මගේ ජංගම දුරකතන ඉතිහාසය
මම ගොඩක් ඔය එක එක ගැජට්වලට ආසයි. ඒක නිසා මට හිතුණ මම පාවිචි කරපු, කරන ජංගම දුරකතන ගැන මේකෙ ලියන්න. මොකද මොනාහරි ලියන්නත් ඕනෙනෙ.
මම ඉස්සෙල්ලම ගත්තෙ Mobitel එකක්, D-AMPS තමයි ඉස්සෙල්ලා මොබිටෙල් තිබ්බෙ, ඊට කලින් AMPS, AMPS කියන්නෙ Analog System එකක්. ඔක ගොඩක් ඇමරිකාවෙ AT&T පාවිච්චි කළේ. ඒකෙ වැඩි දියුණු කරලා D-AMPS ආවෙ, ඒක ඇවිත් Hybrid System එකක්. ඒ කියන්නෙ ඒකෙ Analog , Digital System දෙකම තියෙනවා, එතකොට Analog හෝ Digital coverage area (ආවරණ කලාප) සිටියත් phone එක වැඩකරනවා කිසිම වෙනස්කමක් නොකර, හරියට Roaming වගේ. මේක කළේ මොබයිල් නෙට්වර්ක් Analog to Digital කරන එක පාරිභෝගිකයන්ට වන බාධාව අවම කරන්න.
AMPS/D-AMPS කියන්නෙ දැන් අපි ඔය GSM කියනව වගේ මොබයිල් System එකක්.
මම දන්නව ගොඩක් අයට මේවා තේරෙන්නෙ නැහැ කියල, මම පුලුවන් තරම් සරලව කියන්නම්,
Analog Transmission කියන්නෙ දත්ත යවන ක්‍රමයක්; දත්ත කියන්නෙ රුප, ශබ්ද වගේ දේවල්. මේකෙ දත්ත යනකොට ඒව යවන්නෙ හරියට අපි මයික් එකක ඉදිරියෙ කතා කරනකොට විදුලිය එක එක ශබිද තරංගයට අනුව විදුලියෙ වොල්ටීයතාවය වෙනස් වෙන ආකාරයට සමානව. (ඔබ පාවිචි කරපු/කරන පරණ කැසට් පටි වගේ)
Digital Transmission කියන්නෙ Analog Transmission වගේ නෙවෙයි. ඒකේ තියෙන්නෙ විවිධ අකාරයට වෙනස් වොල්ටීයතාවයන් නෙවෙයි, ඒකෙ තියෙන්නෙ අවස්ථාවන් 2 ක් පමණයි. 1 සහා 0. තව විදියකට කිව්වොත් විදුලිය ඇති හා නැති (ලංකවෙ නම් විදුලිය නැති අවස්ථාවන් වැඩිනෙ
) මේ ආකරයට තමයි ඔය CD/VCD/DVD එහෙම වැඩකරන්නෙ.
Hybrid System එකක් කියනෙ ඔය ඉස්සෙල්ල කිවු දෙකම එකට තියන එකක්. හරියට ඔය Toyota Hybrid Car එක වගේ ඒවට, ඔය බැටරි හා ඉන්ධන දෙකෙන්ම දුවන ඒව. Hybrid කියන්නෙ දෙකක් එකතු කළා කියන අදහස තමයි.
අම්මෝ මේක දන් හරියට Science පන්තියක් වගේ නෙ
ගනන් ගන්න එපා.
AMPS කියන්නෙ පළමු පරම්පරාවෙ (First Generation) මොබයිල් දුරකතන භාවිත කරපු එකක්. GSM කියන්නෙ දෙවන පරම්පරාවෙ එකක්. 3G/CDMA කියන්නෙ තුන්වන පරම්පරාවෙ ඒවා. දැන් ඔය WiMAX එහම කියන්නෙ හතරවන පරම්පරාවට ළගින් තියන එවා.
1G (දැනට ලංකාවේ භාවිත නොවේ)
Mobile (AMPS)
Celtell (ETACS) now Tigo
CallLink (ETACS) now Hutch
2G (දැනට ලංකාවේ භාවිත වේ)
Mobitel (GSM/D-AMPS)
Dialog (GSM)
Tigo (GSM)
Hutch (GSM)
2.5G (දැනට ලංකාවේ භාවිත වේ)
Mobitel (GSM – GPRS)
Dialog (GSM – GPRS)
Tigo (GSM – GPRS)
2.7G (දැනට ලංකාවේ භාවිත වේ)
Mobitel (GSM – EDGE)
Dialog (GSM – EDGE)
Tigo (GSM – EDGE)
3G (දැනට ලංකාවේ භාවිත වේ)
Dialog (GSM – UMTS)
Mobitel (GSM – UMTS)
LankaBell (CDMA-2000)
Suntel (CDMA-2000)
SLT (CDMA-2000)
3.5G (දැනට ලංකාවේ භාවිත වේ)
Dialog (GSM – HSPA)
Mobitel (GSM – HSPA)
කතාවෙන් මගේ දුරක,න ගැන කිවුවෙ නැහැනෙ.
මගෙ 1 වෙනි එක.
Ericsson KF688 (D-AMPS)
CLI
මගෙ 2 වෙනි එක.
Ericsson KF588 (D-AMPS)
CLI, SMS ලැබෙනව, ඒත් යවන්න පහසුකමක් නැ
මගෙ 3 වෙනි එක.
Ericsson KF788 (D-AMPS)
CLI, SMS ලැබෙනව, ඒත් යවන්න පහසුකමක් නැ
මගෙ 4 වෙනි එක.
Nokia 8260 (D-AMPS)
CLI, SMS ලැබෙනව, යවන්නත් පුළුවන්
මගෙ 5 වෙනි එක.
Motorola V60 (D-AMPS)
CLI, SMS ලැබෙනව, යවන්නත් පුළුවන්
මගෙ 5 වෙනි එක.
Ericsson T68 (GSM – GPRS)
CLI, SMS, GPRS, Blutooth, POP3 Email, GPRS Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක)
මගෙ 6 වෙනි එක.
Sony Ericsson T610 (GSM – GPRS)
මගෙ 7 වෙනි එක.
Sagem MyX5 (GSM – GPRS)
CLI, SMS, GPRS
මගෙ 8 වෙනි එක.
Sony Ericsson T630 (GSM – GPRS)
CLI, SMS, GPRS, Blutooth, POP3 Email, GPRS Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක)
මගෙ 9 වෙනි එක.
I-Mate SP5 (GSM – GPRS/EDGE)
CLI, SMS, GPRS/EDGE, Blutooth, POP3 Email, GPRS/EDGE Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක) miniSD Memory Slot
Windows Smart Phone 5 updated it to Windows Smart Phone 6
මගෙ 10 වෙනි එක.
Samsung U600 (GSM – GPRS/EDGE)
CLI, SMS, GPRS/EDGE, Blutooth, POP3 Email, GPRS/EDGE Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක) microSD Memory Slot. USB
මගෙ 11 වෙනි එක.
O2 Xda mini s (GSM – GPRS/EDGE)
CLI, SMS, GPRS/EDGE, Blutooth, POP3 Email, GPRS/EDGE Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක) miniSD Memory Slot, USB
Windows Mobile 5 updated to Windows Mobile 6
මගෙ 12 වෙනි එක.
LGKU990R (3G/HSDPA)
GPRS/EDGE/3G/HSDPA 3.5mbps, 5MP Camera, USB, microSD up to 2GB, Touch Screen, මේ ගැන ලියපු බ්ලොග් සටහන.
මගේ 13වෙනි එක
Softbank Samsung Omnia 930sc

GSM/GPRS/EDGE/3G/HSDPA 8GB Memory, Bluetooth, TuchScreen, 5.1MP Camera, A-GPS
මගේ 14වන එක.
Apple iPhone 3G

GSM/GPRS/EDGE/3G/HSDPA, 8GB Memory, Fully Troch Screen, A-GPS ඒ ගැන ලියපු පොස්ට් එක
මම තව භාවිත කරඇති ඒවා
Motorola A130
Motorola MicroTAC
Nokia 8250
Noka 6630
Samsung E250
Blackberry Cruve
තව මතක නැති ඒව ගොඩක් ඇති, මතක් වෙන වෙලාවට යාවත්කාලීන කරන්නම්.

















April 7th, 2008 at 7:54 am
එළම එළ කිරි!
පුදුම ෆෝන් තොගයක්නෙ පාවිච්චි කරලා තියෙන්නෙ.
April 15th, 2008 at 5:22 pm
ෆෝන් කඩයක් වගේ;
මම මුලින්ම පාවිචිචි කලේ Ericssion GA628 එකක්
April 15th, 2008 at 6:11 pm
තව පාවිච්චි කරපුව තියනවා….
පස්සේ දාන්නම්.
April 21st, 2008 at 7:28 am
අම්මෝ මෙයාට තිබිල තියෙන්නෙ පුදුම phone craze එකක්නෙ…
මගේ පලවෙනි එක NOKIA 5110.
April 29th, 2008 at 11:51 pm
එළ එළ
කාලිංග නැතිදාක කෞතුකාගාරයකට දැන්නම් බඩු තියෙනවා
June 19th, 2008 at 10:49 am
කාලිංග,
ජංගම දුරකථන තාක්ෂණය ගැන ඔබේ පැහැදිලි කිරීම ඉතා අගෙයි. එහෙත් මගේ දැණුමේ හැටියට D-AMPS සැලකෙන්නේ දෙවන පරම්පරවේ (2G) තාක්ෂණයක් ලෙසනේද? GPRS තාක්ෂණයත් 2.5G විය යුතු බව මගේ හැගීමයි.
June 19th, 2008 at 11:23 am
Hi Sadeepa,
sorry for replaying in English, don’t have Sinhala on this PC since its running windows xp jp !
yes yes AMPS is 1G and D-AMPS is 2G, thanks, GSM with GPRS is 2.5G ! ??
“2G cellular systems combined with GPRS is often described as “2.5G” ~ wikipedia
will correct them ! thanks
September 9th, 2008 at 3:19 pm
Are you keeping your old phones as mementos, or have you sold them?
September 9th, 2008 at 5:43 pm
ah, most of the i have… or some of the i given to friends to use them… some of them are not working….
October 7th, 2008 at 2:18 pm
ඔයාගේ ගෑණු ළමයි ඉතිහාසය ගැනත් මේ වගේම ලියනවද?
තරහ ගන්න එපා. විහිලුවටයි කිව්වෙ.
October 7th, 2008 at 2:29 pm
@දිමුතු,
අමෝ ඒකියන්නේ තව බ්ලොග් එකක් අරින්න වෙනවා