June 15th, 2009 කෙසේ ද ? (How To) | 49 Comments »
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුණ නිසා, අද හිතුණා එකක් ලියන්න ඕනේ කියලා, අද නම් දවසම කළේ නිදාගත්ත එක තමයි. ඉස්සරනම් මාසෙට පොස්ට් කීපයක් ලියනවා, දැන් කාල වේලාව පොඩ්ඩක් මදි නිසා ඒක හරියට වෙන්නේ නෑ
ඉතින් අද කතාකරන්න යන්නේ GPS ගැන, මේ GPRS නම් නොවෙයි
GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ නිසා තමන් සිටින ස්ථානය වගේම අවට දේවල්ද මැප් එකෙන් පෙන්වනවා. පිට රටවලනම් වාහනවල navigation system එකක් එනවා, මේකෙන් කරන්නේ ඉන්න ස්ථානය, යන්න හදන තැනට ඇති කෙටිම පාර වගේම යන විට හැරෙන්න ඕන තැන් පවා කටහඬකින් කියනවා.
දැන් GPS එක හරිම සුලභ භාණ්ඩයක් වෙලා, ගොඩක් ජංගම දුරකථනවල පවා මෙය එනවා. ඉතින් ජංගම දුරකථනයට google maps වගේ දාගත්තා නම් ලංකාවේ බොහෝ මාර්ග එහි තිබෙනවා. ඒවගේම පාරක් හෝ නොදන්න ස්ථානයක් තිබෙනවා නම් ඒක search කර වුවද සොයාගන්න පුළුවන්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ iPhone එකක google maps හරහා ස්ථානයක් search කළ විට දිස්වෙන ආකාරය.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
May 6th, 2009 Software, කෙසේ ද ? (How To), වින්ඩොස් | 30 Comments »
දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO), කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්. Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා.
මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
April 9th, 2009 අනංමනං (General Information), ගැජමැට්ක්ස්, මගේ දේවල් | 34 Comments »
දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් “holy phone” එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක් Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User Interface) එක උවද, මෙහි දුවනේ Windows Mobile නොවෙයි, OEM (Original Equipment Manufacture) OS එකක්. මෙයට අමතරව මෙහි 800×480 resolution සහිත තිරයක් තමයි එන්නේ, මොකද මෙහි Digital TV ලබාගැනීමට සකස් කරලා තිබෙන්නේ, නමුත් Samsung Omnia i900 හි එන්නේ 240 x 400 resolution තිරයක් හා Digital TV පහසුකම ද නෑ, නමුත් Softbank Omnia එක Unlock කරන්න තවම බෑ. ගොඩක් විට ජපානෙයේ එන දුරකතන හරියාකාරව unlock කරන්න හැකියාව අඩුයි. මොකද Softbank විසින් මේක කරන්න නොහැකිවන ලස සකසා ඇති නිසා. මොකද Softbank විසින් දුරකතනය දෙන්නේ ඉතාමත් අඩු මුදලකට වන නිසා.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
March 23rd, 2009 Software | 7 Comments »
මෙන්න නියම වැඩක්, Microsoft Tools මිල වැඩිද, ඔබ තාම ඉගෙන ගන්නවාද? මෙන්න නොමිලේ Microsoft Software ගන්න විදියක්. දැනට CCR and DSS Tool kit 2008, Robotic Developer Studio 2008, XNZ Game Studio 3.0, Visual Studio 2008, Windows Server 2008, SQL Server 2008, Expression Studio 2, Visual Studio 2005, Windows Server 2003, Visual C#, Visual C++, VirtualPC, Visual Basic 2008, Visual Web Developer 2008 ආදී ඕනෑ මෙ Software එකක් නොමිලේ ලබාගන්න පුලුවන්, මොනද ඕනේ සුදුසුකම් ? ඔබ Student කෙන්ක් හෝ Teacher කෙන්ක් විය යුතුයි, University හි පිලිගත් ඊමේල් ලිපිනයක් ඕනේ.
ඔබේ Univercity එක ලිස්ට් එකේ නැතිනම් එය ඇතුලත් කරන ලෙස ඉලා සිටින්න පුලුවන්, යන්න www.dreamspark.com දැන් ඉතින් හොර කොපි ඕනේ නැනේ
March 20th, 2009 Software, අනංමනං (General Information) | 7 Comments »
මේ දවස්වල වැඩ නිසා පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, අද ගෙදර හිටපු නිසා, දවල් පොඩි නින්දක් දාපු නිසා හිතුනා පොඩි පොස්ට් එකක් ලියන්න, එක එක දේවල් ගැන. මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට, ඊට පස්සෙ Mobile Streaming ගැන, මොකද අපේ Techකතා දැන් මොබයිල් එකේ streaming වෙන හදපු නිසා, (http://m.techkatha.com) ඒක වැඩ කරත් පොඩි පොඩි ටෙස්ටින් කරනවා, පොඩ්ඩක් සිංහල දාගන්න. මොකද මොබයිල් සයිට් එක ඉන්ගිරිසි නේ
Mobile Streaming ටිකක් පොඩ්කාස්ටින් වගේ ලේසි නෑ, Live නොවුනත් මේසදහා Streaming server එකක් ඕනේ, දැනට යොදාගන්නේ Apple Darwin සවර් එක. content type එක 3gp, දැන්ට ස්ට්‍රීම් කරනේ 5kbps වගේ වේගයකින්, මේක 40kbps ව්ලට වඩා අඩුයි, ඒ කියනේ GPRS වල උවද කිසි ගැටලුවක් නැතුව අහන්න පුලුවන්.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
February 12th, 2009 Software | 23 Comments »
මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
February 10th, 2009 අනංමනං (General Information), මගේ දේවල් | 16 Comments »
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා… ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting…. කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා.
පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting…. විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක.
ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, “ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ”, මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. “සර්ගේ credit limit පැනලා, සර්ගේ ලිමිට් එක රු.2500, ඒත් බිල රු.3266.77″ මම ඇහුවා, ආ ඉතින් හරිනේ, package එක, රු.2490 ++ TAX උනහම හරිනේ, ඉතින් ඒක මගෙ වරදක්ද?, මම over usage එකක වත්, due කීයක් වත් නෑ නේ, ඕක normal HSDPA Zoom2490 එකේ මාසෙක ගානනේ, අනික ඒක සදහා ගන්න ඩිපොසිට් එක රු.2500යි. due දවස කවදද ? “22 සර්.” එහනම් අද 10 නේ ඇයි disconnect කරේ, මේක මගෙ වරදක්ද, මගේ කිසිම due එකක් නෑ, ගිය මාසේ බිල වෙලාවට ගෙවලා තියනවා, මේක ඔයාට තේරෙන්නේ නැද්ද හැම මාසෙම 5වෙනිදා බිල හැදෙනකොට 6 වෙනිදා තියන ගාණ තමයි රු.3266.77 (රු.2490 + MSL + EFF + ECL + MBT = රු.3266.77) කියන්නේ, ඔයා ඔය කියන්නේ හැම මාසෙම 6 වෙනිදා මගේ ලයින් එක කපනවා කියලද. “සර්, usage පැනලා ඇති, මට මෙහෙන් සර්ගේ usage බලන්න බෑ” අනේ අම්මපා මුට ගන්න බැරිද මම අහන්නේ, අනික ඌට usage බලන්න බැරිනම් මටද පුලුවන්.
ගැටලුව තේරුනාද ?
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
January 28th, 2009 අනංමනං (General Information) | 5 Comments »
මේක තමයි ලොකුම ගැටලුව තාක්ෂණය කොපමණ දියුනු උනත් වැඩක් කරන්න ගියහම ඒක කරන්න බෑනේ, ගැටලු පැන නැග්ගහම අහන්න කෙනෙක් නෑ නේ, නැතිනම් group වල IRC, Forum වල ගියහම ඔය සමහර අය කියයි RTFM (Read the Fucking Manual) කියල,
නැත්නම් කියයි අපි spoon feeding (හැන්දෙන් කවන්නේ) කරනෙ නෑ කියා. ඉතින් මේකට මොකද කරන්න පුලුවන්, අනික් මේ සුද්දගේ බාසාව හරියට බැරි උනොත් ඔය එකක් වත් කරන්න බැනේ. ඉතින් මේකට විසදුමක් දෙන්න කියලා අපිට හිතුනා, අපි කිව්වේ මම හා තව මගේ මිතුරන් කීප දෙනකුට, මොකද අපි දන්නවා දෙයක් කරන්න ගියහම ඒක ගැන හරියට අහගන්න, උපදෙසක් ගන්න ගියහම තියන ගැටලුව.
ඉතින් අපි පටන්ගත්තා මේ Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්, (www.techkatha.com) මොකද් ද මේ ?
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
January 25th, 2009 අනංමනං (General Information), මගේ දේවල් | 9 Comments »
මට හිතුනා පොඩි වැඩක් කරන්න ඕනේ කියලා, මොකද ගොඩක් අය මේ බ්ලොග් එක කියවනවා
ඒ වගේම ගොඩක් අය සිංහල බ්ලොග් ලියනවා, මෙන්න මේකයි වැඩේ, මම මේ වෙනකන් ලියලා තියන බ්ලොග් පොස්ට් වලින් එකකට පිලිතුරු ලිපියක් ඔබගේ බ්ලොග් අඩවියේ ලියන්න, ඒක මම ලියපු ලිපියට ලින්ක් කරන්න, නැත්නම් මට ඒක ඊමේල් කරන්න (kalinga.a [at] gmail.com) ඔව්, මේක තරගයක්, තෑගි දෙනවා
මේකෙන් ලැබෙන්නේ ? 8GB USB Flash Driver දෙකක් මම හොදම ලිපි දෙකට දෙනවා, මරු නේද ? තෝරාගන්නන හොදම ලිපි දෙක මම මගේ බ්ලොග් අඩවියේද පලකරනවා.
කොන්දේසි…. Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
January 22nd, 2009 Software | 49 Comments »
මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ?
හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ.
chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
January 18th, 2009 අනංමනං (General Information), කෙසේ ද ? (How To) | 139 Comments »
හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.
මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි
ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
January 8th, 2009 අනංමනං (General Information), මගේ දේවල් | 34 Comments »
ඔබ කරන වැඩ වලින් ගොඩක් ඉන්ටර්නෙට් සම්බන්ද ද ? වැදගත් වෙන වැඩ තියනකොට ඊටවඩා අන්තර්ජාලයේ සැරිසරන්න කැමතිද ? අවේලාවේ, මගදිගට ඊමේල්, අන්තර්ජාලෙයේ සැරිසරනවාද ? දිනකට වඩා අන්තර්ජාලයට සම්බන්ද නොවී ඉන්න හැකියාවක් නැද්ද ? එහෙනම් ඔබත් මම වගේම Internethoic කෙනෙක් ! (ඒ කියන්නේ ඔය Alcoholic වගේ, අපේ බාසාවෙන් කිව්වොත් බේබද්දෙක්
) අන්තර්ජාලයට ඇබ්බැහි ඌවෙක්…. ! මේකත් ලගගදිම අලුත් ලෙඩ ලැස්තුවට ඇතුලත් වෙනවා නිසැකයි!
මම මේ ලගදි මම ගැන හිතපුවහම මටම පෙනීගියේ මම කොපමණ මේ තාක්ෂනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද කියලා, මේක මිනිස්සුන් අලස වෙන්න තවත් දෙයක්. මීට වසර 15-20 කලින් මේවා නෑනේ.. ඉතින් යාලුවො එක්ක ඇවිදින්න යනවා, අඩුම ගානේ තමන්ගේ පව්ලේ අය සමග හරි කතා කරනවා, මේවා දැන් එන්න එන්නම් අඩුවෙලා, මිනිස්සුන්ගේ බැදීම් අන්තර්ජාලයේ chat සදහා පමණක් කොටුවෙලා, සැබෑ ජීවිතයේ යාලුවෝ අඩු වෙලා, facebook යාලුවො තමයි දැන් ගොඩ දෙනෙකුට ඉන්නේ, ආදරයත් කරන එක පවා දැන් අන්තර්ජාලයේ. එහෙම නැත්නම් phone එකේ texting ! (SMS)
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
January 3rd, 2009 Software | 27 Comments »
මම දැන් දවස් කීපයක ඉදන් මේ Firefox ට සමු දෙන්න උනා, මේකට හේතු නම් කීපයක් තියනවා. ඉස්සර මගේ primary web browser එක උනේ Firefox3 දෙවනනි එක Internet Explore 8, Chrome වල Symantec Endpoint Security එකක්ක ගැටලුවක් තියනවා (මෙතනින් ඒ පොස්ට් එක බලන්න), ඒක නිසා පොඩක් Chrome බාවිතා නොකර හිටියේ. මොකද මම office එකේ වැඩ කරන්නේ Windows XP SP3 හා Symantec Endpoint Security එක්ක.
නමුත් මේ ටික දවසක ඉදන් මට Firefox වල ගැටලු කීපයක් පේන්න ගත්තා, ඒක නිසා හිතුනා Google Chrome බාවිතා කරලා බලන්න, දැනට මම මගේ Day to Day වැඩ කරන්නේ Windows Vista මත මොකද මගේ Laptop එක දාවන වන්නේ විස්ටා, Antivirus එක Kaspersky, නොමිලේ Antivirus එකක් ඕනේ නම් avast! බලන්න, මේක ගොඩක් ඔය AVG වඩා හොදයි.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
December 24th, 2008 අනංමනං (General Information), මගේ දේවල් | 17 Comments »
මටත් ඔය ඉන්නකොට එක එක ඒචා හිතෙනවා, හික්… ඔයින් එකක් තමයි මේක… “බ්ලොග් ටීවී”. මේක මට හිතුනේ අපේ මේ මිනි බ්ලොග් මැරත්න් වලට මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා, මොකද ගිය පාර වෙබ් රේඩියෝවක් කරානේ මැරත්න් දවසේ
හික්… හික්.. සමහර අයට නම් ඇල්ලුවේ නෑ….
හරි හරි ඉතින් මේ පාරත් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා…. එතකොට තමයි මට මේ මතක් උනේ අර Movie එකක් තිබුනා EdTV කියලා… ඒකේ යන්නේ එක පුද්ගලයකුගේ පැය 24ම කරන දේවල් රූපවාහිනියේ සජීවීව විකාෂය කිරීමයි.
මගේ ඒවා පැය 24ම දැම්මොත් ඉතින් දවස් 2-3කින් TV channel එක වහන්න වෙනවා
ඉතින් මත් කරා පොඩි වැඩක්
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »
December 17th, 2008 Software, Video, කෙසේ ද ? (How To), මැක් | 12 Comments »
MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC – Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි.
මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ.
Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »