ආයුබෝවන්!
මේක තමයි මගේ මුල්ම බ්ලොග් එක, මේකෙ ගොඩක් වැරදි තියෙන්න පුලුවන්. මොකද කියනවනම් සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන තාම දවස් කීපයයි. අනික සිංහල ගැන මනා දැනුමක් නැතිකම. එය ලැජ්ජා වියයුතු දෙයක් කියල මම දන්නවා. A/L කළ පසු සිංහලෙන් වැඩක් කළේම නෑ. ඒක නිසා මෙහි කිසියම් වරදක් ඇත්නම් මට කියන්න.
ගොඩක් කාලයක සිට මේ වගේ දෙයක් කරන්න ආසාවක් තිබුණත් ඒක කරන්න ගත්තෙ බුද්ධික ජයසිංහ මගේ සහයෝයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය් වෙබ් පිටු ටික මගෙ සර්වර් එකට දාන්න පුලුවන්ද අහපු දා සිට. අන්තිමට මමත් ඒකෙ සාමාජිකයෙක් උනා නොදැනුවත්වම. බුද්ධික ඔයිට කලින් සිටම මට කිය කියා සිටියෙ මට ටෙක්නිකල් දේවල් ගැන සිංහල බ්ලොග් එකක් කරන්න කියල, ඒක කල් දැමුව මිසක් ඒක කළේ නෑ..
මම සිංහලෙන් මුකුත් නොලියා අනිත් අයට කියන එකේ තේරුමක් නැහැනෙ, මමත් ආදර්ශයක් වෙන්න එපැයි.
කටින් බතල හිටවල වැඩක් නෑනෙ අපේ දේශපාලුවො වගේ
මේකෙ ලියන්න දේවල් නම් ගොඩක් හිතෙනවා, වල් පල් ලියල කාටවත් වැඩක් වෙන්නෙ නෑනෙ. ඒක නිසා කාට හෝ ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න උත්සාහ කරනව.
මම රැකියාවක් කරන නිසා කාලය පිලිබද ප්‍රශ්නයකුත් තියෙනව, මොකද මගේ කාලය කලමනාකරණය අන්තිමයි
ඒත් පුලුවන් තරම් ලියන්න ඕනෙ.
මගේ ස්තුතිය,
ඇතුලු සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයෙ සියලු දෙනාට.
මගෙ අකුරු වැරදි හදපු “සු” ට බොහොම ස්තුතියි!







April 6th, 2008 at 7:54 pm
අනර්ඝයි! ඔහොම යං ඔහොම යං.
ජය!
April 7th, 2008 at 12:03 am
ජය වේවා!!!
දැන් ඉතිං අපිට බලාගන්න පුලුවන් ලස්සන බ්ලොග් එකක්.
මම දන්නවනෙ කාලිංග ලමය වැඩට බැස්සම
April 8th, 2008 at 5:32 am
එළ, එළ. ඔහොම යං
December 31st, 2008 at 3:13 pm
මම අද තමයි මේ බ්ලොග් එක අග ඉඳන් කියවගෙන ඇවිදින් මුලටම ආවෙ. කියලා වැඩක් නැහැ සහෝ ඔයාගෙ බ්ලොග් සටහන නම් හරිම අගෙයි. ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේම අන්තර්ගතය හොඳ ගුණාත්මක බවක් තියෙනවා. දැනගෙන හිටියෙනැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම ලොකු සතුටක් ලැබුවා ලිපි ටික කියවනකොට. ඔබට සුභ අනාගතයක්!
December 31st, 2008 at 3:17 pm
@ මම මචන්
බොහොම ස්තුතුයි. !
December 28th, 2009 at 12:12 am
මමත් මේ පැත්තේ ඇවිත් ගිය බවට පොඩි සඳහනක්… හික්…
December 28th, 2009 at 12:23 am
@ශාකුන්තල
පොස්ට් පරනයි කියලා නෑ, comment එකන්කොට පොඩි කික් එකක් යනවනේ
January 1st, 2010 at 10:28 am
කාලිංග අයියා නම් අපිට දෙයියෙක්!
අදනෙ start එක දැක්කේ!!!