැන පසුව කියන්නම්)

මොකටද මේ Surround Sound උවමනා වෙන්නේ ?, එකක් තමයි අපි ඔය ෆිල්මි බලන්න ලොකු තිරයක් ඕනේ වගේ එහි පෙනෙන රුපවලට ගැලපෙන ශබ්ද අවශ්‍යයි. නිකන්ම නිකන් කන පැලෙන්න නෙවෙයි, රුපයෙන් පෙනන දේ පණ ගන්වන්න අපි එතැන සිටියා මෙන් අපට හැගෙන්න තමයි ඔය Surround Sound උවමනා. ඔය ස්පිකර ටිකක් ව‍ෙට්ට තියගත්ත පමණින් මෙය කළ නොහැක. මතක ඇතිනෙ ඔය Jurassic Park බලන්න ගිය කට්ටිය කියපුව එහි ශබ්ද ගැන, අන්න ඒක කරන්න තමයි මේ Surround Sound ඕනේ. කොටින්ම කිව්වොත්, වාහනයක් ඉදිරියේ සිට පසුපසට ගියොත් එය ඒ ආකාරයෙන් ඇසිය යුතුයි.

Surround Sound ඉතිහාසය.

(1) 3.0 Dolby Surround

(2) 4.0 Quadraphonic

(3) 4.0 Dolby Pro Logic

(4) 5.1 Dolby Pro Logic II

(5) 5.1 Dolby Digital, DTS, SDDS

(6) 6.1 Dolby Pro Logic IIx

(7) 6.1 Dolby Digital EX, DTS-ES

(8) 7.1 Dolby Digital Plus, DTS-HD, Dolby TrueHD

දැන් මේ මොකද කියල තවත් ප්‍රශ්නයක්, 5.1, 6.1 කියන්නෙ, ඕකෙ තේරුම තමයි, ස්පිකර 5යි, Sub Woofer යයි, කියන එක, 6.1 කිව්වොත් ස්පිකර 6යි, Sub Woofer යයි, .1 කියන්න් Sub Woofer එකක. (low-frequency effects channel – LFE) Sub Woofer එකක් කියනෙ ශබ්දයෙ පහළ සංක්‍යාතය (10-200Hz) ශබ්ද පමණක් නිෂ්පාදනය කරන ස්පිකර් එකක්.

ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) ඒක් ඇත්තේ ශබ්ද නාලිකා 2ක් පමණි, VHS, VCD වැනි මාධ්‍යවල. නමුත් Surround Sound Processor එක මගින් මෙය Surround Sound (බහු නාලිකා ශබ්ද) ලෙස පරිවර්තනය කරනවා. Surround Sound Processor බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය.

ඔය ඉහළ ඇති 7 සිට 8 හා 5 යන සියලු Digital Multi Channel Audio වේ. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) තුළම ශබ්ද නාලිකා 5කට වැඩි ගණනක් Digital ක්‍රමයට පටිගත කර ඇත. DVD, HD-DVD, Blueray වගේ මාධ්‍යවල. නමුත් මේ සඳහා ද Surround Sound Processor අවශ්‍යයි. බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය, සමහර DVD ධාවකයන් තුළද මෙය පිහිටා තිබිය හැක. මෙවිට 5.1 Ready Amplifier එකකට කෙලින්ම සම්බන්ධ කළ හැක, නැතිනම් DVD ධාවකයේ සිට Digital සම්බන්ධතාවයක් හරහා ඔබගේ Surround Sound Amplifier ට සම්බන්ධ කළ යුතුය.

6.1                                                    7.1

දැනට බො‍හා් පරිගනකවල Sound Card, 5.1 හෝ එයට වැඩි නාලිකා ඇත, මෙයට ඔබට ඔය 5.1 හෝ වැඩි ස්පිකර සවිකර රසවිදිය හැක. මේ සදහා PowerDVD Multi Channel Pack වැනි මෘදුකාංගයක් අවශවේ. ඔබට DTS වලට තවත් DTS Decoding මෘදුකාංග අවශ්‍යයි. මෙයද වෙනම හෝ එකට PowerDVD වැනි මෘදුකාංග සමග එයි.

DVD දාවකයක පිටුපස 5.1 Output

Surround Sound ක්‍රම සපයන ප්‍රධාන සමාගම් දෙකක් ඇත, එකක් Dolby Laboratories, Inc (Dolby); ඔය පාරක් පාරක් ගානෙ රෙකෝඩ්බාර් කාරයින් ගසාගන සිටින්නෙ “Dolby ක්‍රමයට පටිගත කරනවා” කියා; පුලුවන්නම් අහන්න ඔය මොකද්ද කියා. ඒකනම් මම මේ කියන Surround Sound ක්‍රමයක නෙවෙයි. එය Dolby අය විසින් කැසට්‍පටවල Noise (ස් ස් ගා ඇසෙන ශබ්දය හා වෙනත් අනවශ්‍ය ශබ්ද) වලකන්න හදපු එකක්, එය Dolby Noise Reduction A, B, C, SR, S වශයෙන් ඇත. අනිත් එක DTS, Inc කියන ‌සමාගම වේ.

ආ.. මේ THX කියන්නෙ මොකද්ද කිවෙ නැනෙ. මේක ඇවිත් Audio Video ගුණාත්මක (Quality Standard) බව සහතික කරන සහතිකයක්. මේය ෆිල්ම්වලට වගේම Audio/Video Equipment වලටත් දෙනවා, හරියට ඔය ISO, SLS වගේ.

දැනට එපමණයි, පසුව මේ එක එක ගැන විස්තරාත්මකව ලියන්නම්.

Share

12 Responses to “Surround Sound (වටේට ශබ්ද)”

  1. සුපුන් සුදාරක Says:

    ඔබ සතුව ඇති තාක්ෂණික දෑ පිළිබඳ දැනුම ඔබගේ බ්ලොග් අඩවිය හරහාම අප සමඟ බෙදා ගැනීම සතුටට කරුණක්. ඒ පිළිබඳව බොහොම ස්තූතියි. දිගටම බ්ලොග්කරණයේ නිරත වෙන්න. ඔබට සුභ පැතුම්. ආ! තව දෙයක් තියෙනවා! ඔබට ලබන්නා වූ සිංහල දමිළ අළුත් අවුරුද්ද, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. 🙂

  2. Malinthe Says:

    එළකිරි! 😉

  3. රෙෂාන් Says:

    ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.

  4. නාගයා Says:

    මරු මගේ කාඩ් එකක් තිබ්බට වැඩක් නෑ මම පාවිච්චි කරන්නේ ස්පීකර් 2යි

    මගේ ඇම්ප් එකේ ගහලා තියෙනවා DSGX; DOLBY Digital; DTS 2.0+Digital out කියලා,ඒ මොකක්ද?

  5. කාලිංග Says:

    නාගයෝ, ඇම්ප් එකේ DOLBY Digital පාවිච්චි කරන්නේ නම් DVD පල්ලෙයරයේ සිට Optical හෝ Coaxial ඩිජිටල් සම්බන්දයක් ඇම්ප් එකට ලබාදිය යුතුය. computer sound card එකේන් Analog output එකක් ඇම්ප් එකට දුන්නට වැඩක් නැ මොකද Dolby Digital පාවිච්චි කරන්නම් එය Digital input එකක් වියයුතුය.

    DSGX; කියන්නේ Surround Sound ක්‍රමයක් නොව එය “Unique Dynamic Sound Generator X-tra” යන Sony ආයතනය මගින් නිපදවා ඇති Sound Enhancer එකක්.

    DTS 2.0+Digital out කියන්නේ ඇම්ප් එකේ DTS ඩිකෝඩරයක් නැත, එමනිසා DTS රසවිදීමට DTS external decoder ක් සවිකිරීමට ඇති Output එකක් වේ. මේය Full DTS surround සහා down mix 2 channel analog audio output එකක් ඇතිබව කියයි.

  6. නාගයා Says:

    බොහොම පින් කාලිංග අයියේ;එතකොට සවුන්ඩ් කාඩ් එකේ SPDIF Out එකෙන් මොනවාද කරන්න පුලුව්න්?

  7. නාගයා Says:

    මට කියන්න බැරි උනානේ මම ඇම්ප් එකක් කියලා පාවිච්ච් කරන්නේ ඩීවීඩී ප්ලේයර් එකක්ම්‍යි.මම ඒක සවුන්ඩ් කාඩ් එකටත් ගහලා තියෙන්නේ

  8. කාලිංග Says:

    නාහයා මල්ලී… SPDIF Out එකක් තියනවනම් ගොඩක් ගොඩ ඔයා… හැබැයි ඇම්ප් ඒකේ SPDIF IN එකක් ඕනේ, එහම උනොත් PowerDVD, WMP වගේ SPDIF OUT Support කරන Software එකක් පාවිචි කරොත් ඔයාට Computer එකකේ Play කරන ඕනේම Dolby Digital/DTS Media ඇම්ප් එක හරහා Surround Sound වලින් රසවිදින්න පුලුවන්. (ඇම්ප් එක DTS Decoder එකක් තියනවනම් තමයි, DTS වැඩකරන්නේ)

    SPDIF කියන්නේ “Sony/Philips Digital Interconnect Format” ඔයගොල්ලෝ දන්නව ඇතිනේ CD Audio හැදුවේ මේසමාගම් දෙක එකතුවේලා කියලා.

  9. ගයන්ත Says:

    ගොඩක් ස්තුතියි…. 🙂

    @Comments, SPDIF ගැනත් පොඩ්ඩක් ලියන්න 😉

  10. කාලිංග Says:

    @ගයන්ත

    අහ්, ලියන්නම්….

  11. ගයාන් තාරක Says:

    දැනං හිටිය නැති දෙයක්.
    ස්ටීරියෝ අහල ඇති උනාම කලේ සවුන්ඩ් කාඩ් එකේ 4.1 enable කරල AMP 2ක් හරහා අහපු එක.
    දැං නං ආයිම ස්ටීරියෝ වලට බැස්ස. Amp එකක් යාලුවෙකුට දිපු නිසා.
    4.1 දැම්මම Base reduction
    Sub එකක් හයි කරල නැති නිසා වෙන්ටැ.

    Sony හෝම් තියටර් එකක The Legend of Zoro බැලුව.එක තැනකදි කතා කරන ඒව Font එකෙන් ඇහෙනව. කෝච්චිය යන සද්දෙ rear එකෙන් ඇහෙනව. ඒ දවස් වල ඕක ගැන එච්චරම හිතුවෙ නෑ. 😀 ඒකෙ තව Center එකකුත් ‍තියෙනවා.
    එතකොට center එකත් 5.1 කිවුවම ඇතුලත් වෙනවද?

  12. කාලිංග Says:

    @ගයාන්

    ඔවු, 5.1 කියනේ ස්පිකර් 5 හයි sub එකයි කියන අදහස් ඒකට center එකත් අයිතියි.

    සින්දු අහන්න 5.1 ව්ගේ ඒවා වැඩක් නෑ සිංදුව 5.1 (Dolby Digital/DTS) නොවෙයිනම්, මොකද 2 චැන්ල් 5.1 කරනකොට සිංදුවට එචර ගැලපෙන්නේ නෑ.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed