ලිනක්ස් (Ubuntu/Kubuntu) වලට කපුටා වගේ True Type ෆොන්ට්ස් දාගන්නා ආකාරය.
අද “සු” සිංහල වෙබ් පිටුවක් දුන්නා, නමුත් එය සිංහල UNICODE (යුනිකෝඩ්) වෙබ ්පිටුවක් නොවෙයි. එක මගේ ගිනිහිවලගේ (Firefox) පෙන්නෙනැ මොකද ලිනක්ස්වල ඒ ෆොන්ට් එක නැති නිසා. මම පාවිච්චි කරන්නෙ කුබුන්තු (Kubuntu) 7.10
kubuntu කියන්නේ ubuntu ම තමයි, වෙනසකට තියනෙ, ඔය දෙක භාවිත කරන්නෙ වෙනස් ඩෙස්ක්ටොප් Interface; kubuntu භාවිත කරන්නෙ KDE නමුත් ubuntu භාවිත කරන්නෙ GNOME
මෙන්න මෙහෙම තමයි ලිනක්ස් වල ෆොන්ට් දාන්නෙ.
පළමුව, ඔබට ඕන කරන ෆොන්ට් එක හෝ ඕනේ ඔක්කොම Download කරගන්න, මේව Desktop එකට Copy කරන්න. මතක තියාගන්න එවා ttf (True Type) වෙන්න ඕනේ.
දැන් Shell එකක් විවෘත කරගන්න.
මේ විධාන (command) ඒ ආකාරයට Type කරන්න.
මෙම විධාන (command) ඇතුල් කළ විට ඔබගේ රහස් පදය (Password) ඇතුල් කරන්න කියා ඉල්ලයි, එවිට රහස්පදය ඇතුල් කරන්න.
sudo mkdir /usr/share/fonts/myfonts
“USERNAME” ඔබ පරිගණකයට ඇතුල්වන (Login) විට භාවිත කරන නම; එය “USERNAME” වෙනුවට යොදන්න.
sudo cp /home/USERNAME/Dekstop/*.ttf /usr/share/fonts/myfonts
sudo fc-cache -f
දන් Firefox වසා නැවත අරඹන්න. ඔබ සියල්ල හරියට කළානම්, ඔබට වෙබ්පිටුව බලාගන්න පුළුවන් දැන්.
ඒවගේම ඒ ස්ථාපනය (Install) කරපු ෆොන්ට්ස් ඔබට OpenOffice වැනි මෘදුකාංග (Software) සමග වුවද භාවිත කළ හැක.






April 10th, 2008 at 9:25 am
එළ , එළ. මාර ප්‍රයෝජනවත්
July 20th, 2009 at 4:56 pm
The installed fonts even work for open-office and Gimp.
September 27th, 2009 at 2:25 am
නියමයි
January 23rd, 2010 at 9:45 pm
මේ වගේ Windows XP (SP2) වලට පෙරනිමියෙන් එන font එක වෙනස් කරන්න පුලුවන්ද?